Gossip Lanka News

Underground News from Sri Lanka

අමුතු කතාව

මේෂ – ධනය ලැබෙන මාර්ග පෑදේ

මේෂ ලග්නයේ තුන්වැන්නේ කේතු හය වැන්නේ ශනි හත්වැන්නේ සිකුරු අටවැන්නේ සඳු බුධ නව වැන්නේ රවි කුජ රාහු එකොළොස්‌වැන්නේ නැප්චූන් දොළොස්‌වැන්නේ ගුරු යුරේනස්‌ ගමන් ගන්නා මේ වසර ඔබට ඉතා යහපත් එකක්‌ වේවි.
අතපසුවෙමින් පැවැති කටයුතුවලට මුල්තැනදීමෙන් ධනය ලැබෙන මාර්ග පෑදේ. අහිමි අයිති හිමිවෙයි. පවුලේ වැඩට අතගැසීමට කදිමය. ජනවාරි මුල සිට රැකියාවේ තත්ත්වය උසස්‌ විය හැකිය. විදේශ රැකියා සඳහා යන්න පහසු අවස්‌ථා මැයිවලට පසු උදාවේ. ශාස්‌ත්‍රීය අංශයට යොමුවූ අයට පොත්පත් මුද්‍රණයට සම්බන්ධ අයට වේගවත් දියුණුවක්‌ ඇතිවේ. ස්‌වයං රැකියාවල නිරත අයට නොසිතූ අයගේ උපකාර හිමිවේවි. කුජ දශා අතුරු දශානම් ජනවාරි 8 සිට ඉදිරි ගමනේ පැහැදිලි වෙනසක්‌ ඇතිවෙයි. පමාවූ උසස්‌වීම් ලැබෙන ලකුණු පහළ වෙයි.
සඳු දශා සමග ජන්ම ඒරාෂ්ඨක ඇති අයට තත්ත්වය පහත වැටීමට අවකාශ ඇත. ගැලවීමට අපහසු චෝදනා ඇතිවේ. දේපළ සම්බන්ධ නඩු හබ පැටලිය හැකිය. අත නොගැසිය යුතු දෙයටත් අත ගසා ප්‍රශ්න ඇති කර ගනී.
සිකුරු දශානම් පමාවූ විවාහය ඉක්‌මන් විය හැකිය. ඕනෑම ප්‍රශ්නයකට මුහුණදීමේ ශක්‌තිය ඇතිවේ. අධ්‍යාපන කටයුතුවල වෙනසක්‌ ප්‍රගතියක්‌ පවතී. පොදු කටයුතු වලට වෙනදා නැති උනන්දුවක්‌ පවතී.
ශනි දශා නම් නිදන්ගත රෝගවලින් පෙළෙන අයට සුවයක්‌ පෙන්නුම් කරයි. උපතේ සඳු 11 වැන්නේ නම් හන්දි අමාරු ඇති කරයි. සුළු අසනීප දුරදිග යන තත්ත්ව ඇතිවේ.
ශුභ දිනය ඉරිදා. ජය අංකය 1-9
ශුභ වර්ණය රතු ශුභ මැණික්‌- රතු

වෘෂභ – ව්‍යාපාරවලින් ලාභ
වෘෂභ ලග්නයෙන් දෙවැන්නේ කේතු පස්‌වැන්නේ ශනි හයවැන්නේ සිකුරු හත්වැන්නේ සඳු බුධ අටවැන්නේ රවි – කුජ -රාහු දසවැන්නේ නැප්චූන් එකොලොස්‌වැන්නේ ගුරු යුරේනස්‌ ගමන් ගන්නා මේ වර්ෂය සමපල දායක එකකි.
කරන කරවන දේවල් නිසි පරිදි කරගෙන යැමට පහසුකම් ඇතිවේ. වසා දමන තත්ත්වයට පත් ව්‍යාපාර වලින් ලාභ අත්වේවි. විදේශ සම්බන්ධ ව්‍යාපාර වලට අතගැසීමට කදිමය. ඥතීන් විසින් පවත්වාගෙන යන ව්‍යාපාර කර්මාන්ත ඔබට හිමිවිය හැක. ඒජන්සි කටයුතු බ්‍රොaකර් කටයුතුවලින් උසස්‌ ප්‍රතිඵල ලැබිය හැකිය. වැඩ තහනමට ලක්‌ව සිටින අයට වසර මැද සිට යළි රැකියා අවස්‌ථා උසස්‌වීම් සමග හිමිවේ. අතර මග ඇන හිටි ඉදිකිරීම් කටයුතු වලට යළි අත ගසයි. නිෂ්ඵල වැඩ රැසක්‌ අත්හැර දමයි. අධ්‍යාපන කටයුතුවලට විශාල වෙහෙසක්‌ දැරීමට සිදුවේ. ඉගෙනීමේ කටයුතු වලට වරින් වර බාධා පැමිණෙයි.
සඳු දශා ගත කරන අයට විවාහය ඉක්‌මන් වන කරුණු යෙදිය හැක. වසර මැද විවාහ කටයුතුවලට දින යොදා ගනී. ගුරු දශාවේ නම් තැන්පත් ධනය තරවන කරුණු යෙදේවි. සිත් අමනාප අය යළි ඇසුරට පත්වෙයි. විස¹ ගැනීමට අපහසු ප්‍රශ්න විසඳේවි.
වාහන ඉඩම් විකිණීමට බාධා ඇතිවෙයි. මහජන සහය අපේක්‍ෂා කරන අයට අසීරු ඇතිවේ. රැකියා අංශ ප්‍රධානීන්ගේ අප්‍රසාදය වසර මැද දක්‌වා බලපායි.
රාහු දශානම් උදරයේ සැත්කම්වලට මග පාදයි. නිතර රෝහල් ගතවීමට වෛද්‍යවරු හමුවීමට සිදුවන අවස්‌ථා යෙදේවි. ශරීර සනීපය ගැන සැලකිලිමත් වන්න.
ශුභ දිනය සිකුරාදා ජය අංකය 6
ශුභ වර්ණය – සඳු ශුභ මැණික්‌ දියමන්ති

