දෙසැ.27- අධික වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 3,000 කට අධික පිරිසක් අවතැන්ව කඳවුරුගතව සිටී.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ එම පිරිස කඳවුරු 16 ක රඳවා සිටින බවය.
මහ වැස්සෙන් දිවයින පුරා පීඩාවට පත්ව ඇති සංඛ්‍යාව දෙලක්ෂ දාහතර දහසකි.
මඩකලපුව දිස්ත්‍රික්කයට එයින් වැඩිම බලපෑම එල්ල වී ඇත.
දිස්ත්‍රික්කයේ පුද්ගලයින් දෙලක්ෂ දොලොස් දහස් දෙසියකට අධික පිරිසක් පීඩාවට පත්ව සිටී.
මහවැස්සෙන් හානියට පත් නිවාස සංඛ්‍යාව 500කට අධිකය.
මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ 59න් 40 ක් පීරී පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ජී.ජී.ඒ ගොඩලියද්ද මහතා පැවසීය.
මේ අතර ඉදිරි පැය විසිහතර තුළද ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යේ නියුතු කාලගුන විද්‍යාඥ ගයනා හෙන්දවිතාරණ මහත්මිය සදහන් කළාය.
Post a Comment