Gossip Lanka News

Underground News from Sri Lanka

අමුතු කතාව

ලබා දෙන්න පුළුවන් ලොකුම සම්පත ධම්මික මට දුන්නා
විවාහ වෙනවා කියන්නේ පොතේ අත්සන් කරලා නීතිමය කටයුත්තක් පමණක් නොවේ. දෙවිදියක දෙදෙනෙක් එක මඟ යන්නට සූදානම් වෙන අපූරු ගමනක්. කිසිම දිනක එකම විදියට හිතන පතන, එකම ආකාරයේ රුචි අරුචිකම් කොයි විටෙකත් දෙදෙනා තුළ නොතිබෙන්නට පුළුවන්.

එහෙත් එකට ජීවත් වන විට මේ නොගැලපීම් ද ගලපාගෙන ජීවත්වන්නට බොහෝ විට හැකි වෙනවා.

විවාහ ජීවිතේට පුරා වසර 16 ක් සපිරුණු අපේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රිය නිළියක් පසුගිය දිනක අපට හමු වුණා. ඇය සේමිණි ඉද්දමල්ගොඩ. නිළියක යන වෘත්තීය තත්ත්වයත් සමඟ පවුල් ජීවිතේ සමබරව ගෙනියන එක බෙහෙවින්ම අසීරු කරුණක්. එහෙත් ඒ අසීරුතා, අභියෝග සීරුවෙන් ජය ගන්න සහ ඒවාට සන්සුන්ව මුහුණ දී පවුල් ජීවිතේ සාර්ථක කර ගන්න ඇයට අවස්ථාව හිමි වුණා.

‘මගේ ජීවිතේ් දිහා ආපස්සට හැරිලා බලද්දී මට ලොකු සතුටක් දැනෙනවා. නිළියක් විදියට මේ ක්ෂේත්‍රය තුළ මම ලොකු දුරක් ඇවිත් තිබෙනවා. අනිත් පැත්තෙන් මගේ පෞද්ගලික ජීවිතය සාර්ථක කරගෙන තිබෙනවා. මට ධම්මික මුණ ගැහෙන කොට මම නිළියක් නොවෙයි.

නමුත් මගේ හිතේ කලාව පැත්තට ලොකු නැඹුරුවක්, ආශාවක් තිබුණා. මගේ සිතුම් පැතුම් ඒ කාලෙදිම ධම්මික හොඳින් අවබෝධ කර ගත්තා. මුල් කාලේ කලා කටයුතුවලට යන්න එන්න මාව වැඩි වැඩියෙන් උනන්දු කළේ සහ මට උදව් කළේ ධම්මික.

ගැහැනියකගේ සිතුම් පැතුම් හඳුනන පිරිමියකු සමඟ සරණ යන්නට ලැබීම සැබැවින්ම ගැහැනියක සතු වාසනා මහිමයක්. ඒ වාසනාව ඇයට උරුම වුණා. ඒ නිසාම තමයි මේසා දුරක් ඇයට ඔහුත් සමඟ, ඔහුගේ ආදරය, සෙනෙහස, රැකවරණය ඇතුව එන්නට හැකි වුණේ.

‘අපි විවාහ වෙලා අවුරුදු 16 ක් ගත වෙලා කියන එක ගැන ආපස්සට හිතද්දි ඇත්තටම පුදුමත් හිතෙනවා. අපි දෙන්නා ඉස් ඉස්සර මුණ ගැහිලා ආදරේ කරපු කාලේ තාමත් මට අද ඊයේ වගේ මතකයි. ඒ කාලේ ධම්මික කලබලයක් නැතුව බොහොම බුද්ධිමත් මනසකින් හිතා බලා කටයුතු කරපු කෙනෙක්.

0 comments

Post a Comment

________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow

Puduma Dewal

Recent Comments

Ads

Gossip Posts

Gossip Posts

ZODIAC ADA DAWASA | අද දවස

මේෂ
වෙනදාට වඩා ගමන් බිමන් අධිකය. පදිංවියේ වෙනසක් වීමටද ඉඩක් ඇත. දුර බහැර සිටින අය පෞද්ගලිකවම හමුවීම හෝ වෙනත් මාර්ගවලින් සබඳතා පවත්වයි. ව්‍යාපාර කටයුතුවලදී පාඩු සිදුනොකරගන්න.

