Gossip Lanka News

Underground News from Sri Lanka

අමුතු කතාව

ඇය පුංචි තිරයේ දඟකාරියකි. යොවුන් රංගන ශිල්පිනියන් අතර ඇයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ඒ ඇය සතු රංගන හැකියාව නිසාය. ඒ නිසාම වරෙක රයිගම් ටෙලි සම්මාන උළෙලේදී හොඳම සහාය නිළියට හිමි සම්මානය ද ඇයට හිමි විය. ඇය අංජුලා රාජපක්ෂයි. අද සතුටු සාමීචියට එක්වන්නේ ඇයයි.

ඔබ මේ දවස්වල කාර්ය බහුල ද?

ඔව් තරමක් කාර්ය බහුලයි. මේ දවස්වල ටෙලි නාට්‍ය කීපයකම රූපගත කිරීම්වලට සහභාගි වෙනවා. සෙනේෂ් බණ්ඩාර දිසානායකගේ ‘වැහි පබළු සේල’ ඉන් එක් ටෙලි නාට්‍යයක්. ඒ වගේම ස්වර්ණවාහිනියෙන් විකාශය වන ‘ඇන්ඩ් කොම්පැනි’ ටෙලි නාට්‍යයේ රූපගත කිරීම්වලටත් සතිපතා සහභාගි වෙනවා. සතියේ දින පහම වගේ රූපගත කිරීම්වලට සහභාගි වන නිසා තරමක් කාර්ය බහුලයි.

‘ඕලු’ ටෙලි නාට්‍යයේ ඔබ කළ රංගනය ඔබේ රංගන ජීවිතයේ කඩඉමක් වුණා නේද?

ඇත්තෙන්ම ඔව්. ‘ඕලු’ ටෙලි නාට්‍යයේ චරිතයට මම හරිම ආදරෙයි. මුලදී ඒ චරිතය නපුරු චරිතයක් වුණාට පසුව කාගෙත් ආදරයට අනුකම්පාවට ලක්වෙන චරිතයක් වුණා. ඒ නිසා බොහෝ පේ‍්‍රක්ෂකයින් ඒ චරිතයට ඇලුම් කළා. මම ඒ චරිතය ගොඩක් හොඳින් කළා කියලා ඒ දවස්වල මට ගොඩක් දෙනෙක් ප්‍රසංශා කළා. ඒ වගේම ඒ රංගනයට රයිගම් ටෙලි නාට්‍ය උළෙලේ හොඳම සහාය නිළියට හිමි සම්මානය පවා මට හිමි වුණා.

දඟකාර නපුරු චරිතවලට ම ඔබ කොටු වෙලා ද?

ටෙලි නාට්‍ය රංගනයට ආව මුල් කාලෙ ඉඳලම මට ලැබුණේ ඒ වගේ චරිත. ඒ චරිත මම හොඳින් කළා කියල හිතනව. අහිංසක චරිතයක් රඟපානවාට වඩා නපුරු චරිතයක් රඟපාන්න අමාරුයි.

සාමාන්‍ය ජීවිතයේදී වුණත් කේන්ති ගියාම අපිටම අමාරුයි නේද? ඒ වගේම රංගනයේදීත් නපුරු චරිත නිරූපණය කිරීම අපහසුයි. මම ඒව හොඳින් කළ නිසා වෙන්න ඇති අධ්‍යක්ෂවරු මාව ඒ චරිතවලට තෝරා ගන්නේ.

ගොඩක් අධ්‍යක්ෂවරු අපි කලින් රඟපෑ චරිතයක් මතකයේ තියාගෙන තමයි අපිව ඔවුන්ගෙ නිර්මාණවලට ගන්නෙ. ඉතින් ඒ නිසා වෙන්න ඇති වැඩිපුරම මට නපුරු චරිත ලැබිල තියෙන්නෙ. හැබැයි නපුරු නොවන චරිතත් කීපයක්ම මම කරල තියෙනව. ඉන් එකක් ‘වැහි පබළු සේල’ ටෙලි නාට්‍යයේ ඉන්දුගේ චරිතය.

ඒක මම රඟපෑ චරිත අතරින් ගොඩක් වෙනස් චරිතයක්. තමන්ගේ පවුල වෙනුවෙන් කැපවුණු දරුවන් දෙදෙනෙක් ඉන්න මැදිවියේ කාන්තාවකගේ චරිතයක් තමයි ඉන්දුගේ චරිතය. එය මම ඉතාම ආශාවෙන් කළ රංගනයක්.

