අන්තර් ජාලය හරහා දුරකථන නොමිලේ පහසුකම් ලබාදෙන ස්කයිප් සේවාව සයිබර් පහරදීමකට ලක්ව ඇතැයි වාර්තා වේ. මෙම බිඳවැටීම නිසා ලොව පුරා පුද්ගලයින් මිලියන ගණනාවක් අපහසුතාවයට පත්ව සිටී. එම සේවාව මෙවැනි සේවා බිඳවැටීමකට මීට ප්රථමයෙන් ලක් වූයේ 2007 වසරේදීය. සේවා බිඳවැටීම සම්බන්ධයෙන් ස්කයිප් භාවිතා කරන්නන්ගෙන් තමන් සමාව ඉල්ලා සිටින බව එම සේවා ආයතනයේ ප්රධාන විධායක ටෝනි බේට්ස් පවසයි. ඊට හේතුවී ඇති තාක්ෂණික දෝෂය හෝ දෝෂයන් විසඳාල සේවාව හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කරන බව ඔහු කියා සිටී..මෙම බිඳ වැටීමට හේතු තවම නිශ්චිතවම වාර්තා වී නැතත් එහි නිළ බ්ලොග් අඩවිය හා ට්විටර් වෙබ් අඩවියේ දැක්වෙන්නේ මෙම බිඳ වැටීම තාක්ෂණික දෝෂ මත සිදුවන්නට ඇති බවත් විශේෂයෙන් නත්තල් නිවාඩු සමයේ බොහෝ පිරිස් මෙය වටා ගොනුවීම ඇතැම් ප්රදේශ වලට මෙම සේවා අක්රීය වීමට හේතුව වන්නට ඇතැයි සැක කරන බවයි...
මේ වන විට ඇතැම් අන්තර්ජාල පර්යේෂණ අඩවි වාර්තා කරන්නේ ඊබේ, පේ පැල්, ඇලෙක්සා වැනි දැවැන්ත සමාගම් හිමිකාරත්වය දරන්නන්ගේ ම තවත් සේවාවක් වන ස්කයිප් තුළට විකිලීක්ස් හැකර් කණ්ඩායම් ඇතුළුවී ඇති බවත් එම තත්වය පාලනය කිරීමට ස්කයිප් ඕෆ් ලයින් යැවූ බවත්ය..

Post a Comment