මුල් වීඩියෝ පටය නොමැතිව සුදු කොඩි නඩුවේ සාක්ෂි විමසීමට අවසර.


ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකාට එරෙහි සුදු කොඩි නඩුවේ මුල් වීඩියෝ පට නොමැතිව වීඩියෝ සාක්ෂි මෙහෙයවීමට කොළඹ මහාධිකරණය අද (16) අවසර ලබා දුන්නා. මුල් වීඩියෝ පටය නොමැතිව විත්තිකරුට එරෙහි නඩු විභාගයේ, වීඩියෝ සාක්ෂි මෙහෙයවීමට හැකියාවක් නොමැති බව විත්තියේ නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මූලික විරෝධතාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළා. එම මූලික විරෝධතාව ප‍්‍රතික්ෂේප කරමිනුයි ති‍්‍රපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අදාල වීඩියෝ සාක්ෂි මෙහෙයවීමට අවසර ලබාදුන්නේ. නඩුව කැඳවු අවස්ථාවේදී, මෙතෙක් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත නවරත්න බණ්ඩාර අද (16) එම නඩුවෙන් ඉවත් වී තිබුණා. ඒ වෙනුවට රජය වෙනුවෙන් වෙනත් නීතිඥවරයෙකු පත්කර තිබු බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ. එලෙස පත්වු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් බුවනෙක අළුවිහාරේ අද (16) පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියා. ඔහු ඉල්ලා සිටියේ තමන් ප‍්‍රථම වරට මෙම නඩුව සඳහා පෙනී සිටින නිසාත්, වීඩියෝ සාක්ෂි මෙහෙයවීම සම්බන්ධයෙන් තීන්දුව ලබාදුන්නේ අද (16) දිනයේ නිසාත්, ඊට අදාල සාක්ෂි මෙහෙයවීම සම්බන්ධයෙන් තමන්ට කල් ලබා දෙන ලෙසයි. ඒ අනුව සුදු කොඩි නඩුව ලබන ජනවාරි මස 6 සහ 7 යන දිනවල විභාග කිරීමට ති‍්‍රපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (16) තීරණය කළා.
Post a Comment