මිථුන – ලොතරැයි වාසනාවලට මග පෑදෙයි
මිථුන ලග්නයේ කේතු සිව්වැන්නේ ශනි පස්‌වැන්නේ සිකුරු හයවැන්නේ සඳු බුධ හත්වැන්නේ රවි කුජ රාහු නවවැන්නේ නැප්චූන් දසවැන්නේ ගුරු යුරේනස්‌ ගමන් ගන්නා මේ වසර ඔබට බෙහෙවින් ශුභ ඵලදායකය.
ආදායමට වඩා වියදම් අධික වුවත් අත ගසන කටයුතු පහසුවෙන් සඵල වන වසරකි. මුදල් වැයවන ප්‍රශ්න නිතර පැන නගී. ලොතරැයි වාසනා වලට මගපාදයි. හිඟ මුදල් ණය මුදල් අපේක්‍ෂා සපල වේවි. දරුවන්ගේ දියුණුව දැක සතුටු විය හැක. ගෙවා ගත නොහැකිව සිටි ණය මුදල් ගෙවා දමා සතුටක්‌ ලැබිය හැක. මැණික්‌ ගරන අයට හොඳක්‌ බලාපොරොත්තු විය හැකිය. සංචාරක කටයුතුවලට සම්බන්ධ නම් අත මිට සරු වෙයි.
මැයි 4 ට පසු රැකියාවේ වෙනස්‌කම් ඇතිවේ. විදේශ රැකියා සඳහා ඇල්මක්‌ දක්‌වයි. රජයේ රැකියාවලට බලවත් අයගේ මග පෙන්වීමෙන්a අවස්‌ථා උදාවේ. සමාජ පිළිගැනීමට ලක්‌වෙයි. උසස්‌ තනතුරු හෝ ගරු තනතුරු හිමිවෙයි. නිවසක්‌ ඉඩමක්‌ තෑගි වශයෙන් ලැබීමට පිළිවන. අහිමිව ගිය දෙයක්‌ මුදලක්‌ වැය කර හෝ ලබා ගන්නට මග පෑදිය හැකිය. වාහන වාසනාව ඇති වසරකි. නීතිය හදාරන අයට හොඳ කාලයකි.
රාහු දශා නම් යුග දිවියේ ප්‍රශ්න මතුවිය හැකිය. දික්‌කසාද ප්‍රශ්න මතුවිය හැකිය. පෙම් සබඳතා වලට වැඩිහිටි විරෝධ බලපායි. යසට හිටි අය නිකරුනේ විරසක වේවි. කුජ දශා නම් වසරේ මුල් මාස කිහිපය හවුලේ වැඩ අත නොගසනු. අවුල් ඇතිවිය හැක. දුර ගමන්වලට රාත්‍රි ගමන්වලට හොඳ කාලයක්‌ නොවේ. සඳු දශා අතුරු දශානම් සුරතල් සතුන්ගෙන් පීඩා ඇතිවේ. සැත්කම්වලට හදිසි කරුණු යෙදෙයි. පපුවේ සෙම් අසනීප උග්‍ර විය හැක.
ශුභ දිනය බදාදා ජය අංකය 5
ශුභ වර්ණය කොළ ශුභ මැණික්‌ පච්ච

