Gossip Lanka News

Underground News from Sri Lanka

අමුතු කතාව

දූ දරුවන්ගෙන් පිරුණු නිවහනක සුන්දරත්වය කෙතරම් ද කියලා පසුගිය සතියේ අපි අත්වින්දා. මේ නිවෙසත් හැඩ කරන්නේ දියණියන් තුන්දෙනකුගෙන් සහ පුතකුගෙන්. මේකත් ආදරය වගේම සෙනෙහස පිරුණු සොඳුරු නිවහනක්.

මේ නිවෙසේ ගෘහමූලිකයා අපේ කලා ක්ෂේත්‍රයේ ජනපි‍්‍රය කෙනෙක්. සටන් කලාව, රංගනය සේම වෘත්තීය ජීවිතය හා දේශපාලන ක්‍රියාකාරකමුත් එක්ක කරට කර හැපෙමින්, දූ දරුවන් සිවු දෙනකුගේත්, නිවසේත් වගකීම් සමුදායක් කරට ගත් ඔහු සේනක විජේසිංහයි.

සේනකගේ ආදරණීය බිරිඳ නිරංජලා, දියණියන් තුන්දෙනා සහ පුතු මේ ගෙදර සාමාජිකයින්. නුගේගොඩ තලපත්පිටියේ පිහිටි මේ නිවහන සේනකගේ ස්ථිර පදිංචි ස්ථානය නොවෙයි.
සේනකගේත් - නිරංජලාගේත් උපන් ගම් ප්‍රදේශය වෙන්නේ කන්ද උඩරට මහනුවර. සේනක කලා ලෝකයේ කාර්ය බහුල වෙනවාත් සමඟම තමයි ඔවුන් අගනුවර පදිංචියට පැමිණ ඇත්තේ. මේ දෙන්නා විවාහ වී තිබෙන්නේ පේ‍්‍රම සබඳතාවයකින්. ඒ හමුවීම ගැන අපට කිව්වෙ නිරංජලා.
“මම ඉස්සර මහනුවර ඉන්ෂුවරන්ස් කොම්පැණි එකක වැඩ කළා. උදේ හවස කාර්යාලයට යනකොට එනකොට තමයි නුවර ටවුන් එකේදී සේනකව මුණ ගැහුණේ. එතකොට එයා ජනපි‍්‍රය නළුවෙක් නොවෙයි. ඒ වන විට ‘දඬුබස්නාමානයේ’ රඟපා තිබුණත් ඒක විකාශය වෙලා තිබුණේ නෑ. ඒ නිසා එයා නළුවෙක් කියලා මම කොහොමටවත් දැනගෙන හිටියේ නෑ.”
“සේනකට මම කැමැත්ත දුන්න දවසේ තමයි ‘දඬුබස්නාමානය’ විකාශය වුණේ. එයා මට මතකයි කිව්වා රෑට ගිහින් ටී. වී. එකේ මේ කතාව බලන්න කියලා. එතකොට තමයි දැනගත්තේ එයා නළුවෙක් කියලා.”
සේනක - නිරංජලා ආදරය ඵල දරලා 1996 දී මේ දෙන්නා එක වහලක් යටට වෙනවා. ඒ වෙනකොට සේනක ජනපි‍්‍රය නළුවෙක් වෙලා ඉවරයි. දෙන්නා පදිංචි වුණේ මැදවෙල සේනකගේ මහ ගෙදර. නිරංජලා කිව්වෙ සේනකට ඒ වෙනකොට ස්ථිර රැකියාවක් නොතිබුණු නිසා නිරංජලාගේ ගෙදරින් පොඩි අකැමැත්තකුත් තිබුණා කියලයි. ඒ වුණාට සේනකගේත් - නිරංජලාගේත් අතිනත ගැන්මට ඒක බාධාවක් වුණේ නෑ.
දැන් මේ දෙන්නා සිවු දරු මවුපිය යුවළක්. පවුලේ වැඩිමල් දෝණිය භාෂිනීට දැන් වයස අවුරුදු 12 යි. ඇය නුගේගොඩ සුජාතා බාලිකා විද්‍යාලයේ අටවෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා. දෙවැනි දියණිය නිත්‍යාට දැන් අවුරුදු 10 ක්. ඇයත් සුජාතා විද්‍යාලයේම 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා.
තුන්වැන්නියත් දියණියක්. ඇය ආකර්ෂා වයස අවුරුදු 6 යි. සුජාතා විද්‍යාලයේ පළවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා. දුවලා තුන්දෙනා ළඟට ලැබුණේ පුතෙක්. ඔහු තමයි මේ ගෙදර චණ්ඩියා. චවින් පුතුට තවම අවුරුදු 04 යි. එයත් මොන්ටිසෝරි යනවා.
වැලේ ගෙඩි වැලට බර නැති වුණාට උදේට ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙනකොට නම් මේ ගෙදර තිබෙන්නේ එකම යුද්ධයක් කියලා නිරංජලා කියන්නෙ. හතර දෙනෙක්ව සූදානම් කරන එක ලේසි පහසු නෑ. මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ නිරංජලාගේ අත් දෙකින්. පුංචි කාලේ නම් මේ ගෙදරත් උදව්වට අය හිටියත් දැන් නම් උදව්වට කවුරුවත්ම නැහැ කියලයි නිරංජලා කියන්නෙ.

“අපේ ගෙදර පාන්දරින්ම නැගිටින්නේ මම. උදේ පහ වෙනකොට නැගිටලා නිරංජලාටත් දරුවන්ටත් තේ හදන්නේ මම. ඊට පස්සෙ තමයි නිරංජලාට ඇහැරවන්නේ. එයා නැගිටලා තමයි උයන්න පිහින්න ගන්නේ. සේනක කිව්වෙ එහෙමයි. දරුවෝ ඉස්කොලෙට ගිහින් ඇරලුවට පස්සෙ තමයි ගෙදර ඉතිරි වැඩ කරන්නේ.

“ඇත්තටම කිව්වොත් සේනකගෙන් ගෙදර වැඩ වලටත්, දරුවන්ගේ වැඩ වලටත් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. නැත්නම් කොහොමද මම දරුවෝ හතර දෙනකුත් එක්ක මේ වැඩ ඔක්කොම කරන්නේ. මාර්කට් ගිහින් බඩු මුට්ටු ගේනව වගේම ගෙදර පරිපාලනය කරන්නෙත් සේනක. මම කරන්නේ ගෙදර ඉඳගෙන උයා පිහාගෙන දරුවන් බලාගෙන ඉන්න එක. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ගැන මම හොයලා බලනවා.”
“සේනකට කොච්චර වැඩ තිබුණත් දරුවෝ ගැන, මම ගැන හොයලා බලන්න, යුතුකම් ඉටු කරන්න එයා කොයි මොහොතකවත් අමතක කරන්නේ නෑ. අපි විවාහ වෙලා දැන් අවුරුදු 14 ක් වෙනවා. එදා මට මුණ ගැසුණු සේනකම තමයි අදත් ඉන්නේ. ඒ ආදරේ පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ. ආපස්සට හැරෙත්දි මට ලොකු සතුටක් දැනෙනවා.
දරුවෝ හතර දෙනකුගේ අම්මා කෙනෙක් නේද කියලා. එයා මටයි දරුවන්ටයි කිසි දේකින් අඩුපාඩුවක් කරන්නේ නෑ. සේනකගේ සටන් කලා පන්ති මේ වන විට මහරගම, නුගේගොඩ සහ කිරිබත්ගොඩ පවත්වාගෙන යනවා. ඒ එක්කම ඔහු මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රචාරක නිලධාරියා ලෙසත් සේවය කරනවා.”
සටන් කලාව තුළින් දියුණු කරගත් මනසක් තිබෙන නිසා මේ හැම දෙයක්ම සමබරව කරගෙන යාමේ ශක්තිය මට තිබෙනවා. මේ කොයි දේත් මට අභියෝග නොවෙයි. ඉදිරියේදී චිත්‍රපට තුනක් කරන්නත් සැලසුම් කරගෙන ඉන්නවා. ඒ අතර සේනක තම ඉදිරි කටයුතු මතක් කර සිටිනවා.
සේනකගේත් - නිරංජලාගේත් එකම පැතුම යහපත් ගතිගුණ ඇති පුරවැසියන් ලෙසින් තමන්ගේ දරුවන් සමාජගත වෙනව දකින්න. ඊට අවශ්‍ය මඟ පෙන්වීම නිරතුරුවම ඔවුන් දරුවන්ට ලබා දෙනවා. සේනකගේ ලොකු දුවත් කලා හැකියාවන් රැසක්ම පිහිටලා තිබෙනවා. ඇයට හොඳට සින්දු කියන්න පුළුවන්. ඊට අමතරව පාසලේදී නාට්‍ය පිටපත් ලියන්නත් නාට්‍ය කරන්නත් ඇය සම්බන්ධ වෙනවා. සේනකගේ නාට්‍ය දෙකකම ඇය රඟපාලා තිබෙනවා.

භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් රුපියල් බිලියනයක් නීතිවිරෝධී ලෙස රටින් පිට කළ පුද්ගලයින් දෙදෙනෙකු ශී‍්‍ර ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශී‍්‍ර ලංකා රේගුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අතුල ලංකාදේව හිරු ප‍්‍රවෘත්ති අංශයට කියා සිටියේ මාස 6 ක් තිස්සේ මොවුන් මෙම ජාවාරමේ නිරතව ඇති බවයි. මෙරටට භාණ්ඩ ආනයනය කරන බව පවසා විදෙස් බැංකුවක් හරහා මොවුන් වෙනත් රටවලට මුදල් යවා තිබෙනවා. එහෙත් කිසිදු භාණ්ඩයක් මෙරටට ආනයනය කර නැහැ. පසුව රේගුව විසින් මේ පිළිබදව පරීක්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් එක් අයෙකු පකිස්තානු ජාතිකයෙකු වන අතර අනෙනක් පුද්ගලයා ශී‍්‍ර ලාංකිකයෙක්. සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි ශී‍්‍ර ලංකා රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අතුල ලංකාදේව පැවැසුවේ.

සියලූම පළාත් පාලන ආයතන ජනවාරි 10 වැනිදා විසිරුවා හැරීමට තීරනය කර ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළා. ඒ අනුව පළාත් පාලන මැතිවරණය මාර්තු 15 වැනිදාට පෙර පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ. මේ අතර, ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය සියලූ පලාත් පාලන ආයතන සඳහා තරග කිරිමට තීරණය කර තිබෙනවා. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලූම පක්ෂවල නායකයන් හා ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ සාකච්ඡාවේදී මෙම තීරණය ගත් බව සදහන්. ඊට අමතරව දැනට නිදහස් සන්ධානය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවල මන්ති‍්‍රධුර හොඹවන පුද්ගලයින්ට ද ඉදිරි මැතිවරණයේදී අපේක්ෂකත්වය ලබාදීමට තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ. ඔවුන් ඇතුළු අපේක්ෂකයින් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනවාරි මස 05 වැනිදාට පෙර අයදුම් කළ යුතු බවයි මෙම සාකච්ඡාවේදී තීරණය කර ඇත්තේ. මේ වන විට සන්ධානයේ නාමයෝජනා ජාතික කමිටුව, හා දිස්ති‍්‍රක් කමිටු පත්කර අවසන් බවද මෙම සාකච්ඡාවේදී අනාවරණය වුණා. 


ප්‍රවීන සිනමා නිලි මාලනී ෆොන්සේකා මහත්මිය ලාංකීය  සිනමාවට  දශක ගණනාවක් පුරා කරන ලද සේවය ඇඟයීමට ලක්කරමින් අතිවිශේෂ සිනමා උත්තමචාර උළෙලක් එංගලන්තයේ කිංග්ස්බරිනුවර සංවිධානය කර ඇත. එහි සංවිධායක මණ්ඩලය විසින් අප වෙත එම උළෙල පිළිබදව දැනුවත් කරමින් වාර්තාවක් යොමු කර ඇති අතර එය සම්පූර්ණයෙන් පහත පළවේ.
හෙළ සිනමාවේ නිලි රැජින ලෙස කිරුල පලන් අග්‍රගන්‍ය සිනමා නිළි මාලනී ෆොන්සේකා මහත්මිය මේ දිනවල එංගලන්තයේ ලන්ඩන් නුවරට පැමිණ සිටී. ඒ ඇය විසින් සිනමා ෙක‍ෂ්ත්‍රයට දශක ගණනාවක් පුරා සිිට සිදු කරන ලද අනුපමේය සේවයට පිදෙන සිනමා අතිවිශේෂ උත්මචාර උළෙල වෙනුවෙනි.

වත්මන් රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකද වන මාලනී ෆොන්සේකා මහත්මිය වෙනුවෙන් පිදෙන සිනමා උත්තමාචාර උළෙල අද (31) වැනිදා ලන්ඩන් කිංග්සබරිහිදී පස්වරු 1 ට ආරම්භ වේ. එහිදී ප්‍රවීන චිත්‍රපට අධ්‍යක‍ෂ ප්‍රසන්න විතානගේ මහතා අධ්‍යක‍ෂනය කරන ලද මාලනී ෆොන්සේකා මහත්මිය රංගනයෙන් දායකත්වය දක්වා ඇති සම්මානයටද ප්‍රාප්තවූ අකාස කුසුම් චිත්‍රපටයද පෙන්වනු ලැබේ.
මීට දින කිහිපයකට පෙර එම සිනමා උළෙලට සහභාගී වීම සඳහා ලන්ඩනයට පැමිණි මාලනී ෆොන්සේකා මහත්මිය පසුගිය දිනවල ලන්ඩනයේ zශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයටත්, ලන්ඩන් බෞද්ධ විහාරය ඇතුලූ ප්‍රධාන විහාරස්ථාන සියල්ලම වෙත ගොස් එම විහාරස්ථානවල විහාරාධාපතිවරුන් බැහැදැක ආගමික වතාවත්වල නියැලූනාය. ලන්ඩනයට පැමිණි ඇයට එහි වෙසෙන ශ්‍රී ලාංකීක ජනතාවගේ අති විශාල උණුසුම් ප්‍රතිචාර මේ දිනවල ලැඛෙමින් පවතී.
මාලනී ෆොන්සේකා මහත්මිය වෙනුවෙන් ලන්ඩනයේ ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් සංවිධානය කර ඇති මෙම සිමා උත්තමාචාර උළෙලේදී ඇගේ දශක ගණනාවක සිනමා ගමන් මක සංකේතවත් කෙරෙන වාර්තාමය වැඩසටහනක්ද ඉදිරිපත් කෙරේ. සිනමා උත්තමාචාරය අවසානයේ අද රාත්‍රිය වර්ණවත් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රවීණ සහ ජනතා භක්ති ආදරයට පත් සංගීතවේදී කීර්ති පැස්කුවල් සහ සුපර් ෆෝචූන් වාදක මණ්ඩලය එක්ව සංගීත රාත්‍රියක්ද පවත්වනු ලබයි. කීර්ති පැස්කුවල් ඇතුළු සුපර් ෆෝචූන් වාදක මණ්ඩලයද මේ වෙනුවෙන් මීට දින කිහිපයකට ප්‍රථම ලන්ඩනය වෙත ආහ. එම සංගීත සන්ධ්‍යාවෙන් ලැඛෙන සියලූම ආදායම ශ්‍රී ලංකාවේ බිංගිරිය ප්‍රේදශයේ ඇති උපතින්ම විවිධ ආබාධයන්ට ප්‍රාප්ත වූ දරුවන්ගේ සුබසාධන මධයස්ථානය වෙත යොමුකෙරේ.