වෘෂභ
කෙසේ හෝ අතමිට මුදල් ගැවසේ. නමුත් වියදම පාලනය කරගැනීම අපහසුය. ඔබගේ ආරක්ෂාව ගැන පමණක් නොව වෙනත් දේපළ හා මුදල්ද ප්‍රවේශම් කරගැනීම ප්‍රයෝජනවත්ය.

මිථුන
ඔබගේ බොහෝ කටයුතු වලදී අවිනිශ්විත ස්වභාවයක් ඇතිවීමේ ඉඩ ඇති බැවින් අමතර උනන්දුවකින් කටයුතු කිරීමෙන් සියළු කටයුතු සාර්ථක කරගත හැක. රැකියා අංශයේ වෙනසක් සිදුවෙතත් ඉන් අවාසියක් සිදුනොවේ.

කටක
අධික කාර්යබහුල ස්වභාවයක් පවතී. ආයෝජනයක් ලෙස හෝ තම අපේක්ෂාවක් වෙනුවෙන් අමතර මුදලක් වැයකිරීමට සිදුවේ. තම අභිමතය පරිදි බලාපොරොත්තු ඉටුකරගත හැක.

සිංහ
නෑදෑ හිතවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවේ. රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව සිටීමේ උවමනාවද සහිතය. සමාජ සබඳතා හෝ වෙනත් ගමන් බිමන් වලදී ඔබට අවාසිදායක අවස්ථාවන් ඇතිවීමේ ඉඩ ඇත.
කන්‍යා
සෑම කටයුත්තකදීම ප්‍රවේශම්කාරීවිය යුතුය. සුළු අතපසුවීමක් හෝ සිදුනොකිරීමට වගබලාගන්න. ඥාති මිත්‍රාදීන් වෙනදාට වඩා ඔබගේ නිවසට පැමිණෙනවා ඇත. නිර්මාණශීලී අංශයන්ට සුභ දවසකි.

තුලා
රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව පවුලේ හෝ වෙනත් බාහිර අවශ්‍යතාවයක් වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවිය හැක. අසනීපවීම් හෝ විරසකවීම් ඇතිවීමේ ඉඩ පිළිබඳව සැලකිලිමත්වීම ප්‍රයෝජනවත්ය.

වෘශ්චික
සෑම ක්ෂේත්‍රයකදීම දෙවරක් සිතා බලා කටයුතු කරන්න. අසල්වාසීන් හෝ පවුලේ අවශ්‍යතාවන් ගැන වෙහෙසීමට සිදුවේ. මුදල් පරදුවට තබා ක්‍රියා නොකරන්න.

ධනු
නිතර හමුනොවන හෝ ඈත එපිට සිටින අය සමග සබඳතා පැවැත්වීමට සිදුවේ. ලෙතරැයි ආදී කිසියම් අවිනිශ්විත මාර්ගයකින් අතට මුදල් ලැබීමේ ඉඩ ඇත. පවුලේකටයුත්තක් සඵල කරගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.

මකර
පවුලේ හෝ ගෙදරදොර අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. කෙසේ මුත් ඔබගේ ආදායම් තත්ත්වය යහපත්ය. කෙටි හෝ දීර්ඝ ගමන් බිමන් වෙනදාට වඩා බහුලවේ.
කුම්භ
ලියන කියන ආදී සහ සන්නිවේදන කටයුතුවලීද ප්‍රවේශම්විය යුතුය. ඔබගේ දිරිමත් බව කෙසේ හෝ සාර්ථක ප්‍රතිඵල අත්කර දේ. ආදායම් තත්ත්වයද සරුවන අතර සමාජ පිළිගැනීමකටද ලක්විය හැක.

මීන
පොදුවේ ගත්කල සුබ දවසකි. හෙළිකිරීමට අකැමති මාර්ගවලින් පවා ලාබ ප්‍රයෝජන අත්කරගැනීමට සමත්වේ. නමුත් අධික වියදම්ද සහිතය. කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුවූ අපේක්ෂාවක් ඉටුවීම නිසාද සහනය ඇතිවේ.

Archives