කටක – මතු දියුණුවට නව වැඩපිළිවෙළක්‌.
කටක ලග්නයෙන් තුන්වැන්නේ ශනි සිව් වැන්නේ සිකුරු පස්‌වැන්නේ සඳු බුධ හයවැන්නේ රවි කුජ රාහු අටවැන්නේ නැප්චූන් නව වැන්නේ ගුරු යුරේනස්‌ දොළොස්‌ වැන්නේ කේතු ගමන් ගන්නා මේ වසර ශුභ ඵලදායි එකකි.
පැතුම් ඉටුවීමෙන් සිතට සවියක්‌ සතුටක්‌ ඇතිවේ. වසරේ මුල් මාස හතර ඉතා යහපත්ය. අතගසන කටයුතු පහසුවෙන් සපල වේ. නව ආදායම් මාර්ග පෑදෙයි. පරම්පරාගත දෙයක්‌ නීති මගින් හෝ හිමිකර ගනීවි. ණය ලැබෙන්නත් ගෙවා දමන්නත් හැකිවීම නිසා සැනසිල්ලට කරුණු යෙදේවි. තරගකාරී කටයුතු වලින් ජය අත්වේවි. කලක්‌ තිස්‌සේ සැලසුම් කළ ව්‍යාපාරය ඇරඹීමට හැකිවීම විශේෂ කරුණකි.
වසර මැද විශාල ධනලාභ ලොතරැයි වාසනා ගෙන දෙයි. මතු දියුණුවට නව වැඩපිළිවෙළක්‌ ඇතිවේ. පවුලේ පොදු දියුණුවට ගත් උත්සාහයක්‌ පලදරයි. අන්සතු ධනය හිමිවන වාසනාව විශේෂව බලපායි.
කේතු දශා අතුරු දශා නම් රැකියාවට යම් යම් අයගේ බලපෑම් ඇතිවේ. රැකියා පහත වැටීමක්‌ පෙන්වයි. නිදහසේ කටයුතු කිරීමට බාධා පවතී. ගුරු දශා අතුරු දශානම් අධ්‍යාපන කටයුතුවල යහපත් තත්ත්වයක්‌ පෙන්වයි. විදෙAශ අධ්‍යාපනයට මග පාදයි. නවීන තාක්‌ෂණය අදාළ කටයුතුවලට සම්බන්ධව පුහුණු කටයුතු වලට සම්බන්ධ විය හැක. සඳු බුධ දශානම් පෙරට යනවාට වඩා පසු පසට යන වේගය වැඩිවේ. අන් අයගේ බලපෑම් පවතී.
සිකුරු දශානම් ඉඩමක්‌ නිවසක්‌ මිලදී ගන්නට පහසු අවස්‌ථා උදාවේ. වාහන වාසනාව වසර පුරා පවතී. ඇස්‌ වහ කටවහ දොස්‌ බලපායි. සෙම් රෝග නිසා හුස්‌ම ගැනීමේ අසීරු පවතී. ශරීර සනීපය ගැන හිතන්න වේවි.
ශුභ දිනය – සඳුදා ජය අංකය 2
ශුභ වර්ණය සුදු ශුභ මැණික්‌ මුතු

සිංහ – රැකියාවේ වෙනස්‌කම් ඇති වෙයි.
සිංහ ලග්නයෙන් දෙවැන්නේ ශනි තුන් වැන්නේ සිකුරු සිව් වැන්නේ සඳු බුධ පස්‌වැන්නේ රවි රාහු කුජ හත්වැන්නේ නැප්චූන් අටවැන්නේ ගුරු යුරේනස්‌ එකොළොස්‌වැන්නේ කේතු ගමන් ගන්නා මේ වසර ඔබට අශුභ ඵල බහුල විය හැක. දේපළ ගැටලු පැන නගී. වෙළෙඳ ව්‍යාපාරවල සේවක ප්‍රශ්න ඇතිවේ. රැකියාවේ වෙනස්‌කම් ඇති විය හැක. ලැබුණ වාසනාව නපුරට අයහපතකට බලපෑ හැක. තමා විසින් සතුරන් ඇතිකර ගෙන කරදර විඳී. උපතේ ශනි බලවත් නම් අමතර ආදායම් මගක්‌ පෑදෙයි. හදිසි ධන ලාභ ඇතිවේ. ලොතරැයි වාසනා උරගා බැලීමට කදිමයි. ජුනි සිට විදේශ රැකියාවලට විදේශ ගමන්වලට මග පාදයි.නොසිතූ අයගේ ආධාර උපකාර හිමිවේවි.ලේඛන කලාවට සම්බන්ධ අයට නොසිතූ ප්‍රගතියක්‌ ඇතිවෙයි. ළඟම ඥතීන්ගෙන් උපකාර හිමිවේවි.
උපතේ සඳු ලග්නයේ නම් වසර අවසන් වනතුරු හිතට වද දෙන ප්‍රශ්න ඇතිවේ. තම ගෞරවය තමන් විසින් වනසා ගනී. හිතු මතයට කටයුතු නිසා අමතක නොවන පාඩම් උගනීවි.
සිකුරු දශා අතුරු දශානම් අහිමිව ගිය දෙයක්‌ යළි ලබාගන්නට සමත් වෙයි. පොදු කටයුතු වලට විශේෂ උනන්දුවක්‌ දක්‌වයි. අලංකාරයට විනෝදයට වැඩිපුර යොමුවන බවක්‌ පෙනේ. අලුත් යමක්‌ අත ගසා උසස්‌ ප්‍රතිඵල අත්කර ගනීවි.
රාහු දශානම් අධ්‍යාපන කටයුතු අඩාලවීමට ඉඩ ඇති අතර නුසුදුසු අය ඇසුරට යැමෙන් නීති ප්‍රශ්න වලටත් පැටලෙයි. උපතේ රාහු 10-11 රාශිවල නම් ඉදිරි ගමන සපලවන පෙර නිමිති පහළ වේවි. නොසිතූ පරිදි ජනප්‍රිය වෙයි. අන් අය අතර හොඳ පිළිගැනීමක්‌ ඇතිවේ. උසස්‌ අධ්‍යාපනයට මග පෑදේ.
ශනි ගුරු දශානම් යටපත් රෝග යළි මතුවෙයි. හිටි හැටියේ අත්පාවල ස්‌නායු දුර්වලතා ඇති කරයි. කොඳු ඇට ආශ්‍රිත රෝග බඩ වැල ආශ්‍රිත රෝග සැත්කම් දක්‌වා දුරදිග යයි. ශරීර සනීපය ගැන සැලකිලිමත් වන්න.
ශුභ දිනය ඉරිදා ජය අංකය 01
ශුභ වර්ණය තැඹිලිපාට ශුභ මැණික්‌ පද්ම රාග

