Gossip Lanka News

Underground News from Sri Lanka

අමුතු කතාව

ඉඟි බිඟි පාමින් තේ කෝප්පයක්‌ද රැගෙන එන තරුණ ගෙවිලියක දැක අනඟ බැලුම් හෙලන කෘෂි තෙල් බෙහෙත් ඉසින පුද්ගලයකු ඇසුරු කරගෙන මේ දිනවල රූපවාහිනියේ ප්‍රචාරය වන කෘෂි තෙල් බෙහෙත් දැන්වීමක්‌ බොහෝ දෙනාගේ අවධානයට යොමුව තිබේ. ජිප්සීස්‌ ගායක කණ්‌ඩායමේ නායක සුනිල් පෙරේරා සමඟ එම දැන්වීමට පෙනී සිටි සුකොමල ගෙවිලිය නව පරපුරේ සිනමා සහ ටෙලි නාට්‍ය ශිල්පිනියක වන සජීවනී පෙරේරාය. අපි ඇය ගැන තොරතුරු බිඳක්‌ විමසා බලමු.
පසුගිය දිනවල මා වඩාත් ප්‍රේක්‌ෂකයින් අතරට ගිය දැන්වීමක්‌ ලෙස එම කෘෂි රසායන දැන්වීම හැඳින්වූවාට වරදක්‌ නැහැ. ඒ අතරම ඩයලොග් දුරකථන ආයතනයේ දැකල පුරුදුයි යන තේමාව යටතේ ප්‍රචාරය වූ දැන්වීම් පෙළෙහි මා පෙනී සිටි දරුවකු සමඟ රෝහලේ සිටින මවකගේ චරිතය සහිත දැන්වීමක්‌ බොහෝ ජනප්‍රිය වූවා.
මෙම දැන්වීම්වලට අමතරව මම පෞද්ගලික බැංකු කිහිපයක රූපවාහිනී දැන්වීම් සඳහා ද පෙනී සිටියා. මේ වනවිට දැන්වීම් සියයක පමණ පෙනී සිට තිබෙනවා.
ඔබේ කලා දිවියේ මෙතෙක්‌ ආ ගමන් මඟ ගැන මතක්‌ කළොත්.
මම කලාවට යොමුවෙලා වසර දහයක්‌ පමණ වෙනවා. චිත්‍රපට කිහිපයක්‌, ටෙලි නාට්‍ය කිහිපයක්‌ රඟපෑමෙන් දායක වී තිබෙනවා. එම සියලු චරිත උප ප්‍රධන චරිත. ඉදිරියේදී මා ප්‍රධාන චරිතයක්‌ රඟපාන කොටස්‌ සියයකින් යුත් ටෙලි නාට්‍යයක්‌ මේ දිනවල රූගත කරනවා. ජනප්‍රිය නළු සේනක විඡේසිංහ විධායක අධ්‍යක්‍ෂණය කරන “රේඩි” නමැති රහස්‌ පරීක්‍ෂක කථාවකින් යුතු එම ටෙලි නාට්‍යයේ මා රහස්‌ පරීක්‍ෂකවරයාගේ පෙම්වතියට රඟපානවා.
මෙම ටෙලි නාට්‍ය සඳහා මා තෝරා ගැනීමේදී මගේ ඉංග්‍රීසි භාෂාව කථාකිරීමේ හැකියාවත් සුදුසුකමක්‌ වූවා. මෙම ටෙලි නාට්‍යයේ ප්‍රධාන අධ්‍යක්‍ෂවරයා වන ක්‌ලයන් මාර්ටි සමඟ කටයුතු කිරීමේදී ඔහු සමඟ ඉංගී්‍රසි භාෂාවෙන් කථා කිරීමේ හැකියාව ඔහුට වඩාත් පහසුයි කියා පැවැසුවා. එසේම මා රඟපාන චරිතයත් බටහිර පන්නයට හුරු එකක්‌.

රඟපෑම ඔබේ වෘත්තියද?
නැහැ… මම ව්‍යාපාර කටයුතුවල නිරතවන අතර කලාවේ නිරතවන්නේ. විදේශ සමාගම් කිහිපයක දේශීය සම්බන්ධීකරණ කටයුතු කිරීම තමයි මගේ ප්‍රධාන වෘත්තිය. කලාවට මට ආදරෙයි.මගේ ව්‍යාපාර සම්බන්ධීකරණ කටයුතුවලටත් එය විශාල උපකාරයක්‌ වී තිබෙනවා.
ඉදිරි බලාපොරොත්තු මොනවාද?
චිත්‍රපටයක්‌ සහ ටෙලි නාට්‍යයක්‌ නිෂ්පාදනය කිරීම කෙරෙහි අවධානය යොමුකර තිබෙනවා.
ඔබ ගැන තොරතුරු දැනගන්න කැමැති අයට ඔබ සම්බන්ධ කරගතහැකි පහසු ආකාරය කුමක්‌ද?
මා සම්බන්ධකර ගැනීම වඩාත් පහසු විද්යුත් තෑපැල (ඊ මේල්) ඔස්‌සේය. මොකද මම නිතරම අන්තර්ජාලය සමඟ සම්බන්ධව සිටිනවා. එබැවින් මගේ ඊ මේල් ලිපිනය වන Sajeewani@monarch.lk මගින් ඕනෑම කෙනකුට මා සම්බන්ධ කරගත හැකියි.
සංවාදය හා පිංතූර – සජිත් ජයසේකර