චිත්‍ර ශිල්පී සමන් හෙට්ටිආරච්චි මහතා සහ පාසල් සිසු සිසුවියන් 8 දෙනෙකු විසින් නිර්මාණය කරන ලද ලොව විශාලතම සුබ පැතුම් පත ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළුවීමට සුදුසුකම් ලබා ඇති සුබ පැතුම් පත, ඊයේ(30) අරලිය ගහ මන්දිරය ඉදිරිපිටදී ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත පිරිනමනු ලැබීය. මෙම සුබ පැතුම් පත්‍රයෙහි උස අඩි 33, අඟල් 06 ක් වන අතර දිග අඩි 92, අඟල් 10 ක් වේ. ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් මෙම සුබ පැතුම් පත නිර්මාණය කර ඇත.


එක්දහස් නවසිය හැත්තෑව දශකයේදී ඉමහත් ජනප‍්‍රියත්වයට පත්ව සිටි ‘බොනි එම්’ ගායක කණ්ඩායමේ ප‍්‍රධාන ගායකයා වූ බොබී ෆැරල් මියයයි.මිය යන විට 61 වැනි වියෙහි පසුවිය.

රුසියාවේ සාන්ත පීටර්ස්බර්ග් හි හෝටල් කාමරයක මියගොස් සිටියදී ඔහුගේ සිරුර සොයාගෙන ඇතැයි වාර්තා වේ..මරණයට හේතුව මෙතෙක් තහවුරු වී නොමැත.කාන්තාවන් තිදෙනෙකුගෙන් යුක්ත වූ ‘බොනි එම්’ හි එකම පිරිමි සාමාජිකයා වූයේ බොබී ෆැරල් ය.එම ගායක කණ්ඩායම 1986 දී විසුරුවා හරිනු ලැබීය.


එක එක නළුවන්ගේ නම් පට බැදිලා මේ ගැන ගොඩාක් කට කතා තියෙනවා. ඒ අතරින් එක් කෙනෙක් තමයි රිතේෂ් දේෂ්මුක්. ඒකට හේතුව තමයි මේ දෙන්නා ගොඩක් ළඟින් හිටපු එක. මේ ළඟදීත් රිතේෂ් ඔහුගේ යාළුවෙකුගේ විවාහ මංගලයකට ජැක්ලීන් එක්ක සහභාගි වී තිබෙනවා. හැබැයි ඊට පහුවෙනිදාම ජැක්ලීන් හදිසියේම බහරේන් ගිහිල්ලා. ඒ ඔහුගේ පෙම්වතා මුණ ගැහෙන්න. ඔහුගේ නම හසන්. ඒ සම්බන්ධයට අවුරුදු 10ක් වෙනවලූ. කොහොම වුණත් බොලිවුඞ් ක්ෂේත‍්‍රයේ බොහෝ දෙනෙකුට ප‍්‍රශ්නයක් වී තිබෙන්නේ ජැක්ලින්ගේ ඇත්ත පෙම්වතා රිතේෂ් ද? හසන් ද? යන්නයි.










ජගත් සංවිධාන මහ ලේකම් බෑන්කී මූන්ගේ ශී‍්‍ර ලංකාව පිළිබඳ උපදේශක කමිටුව ශී‍්‍ර ලංකාවේ සංචාරයක නිරත වන්නේ ද යන්න මෙතෙක් තීරණය කර නොමැති බව මහ ලේකම්වරයාගේ ප‍්‍රකාශක ෆර්හාන් හක් සඳහන් කළා. ඉනර් - සිටි ප්‍රෙස් නැමැති ප‍්‍රවෘත්ති සේවාව ඔහු වෙත යොමුකර ඇති ප‍්‍රශ්නවලට පිළිතුරු ලෙසයි එම ප‍්‍රකාශය සිදුකර ඇත්තේ. මේ දිනවල ජගත් සංවිධාන මහලේකම්වරයාගේ හෝ ප‍්‍රකාශකයාගේ මාධ්‍ය හමු පැවැත්වෙන්නේ නැහැ. ඒ, වසරාවසාන නිවාඩු යෙදීම හේතුවෙන්. ප‍්‍රවෘත්ති සේවාව මහ ලේකමක්වරයාගේ ප‍්‍රකාශකයාගෙන් ලිඛිතව විමසා ඇත්තේ උපදේශක කමිටුව ශී‍්‍ර ලංකාවේ සංචාරය කරන්නේ ද යන්න සහ එහිදී උගත් පාඩම් කොමිසම සමග පමණක් සාකච්ඡුා කරන්නේ ද යන්නයි. මහලේකම් බෑන්කී මූන්ගේ උපදේශක කමිටුවට ඊට වඩා පුළුල් විෂය පථයක් පැවැරී ඇති බව ඔහුගේ ප‍්‍රකාශකයා ඊට පිළිතුරු වශයෙන් සඳහන් කර තිබෙනවා. ජගත් සංවිධාන මුලස්ථානයේ අවසන් වරට පැවැති මාධ්‍ය හමුවේදී මහලේකම්වරයාගේ නියෝජ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ උපදේශක කමිටුව ලක් රජය සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡුා කරමින් සිටින බවයි. 

මඩකලපුව දිස්ති‍්‍රක්කය ඇතුලූ උතුර නැෙඟනහිර ප‍්‍රදේශ කිහිපයකට බලපා ඇති දැඩි වර්ෂාව තවමත් පහව ගොස් නැහැ. මේ හේතුවෙන් මඩකලපුව දිස්ති‍්‍රක්කයේ පමණක් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14 ක පුද්ගලයන් තුන් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් පීඩාවට පත්ව සිටිනවා. එම දිස්ති‍්‍රක්කයේ සුබ සාධන කඳවුරු 52 ක් තුළ අවතැන්වූවන් 14,490 ක් සිටින බවයි මඩකලපුව දිස්ති‍්‍රක් ආපදා කළමනාකරණ සම්බන්ධීකාරක ඒ.එම්.එම්. කසීර් හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

වර්ෂා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව තුන් ලක්ෂ හැට හතර දහසකට අධික බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ.

කෙසේ වෙතත්, උතුර නැෙඟනහිර ප‍්‍රදේශවලට ඉදිරියටත් වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳ පැහැදිලි කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පී‍්‍රතිකා ජයකොඩි. 

රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සහ විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ලිමේන්තුවේදී පැහැදිලි ප‍්‍රකාශයක් කළ යුතු බව විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රකාශ කළා. විපක්ෂ නායකවරයා කොළඹ අද (31* පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ රාජ්‍ය හා සංස්ථා සේවකයින්ගේ වැටුප් වැඩිවන ආකාරය පිළිබඳව ආණ්ඩුව විවිධ ප‍්‍රකාශ සිදුකරමින් පවතින බවයි.

