
ජගත් සංවිධාන මහ ලේකම් බෑන්කී මූන්ගේ ශී‍්‍ර ලංකාව පිළිබඳ උපදේශක කමිටුව ශී‍්‍ර ලංකාවේ සංචාරයක නිරත වන්නේ ද යන්න මෙතෙක් තීරණය කර නොමැති බව මහ ලේකම්වරයාගේ ප‍්‍රකාශක ෆර්හාන් හක් සඳහන් කළා. ඉනර් - සිටි ප්‍රෙස් නැමැති ප‍්‍රවෘත්ති සේවාව ඔහු වෙත යොමුකර ඇති ප‍්‍රශ්නවලට පිළිතුරු ලෙසයි එම ප‍්‍රකාශය සිදුකර ඇත්තේ. මේ දිනවල ජගත් සංවිධාන මහලේකම්වරයාගේ හෝ ප‍්‍රකාශකයාගේ මාධ්‍ය හමු පැවැත්වෙන්නේ නැහැ. ඒ, වසරාවසාන නිවාඩු යෙදීම හේතුවෙන්. ප‍්‍රවෘත්ති සේවාව මහ ලේකමක්වරයාගේ ප‍්‍රකාශකයාගෙන් ලිඛිතව විමසා ඇත්තේ උපදේශක කමිටුව ශී‍්‍ර ලංකාවේ සංචාරය කරන්නේ ද යන්න සහ එහිදී උගත් පාඩම් කොමිසම සමග පමණක් සාකච්ඡුා කරන්නේ ද යන්නයි. මහලේකම් බෑන්කී මූන්ගේ උපදේශක කමිටුවට ඊට වඩා පුළුල් විෂය පථයක් පැවැරී ඇති බව ඔහුගේ ප‍්‍රකාශකයා ඊට පිළිතුරු වශයෙන් සඳහන් කර තිබෙනවා. ජගත් සංවිධාන මුලස්ථානයේ අවසන් වරට පැවැති මාධ්‍ය හමුවේදී මහලේකම්වරයාගේ නියෝජ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ උපදේශක කමිටුව ලක් රජය සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡුා කරමින් සිටින බවයි.
Post a Comment