
භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් රුපියල් බිලියනයක් නීතිවිරෝධී ලෙස රටින් පිට කළ පුද්ගලයින් දෙදෙනෙකු ශී‍්‍ර ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශී‍්‍ර ලංකා රේගුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අතුල ලංකාදේව හිරු ප‍්‍රවෘත්ති අංශයට කියා සිටියේ මාස 6 ක් තිස්සේ මොවුන් මෙම ජාවාරමේ නිරතව ඇති බවයි. මෙරටට භාණ්ඩ ආනයනය කරන බව පවසා විදෙස් බැංකුවක් හරහා මොවුන් වෙනත් රටවලට මුදල් යවා තිබෙනවා. එහෙත් කිසිදු භාණ්ඩයක් මෙරටට ආනයනය කර නැහැ. පසුව රේගුව විසින් මේ පිළිබදව පරීක්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් එක් අයෙකු පකිස්තානු ජාතිකයෙකු වන අතර අනෙනක් පුද්ගලයා ශී‍්‍ර ලාංකිකයෙක්. සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි ශී‍්‍ර ලංකා රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අතුල ලංකාදේව පැවැසුවේ.
Post a Comment