මේ අතර, පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පේ‍්‍රමදාස පක්ෂ නායකත්වයට පත්කරන මෙන් තමා ප‍්‍රකාශ කළ බවට ඇතැම් මාධ්‍යයන්හි පළ කළ වාර්තා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය ප‍්‍රතික්ෂේප කරනවා. සජිත් පේ‍්‍රමදාස මන්තී‍්‍රවරයා ඇතුළු පිරිසක් සමග පසුගිය 29 වැනිදා සාකච්ජාවක් පැවැත්වූ බවත් එහි සාකච්ජා වූ කරුණු පමණක් විපක්ෂ නායකවරයාට ඊයේ (30)දිනයේ තමා සැලකර සිටි බවත් කරූ ජයසූරිය මන්තී‍්‍රවරයා කියා සිටියා. කිසිවිටෙකත් පක්ෂ නායකත්වය සජිත් පේ‍්‍රමදාස මන්තී‍්‍රවරයාට ලබාදෙන ලෙස තමා විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහගෙන් ඉල්ලීමක් නොකළ බව කරූ ජයසූරිය මන්තී‍්‍රවරයා හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. 

දෙසැ.31- ගංවතුරෙන් යට වූ ප්‍රදේශ සිතියම්ගත කිරිමට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේ එම ප්‍රදේශයන් ජලයෙන් යටවීමට හේතු වු කරුණු සොයාබලා යළි එවැන්නක් ඇති නොවීමට එමගින් සැලසුම් සකස් කරන බවය.

ජල ගැලීම් හේතුවෙන් සිදුවු අලාභහානි සදහා වන්දි ගෙවීමට කටයුතු කරන බව මහින්ද අමරවීර සදහන් කළේය.

දෙසැ.31- නෝවල් ඉන්ෆ්ලුවෙන්සා AH1N1 වෛරසයට සදහා හදුන්වාදී ඇති එන්නත ලබාගැනීමට බියක් ඇති කරගත යුතු නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසන්ගත රෝග විද්‍යා අංශය පැවසීය.

එහි වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් පිරිස් මහතා සදහන් කළේ ජනතාවට ලබා දෙන එම එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලැබුණු පරිත්‍යාගයක් බවය.

මේ වනවිට  නෝවල් ඉන්ෆ්ලුවෙන්සා AH1N1 වැළදීමෙන් රෝගින් 23 දෙනෙකු මියගොස් තිබේ.

වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් පිරිස් මහතා සදහන් කළේ පුද්ගලයින් 400 කට අධික පිරිසකට රෝගය වැළදි ඇති බවය.

එහෙත් මේ වනවිට රෝගය පැතිරීමේ අඩුවක් පවතින බවද වෛද්‍ය සුදත් පිරිස් මහතා පෙන්වා දෙන්නේය.


මේ වසරේදී චීනය විසින් අසභ්‍ය වෙබ් අඩවි 60,000 ක් පමණ අවහිර කර තිබෙන බවත් මේ සම්බන්ධ අපරාධ 2,200 ක් පිළිබඳව එරට පොලීසිය විසින් මේ වනවිට පරීක්ෂණ පවත්වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අනුව, අසභ්‍ය වෙබ් අඩවිවල තිබූ මිලියන 350 ක් පමණ වූ අසභ්‍ය ඡායාරූප, වීඩියෝ පට ඇතුළු අන්තර් ගතයන් චීනය විසින් මේ වසරේදී විනාශ කර දැමූ බව සඳහන්ය.

චීනය විසින් අසභ්‍ය වෙබ් අඩවි වලට එරෙහි මෙහෙයුම ගිය වසරේදී ආරම්භ කළ බවත් මේ යටතේ 4,965 දෙනෙකු චීන නීතිය උල්ලංඝනය කර තිබෙන බවත් වාර්තාවේ.

මේ අනුව, මෙම අසභ්‍ය වෙබ් අඩවි වලට සම්බන්ධ වූ පුද්ගලයින් 58 දෙනෙකුට චීනය විසින් මේ වනවිට අවුරුදු පහකට වඩා සිර දඬුවම් ලබාදී තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් කියයි.

චීනයේ පුද්ගලයින් මිලියන 450 කට වැඩි පිරිසක් අන්තර්ජාලය භාවිතා කරන අතර එය ගිය වසරට වඩා සියයට 20 ක වැඩිවීමකි.

මේ වනවිට, ලංකාවද අසභ්‍ය වෙබ් අඩවි වලට වැට බැඳීම ආරම්භ කර තිබෙන අතර මෙවැනි අසභ්‍ය වෙබ් අඩවි රැසක් මේ වනවිට ලංකාව තුළ අවහිර කර තිබේ.

මේෂ – ධනය ලැබෙන මාර්ග පෑදේ

මේෂ ලග්නයේ තුන්වැන්නේ කේතු හය වැන්නේ ශනි හත්වැන්නේ සිකුරු අටවැන්නේ සඳු බුධ නව වැන්නේ රවි කුජ රාහු එකොළොස්‌වැන්නේ නැප්චූන් දොළොස්‌වැන්නේ ගුරු යුරේනස්‌ ගමන් ගන්නා මේ වසර ඔබට ඉතා යහපත් එකක්‌ වේවි.
අතපසුවෙමින් පැවැති කටයුතුවලට මුල්තැනදීමෙන් ධනය ලැබෙන මාර්ග පෑදේ. අහිමි අයිති හිමිවෙයි. පවුලේ වැඩට අතගැසීමට කදිමය. ජනවාරි මුල සිට රැකියාවේ තත්ත්වය උසස්‌ විය හැකිය. විදේශ රැකියා සඳහා යන්න පහසු අවස්‌ථා මැයිවලට පසු උදාවේ. ශාස්‌ත්‍රීය අංශයට යොමුවූ අයට පොත්පත් මුද්‍රණයට සම්බන්ධ අයට වේගවත් දියුණුවක්‌ ඇතිවේ. ස්‌වයං රැකියාවල නිරත අයට නොසිතූ අයගේ උපකාර හිමිවේවි. කුජ දශා අතුරු දශානම් ජනවාරි 8 සිට ඉදිරි ගමනේ පැහැදිලි වෙනසක්‌ ඇතිවෙයි. පමාවූ උසස්‌වීම් ලැබෙන ලකුණු පහළ වෙයි.
සඳු දශා සමග ජන්ම ඒරාෂ්ඨක ඇති අයට තත්ත්වය පහත වැටීමට අවකාශ ඇත. ගැලවීමට අපහසු චෝදනා ඇතිවේ. දේපළ සම්බන්ධ නඩු හබ පැටලිය හැකිය. අත නොගැසිය යුතු දෙයටත් අත ගසා ප්‍රශ්න ඇති කර ගනී.
සිකුරු දශානම් පමාවූ විවාහය ඉක්‌මන් විය හැකිය. ඕනෑම ප්‍රශ්නයකට මුහුණදීමේ ශක්‌තිය ඇතිවේ. අධ්‍යාපන කටයුතුවල වෙනසක්‌ ප්‍රගතියක්‌ පවතී. පොදු කටයුතු වලට වෙනදා නැති උනන්දුවක්‌ පවතී.
ශනි දශා නම් නිදන්ගත රෝගවලින් පෙළෙන අයට සුවයක්‌ පෙන්නුම් කරයි. උපතේ සඳු 11 වැන්නේ නම් හන්දි අමාරු ඇති කරයි. සුළු අසනීප දුරදිග යන තත්ත්ව ඇතිවේ.
ශුභ දිනය ඉරිදා. ජය අංකය 1-9
ශුභ වර්ණය රතු ශුභ මැණික්‌- රතු