කන්‍යා – නඩුහබවලදී ජය
කන්‍යා ලග්නයෙන් ශනි දෙවැන්නේ සිකුරු තුන්වැන්නේ සඳු බුධ සිව්වැන්නේ රවි කුජ රාහු හය වැන්නේ නැප්චූන් හත්වැන්නේ ගුරු යුරේනස්‌ දසවැන්නේ කේතු ගමන් ගන්නා මේ වසර ඔබට අශුභපල බහුල එකක්‌ වනවා ඇත.
අලුත් ව්‍යාපාර ඇරඹීමට යහපත් කාලයක්‌ නොවේ. කරගෙන ආ කටයුතු අවුලක්‌ බවට පත්විය හැක. යම් යම් අයගේ ඇඟිලි ගැසීම් නිසා ඉදිරි ගමනට බාධා ඇතිවේ. එකට සිටින අයම සතුරු ලෙස කටයුතු කළ හැකිය. අතුරු ආදායම් වලට නොසිතූ බාධක ඇතිවේ. වටිනා දේ සින්න වීමට ඉඩ ඇති කාලයකි. දුර දිග බලා කටයුතු කිරීමට අපහසු වේ. හිස අවුල්වන ප්‍රශ්න වලින් අඩුවක්‌ නොමැත.
ශනි දශා නම් අධ්‍යාපන කටයුතු අවුල් විය හැක. අරමුණ වෙනස්‌වී නොසිතූ අධ්‍යාපන යොමුවීමටත් සිදුවේ. පුහුණු කටයුතුවලට නොසිතූ අවස්‌ථා උදාවේ. ඉගෙනීමේ කටයුතුවලට වඩා ආදායම් උපයන මාර්ග වලට විශේෂ ඇල්මක්‌ උනන්දුවක්‌ ඇතිවේ. ඉක්‌මන් තීරණ වලට බසී. හොඳ නරක කියාදෙන අයත් වස විස මෙන් පෙනෙයි. පෙම් සබඳතා අවුල්වී මානසික ප්‍රශ්න ඇතිවෙයි.
සිකුරු දශානම් නිසැකව අන්සතු හිමිවේ. මව් පිය දේපළ ව්‍යාපාර ඔබට හිමිවෙයි. ලොතරැයි වාසනා නිසා අතමිට සරුවිය හැක. ගේදොර මිලට ගැනීමට අවස්‌ථා උදාවේ. අතරමැදි වැඩවලින් හොඳ පල ප්‍රයෝජන අත්වෙයි. නඩුහබ වලදී ජය අත්වේවි. දුරදිග යන ප්‍රශ්න විස¹ ගැනීමට සමත් වේ.
උපතේ සඳු ලග්නයේ නම් සෙම් අසනීප නිසා අසීරුවට පත්වෙයි. සෙම්ප්‍රතිශ්‍යාවලට පසු නිව්මෝනියා රෝගවලට ගොදුරුවිය හැක. සැත්කම් වලට ඉඩකඩ පවතී.
ගුරු දශා අතුරු දශානම් පමාවූ විවාහය ඉක්‌මන් වෙයි. දරුඵල අපේක්‍ෂා සපලවේ. පෙම් සබඳතා ඉක්‌මන් විවාහයට මග පාදයි. විදේශ ගමනකට විවාහය මග පාදන්නටත් ඉඩකඩ තිබේ.
ශුභ දිනය බදාදා ජය අංකය 5
ශුභ වර්ණය කොල ශුභ මැණික්‌ පච්ච

තුලා – අඹු සැමි ප්‍රශ්න විසදේ
තුලා ලග්නයේ සිකුරු දෙවැන්නේ සඳු බුඳ තුන්වැන්නේ රවි කුජ රාහු පස්‌වැන්නේ නැප්චූන් හය වැන්නේ ගුරු යුරේනස්‌ නව වැන්නේ කේතු දොළොස්‌වැන්නේ ශනි ගමන් ගන්නා මේ වසර ඔබට සමපලදායක එකක්‌ වනවා ඇත. සම්මුඛ පරීක්‍ෂණවලදී ජය අත්වෙයි. තරගකාරී කටයුතුවලින් ජය අත්වේ. අලුත් ව්‍යාපාර අරඹන අදහස්‌ ඇති අයට ඒ සඳහා නොසිතූ පහසුකම් ඇති වේ. මැණික්‌ ව්‍යාපාරවලට සම්බන්ධ අයට නොසිතූ වාසි අත්වෙයි. කලාවට සංගීතයට සම්බන්ධනම් හෙට හොඳ දවසක්‌ බවට පත්වෙයි. අඹු – සැමි ප්‍රශ්න විසඳී සතුටක්‌ ඇතිවේවි. මව්පස දේපළ හිsමිවන වාසනාව පෑදේ.
සඳු දශා නම් ආදායම් මාර්ග අඩාල වෙයි. අන් අයගේ ප්‍රශ්නවලට තමන්ගේ කාලය නිකරුණේ වැය වෙයි. පැහැදිලි අරමුණක්‌ නොමැති වැඩට පෙළැඹේ. ස්‌ත්‍රීන් හෝ පුරුෂයන් මුල්ව අපවාද චෝදනා එල්ලවෙයි. අද වැඩකටයුතු හෙටට කල් දමන තත්ත්වයන් නිතර ඇති වේ. සැලසුම් සහගත වැඩ අවුල් වේවි.
ගුරු දශාව නම් වැඩක්‌ ඇරඹීමට ඇති උනන්දුව එක දිගට පවත්වාගෙන යැමට අපහසු වේවි. අඹුසැමි ප්‍රශ්න දික්‌කසාද උසාවි දක්‌වා දුරදිග යයි. නඩු හබවල පැටලුන අයට හැම අතින්ම අසීරු තත්ත්ව ඇති වේ. ගුරු උපතේ දසවැන්නේ නම් මේ සියලු අසීරු නොපිට හැරේවි. සමාජ පිළිගැනීමක්‌ ඇතිවේ. මැතිවරණවලදී ජයක්‌ අත්වේ. ශනි දශා නම් හිරේ විලංගුවේ වැටෙන තත්ත්වයට පත්වේ. ගොඩනගා ගත් ප්‍රතිරූපය විනාශ වන කරුණු යෙදෙයි. දුරදිග නොබලා ගන්නා තීරණ නිසා නොසිතූ ප්‍රශ්න ඇතිවෙයි. ප්‍රවේශම් කරගත් දෙයක්‌ අන්සතු වේවි. ඇපයට තැබූ දේපළ රාජ සන්තක විය හැක.
පපුවේ සෙම් රෝග බෝවන රෝග උණ අසනීප නිතර මතුවිය හැකිය. හෘද සැත්කම්වලට ලක්‌වූ අයට නොසිතූ අසීරු ඇතිවේ. සම පිට රෝග හන්දි අමාරු විශේෂව බලපායි. ශනි බලවත් අයට නරකත් හොඳට හිටින කාලයකි.
ශුභ දිනය සිකුරාදා ජය අංකය 6
ශුභ වර්ණය – විවිධ වර්ණ ශුභ මැණික්‌ දියමන්ති