0 comments

Post a Comment

________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow

Puduma Dewal

Recent Comments

Ads

Gossip Posts

Gossip Posts

ZODIAC ADA DAWASA | අද දවස

මේෂ
වෙනදාට වඩා ගමන් බිමන් අධිකය. පදිංවියේ වෙනසක් වීමටද ඉඩක් ඇත. දුර බහැර සිටින අය පෞද්ගලිකවම හමුවීම හෝ වෙනත් මාර්ගවලින් සබඳතා පවත්වයි. ව්‍යාපාර කටයුතුවලදී පාඩු සිදුනොකරගන්න.

වෘෂභ
කෙසේ හෝ අතමිට මුදල් ගැවසේ. නමුත් වියදම පාලනය කරගැනීම අපහසුය. ඔබගේ ආරක්ෂාව ගැන පමණක් නොව වෙනත් දේපළ හා මුදල්ද ප්‍රවේශම් කරගැනීම ප්‍රයෝජනවත්ය.

මිථුන
ඔබගේ බොහෝ කටයුතු වලදී අවිනිශ්විත ස්වභාවයක් ඇතිවීමේ ඉඩ ඇති බැවින් අමතර උනන්දුවකින් කටයුතු කිරීමෙන් සියළු කටයුතු සාර්ථක කරගත හැක. රැකියා අංශයේ වෙනසක් සිදුවෙතත් ඉන් අවාසියක් සිදුනොවේ.

කටක
අධික කාර්යබහුල ස්වභාවයක් පවතී. ආයෝජනයක් ලෙස හෝ තම අපේක්ෂාවක් වෙනුවෙන් අමතර මුදලක් වැයකිරීමට සිදුවේ. තම අභිමතය පරිදි බලාපොරොත්තු ඉටුකරගත හැක.

සිංහ
නෑදෑ හිතවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවේ. රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව සිටීමේ උවමනාවද සහිතය. සමාජ සබඳතා හෝ වෙනත් ගමන් බිමන් වලදී ඔබට අවාසිදායක අවස්ථාවන් ඇතිවීමේ ඉඩ ඇත.
කන්‍යා
සෑම කටයුත්තකදීම ප්‍රවේශම්කාරීවිය යුතුය. සුළු අතපසුවීමක් හෝ සිදුනොකිරීමට වගබලාගන්න. ඥාති මිත්‍රාදීන් වෙනදාට වඩා ඔබගේ නිවසට පැමිණෙනවා ඇත. නිර්මාණශීලී අංශයන්ට සුභ දවසකි.

තුලා
රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව පවුලේ හෝ වෙනත් බාහිර අවශ්‍යතාවයක් වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවිය හැක. අසනීපවීම් හෝ විරසකවීම් ඇතිවීමේ ඉඩ පිළිබඳව සැලකිලිමත්වීම ප්‍රයෝජනවත්ය.

වෘශ්චික
සෑම ක්ෂේත්‍රයකදීම දෙවරක් සිතා බලා කටයුතු කරන්න. අසල්වාසීන් හෝ පවුලේ අවශ්‍යතාවන් ගැන වෙහෙසීමට සිදුවේ. මුදල් පරදුවට තබා ක්‍රියා නොකරන්න.

ධනු
නිතර හමුනොවන හෝ ඈත එපිට සිටින අය සමග සබඳතා පැවැත්වීමට සිදුවේ. ලෙතරැයි ආදී කිසියම් අවිනිශ්විත මාර්ගයකින් අතට මුදල් ලැබීමේ ඉඩ ඇත. පවුලේකටයුත්තක් සඵල කරගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.

මකර
පවුලේ හෝ ගෙදරදොර අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. කෙසේ මුත් ඔබගේ ආදායම් තත්ත්වය යහපත්ය. කෙටි හෝ දීර්ඝ ගමන් බිමන් වෙනදාට වඩා බහුලවේ.
කුම්භ
ලියන කියන ආදී සහ සන්නිවේදන කටයුතුවලීද ප්‍රවේශම්විය යුතුය. ඔබගේ දිරිමත් බව කෙසේ හෝ සාර්ථක ප්‍රතිඵල අත්කර දේ. ආදායම් තත්ත්වයද සරුවන අතර සමාජ පිළිගැනීමකටද ලක්විය හැක.

මීන
පොදුවේ ගත්කල සුබ දවසකි. හෙළිකිරීමට අකැමති මාර්ගවලින් පවා ලාබ ප්‍රයෝජන අත්කරගැනීමට සමත්වේ. නමුත් අධික වියදම්ද සහිතය. කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුවූ අපේක්ෂාවක් ඉටුවීම නිසාද සහනය ඇතිවේ.

Archives