වෘෂභ – ව්‍යාපාරවලින් ලාභ
වෘෂභ ලග්නයෙන් දෙවැන්නේ කේතු පස්‌වැන්නේ ශනි හයවැන්නේ සිකුරු හත්වැන්නේ සඳු බුධ අටවැන්නේ රවි – කුජ -රාහු දසවැන්නේ නැප්චූන් එකොලොස්‌වැන්නේ ගුරු යුරේනස්‌ ගමන් ගන්නා මේ වර්ෂය සමපල දායක එකකි.
කරන කරවන දේවල් නිසි පරිදි කරගෙන යැමට පහසුකම් ඇතිවේ. වසා දමන තත්ත්වයට පත් ව්‍යාපාර වලින් ලාභ අත්වේවි. විදේශ සම්බන්ධ ව්‍යාපාර වලට අතගැසීමට කදිමය. ඥතීන් විසින් පවත්වාගෙන යන ව්‍යාපාර කර්මාන්ත ඔබට හිමිවිය හැක. ඒජන්සි කටයුතු බ්‍රොaකර් කටයුතුවලින් උසස්‌ ප්‍රතිඵල ලැබිය හැකිය. වැඩ තහනමට ලක්‌ව සිටින අයට වසර මැද සිට යළි රැකියා අවස්‌ථා උසස්‌වීම් සමග හිමිවේ. අතර මග ඇන හිටි ඉදිකිරීම් කටයුතු වලට යළි අත ගසයි. නිෂ්ඵල වැඩ රැසක්‌ අත්හැර දමයි. අධ්‍යාපන කටයුතුවලට විශාල වෙහෙසක්‌ දැරීමට සිදුවේ. ඉගෙනීමේ කටයුතු වලට වරින් වර බාධා පැමිණෙයි.
සඳු දශා ගත කරන අයට විවාහය ඉක්‌මන් වන කරුණු යෙදිය හැක. වසර මැද විවාහ කටයුතුවලට දින යොදා ගනී. ගුරු දශාවේ නම් තැන්පත් ධනය තරවන කරුණු යෙදේවි. සිත් අමනාප අය යළි ඇසුරට පත්වෙයි. විස¹ ගැනීමට අපහසු ප්‍රශ්න විසඳේවි.
වාහන ඉඩම් විකිණීමට බාධා ඇතිවෙයි. මහජන සහය අපේක්‍ෂා කරන අයට අසීරු ඇතිවේ. රැකියා අංශ ප්‍රධානීන්ගේ අප්‍රසාදය වසර මැද දක්‌වා බලපායි.
රාහු දශානම් උදරයේ සැත්කම්වලට මග පාදයි. නිතර රෝහල් ගතවීමට වෛද්‍යවරු හමුවීමට සිදුවන අවස්‌ථා යෙදේවි. ශරීර සනීපය ගැන සැලකිලිමත් වන්න.
ශුභ දිනය සිකුරාදා ජය අංකය 6
ශුභ වර්ණය – සඳු ශුභ මැණික්‌ දියමන්ති

මිථුන – ලොතරැයි වාසනාවලට මග පෑදෙයි
මිථුන ලග්නයේ කේතු සිව්වැන්නේ ශනි පස්‌වැන්නේ සිකුරු හයවැන්නේ සඳු බුධ හත්වැන්නේ රවි කුජ රාහු නවවැන්නේ නැප්චූන් දසවැන්නේ ගුරු යුරේනස්‌ ගමන් ගන්නා මේ වසර ඔබට බෙහෙවින් ශුභ ඵලදායකය.
ආදායමට වඩා වියදම් අධික වුවත් අත ගසන කටයුතු පහසුවෙන් සඵල වන වසරකි. මුදල් වැයවන ප්‍රශ්න නිතර පැන නගී. ලොතරැයි වාසනා වලට මගපාදයි. හිඟ මුදල් ණය මුදල් අපේක්‍ෂා සපල වේවි. දරුවන්ගේ දියුණුව දැක සතුටු විය හැක. ගෙවා ගත නොහැකිව සිටි ණය මුදල් ගෙවා දමා සතුටක්‌ ලැබිය හැක. මැණික්‌ ගරන අයට හොඳක්‌ බලාපොරොත්තු විය හැකිය. සංචාරක කටයුතුවලට සම්බන්ධ නම් අත මිට සරු වෙයි.
මැයි 4 ට පසු රැකියාවේ වෙනස්‌කම් ඇතිවේ. විදේශ රැකියා සඳහා ඇල්මක්‌ දක්‌වයි. රජයේ රැකියාවලට බලවත් අයගේ මග පෙන්වීමෙන්a අවස්‌ථා උදාවේ. සමාජ පිළිගැනීමට ලක්‌වෙයි. උසස්‌ තනතුරු හෝ ගරු තනතුරු හිමිවෙයි. නිවසක්‌ ඉඩමක්‌ තෑගි වශයෙන් ලැබීමට පිළිවන. අහිමිව ගිය දෙයක්‌ මුදලක්‌ වැය කර හෝ ලබා ගන්නට මග පෑදිය හැකිය. වාහන වාසනාව ඇති වසරකි. නීතිය හදාරන අයට හොඳ කාලයකි.
රාහු දශා නම් යුග දිවියේ ප්‍රශ්න මතුවිය හැකිය. දික්‌කසාද ප්‍රශ්න මතුවිය හැකිය. පෙම් සබඳතා වලට වැඩිහිටි විරෝධ බලපායි. යසට හිටි අය නිකරුනේ විරසක වේවි. කුජ දශා නම් වසරේ මුල් මාස කිහිපය හවුලේ වැඩ අත නොගසනු. අවුල් ඇතිවිය හැක. දුර ගමන්වලට රාත්‍රි ගමන්වලට හොඳ කාලයක්‌ නොවේ. සඳු දශා අතුරු දශානම් සුරතල් සතුන්ගෙන් පීඩා ඇතිවේ. සැත්කම්වලට හදිසි කරුණු යෙදෙයි. පපුවේ සෙම් අසනීප උග්‍ර විය හැක.
ශුභ දිනය බදාදා ජය අංකය 5
ශුභ වර්ණය කොළ ශුභ මැණික්‌ පච්ච