වෘශ්චික – ඉගෙනීම් කටයුතුවලට උනන්දු වෙයි.
වෘශ්චික ලග්නයේ සඳු බුධ දෙවැන්නේ රවි කුජ රාහු සිව්වැන්නේ නැප්චූන් පස්‌වැන්නේ ගුරු යුරේනස්‌ අට වැන්නේ කේතු 11 වැන්නේ ශනි දොළොස්‌වැන්නේ සිකුරු ගමන් ගන්නා මේ වසර ඔබට යහපත් වසරක්‌ වෙනවා ඇත.
ඉගෙනීමේ කටයුතුවලට වෙනදා නැති විශේෂ උනන්දුවක්‌ ඇතිවෙයි. විදේශ අධ්‍යාපනයකට පැවැති බාධකයක්‌ මග හැරෙයි. ඒ සඳහා නොසිතූ අයගේ සහය ලැබේවි. තරග විභාගවලින් පහසු ජයක්‌ අත්වේවි. ලොකු පුටුවකට යන්නට ඇඟිලි ගනිමින් හිටි අයට 2011 වසර වාසනාව පාදයි. විදේශ රැකියා වාසනා පෑදේවි. භූමියෙන් වස්‌තු ලැබෙන වසරකි. මැණික්‌ ගැරුවොත් ගජවාසි.
පෙම් සබඳතා ඇති අයට මංගල කටයුතු ඉක්‌මන් කිරීමට සිදුවේවි. විවාහය සමග විදේශ ගත වන අවස්‌ථා උදාවේ. වයස 35, 40 තෙක්‌ පසුවෙමින් සිටි අයට 2011 මංගල වසරක්‌ වේවි. උගත් දෙයින් ඵල ලැබිය හැකිය. නිදන් ගත රෝග පවා සුව අතට පත්වන තේරුම් ගත නොහැකි බලයක්‌ ඇති වේ. ප්‍රේත දෝෂ ගැන සිතමින් දුක්‌වූ අයට ඒවා අමතක වේවි. ලොතරැයි වාසනාවලට මගපෑදෙයි. අන්සතු ධනය හෝ හිඟ මුදල් ණය මුදල් ලැබෙන කාලයකි. අලුත් ව්‍යාපාර ඇරඹීමට අවස්‌ථා යෙදිය හැක.
කේතු දශා අතුරු දශා නම් බොහෝ ප්‍රවේශම් වියයුතුය. සැත්කම්වලට මග පාදාවි. උදරාබාධ විශේෂ කාලයකි. සඳු දශා නම් හිතේ සතුට අඩු විය හැක. වෙන්න යන්න දේවල් ඔන්න මෙන්න කියා තිබියදී අසාර්ථක වෙයි. හොඳ නමට කැළැල් ඇති විය හැක. ඇඟ බේරාගෙන කටයුතු කිරීමට සිදුවේ. රහස්‌ නම් කටින් පිටට නොදැමිය යුතු වසරකි.
ශුභ දිනය බ්‍රහස්‌පතින්දා ජය අංකය 4
ශුභ වර්ණය – රතු ශුභ මැණික්‌, රතු මැණික්‌.

