පාසල්වල හය වසරෙන් ඉහළ දරුවන්ට ලිංගික අධ්‍යාපනය පිළිබඳ දැනුමක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය කර ඇති යෝජනාව අපි අගයමු.
සෞඛ්‍ය අමාත්‍යංශය මෙම යෝජනාව කරන්නේ වයස අවුරුදු 16 ට අඩු ගැබිනි මවුවරුන් 3000 ක් පමණ සංඛ්‍යාවක් වාර්ෂිකව වාර්තා වන බව නවතම සමීක්ෂණ වාර්තාවලින් හෙළිදරව් වීමත් සමගයි.
ශ්‍රී ලංකාවේ ගැබිනි මවුවරුන් 385,000 ක ප්‍රමාණයක් වාර්ෂිකව වාර්තා වන බව ද ඉන් සියයට 6 ත් 7 ත් අතර ප්‍රමාණයක් අවුරුදු 20 ට අඩු මවුවරු බව ද. ඒ අතරින් සියයට 10 ක් අවුරුදු 16 ට අඩු ගැබිනි මවුවරුන් බව ද සමීක්ෂණයෙන් සොයාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මාතෘත්වය හමුවේ මතුවන අභියෝග යන මැයෙන් මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ හමුවකදී අනාවරණය කළේය.
අඩු වයසින් ගැබ් ගැනීම ඔහු කියන අන්දමට නම් 'වක්‍රාකාරයෙන් අධ්‍යාපනය හා සම්බන්ධව පවතී. එනම් අධ්‍යාපනය වයස අවුරුදු 16 ට අඩුවෙන් නවතා දැමීමෙන් ඒ දරුවාට කළයුතු වැදගත් කාර්යයක් නොමැතිවීම නිසා ඇය ලිංගික ක්‍රියාකාරකම්වලට යොමුවීම සිදුවේ. එහිදී අඩු වයසින් ගැබ් ගැනීම සිදු වේ.'
වෛද්‍ය මහීපාල කී බවට දිනමිණේ පළ වී ඇති මෙම ප්‍රකාශය නම් නො ගැඹුරු එකකි. අඩු වයසින් ගැබ් ගැනීම ඍජුව ම අධ්‍යාපනය හා සම්බන්ධ ය. නව යොවුන් වියේ ශාරීරික හා මානසික වෙනස්කම් පිළිබඳ නිසි අවබෝධයක් හා ජීවිතය පාලනය කර ගැනීමේ ශික්ෂණයක් අධ්‍යාපනය තුළින් දරුවන්ට ලැබෙන්නේ නැත.
එපමණක් නො ව, අධ්‍යාපනය තුළින් ද සමාජයේ ලිංගිකත්වය පිළිබඳ පවතින දුර්මත හා ගතානුගතික ආකල්ප තහවුරු කරනු ලබන අතර, විශේෂයෙන් ම ගැහැනු දරුවන්ගේ සමස්ත ජීවිතය ම අන්ධකාර කරන තත්වයන් නිර්මානය කරයි.
නිදසුනක් ලෙස කිසියම් පුද්ගලයකුගේ අපයෝජනයට ලක් වී, සමාජයේ ගර්හාවට පත් දැරියන් කී දෙනෙකුට වාර්ෂිකව අධ්‍යාපනය අහිමි වනවාද කියා සොයා බැලීම වැදගත් ය.
සාමාන්‍යයෙන් නම්, ලංකාවේ පාසල්වලින් සිදු වන්නේ මෙවැනි දැරියන්ගේ අධ්‍යාපන අයිතිය අහිමි කර දැමීමයි. ඔවුන් වෙනුවෙන් කිසිදු විධිමත් විකල්ප වැඩපිළිවෙලක් ද නැත.
එවැනි ප්‍රශ්නවලදී මැදිහත් වීම සඳහා මහජන මුදලින් පවත්වාගෙන යන ජාතික ළමාරක්ෂක අධිකාරිය වැනි ආයතන කරන්නේ කුමක් ද?