කටක – මතු දියුණුවට නව වැඩපිළිවෙළක්‌.
කටක ලග්නයෙන් තුන්වැන්නේ ශනි සිව් වැන්නේ සිකුරු පස්‌වැන්නේ සඳු බුධ හයවැන්නේ රවි කුජ රාහු අටවැන්නේ නැප්චූන් නව වැන්නේ ගුරු යුරේනස්‌ දොළොස්‌ වැන්නේ කේතු ගමන් ගන්නා මේ වසර ශුභ ඵලදායි එකකි.
පැතුම් ඉටුවීමෙන් සිතට සවියක්‌ සතුටක්‌ ඇතිවේ. වසරේ මුල් මාස හතර ඉතා යහපත්ය. අතගසන කටයුතු පහසුවෙන් සපල වේ. නව ආදායම් මාර්ග පෑදෙයි. පරම්පරාගත දෙයක්‌ නීති මගින් හෝ හිමිකර ගනීවි. ණය ලැබෙන්නත් ගෙවා දමන්නත් හැකිවීම නිසා සැනසිල්ලට කරුණු යෙදේවි. තරගකාරී කටයුතු වලින් ජය අත්වේවි. කලක්‌ තිස්‌සේ සැලසුම් කළ ව්‍යාපාරය ඇරඹීමට හැකිවීම විශේෂ කරුණකි.
වසර මැද විශාල ධනලාභ ලොතරැයි වාසනා ගෙන දෙයි. මතු දියුණුවට නව වැඩපිළිවෙළක්‌ ඇතිවේ. පවුලේ පොදු දියුණුවට ගත් උත්සාහයක්‌ පලදරයි. අන්සතු ධනය හිමිවන වාසනාව විශේෂව බලපායි.
කේතු දශා අතුරු දශා නම් රැකියාවට යම් යම් අයගේ බලපෑම් ඇතිවේ. රැකියා පහත වැටීමක්‌ පෙන්වයි. නිදහසේ කටයුතු කිරීමට බාධා පවතී. ගුරු දශා අතුරු දශානම් අධ්‍යාපන කටයුතුවල යහපත් තත්ත්වයක්‌ පෙන්වයි. විදෙAශ අධ්‍යාපනයට මග පාදයි. නවීන තාක්‌ෂණය අදාළ කටයුතුවලට සම්බන්ධව පුහුණු කටයුතු වලට සම්බන්ධ විය හැක. සඳු බුධ දශානම් පෙරට යනවාට වඩා පසු පසට යන වේගය වැඩිවේ. අන් අයගේ බලපෑම් පවතී.
සිකුරු දශානම් ඉඩමක්‌ නිවසක්‌ මිලදී ගන්නට පහසු අවස්‌ථා උදාවේ. වාහන වාසනාව වසර පුරා පවතී. ඇස්‌ වහ කටවහ දොස්‌ බලපායි. සෙම් රෝග නිසා හුස්‌ම ගැනීමේ අසීරු පවතී. ශරීර සනීපය ගැන හිතන්න වේවි.
ශුභ දිනය – සඳුදා ජය අංකය 2
ශුභ වර්ණය සුදු ශුභ මැණික්‌ මුතු

සිංහ – රැකියාවේ වෙනස්‌කම් ඇති වෙයි.
සිංහ ලග්නයෙන් දෙවැන්නේ ශනි තුන් වැන්නේ සිකුරු සිව් වැන්නේ සඳු බුධ පස්‌වැන්නේ රවි රාහු කුජ හත්වැන්නේ නැප්චූන් අටවැන්නේ ගුරු යුරේනස්‌ එකොළොස්‌වැන්නේ කේතු ගමන් ගන්නා මේ වසර ඔබට අශුභ ඵල බහුල විය හැක. දේපළ ගැටලු පැන නගී. වෙළෙඳ ව්‍යාපාරවල සේවක ප්‍රශ්න ඇතිවේ. රැකියාවේ වෙනස්‌කම් ඇති විය හැක. ලැබුණ වාසනාව නපුරට අයහපතකට බලපෑ හැක. තමා විසින් සතුරන් ඇතිකර ගෙන කරදර විඳී. උපතේ ශනි බලවත් නම් අමතර ආදායම් මගක්‌ පෑදෙයි. හදිසි ධන ලාභ ඇතිවේ. ලොතරැයි වාසනා උරගා බැලීමට කදිමයි. ජුනි සිට විදේශ රැකියාවලට විදේශ ගමන්වලට මග පාදයි.නොසිතූ අයගේ ආධාර උපකාර හිමිවේවි.ලේඛන කලාවට සම්බන්ධ අයට නොසිතූ ප්‍රගතියක්‌ ඇතිවෙයි. ළඟම ඥතීන්ගෙන් උපකාර හිමිවේවි.
උපතේ සඳු ලග්නයේ නම් වසර අවසන් වනතුරු හිතට වද දෙන ප්‍රශ්න ඇතිවේ. තම ගෞරවය තමන් විසින් වනසා ගනී. හිතු මතයට කටයුතු නිසා අමතක නොවන පාඩම් උගනීවි.
සිකුරු දශා අතුරු දශානම් අහිමිව ගිය දෙයක්‌ යළි ලබාගන්නට සමත් වෙයි. පොදු කටයුතු වලට විශේෂ උනන්දුවක්‌ දක්‌වයි. අලංකාරයට විනෝදයට වැඩිපුර යොමුවන බවක්‌ පෙනේ. අලුත් යමක්‌ අත ගසා උසස්‌ ප්‍රතිඵල අත්කර ගනීවි.
රාහු දශානම් අධ්‍යාපන කටයුතු අඩාලවීමට ඉඩ ඇති අතර නුසුදුසු අය ඇසුරට යැමෙන් නීති ප්‍රශ්න වලටත් පැටලෙයි. උපතේ රාහු 10-11 රාශිවල නම් ඉදිරි ගමන සපලවන පෙර නිමිති පහළ වේවි. නොසිතූ පරිදි ජනප්‍රිය වෙයි. අන් අය අතර හොඳ පිළිගැනීමක්‌ ඇතිවේ. උසස්‌ අධ්‍යාපනයට මග පෑදේ.
ශනි ගුරු දශානම් යටපත් රෝග යළි මතුවෙයි. හිටි හැටියේ අත්පාවල ස්‌නායු දුර්වලතා ඇති කරයි. කොඳු ඇට ආශ්‍රිත රෝග බඩ වැල ආශ්‍රිත රෝග සැත්කම් දක්‌වා දුරදිග යයි. ශරීර සනීපය ගැන සැලකිලිමත් වන්න.
ශුභ දිනය ඉරිදා ජය අංකය 01
ශුභ වර්ණය තැඹිලිපාට ශුභ මැණික්‌ පද්ම රාග

කන්‍යා – නඩුහබවලදී ජය
කන්‍යා ලග්නයෙන් ශනි දෙවැන්නේ සිකුරු තුන්වැන්නේ සඳු බුධ සිව්වැන්නේ රවි කුජ රාහු හය වැන්නේ නැප්චූන් හත්වැන්නේ ගුරු යුරේනස්‌ දසවැන්නේ කේතු ගමන් ගන්නා මේ වසර ඔබට අශුභපල බහුල එකක්‌ වනවා ඇත.
අලුත් ව්‍යාපාර ඇරඹීමට යහපත් කාලයක්‌ නොවේ. කරගෙන ආ කටයුතු අවුලක්‌ බවට පත්විය හැක. යම් යම් අයගේ ඇඟිලි ගැසීම් නිසා ඉදිරි ගමනට බාධා ඇතිවේ. එකට සිටින අයම සතුරු ලෙස කටයුතු කළ හැකිය. අතුරු ආදායම් වලට නොසිතූ බාධක ඇතිවේ. වටිනා දේ සින්න වීමට ඉඩ ඇති කාලයකි. දුර දිග බලා කටයුතු කිරීමට අපහසු වේ. හිස අවුල්වන ප්‍රශ්න වලින් අඩුවක්‌ නොමැත.
ශනි දශා නම් අධ්‍යාපන කටයුතු අවුල් විය හැක. අරමුණ වෙනස්‌වී නොසිතූ අධ්‍යාපන යොමුවීමටත් සිදුවේ. පුහුණු කටයුතුවලට නොසිතූ අවස්‌ථා උදාවේ. ඉගෙනීමේ කටයුතුවලට වඩා ආදායම් උපයන මාර්ග වලට විශේෂ ඇල්මක්‌ උනන්දුවක්‌ ඇතිවේ. ඉක්‌මන් තීරණ වලට බසී. හොඳ නරක කියාදෙන අයත් වස විස මෙන් පෙනෙයි. පෙම් සබඳතා අවුල්වී මානසික ප්‍රශ්න ඇතිවෙයි.
සිකුරු දශානම් නිසැකව අන්සතු හිමිවේ. මව් පිය දේපළ ව්‍යාපාර ඔබට හිමිවෙයි. ලොතරැයි වාසනා නිසා අතමිට සරුවිය හැක. ගේදොර මිලට ගැනීමට අවස්‌ථා උදාවේ. අතරමැදි වැඩවලින් හොඳ පල ප්‍රයෝජන අත්වෙයි. නඩුහබ වලදී ජය අත්වේවි. දුරදිග යන ප්‍රශ්න විස¹ ගැනීමට සමත් වේ.
උපතේ සඳු ලග්නයේ නම් සෙම් අසනීප නිසා අසීරුවට පත්වෙයි. සෙම්ප්‍රතිශ්‍යාවලට පසු නිව්මෝනියා රෝගවලට ගොදුරුවිය හැක. සැත්කම් වලට ඉඩකඩ පවතී.
ගුරු දශා අතුරු දශානම් පමාවූ විවාහය ඉක්‌මන් වෙයි. දරුඵල අපේක්‍ෂා සපලවේ. පෙම් සබඳතා ඉක්‌මන් විවාහයට මග පාදයි. විදේශ ගමනකට විවාහය මග පාදන්නටත් ඉඩකඩ තිබේ.
ශුභ දිනය බදාදා ජය අංකය 5
ශුභ වර්ණය කොල ශුභ මැණික්‌ පච්ච