ධනු – අධ්‍යාපනයෙන් ජය
ධනු ලග්නයේ රවි කුජ රාහු තුන්වැන්නේ නැප්චූන් සිව්වැන්නේ ගුරු යුරේනස්‌ හත්වැන්නේ කේතු දසවැන්නේ ශනි 11 වැන්නේ සිකුරු දොළොස්‌වැන්නේ සඳු බුද ගමන් ගන්නා මේ වසර ඔබට ඉතා යහපත් එකක්‌ වනවා නිසැකය.
අධ්‍යාපන කටයුතුවලින් බලාපොරොත්තු ප්‍රතිඵල ලබා සතුටු විය හැක. විදේශ අධ්‍යාපනයට පුල පුලා සිටි අයට කැඳවීම් ලැබේ. ක්‍රීඩා අංශයෙන් කලා අංශයෙන් ප්‍රගතියක්‌ දැකිය හැකිය. රැකියාව් වෙනස්‌කම් හෝ ඇද වැටීම් හොඳට සිටින වසරකි. දේශපාලනයට සම්බන්ධව නොසිතූ තත්ත්වයක්‌ හිමිවෙයි. තානාපති සේවාවලට යන්න අවස්‌ථා උදාවෙයි. නොසිතන අය උපකාර කරාවි. අන් අය අතර හොඳ පිළිගැනීමක්‌ ඇතිවේවි. මංගල යෝජනා ගැන අවසන් නිගමනවලට එන්නට හැකිවේ. දරුඵල නොමැතිව ලතවන අයට සිතට සතුටක්‌ දෙන වසරකි. විනෝද ගමන් බහුල වශයෙන් යෙදෙයි. අධ්‍යාපන චාරිකාවලට මග පෑදේ. ඔබට වදයක්‌ වූ අයගෙන් ඈත් වීමට අවස්‌ථා උදාවේවි. නිවසක්‌, ඉඩමක්‌ මිලට ගැනීමට පහසු අවස්‌ථා උදාවේ. උකසට තැබූ ඉඩම් බේරා ගැනීමට හිතවත් අයගේ සහය ලැබේවි. නිවසේ කොටස්‌ ඉවත් කිරීම් හෝ එක්‌ කිරීම්වලට වග බලා ගනී.
ගුප්ත දේවල් පසුපස යන ගතිය වැඩිවේ. කේතු දශා නම් විවාහ පමාවට ශාන්තිකර්ම අවශ්‍ය වේවි. පොදු වැඩවලදී නරක නමක්‌ අසන්න සිදුවේ. සඳු දහයේ නම් තනතුරු හෝ තත්ත්වය පහත වැටීමට කරුණක්‌ යෙදේවි.

මකර – මුදල් මාර්ග පෑදේ
ශුභ දිනය බදාදා. ජය අංකය 3
ශුභ වර්ණය – කහ, ශුභ මැණික්‌ – පුෂ්පරාග.
මකර ලග්නයෙන් දෙවැන්නේ නැප්චූන් තුන් වැන්නේ ගුරු යුරේනස්‌ හය වැන්නේ කේතු නව වැන්නේ ශනි දස වැන්නේ සිකුරු, එකොළොස්‌ වැන්නේ සඳු බුධ, දොළොස්‌වැන්නේ රවි කුජ රාහු ගමන් ගන්නා මේ වසර ඔබට යහපත් වේවි.
කලකට පසු සිතේ සැනසිල්ල ඇතිවෙන වසරකි. වැඩ නිම නොවූ නිවසේ කටයුතු නිමාවට හිතවත් අයගේ ආධාර උපකාර ලැබේවි. ඉඩමක්‌ නිවසක්‌ මිලට ගැනීමට පහසුකම් ඇතිවේ. බලාපොරොත්තු නොවූ මුදල් එන මාර්ග පෑදේ. පෙම් සබඳතාවලට මග පෑදෙයි. අතපසුවූ විවාහ කටයුතු සඵල වන පසු බිමක්‌ ඇතිවේ. ප්‍රීති උත්සව ඇතිවෙයි. විදේශ සංචාර හෝ දේශීය සංචාර සඳහා අවස්‌ථා උදාවේවි.
විදේශ රැකියා බලාපොරොත්තු ඇති අයට හා රජයේ රැකියා අපේක්‍ෂා කළ අයට නොසිතූ සහනදායී කාලයක්‌ වේවි. රැකියාවට උසස්‌වීම් හිමිවෙයි. පමා වූ උසස්‌වීම් මැයිවලට පළමු ලැබෙන පෙර නිමිති පහළ වේ.
ඉගෙනීමේ කටයුතුවලට සම්බන්ධ අයට බාධක මග හැරෙයි. තරග විභාගවලදී උසස්‌ ප්‍රතිපල හිමිවෙයි. දෙවන භාෂාවක්‌ හැදැරීමට අවස්‌ථාව යෙදෙයි. පුහුණු කටයුතුවලට යන්න සිදුවේ. ශරීර සනීපයට පැවැති බාධා මගහැරෙයි. රාහු දශා නම් සමේ රෝග බලපායි. ලේ විෂ විය හැක. හුස්‌ම ගැනීමේ අසීරු බලපායි. නීති ප්‍රශ්නවල පැටලෙයි. රවි දශා නම් කෙස්‌ යන ප්‍රශ්නයක්‌ වසර පුරා පවතී. ඇස්‌ රෝග මතුවේ.
ශුභ දිනය සිකුරාදා ජය අංකය 7

