Gossip Lanka News

Underground News from Sri Lanka

අමුතු කතාව

මේ දවස්‌වල “දුලංගනා” “සඳ නුඹ නම්” පමණක්‌ නෙවෙයි රූපවාහිනි වෙළෙඳ දැන්වීම් තුළිනුත් ඔබ හමුවන රුවැත්තිය ඇයයි. ක්‍ෂේත්‍රයට ඇය අමුත්තියත් නොවුවත් ඔබ සිත තුළ නම් ඇය ගැන දැනගැනීමේ වුවමනාවක්‌ ඇති බව අපට ස්‌ථිරයි. ඕෂිනි ඩයස්‌, ඇය කවුද……”ඇයගේ පදිංචිය කොහේද…….” ඇගේ ජීවන තොරතුරු මොනවාද…….. මෙතෙක්‌ මේ ප්‍රශ්නවලට ඔබට ලැබුණ උත්තර මොනවාදැයි මම ඔබෙන් නොවිමසන්නේ තවමත් ඇය ලංකාවේ ජනමාධ්‍ය ඉදිරියේ සම්මුඛ සාකච්ඡාවලට මුහුණ නොදුන් නිළියක්‌ නිසාවෙනුයි.
ඕෂිනී ඔබ රංගනයට සම්බන්ධ වුණේ
2005 වසරේ තමයි මම මූලින්ම රංගනයට සම්බන්ධ වුණේ. මම මුලින්ම ප්‍රධාන චරිතයක්‌ රඟපෑවේ චන්ද්‍රරත්න මාපිටිගම මහත්මියගෙ “පෙති අහුලන මල්” ටෙලි නාට්‍යයෙයි. ඊට පස්‌සේ ටෙලි නාට්‍ය කිහිපයකටමත් සිනමාවටත් සම්බන්ධ වෙන්න මට අවස්‌ථාව ලැබුණා.
නමුත් අපේ ප්‍රේක්‌ෂකයන්ට සමීප නිරතුරු හමුවුණ නිළියක්‌ නෙමෙයි ඔබ.
මම රඟපෑමට සම්බන්ධ වෙලා ටික කාලයකින්ම ඔස්‌ටේ්‍රලියාවට ගියා. මම එහෙ වසර හතරක්‌ විතර ඉන්න අතරෙයි නැවත රඟපාන්න එකතුවුණේ. ඒ වගේම මම නිළියක්‌ විදිහට පුවත්පත් හා වෙනත් මාධ්‍යවලට මගේ තොරතුරු ලබා දුන්නේ නැහැ.
ඇයි ඔබ ප්‍රසිද්ධියට අකමැති කෙනෙක්‌ද? ඇත්තටම මම රඟපාන්න එනවට අපේ ගෙදරින් කැමැති වුණේ නැහැ. ඒ නිසා මම බොහොම අඩුවෙන් තමයි මේ ක්‍ෂේත්‍රයත් එක්‌ක කටයුතු කළේ. ඒත් මම රංගනයට වගේම වගේ ප්‍රේක්‌ෂකයන්ගේ ප්‍රතිචාර වලටත් බොහෝම ආදරය කරන කෙනෙක්‌.
මේ දවස්‌වල ඔබේ රංගනයන් ඇතුළත් නිර්මාණ ගැන කතා කළොත්…….
“දුලංගනා” සහ “සඳ නුඹ නම්” නිර්මාණවලට වැඩි ප්‍රතිචාර ලැබෙනවා. “සඳ නුඹ නම්” මෙගා ටෙලි නාට්‍යයක්‌ නිසා එම නිර්මාණය සමග දීර්ඝ කාලයක්‌ වැඩ කරන්න වේවි.
ඒ කියන්නෙ ඔබේ ඉදිරිය කාර්ය බහුලයි කියලද…..
ඇත්තෙන්ම නැහැ. මම වෘත්තීය මට්‌ටමෙන් රංගනයෙහි යෙදෙන කෙනෙක්‌ නෙවෙයි. මම විවාහක නිසා විවාහ දිවියට බාධාවක්‌ වෙන විදිහට රඟපෑම් කටයුතු භාරගන්නෙ නැහැ. ඒ නිසා මගේ පෞද්ගලික දිවියට බාධාවක්‌ නොවෙන්නයි මම රඟපාන්න කාලය වෙන්කර ගත්තේ.

ඕෂිනි ඔබ ඔස්‌ටේ්‍රලියාවෙ පදිංචිව සිටින කෙනෙක්‌ද?
මම ඔස්‌ටේ්‍රලියාවට ගියේ මගේ වැඩකටයුතුවලට. එහෙදී මම ඉගෙන ගැනීමත් කළා. මට ඒ රටේත් පුරවැසිභාවය තියෙනවා. ලංකාවේත් පුරවැසිභාවය තියෙනවා. මගේ වැඩකටයුතු අනුව මම මේ දෙරටේම ගත කරනවා. ඉදිරි දිනවල මම නැවත ඔස්‌ටේ්‍රලියාවට යනවා නමුත් දින දහයකින් පමණ නැවත ලංකාවට එනවා රඟපෑම් කටයුතු සඳහා.