තුලා – අඹු සැමි ප්‍රශ්න විසදේ
තුලා ලග්නයේ සිකුරු දෙවැන්නේ සඳු බුඳ තුන්වැන්නේ රවි කුජ රාහු පස්‌වැන්නේ නැප්චූන් හය වැන්නේ ගුරු යුරේනස්‌ නව වැන්නේ කේතු දොළොස්‌වැන්නේ ශනි ගමන් ගන්නා මේ වසර ඔබට සමපලදායක එකක්‌ වනවා ඇත. සම්මුඛ පරීක්‍ෂණවලදී ජය අත්වෙයි. තරගකාරී කටයුතුවලින් ජය අත්වේ. අලුත් ව්‍යාපාර අරඹන අදහස්‌ ඇති අයට ඒ සඳහා නොසිතූ පහසුකම් ඇති වේ. මැණික්‌ ව්‍යාපාරවලට සම්බන්ධ අයට නොසිතූ වාසි අත්වෙයි. කලාවට සංගීතයට සම්බන්ධනම් හෙට හොඳ දවසක්‌ බවට පත්වෙයි. අඹු – සැමි ප්‍රශ්න විසඳී සතුටක්‌ ඇතිවේවි. මව්පස දේපළ හිsමිවන වාසනාව පෑදේ.
සඳු දශා නම් ආදායම් මාර්ග අඩාල වෙයි. අන් අයගේ ප්‍රශ්නවලට තමන්ගේ කාලය නිකරුණේ වැය වෙයි. පැහැදිලි අරමුණක්‌ නොමැති වැඩට පෙළැඹේ. ස්‌ත්‍රීන් හෝ පුරුෂයන් මුල්ව අපවාද චෝදනා එල්ලවෙයි. අද වැඩකටයුතු හෙටට කල් දමන තත්ත්වයන් නිතර ඇති වේ. සැලසුම් සහගත වැඩ අවුල් වේවි.
ගුරු දශාව නම් වැඩක්‌ ඇරඹීමට ඇති උනන්දුව එක දිගට පවත්වාගෙන යැමට අපහසු වේවි. අඹුසැමි ප්‍රශ්න දික්‌කසාද උසාවි දක්‌වා දුරදිග යයි. නඩු හබවල පැටලුන අයට හැම අතින්ම අසීරු තත්ත්ව ඇති වේ. ගුරු උපතේ දසවැන්නේ නම් මේ සියලු අසීරු නොපිට හැරේවි. සමාජ පිළිගැනීමක්‌ ඇතිවේ. මැතිවරණවලදී ජයක්‌ අත්වේ. ශනි දශා නම් හිරේ විලංගුවේ වැටෙන තත්ත්වයට පත්වේ. ගොඩනගා ගත් ප්‍රතිරූපය විනාශ වන කරුණු යෙදෙයි. දුරදිග නොබලා ගන්නා තීරණ නිසා නොසිතූ ප්‍රශ්න ඇතිවෙයි. ප්‍රවේශම් කරගත් දෙයක්‌ අන්සතු වේවි. ඇපයට තැබූ දේපළ රාජ සන්තක විය හැක.
පපුවේ සෙම් රෝග බෝවන රෝග උණ අසනීප නිතර මතුවිය හැකිය. හෘද සැත්කම්වලට ලක්‌වූ අයට නොසිතූ අසීරු ඇතිවේ. සම පිට රෝග හන්දි අමාරු විශේෂව බලපායි. ශනි බලවත් අයට නරකත් හොඳට හිටින කාලයකි.
ශුභ දිනය සිකුරාදා ජය අංකය 6
ශුභ වර්ණය – විවිධ වර්ණ ශුභ මැණික්‌ දියමන්ති

වෘශ්චික – ඉගෙනීම් කටයුතුවලට උනන්දු වෙයි.
වෘශ්චික ලග්නයේ සඳු බුධ දෙවැන්නේ රවි කුජ රාහු සිව්වැන්නේ නැප්චූන් පස්‌වැන්නේ ගුරු යුරේනස්‌ අට වැන්නේ කේතු 11 වැන්නේ ශනි දොළොස්‌වැන්නේ සිකුරු ගමන් ගන්නා මේ වසර ඔබට යහපත් වසරක්‌ වෙනවා ඇත.
ඉගෙනීමේ කටයුතුවලට වෙනදා නැති විශේෂ උනන්දුවක්‌ ඇතිවෙයි. විදේශ අධ්‍යාපනයකට පැවැති බාධකයක්‌ මග හැරෙයි. ඒ සඳහා නොසිතූ අයගේ සහය ලැබේවි. තරග විභාගවලින් පහසු ජයක්‌ අත්වේවි. ලොකු පුටුවකට යන්නට ඇඟිලි ගනිමින් හිටි අයට 2011 වසර වාසනාව පාදයි. විදේශ රැකියා වාසනා පෑදේවි. භූමියෙන් වස්‌තු ලැබෙන වසරකි. මැණික්‌ ගැරුවොත් ගජවාසි.
පෙම් සබඳතා ඇති අයට මංගල කටයුතු ඉක්‌මන් කිරීමට සිදුවේවි. විවාහය සමග විදේශ ගත වන අවස්‌ථා උදාවේ. වයස 35, 40 තෙක්‌ පසුවෙමින් සිටි අයට 2011 මංගල වසරක්‌ වේවි. උගත් දෙයින් ඵල ලැබිය හැකිය. නිදන් ගත රෝග පවා සුව අතට පත්වන තේරුම් ගත නොහැකි බලයක්‌ ඇති වේ. ප්‍රේත දෝෂ ගැන සිතමින් දුක්‌වූ අයට ඒවා අමතක වේවි. ලොතරැයි වාසනාවලට මගපෑදෙයි. අන්සතු ධනය හෝ හිඟ මුදල් ණය මුදල් ලැබෙන කාලයකි. අලුත් ව්‍යාපාර ඇරඹීමට අවස්‌ථා යෙදිය හැක.
කේතු දශා අතුරු දශා නම් බොහෝ ප්‍රවේශම් වියයුතුය. සැත්කම්වලට මග පාදාවි. උදරාබාධ විශේෂ කාලයකි. සඳු දශා නම් හිතේ සතුට අඩු විය හැක. වෙන්න යන්න දේවල් ඔන්න මෙන්න කියා තිබියදී අසාර්ථක වෙයි. හොඳ නමට කැළැල් ඇති විය හැක. ඇඟ බේරාගෙන කටයුතු කිරීමට සිදුවේ. රහස්‌ නම් කටින් පිටට නොදැමිය යුතු වසරකි.
ශුභ දිනය බ්‍රහස්‌පතින්දා ජය අංකය 4
ශුභ වර්ණය – රතු ශුභ මැණික්‌, රතු මැණික්‌.