කුම්භ – තරග විභාගවලදී නොසිතූ ජය.
ශුභ වර්ණය -නිල් වර්ණ ශුභ මැණික්‌ – නිල් මැණික්‌ කුම්භ ලග්නයේ නැප්චූන් දෙවැන්නේ ගුරු – යුරේනස්‌ පස්‌වැන්නේ කේතු අට වැන්නේ ශනි නව වැන්නේ සිකුරු දස වැන්නේ සඳු බුධ එකොළොස්‌ වැන්නේ රවි- කුජ රාහු ගමන් ගන්නා මේ වසර ඔබට මිශ්‍රඵල දායකය. අමතර පාඨමාලා ගැන උනන්දු වන අයට යහපත් වසරකි. අධ්‍යාපන කටයුතු ගැන වෙනදාට වඩා උනන්දුවක්‌ පවතී. තරග විභාගවලදී නොසිතූ ජයක්‌ හිමිවෙයි. විදේශ පුහුණුවලට නොසිතූ අවස්‌ථා උදාවේ. ශිෂ්‍යත්ව හිමි විය හැකිය. ඉන්ජිනේරු අංශවලට සම්බන්ධ කටයුතුවලට ඉතා හොඳය.
වසරේ මුල මාස පහ හදිසි ධන ලාභ ලොතරැයි වාසනා අත වනයි. නිධන් වස්‌තු හිමිවිය හැකි කාලයකි. මැණික්‌ ගරන අයට යහපත් ප්‍රතිඵල අත්වේවි. රැකියාවේ වෙනසක්‌ දියුණුවක්‌ දැකිය හැකිය. තනතුරු ඉහළට යන්න වලිකෑ අය පරදා ඔබ පහසුවෙන් තනතුරු හිමි කර ගනීවි. බලවත් අයගේ උපකාර නිසා අසීරුතා මග හැර ගනීවි.
ගේදොර අලුත්වීමට බොහෝදුරට ඉඩකඩ පවතී. පදිංචියේ වෙනසක්‌ පෙන්වයි. පරම්පරාගත දෙයක්‌ ඉදිරිට හොඳ ආදායම් මගක්‌ වේවි. නඩුහබවල පැටලුන අයට නොසිතූ ජයග්‍රහණ අත්වේ. නොසිතූ පරිදි ලෙඩ දුක්‌ සුව විය හැකිය.
උපතේ සඳු අටේ හෝ ලග්නයේ නම් මේ යහපත් ප්‍රතිඵල නොපිsට හැරෙන බවක්‌ කිව හැක. ශනි දශා නම් උදරයේ සැත්කම්වලට මග පාදයි. සඳු දශා නම් හන්දි ආශ්‍රිත අසනීප වදයක්‌ විය හැක. අසම්මත වැඩට පෙළැඹී හොඳ නමත් කෙළෙසා ගනී. ගමන් බිමන්වලදී අනතුරු උපතේ ගුරු නීච නම් අස්‌ථාන නම් ඇපයට හෝ උකසට තැබූ දේවල් ගැන ආශාව අඩු කර ගැනීමට සිදුවේ. අඹුසැමි ප්‍රශ්න මතුවෙයි.
ශුභ දිනය බ්‍රහස්‌පතින්දා ජය අංකය 2
ශුභ වර්ණය – නිල් වර්ණ ශුභ මැණික්‌ නිල (කාක)

මීන – බැංකු ණය අපේක්‍ෂා සඵල වේ
මීන ලග්නයේ ගුරු යුරේනස්‌ සිව්වැන්නේ කේතු හත්වැන්නේ ශනි අට වැන්නේ සිකුරු නව වැන්නේ සඳු බුධ දස වැන්නේ රවි කුජ රාහු දොළොස්‌ වැන්නේ නැප්චූන් ගමන් ගන්නා මේ සතිය ඔබට සමඵල දායක එකක්‌ වනවා ඇත.
අධ්‍යාපන කටයුතුවල වෙනසක්‌ දියුණුවක්‌ ඇතිවේ. තරග විභාගවලින් සමත්වෙයි. විදේශ පුහුණුවලට නොසිතූ අවස්‌ථා උදාවේ. අතරමග නතර කළ අධ්‍යාපන කටයුතු කරගෙන යැමට හැකිවීම විශේෂයි. දැනුම දියුණු කර ගැනීමට විශේෂ අවස්‌ථා යෙදේ.
රැකියාවේ උසස්‌වීම් නිසා අසීරුතා ඇතිවෙයි. පවුලේ අයත් සීසීකඩ විය හැක. නව රැකියා බලාපොරොත්තු ඇති අයට මැයිවලට පසු අරමුණු සඵල වෙයි. විදේශ රැකියා සඳහා නොසිතූ මගක්‌ හිතවත් අය නිසා පෑදෙයි. ස්‌වයංරැකියාවලින් උසස්‌ ප්‍රතිඵල අත්වේ. ව්‍යාපාර අංශවලට යොමුවූ අයට විශේෂ ලාභ ප්‍රයෝජන හිමිවෙයි.
බැංකු ණය අපේක්‍ෂා සඵල වේවි. හිඟ මුදලක්‌ හෝ ණය මුදලක්‌ ගන්නට ගත් උත්සාහය සඵල වෙයි. මැයි මස මැද සිට ලොතරැයි වාසනාවලටත් බොහෝ දුරට ඉඩ ඇත. මැණික්‌ ගරන අයට නොසිතූ වාසනා මතුවේ. බ්‍රොaකර් වැඩවලින් දියුණුවක්‌ දැකිය හැක.
මංගල කටයුතු පහසුවෙන් සඵල වෙයි. පෙම් සබඳතා හදිසි විවාහ තීරණවලට මග පාදයි. සැලසුම් සහගත වැඩ සාර්ථක වේවි. පොතපතට සම්බන්ධ අයට හොඳ පිළිsගැනීමක්‌ ඇති වේ. වාහන මිලදී ගැනීමට අවස්‌ථාව උදාවෙයි.ඉඩමක්‌ නිවසක්‌ මිලට ගැනීමට මග පෑදෙන වසරකි. ලෙඩ රෝග සුව අතට හැරෙයි. ශනි දශා නම් අඹු සැමි ප්‍රශ්න පැනනඟී. කේතු දශා නම් ඉඩම් නඩු පැටලෙයි. නිකරුනේ ගමන් බිමන් යෙදෙයි.
ශුභ දිනය බ්‍රහස්‌පතින්දා ජය අංකය 3
ශුභ වර්ණය – කහ වර්ණ
ශුභ මැණික්‌ – පුෂ්පරාග
සැමට ශුභ නව වසරක්‌ වේවාෘ
ප්‍රවීන ජ්‍යෙdතිෂ ලේඛක
නාත්තන්ඩිය ජී. ඩී. පෙරේරා 2011 නව වසර ඔබට කොහොමද?

