දෙසැ.28- ඒකක 120 දක්වා විදුලි පාරිභෝගිකයන්ගේ දැනට පවතින විදුලි බිලෙහි වෙනසක් සිදු නොකරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විදුලිබල අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.
ඒකක 90 දක්වා විදුලිය ගාස්තුව සංශෝධනය නොකිරීමට 2011 අයවැයේදී තිරණය කළේය.
එහෙත් පාරිභෝගික අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් වැඩි පිරිසකට සහන සැලසීමේ අරමුණින් ඒකක 90 සිට 120 දක්වා ගාස්තු සංශෝධනය නොකිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
ඒ අනුව 2011 අයවැයේදී ආගමික ස්ථාන, රජයේ රෝහල්, රජයේ පාසල් සදහා පවතින විදුලි ගාස්තු 25% කින් අඩු කිරිම එලෙසම ක්‍රියාත්මක වනු ඇත.
විදුලිබල අමාත්‍යාංශය සහ මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරින් සමග අද ජනාධිපතිවරයා කළ සාකච්ඡාවකදී අදාළ උපදෙස් ලබා දී ඇත.
ඒ අනුව ලබන ජනවාරි පළමු වෙනිදා සිට නව වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විද්‍යා දිල්රුක් අමරපාල මහතා සදහන් කළේය.

Post a Comment