ඇත්තට ම ඔබ නපුරු ද?

අපොයි නැහැ. හැබැයි මම දඟකාරයි. පුංචි කාලෙ ඉඳලම. සැබෑ ජීවිතයේදී මම කොහෙත්ම නපුරු නෑ. හැබැයි මට කවුරුහරි නපුරුකමක් කළොත් ඒකට ප්‍රතිචාර දක්වනවා. ඒකත් ටික වෙලාවයි. ඒ හැර මම නපුරු කෙනෙක් නෙමෙයි.

ඔබ ඉපදුණේ විදෙස් රටක නේද?

ඔව් මම ඉපදුණේ ඉතාලියේ ෆිරෙන්ස් නගරයේ දෙසැම්බර් 30 වැනිදාවක. මගෙ තාත්තා ඉතාලියෙ රැකියාවක් කළා. ඒ නිසා අම්මයි තාත්තයි දෙන්නම කලක් හිටියෙ ඉතාලියෙ.

ඔබ චිත්‍රපටවල දකින්න අඩු ඇයි?

මේ වන විට මම චිත්‍රපට 5 ක රඟපාල තියෙනව. පසුගිය කාලෙ චිත්‍රපට කීපයකටම ඇරියුම් ලැබුණා. ඒත් මම දැන් ටෙලි නාට්‍ය කීපයකම වැඩ බාර අරගෙන ඉන්න නිසා චිත්‍රපටවලට කළ ඇරියුම් ප්‍රතික්ෂේප කරන්න සිදු වුණා. සමහර චිත්‍රපට අධ්‍යක්ෂවරු චිත්‍රපටයට කතා කරන්නෙ රූපගත කරන්න සතියකට කලින්. එහෙම වුණාම බාරගත්ත වැඩ කරන්න බැරි වෙන නිසයි ඒ චිත්‍රපට ප්‍රතික්ෂේප කරන්න සිදු වුණේ. එහෙම නැතිව චිත්‍රපටවලට අකැමැත්තෙන් නෙමේ. හොඳ චිත්‍රපටවල රඟපාන්න මම හරිම කැමැතියි.

මෙගා ටෙලි නාට්‍ය ගැන ඔබේ අදහස?

පුද්ගලිකව මම මෙගා ටෙලි නාට්‍ය එක්ක කිසිම විරුද්ධතාවයක් නෑ. හැම දේකම වාසි වගේම අවාසිත් තියෙනවනේ. මෙගා ටෙලි නාට්‍යවලට සම්බන්ධ වීමෙන් හොඳ ආර්ථික වාසියක් ලැබෙනව. අපේ වෘත්තිය රංගනයනේ. මෙහි තිබෙන අවාසිය තමයි එකම චරිතයකට බොහෝ කාලයක් සිරවී සිටීමට සිදුවීම. මෙගා එකක වැඩ කරන විට වෙනත් වැඩ බාරගන්නත් අමාරුයි. මෙතැනදි තවත් දෙයක් කියන්න ඕන මෙගා ටෙලි නාට්‍යවලට බැන බැන හිටපු අධ්‍යක්ෂවරුත් දැන් මෙගා ටෙලි නාට්‍ය හදනවා.

යහළු යෙහෙළියන් අතර කොහොම කෙනෙක් ද?

මම කා එක්කත් හරිම මිත්‍රයි. මට කවුරුහරි වරදක් කළොත් ඒක දරාගන්න මට අමාරුයි. මම කැමැතියි කා එක්කත් විනෝදෙන් සිනාවෙලා ඉන්න.

ඔබේ පවුලේ තොරතුරු?

අම්මයි තාත්තයි මමයි මල්ලියි තමයි අපේ පවුල.

ඔබ දැන් විවාහ වෙන වයසේ යුවතියක් නේද?

සෑම තරුණියක්ම වගේ මමත් විවාහ දිවියට ඇතුළත් වෙන්න කැමැත්තෙන් ඉන්නෙ. ඒත් ඒක කවදා සිදුවෙයි ද කියල දැන්ම කියන්න බෑ.