දැන් සෞඛ්‍ය අමාත්‍යංශය හයවන ශ්‍රේණියේ සිට ළමයින්ට ලිංගික අධ්‍යාපනය ලබා දිය යුතු බව යෝජනා කරයි. එහෙත්, පසුගිය දිනවල ළමාරක්ෂක අධිකාරියේ සභාපති නෝනා මාධ්‍ය සමග එකතුව හයවන ශ්‍රේණියට ලිංගික අධ්‍යාපනික පෙළ පොතක් හඳුන්වා දී තිබුණු ජාත්‍යන්තර පාසලකට එරෙහිව ජෝගියක් නැටුවේ ය. විස්තරය මෙතැනින් කියවන්න. ඇත්තෙන් ම කිව්වොත් මාධ්‍ය සංදර්ශනයෙන් පසු ඒ පිළිබඳ කරන බව කී පරීක්ෂණ ද ඉවර ය.
බාලවයස්කාර දරුවන් නොමඟ යවන ආකාරයේ ලිංගික අධ්‍යාපනයක් ලබාදෙන ජාත්‍යන්තර පාසල්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන ඒ දිනවල කීවේ ය.
අධ්‍යාපන ඇමතිවරයා ලිංගික අධ්‍යාපනය යන්නෙන් අදහස් කරන්නේ ළමයින්ට නුසුදුසු කිසියම් වලත්ත දෙයක් බව පෙනේ. එහෙත්, අධ්‍යාපන ඇමතිවරයා ටියුෂන් කළ කාලයේ එම පංතිවලට ගිය ඇතැම් දරුවන් එම පංතිවලින් ආර්ථික විද්‍යාවට අමතරව ලිංගික අධ්‍යාපනයට අදාළ ඇතැම් දේ ද ඉගෙන ගත් බව පවසන්නේ ඔහුට ගෞරවයෙනි.
ලිංගික අධ්‍යාපනය වලත්ත දෙයක් නො වේ. ඈත අතීතයේ සිට ම ළමා අපචාරකාර වැඩිහිටියන්ගෙන් ළමයින් ඉගෙන ගත් පාඩම් ය. ඒවා ලිංගික අධ්‍යාපනය නො වේ. අයෝග්‍ය ලිංගික අත්දැකීම් ය.
හයවන ශ්‍රේණියේ සිටින නව යොවුන් වියට එළඹීමට ආසන්න දරුවකු සිය සිරුරේ සිදු වන්නට ඉඩ ඇති වෙනස්කම් පිළිබඳ විධිමත් අන්දමින් ඉගෙනීම අත්‍යවශ්‍ය ලිංගික අධ්‍යාපනයකි. විශේෂයෙන් ම, මල්වර වීමට ආසන්න ගැහැනු ළමුන් හට ඒ පිළිබඳවත්, ලිංගික වගකීම් හා සබඳතා පිළිබඳවත් වයසට යෝග්‍ය අධ්‍යාපනයක් අවශ්‍ය ය. එහෙයින් හයවන ශ්‍රේණිය ඇත්තෙන් ම ලිංගික අධ්‍යාපනය සඳහා සුදුසු වයසකි.
ගැහැනු ළමයින් හා පිරිමි ළමයින් අතර ශාරීරික වෙනස්කම්, ගැබ් ගැනීම, ගර්භනී අවධියේ අවස්ථා, දරුවන් ඉපදීම, පවුල් ව්‍යූහය මෙන් ම සුදුසු හා නුසුදුසු ස්පර්ශයන් මොනවාද වැනි කරුණු ළමයි ඉගෙන ගත යුතු ය. මක් නිසා ද, තමන් ආවේ කොහෙන් ද යන ප්‍රශ්නයට කුරුල්ලෙකු විසින් ගෙනත් දමනු ලැබුවා ය යන පිළිතුර හැමදාට ම වලංගු නැති බැවිනි.

Post a Comment