Gossip Lanka News

Underground News from Sri Lanka

අමුතු කතාව


වහාම පැමිණිලි කරන්න

යුවතියන්ගේ ෆේස් බුක් ගිණුමට හොරෙන් ඇතුළු වී ඒවායේ රහස් පද සොරාගෙන එම යුවතියන්ගේ නමින් අසභ්‍ය වෙබ් පිටු පවත්වාගෙන යාම ඇතුළු පරිගණක වංචා පිළිබඳ පැමිණිලි විශාල ලෙස මේ වනවිට ලැබෙමින් තිබෙන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

පරිගණක වංචාවන් පිළිබඳව දැනුම් දීමට මෙරට පිහිටුවා ඇති මෙම සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රෝහණ පල්ලියගුරු පැවසුවේ සිය ආයතනයේ කාර්ය භාරය පිළිබඳව පසුගියදා මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කිරීම හමුවේ මෙසේ විශාල ලෙස පැමිණිලි ලැබෙමින් තිබෙන බවයි.

“මේ මාසයේ පමණක් පරිගණක වංචා පිළිබඳ පැමිණිලි 50 ක් විතර අප ආයතනයට ලැබී තිබෙනවා. මේ අනුව, ලැබී තිබෙන සමස්ත පැමිණිලි ප්‍රමාණය 240 ක් විතර වෙනවා.“

යනුවෙන් පල්ලියගුරු මහතා “තම්බපනේ“ ට කීය.

මෙම පැමිණිලි වලින් 40 ක් පමණ ෆේස්බුක් රහස් පද සොරකම් කරගෙන ඒවා නැවතත් ලබාදීමට මුදල් ඉල්ලා සිටීම් පිළිබඳව බවත් මේ පිළිබඳව රහස් පොලීසියට දැනුම් දී අදාළ වංචාකරුවන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් හෙතෙම අවධාරණය කළේය.

“තවත් පැමිණිලි 10 ක් විතර ලැබිල තිබෙනවා, යුවතියන්ගේ ෆේස් බුක් රහස් පද සොරකම් කරගෙන, එම යුවතියන් පවත්වාගෙන යන ආකාරයට අසභ්‍ය ඡායාරූප පළකරන වෙබ් පිටු ගැන. මෙහිදී, එම යුවතියන්ගේ මුහුණේ ඡායාරූප වලට නිරුවත් කාන්තා රූප අමුණා මෙම නිරුවත් රූප නිර්මාණය කර තිබෙනවා. මීට අමතරව, ණයපත් තොරතුරු සොරකම් කිරීම් පිළිබඳ පැමිණිලි, වෙබ් අඩවි හා ඊ-මේල් ගිණුම් වලට හොරෙන් අතුළුවීම් පිළිබඳ පැමිණිලි මේ අතර තිබෙනවා. අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි පැමිණිලි තිබේ නම් අප ආයතනයට මේ පිළිබඳව නොපමාව යොමු කරන්න කියලයි.“

යනුවෙන්ද රෝහණ පල්ලියගුරු මහතා සඳහන් කළේය.

යමෙකුගේ ෆේස් බුක් ගිණුමට යම් ප්‍රශ්නයක් සිදුව තිබේ නම් ඒ පිළිබඳව දේශීව විමර්ශනයක් කර පසුව ඒ පිළිබඳව ඇමරිකාවේ පිහිටි ෆේස් බුක් ප්‍රධාන කාර්යාලයට දැනුම් දී නිවැරදි කිරීමට සිය ආයතනය කටයුතු කරන බව පල්ලියගුරු මහතා අප සමග වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (slcert) විසින් මෙවැනි වංචා වලින් වැලකී පරිගණක ක්‍රියාකාරකම් සිදුකරන ආකාරය පිළිබඳව දැනුවත් කරන බවද හෙතෙම අවධාරණය කළේය.

මෙවැනි පැමිණිලි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට (Slcert) පහත දුරකතන අංකය මගින් දැනුම් දෙන්න.

විඩියේ වාර්තාව



0 comments

Post a Comment

________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow

Puduma Dewal

Recent Comments

Ads

Gossip Posts

Gossip Posts

ZODIAC ADA DAWASA | අද දවස

මේෂ
වෙනදාට වඩා ගමන් බිමන් අධිකය. පදිංවියේ වෙනසක් වීමටද ඉඩක් ඇත. දුර බහැර සිටින අය පෞද්ගලිකවම හමුවීම හෝ වෙනත් මාර්ගවලින් සබඳතා පවත්වයි. ව්‍යාපාර කටයුතුවලදී පාඩු සිදුනොකරගන්න.