ගාමිණී සුසන්ත
ඡායාරූපය – ටෙනිසන් එදිරිසිංහ

0 comments

Post a Comment

________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow

Puduma Dewal

Recent Comments

Ads

Gossip Posts

Gossip Posts

ZODIAC ADA DAWASA | අද දවස

මේෂ
වෙනදාට වඩා ගමන් බිමන් අධිකය. පදිංවියේ වෙනසක් වීමටද ඉඩක් ඇත. දුර බහැර සිටින අය පෞද්ගලිකවම හමුවීම හෝ වෙනත් මාර්ගවලින් සබඳතා පවත්වයි. ව්‍යාපාර කටයුතුවලදී පාඩු සිදුනොකරගන්න.

වෘෂභ
කෙසේ හෝ අතමිට මුදල් ගැවසේ. නමුත් වියදම පාලනය කරගැනීම අපහසුය. ඔබගේ ආරක්ෂාව ගැන පමණක් නොව වෙනත් දේපළ හා මුදල්ද ප්‍රවේශම් කරගැනීම ප්‍රයෝජනවත්ය.

මිථුන
ඔබගේ බොහෝ කටයුතු වලදී අවිනිශ්විත ස්වභාවයක් ඇතිවීමේ ඉඩ ඇති බැවින් අමතර උනන්දුවකින් කටයුතු කිරීමෙන් සියළු කටයුතු සාර්ථක කරගත හැක. රැකියා අංශයේ වෙනසක් සිදුවෙතත් ඉන් අවාසියක් සිදුනොවේ.

කටක
අධික කාර්යබහුල ස්වභාවයක් පවතී. ආයෝජනයක් ලෙස හෝ තම අපේක්ෂාවක් වෙනුවෙන් අමතර මුදලක් වැයකිරීමට සිදුවේ. තම අභිමතය පරිදි බලාපොරොත්තු ඉටුකරගත හැක.

සිංහ
නෑදෑ හිතවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවේ. රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව සිටීමේ උවමනාවද සහිතය. සමාජ සබඳතා හෝ වෙනත් ගමන් බිමන් වලදී ඔබට අවාසිදායක අවස්ථාවන් ඇතිවීමේ ඉඩ ඇත.
කන්‍යා
සෑම කටයුත්තකදීම ප්‍රවේශම්කාරීවිය යුතුය. සුළු අතපසුවීමක් හෝ සිදුනොකිරීමට වගබලාගන්න. ඥාති මිත්‍රාදීන් වෙනදාට වඩා ඔබගේ නිවසට පැමිණෙනවා ඇත. නිර්මාණශීලී අංශයන්ට සුභ දවසකි.

තුලා
රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව පවුලේ හෝ වෙනත් බාහිර අවශ්‍යතාවයක් වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවිය හැක. අසනීපවීම් හෝ විරසකවීම් ඇතිවීමේ ඉඩ පිළිබඳව සැලකිලිමත්වීම ප්‍රයෝජනවත්ය.

වෘශ්චික
සෑම ක්ෂේත්‍රයකදීම දෙවරක් සිතා බලා කටයුතු කරන්න. අසල්වාසීන් හෝ පවුලේ අවශ්‍යතාවන් ගැන වෙහෙසීමට සිදුවේ. මුදල් පරදුවට තබා ක්‍රියා නොකරන්න.

ධනු
නිතර හමුනොවන හෝ ඈත එපිට සිටින අය සමග සබඳතා පැවැත්වීමට සිදුවේ. ලෙතරැයි ආදී කිසියම් අවිනිශ්විත මාර්ගයකින් අතට මුදල් ලැබීමේ ඉඩ ඇත. පවුලේකටයුත්තක් සඵල කරගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.

මකර
පවුලේ හෝ ගෙදරදොර අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. කෙසේ මුත් ඔබගේ ආදායම් තත්ත්වය යහපත්ය. කෙටි හෝ දීර්ඝ ගමන් බිමන් වෙනදාට වඩා බහුලවේ.
කුම්භ
ලියන කියන ආදී සහ සන්නිවේදන කටයුතුවලීද ප්‍රවේශම්විය යුතුය. ඔබගේ දිරිමත් බව කෙසේ හෝ සාර්ථක ප්‍රතිඵල අත්කර දේ. ආදායම් තත්ත්වයද සරුවන අතර සමාජ පිළිගැනීමකටද ලක්විය හැක.

මීන
පොදුවේ ගත්කල සුබ දවසකි. හෙළිකිරීමට අකැමති මාර්ගවලින් පවා ලාබ ප්‍රයෝජන අත්කරගැනීමට සමත්වේ. නමුත් අධික වියදම්ද සහිතය. කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුවූ අපේක්ෂාවක් ඉටුවීම නිසාද සහනය ඇතිවේ.

Archives