දෙසැ.31- නෝවල් ඉන්ෆ්ලුවෙන්සා AH1N1 වෛරසයට සදහා හදුන්වාදී ඇති එන්නත ලබාගැනීමට බියක් ඇති කරගත යුතු නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසන්ගත රෝග විද්‍යා අංශය පැවසීය.
එහි වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් පිරිස් මහතා සදහන් කළේ ජනතාවට ලබා දෙන එම එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලැබුණු පරිත්‍යාගයක් බවය.
මේ වනවිට නෝවල් ඉන්ෆ්ලුවෙන්සා AH1N1 වැළදීමෙන් රෝගින් 23 දෙනෙකු මියගොස් තිබේ.
වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් පිරිස් මහතා සදහන් කළේ පුද්ගලයින් 400 කට අධික පිරිසකට රෝගය වැළදි ඇති බවය.
එහෙත් මේ වනවිට රෝගය පැතිරීමේ අඩුවක් පවතින බවද වෛද්‍ය සුදත් පිරිස් මහතා පෙන්වා දෙන්නේය.
Post a Comment