වෘෂභ
කෙසේ හෝ අතමිට මුදල් ගැවසේ. නමුත් වියදම පාලනය කරගැනීම අපහසුය. ඔබගේ ආරක්ෂාව ගැන පමණක් නොව වෙනත් දේපළ හා මුදල්ද ප්‍රවේශම් කරගැනීම ප්‍රයෝජනවත්ය.

මිථුන
ඔබගේ බොහෝ කටයුතු වලදී අවිනිශ්විත ස්වභාවයක් ඇතිවීමේ ඉඩ ඇති බැවින් අමතර උනන්දුවකින් කටයුතු කිරීමෙන් සියළු කටයුතු සාර්ථක කරගත හැක. රැකියා අංශයේ වෙනසක් සිදුවෙතත් ඉන් අවාසියක් සිදුනොවේ.

කටක
අධික කාර්යබහුල ස්වභාවයක් පවතී. ආයෝජනයක් ලෙස හෝ තම අපේක්ෂාවක් වෙනුවෙන් අමතර මුදලක් වැයකිරීමට සිදුවේ. තම අභිමතය පරිදි බලාපොරොත්තු ඉටුකරගත හැක.

සිංහ
නෑදෑ හිතවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවේ. රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව සිටීමේ උවමනාවද සහිතය. සමාජ සබඳතා හෝ වෙනත් ගමන් බිමන් වලදී ඔබට අවාසිදායක අවස්ථාවන් ඇතිවීමේ ඉඩ ඇත.
කන්‍යා
සෑම කටයුත්තකදීම ප්‍රවේශම්කාරීවිය යුතුය. සුළු අතපසුවීමක් හෝ සිදුනොකිරීමට වගබලාගන්න. ඥාති මිත්‍රාදීන් වෙනදාට වඩා ඔබගේ නිවසට පැමිණෙනවා ඇත. නිර්මාණශීලී අංශයන්ට සුභ දවසකි.

තුලා
රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව පවුලේ හෝ වෙනත් බාහිර අවශ්‍යතාවයක් වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවිය හැක. අසනීපවීම් හෝ විරසකවීම් ඇතිවීමේ ඉඩ පිළිබඳව සැලකිලිමත්වීම ප්‍රයෝජනවත්ය.

වෘශ්චික
සෑම ක්ෂේත්‍රයකදීම දෙවරක් සිතා බලා කටයුතු කරන්න. අසල්වාසීන් හෝ පවුලේ අවශ්‍යතාවන් ගැන වෙහෙසීමට සිදුවේ. මුදල් පරදුවට තබා ක්‍රියා නොකරන්න.

ධනු
නිතර හමුනොවන හෝ ඈත එපිට සිටින අය සමග සබඳතා පැවැත්වීමට සිදුවේ. ලෙතරැයි ආදී කිසියම් අවිනිශ්විත මාර්ගයකින් අතට මුදල් ලැබීමේ ඉඩ ඇත. පවුලේකටයුත්තක් සඵල කරගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.

මකර
පවුලේ හෝ ගෙදරදොර අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. කෙසේ මුත් ඔබගේ ආදායම් තත්ත්වය යහපත්ය. කෙටි හෝ දීර්ඝ ගමන් බිමන් වෙනදාට වඩා බහුලවේ.
කුම්භ
ලියන කියන ආදී සහ සන්නිවේදන කටයුතුවලීද ප්‍රවේශම්විය යුතුය. ඔබගේ දිරිමත් බව කෙසේ හෝ සාර්ථක ප්‍රතිඵල අත්කර දේ. ආදායම් තත්ත්වයද සරුවන අතර සමාජ පිළිගැනීමකටද ලක්විය හැක.

මීන
පොදුවේ ගත්කල සුබ දවසකි. හෙළිකිරීමට අකැමති මාර්ගවලින් පවා ලාබ ප්‍රයෝජන අත්කරගැනීමට සමත්වේ. නමුත් අධික වියදම්ද සහිතය. කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුවූ අපේක්ෂාවක් ඉටුවීම නිසාද සහනය ඇතිවේ.

Archives