මේ දවස්වල අපේ දනා නඟේ නුඹට නොකියූ කවි කියලා කවි පොතක් ලියනවා. මමත් දනාලගේ පැත්තේ ගියා කවි පොතේ ප්‍රගතිය බලන්න. පොරත් බැහැලම වැඩ. දනා ලියන කවි වලට මොකක් හරි කතාවක් පාදක වෙනවා. සමහර විට ඒකාටම වෙච්ච සිද්ධියක් නැත්නම් බැච් එකේ කාටහරි වෙච්ච සිද්ධියක්, ඔයවගේ දේවල් පාදක කරගෙන තමයි ඒකා කවි ලියන්නේ.
මමත් එහේ ගිය වෙලාවක කවි ටිකක් ඉල්ලුවා මගේ බ්ලොග් එකේ දාන්න. අපරාදේ කියන්න බෑ මට කවි දෙක තුනක්ම ලැබුනා. ඉතින් දනාගේ ඉල්ලීම පරිදි ඒ කවි පහලින් පල කරනවා.
වස්සානය වූවා නම් නුඹ .....
සදවතිය නුඹ ...
අදුරු අහසේ තනිව දිලෙනා
තරුවක තනිකම දුරලන
ලතා මඩලකි නුඹ ....
අහස සිසාරා වැඩෙන
ගසකට ලස්සන ගෙනදෙන
දිය දෝතකි නුඹ...
සිසිලස සොයමින් ඉකිබිදිනා
මිහිමඩලක පිපාසය දුරලන
පබවත නුඹ ...
සෙනෙහස සොයමින් යන
සිතකට කවිත්වය ගෙන දෙන
පබැදුම - දමිත් ධනංජය
ඔය ඉහලින් තියෙන කවිය ලියන්න පාදක උනේ, දනා කාලයක් නුවර උසස් බාලිකාවෙන් ආපු නංගි කෙනෙක්ට හිතෙන් ආදරය කරන්න (හිතෙන් විතරයි. මේ වෙනකන් වචනයක්වත් කතා කරලා නෑ.) පටන් ගත්ත කාලේ. ඔය අන්තිම කවියෙන් කියවෙන්නේ ''පබවත'' කියලා ඒක තමයි ඒ නංගිගේ කාඩ් එක (පබාවතී) . නමුත් ඒ නංගි ටිකක් ආඩම්බර කාරී ඒ නිසා මේ වැඩේ හරි යන්නේ නෑ කියලා උෟටම හිතුනා ඒ නිසාමද මංදා ඒකා වැඩේ අතෑරලා දැම්මා.
දනා ගැන පොඩි සදහනක් දාලම ඊලග කවියට යමුකෝ. දනා කියන්නේ පුදුම විදිහට ආත්ම විශ්වාශයක් තියෙන කොල්ලෙක්. මොන ප්‍රශ්නය තිබ්බත් කවදාවත් සැලෙන්නේ නැතිව හිටපු කොල්ලෙක්. මොනදේ උනත් තමන්ගේ වැඩ, පාඩු කරගන්නේ නැතිව කරන අනුන්ට කිසිම කරදරයක් නැති කොල්ලෙක්. මමත් ඒකව ආදර්ශයට අරගෙන හැදෙන්න කියලා බැලුවා.
ම්........ වැඩේ අමාරුයි. මම පොඩි ප්‍රශ්නයක් ආවත් ''දඩස්'' ගාලා කඩාවැටෙනවා හරියට නිකං පෙන්ටගනයට බෝම්බ ගැහුවා වගේ. ඒ වෙලාවට ඉතින් අම්මාගේ සරණ තමයි. අම්මා තමයි මගේ හිත හදලා ආයෙත් තිබ්බ තැනට හිත ගෙනත් තියන්නේ. අම්මා නැති දාක..... (අම්මෝ මං නම් ඒ ගැන හිතන්නවත් කැමති නෑ.....)
හිරුට ලෙන්ගතු නම්
අඳුරු රැයෙක
රැයෙහි අහසම
සදක් පායා , නොකියාම පායා
ලෙන්ගතු විලසින්
හිරු දෙසම නෙතු යොමා
විකසිත වන පියුමක්... ලෙස
පිපිද හිනහෙන නෙළුම් මලේ... සුදු නෙළුම් මලේ
පාළු අදුර මකා දමා
සදවත පායා..... ගෙමිදුල
නිතරම නෙත අයා සිටි.....
ලෙන්ගතුකම විඳගන්නට
සඳවතියේ පියකරු ..... සඳවතියේ.....
හිරුට ලෙන්ගතු නම්
මෙතරම්ම......
අරුණලු ගෙනෙන්නම්
නුඹ ලඟටම වී
විකසිත වී හිනැහෙන්න
අදත් නුඹ.....
එදා විලසින්ම.....
පබැඳුම - දමිත් ධනංජය
Post a Comment