ඕෂිනි ඔබේ පෞද්ගලික තොරතුරු ?

මගේ ගම පානදුර. අපේ පවුලේ ඉන්නෙ අම්මයි, තාත්තයි, මමයි, මල්ලියි. මම ඉගෙන ගත්තේ පානදුර යහපත් එඩේරාගේ කන්‍යාරාමයෙන්.

ධම්මිකා සුරංජි
ඡායා – සමන් අබේසිරිවර්ධන

0 comments

Post a Comment

________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow

Puduma Dewal

Recent Comments

Ads

Gossip Posts

Gossip Posts

ZODIAC ADA DAWASA | අද දවස

මේෂ
වෙනදාට වඩා ගමන් බිමන් අධිකය. පදිංවියේ වෙනසක් වීමටද ඉඩක් ඇත. දුර බහැර සිටින අය පෞද්ගලිකවම හමුවීම හෝ වෙනත් මාර්ගවලින් සබඳතා පවත්වයි. ව්‍යාපාර කටයුතුවලදී පාඩු සිදුනොකරගන්න.

වෘෂභ
කෙසේ හෝ අතමිට මුදල් ගැවසේ. නමුත් වියදම පාලනය කරගැනීම අපහසුය. ඔබගේ ආරක්ෂාව ගැන පමණක් නොව වෙනත් දේපළ හා මුදල්ද ප්‍රවේශම් කරගැනීම ප්‍රයෝජනවත්ය.

මිථුන
ඔබගේ බොහෝ කටයුතු වලදී අවිනිශ්විත ස්වභාවයක් ඇතිවීමේ ඉඩ ඇති බැවින් අමතර උනන්දුවකින් කටයුතු කිරීමෙන් සියළු කටයුතු සාර්ථක කරගත හැක. රැකියා අංශයේ වෙනසක් සිදුවෙතත් ඉන් අවාසියක් සිදුනොවේ.

කටක
අධික කාර්යබහුල ස්වභාවයක් පවතී. ආයෝජනයක් ලෙස හෝ තම අපේක්ෂාවක් වෙනුවෙන් අමතර මුදලක් වැයකිරීමට සිදුවේ. තම අභිමතය පරිදි බලාපොරොත්තු ඉටුකරගත හැක.

සිංහ
නෑදෑ හිතවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවේ. රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව සිටීමේ උවමනාවද සහිතය. සමාජ සබඳතා හෝ වෙනත් ගමන් බිමන් වලදී ඔබට අවාසිදායක අවස්ථාවන් ඇතිවීමේ ඉඩ ඇත.
කන්‍යා
සෑම කටයුත්තකදීම ප්‍රවේශම්කාරීවිය යුතුය. සුළු අතපසුවීමක් හෝ සිදුනොකිරීමට වගබලාගන්න. ඥාති මිත්‍රාදීන් වෙනදාට වඩා ඔබගේ නිවසට පැමිණෙනවා ඇත. නිර්මාණශීලී අංශයන්ට සුභ දවසකි.

තුලා
රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව පවුලේ හෝ වෙනත් බාහිර අවශ්‍යතාවයක් වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවිය හැක. අසනීපවීම් හෝ විරසකවීම් ඇතිවීමේ ඉඩ පිළිබඳව සැලකිලිමත්වීම ප්‍රයෝජනවත්ය.

වෘශ්චික
සෑම ක්ෂේත්‍රයකදීම දෙවරක් සිතා බලා කටයුතු කරන්න. අසල්වාසීන් හෝ පවුලේ අවශ්‍යතාවන් ගැන වෙහෙසීමට සිදුවේ. මුදල් පරදුවට තබා ක්‍රියා නොකරන්න.

ධනු
නිතර හමුනොවන හෝ ඈත එපිට සිටින අය සමග සබඳතා පැවැත්වීමට සිදුවේ. ලෙතරැයි ආදී කිසියම් අවිනිශ්විත මාර්ගයකින් අතට මුදල් ලැබීමේ ඉඩ ඇත. පවුලේකටයුත්තක් සඵල කරගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.

මකර
පවුලේ හෝ ගෙදරදොර අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. කෙසේ මුත් ඔබගේ ආදායම් තත්ත්වය යහපත්ය. කෙටි හෝ දීර්ඝ ගමන් බිමන් වෙනදාට වඩා බහුලවේ.
කුම්භ
ලියන කියන ආදී සහ සන්නිවේදන කටයුතුවලීද ප්‍රවේශම්විය යුතුය. ඔබගේ දිරිමත් බව කෙසේ හෝ සාර්ථක ප්‍රතිඵල අත්කර දේ. ආදායම් තත්ත්වයද සරුවන අතර සමාජ පිළිගැනීමකටද ලක්විය හැක.

මීන
පොදුවේ ගත්කල සුබ දවසකි. හෙළිකිරීමට අකැමති මාර්ගවලින් පවා ලාබ ප්‍රයෝජන අත්කරගැනීමට සමත්වේ. නමුත් අධික වියදම්ද සහිතය. කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුවූ අපේක්ෂාවක් ඉටුවීම නිසාද සහනය ඇතිවේ.

Archives