0 comments

Post a Comment

________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow

Puduma Dewal

Recent Comments

Ads

Gossip Posts

Gossip Posts

ZODIAC ADA DAWASA | අද දවස

මේෂ
වෙනදාට වඩා ගමන් බිමන් අධිකය. පදිංවියේ වෙනසක් වීමටද ඉඩක් ඇත. දුර බහැර සිටින අය පෞද්ගලිකවම හමුවීම හෝ වෙනත් මාර්ගවලින් සබඳතා පවත්වයි. ව්‍යාපාර කටයුතුවලදී පාඩු සිදුනොකරගන්න.

වෘෂභ
කෙසේ හෝ අතමිට මුදල් ගැවසේ. නමුත් වියදම පාලනය කරගැනීම අපහසුය. ඔබගේ ආරක්ෂාව ගැන පමණක් නොව වෙනත් දේපළ හා මුදල්ද ප්‍රවේශම් කරගැනීම ප්‍රයෝජනවත්ය.

මිථුන
ඔබගේ බොහෝ කටයුතු වලදී අවිනිශ්විත ස්වභාවයක් ඇතිවීමේ ඉඩ ඇති බැවින් අමතර උනන්දුවකින් කටයුතු කිරීමෙන් සියළු කටයුතු සාර්ථක කරගත හැක. රැකියා අංශයේ වෙනසක් සිදුවෙතත් ඉන් අවාසියක් සිදුනොවේ.

කටක
අධික කාර්යබහුල ස්වභාවයක් පවතී. ආයෝජනයක් ලෙස හෝ තම අපේක්ෂාවක් වෙනුවෙන් අමතර මුදලක් වැයකිරීමට සිදුවේ. තම අභිමතය පරිදි බලාපොරොත්තු ඉටුකරගත හැක.

සිංහ
නෑදෑ හිතවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවේ. රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව සිටීමේ උවමනාවද සහිතය. සමාජ සබඳතා හෝ වෙනත් ගමන් බිමන් වලදී ඔබට අවාසිදායක අවස්ථාවන් ඇතිවීමේ ඉඩ ඇත.
කන්‍යා
සෑම කටයුත්තකදීම ප්‍රවේශම්කාරීවිය යුතුය. සුළු අතපසුවීමක් හෝ සිදුනොකිරීමට වගබලාගන්න. ඥාති මිත්‍රාදීන් වෙනදාට වඩා ඔබගේ නිවසට පැමිණෙනවා ඇත. නිර්මාණශීලී අංශයන්ට සුභ දවසකි.

තුලා
රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව පවුලේ හෝ වෙනත් බාහිර අවශ්‍යතාවයක් වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවිය හැක. අසනීපවීම් හෝ විරසකවීම් ඇතිවීමේ ඉඩ පිළිබඳව සැලකිලිමත්වීම ප්‍රයෝජනවත්ය.

වෘශ්චික
සෑම ක්ෂේත්‍රයකදීම දෙවරක් සිතා බලා කටයුතු කරන්න. අසල්වාසීන් හෝ පවුලේ අවශ්‍යතාවන් ගැන වෙහෙසීමට සිදුවේ. මුදල් පරදුවට තබා ක්‍රියා නොකරන්න.

ධනු
නිතර හමුනොවන හෝ ඈත එපිට සිටින අය සමග සබඳතා පැවැත්වීමට සිදුවේ. ලෙතරැයි ආදී කිසියම් අවිනිශ්විත මාර්ගයකින් අතට මුදල් ලැබීමේ ඉඩ ඇත. පවුලේකටයුත්තක් සඵල කරගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.

මකර
පවුලේ හෝ ගෙදරදොර අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. කෙසේ මුත් ඔබගේ ආදායම් තත්ත්වය යහපත්ය. කෙටි හෝ දීර්ඝ ගමන් බිමන් වෙනදාට වඩා බහුලවේ.
කුම්භ
ලියන කියන ආදී සහ සන්නිවේදන කටයුතුවලීද ප්‍රවේශම්විය යුතුය. ඔබගේ දිරිමත් බව කෙසේ හෝ සාර්ථක ප්‍රතිඵල අත්කර දේ. ආදායම් තත්ත්වයද සරුවන අතර සමාජ පිළිගැනීමකටද ලක්විය හැක.

මීන
පොදුවේ ගත්කල සුබ දවසකි. හෙළිකිරීමට අකැමති මාර්ගවලින් පවා ලාබ ප්‍රයෝජන අත්කරගැනීමට සමත්වේ. නමුත් අධික වියදම්ද සහිතය. කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුවූ අපේක්ෂාවක් ඉටුවීම නිසාද සහනය ඇතිවේ.

Archives