ධනු – අධ්‍යාපනයෙන් ජය
ධනු ලග්නයේ රවි කුජ රාහු තුන්වැන්නේ නැප්චූන් සිව්වැන්නේ ගුරු යුරේනස්‌ හත්වැන්නේ කේතු දසවැන්නේ ශනි 11 වැන්නේ සිකුරු දොළොස්‌වැන්නේ සඳු බුද ගමන් ගන්නා මේ වසර ඔබට ඉතා යහපත් එකක්‌ වනවා නිසැකය.
අධ්‍යාපන කටයුතුවලින් බලාපොරොත්තු ප්‍රතිඵල ලබා සතුටු විය හැක. විදේශ අධ්‍යාපනයට පුල පුලා සිටි අයට කැඳවීම් ලැබේ. ක්‍රීඩා අංශයෙන් කලා අංශයෙන් ප්‍රගතියක්‌ දැකිය හැකිය. රැකියාව් වෙනස්‌කම් හෝ ඇද වැටීම් හොඳට සිටින වසරකි. දේශපාලනයට සම්බන්ධව නොසිතූ තත්ත්වයක්‌ හිමිවෙයි. තානාපති සේවාවලට යන්න අවස්‌ථා උදාවෙයි. නොසිතන අය උපකාර කරාවි. අන් අය අතර හොඳ පිළිගැනීමක්‌ ඇතිවේවි. මංගල යෝජනා ගැන අවසන් නිගමනවලට එන්නට හැකිවේ. දරුඵල නොමැතිව ලතවන අයට සිතට සතුටක්‌ දෙන වසරකි. විනෝද ගමන් බහුල වශයෙන් යෙදෙයි. අධ්‍යාපන චාරිකාවලට මග පෑදේ. ඔබට වදයක්‌ වූ අයගෙන් ඈත් වීමට අවස්‌ථා උදාවේවි. නිවසක්‌, ඉඩමක්‌ මිලට ගැනීමට පහසු අවස්‌ථා උදාවේ. උකසට තැබූ ඉඩම් බේරා ගැනීමට හිතවත් අයගේ සහය ලැබේවි. නිවසේ කොටස්‌ ඉවත් කිරීම් හෝ එක්‌ කිරීම්වලට වග බලා ගනී.
ගුප්ත දේවල් පසුපස යන ගතිය වැඩිවේ. කේතු දශා නම් විවාහ පමාවට ශාන්තිකර්ම අවශ්‍ය වේවි. පොදු වැඩවලදී නරක නමක්‌ අසන්න සිදුවේ. සඳු දහයේ නම් තනතුරු හෝ තත්ත්වය පහත වැටීමට කරුණක්‌ යෙදේවි.

මකර – මුදල් මාර්ග පෑදේ
ශුභ දිනය බදාදා. ජය අංකය 3
ශුභ වර්ණය – කහ, ශුභ මැණික්‌ – පුෂ්පරාග.
මකර ලග්නයෙන් දෙවැන්නේ නැප්චූන් තුන් වැන්නේ ගුරු යුරේනස්‌ හය වැන්නේ කේතු නව වැන්නේ ශනි දස වැන්නේ සිකුරු, එකොළොස්‌ වැන්නේ සඳු බුධ, දොළොස්‌වැන්නේ රවි කුජ රාහු ගමන් ගන්නා මේ වසර ඔබට යහපත් වේවි.
කලකට පසු සිතේ සැනසිල්ල ඇතිවෙන වසරකි. වැඩ නිම නොවූ නිවසේ කටයුතු නිමාවට හිතවත් අයගේ ආධාර උපකාර ලැබේවි. ඉඩමක්‌ නිවසක්‌ මිලට ගැනීමට පහසුකම් ඇතිවේ. බලාපොරොත්තු නොවූ මුදල් එන මාර්ග පෑදේ. පෙම් සබඳතාවලට මග පෑදෙයි. අතපසුවූ විවාහ කටයුතු සඵල වන පසු බිමක්‌ ඇතිවේ. ප්‍රීති උත්සව ඇතිවෙයි. විදේශ සංචාර හෝ දේශීය සංචාර සඳහා අවස්‌ථා උදාවේවි.
විදේශ රැකියා බලාපොරොත්තු ඇති අයට හා රජයේ රැකියා අපේක්‍ෂා කළ අයට නොසිතූ සහනදායී කාලයක්‌ වේවි. රැකියාවට උසස්‌වීම් හිමිවෙයි. පමා වූ උසස්‌වීම් මැයිවලට පළමු ලැබෙන පෙර නිමිති පහළ වේ.
ඉගෙනීමේ කටයුතුවලට සම්බන්ධ අයට බාධක මග හැරෙයි. තරග විභාගවලදී උසස්‌ ප්‍රතිපල හිමිවෙයි. දෙවන භාෂාවක්‌ හැදැරීමට අවස්‌ථාව යෙදෙයි. පුහුණු කටයුතුවලට යන්න සිදුවේ. ශරීර සනීපයට පැවැති බාධා මගහැරෙයි. රාහු දශා නම් සමේ රෝග බලපායි. ලේ විෂ විය හැක. හුස්‌ම ගැනීමේ අසීරු බලපායි. නීති ප්‍රශ්නවල පැටලෙයි. රවි දශා නම් කෙස්‌ යන ප්‍රශ්නයක්‌ වසර පුරා පවතී. ඇස්‌ රෝග මතුවේ.
ශුභ දිනය සිකුරාදා ජය අංකය 7

කුම්භ – තරග විභාගවලදී නොසිතූ ජය.
ශුභ වර්ණය -නිල් වර්ණ ශුභ මැණික්‌ – නිල් මැණික්‌ කුම්භ ලග්නයේ නැප්චූන් දෙවැන්නේ ගුරු – යුරේනස්‌ පස්‌වැන්නේ කේතු අට වැන්නේ ශනි නව වැන්නේ සිකුරු දස වැන්නේ සඳු බුධ එකොළොස්‌ වැන්නේ රවි- කුජ රාහු ගමන් ගන්නා මේ වසර ඔබට මිශ්‍රඵල දායකය. අමතර පාඨමාලා ගැන උනන්දු වන අයට යහපත් වසරකි. අධ්‍යාපන කටයුතු ගැන වෙනදාට වඩා උනන්දුවක්‌ පවතී. තරග විභාගවලදී නොසිතූ ජයක්‌ හිමිවෙයි. විදේශ පුහුණුවලට නොසිතූ අවස්‌ථා උදාවේ. ශිෂ්‍යත්ව හිමි විය හැකිය. ඉන්ජිනේරු අංශවලට සම්බන්ධ කටයුතුවලට ඉතා හොඳය.
වසරේ මුල මාස පහ හදිසි ධන ලාභ ලොතරැයි වාසනා අත වනයි. නිධන් වස්‌තු හිමිවිය හැකි කාලයකි. මැණික්‌ ගරන අයට යහපත් ප්‍රතිඵල අත්වේවි. රැකියාවේ වෙනසක්‌ දියුණුවක්‌ දැකිය හැකිය. තනතුරු ඉහළට යන්න වලිකෑ අය පරදා ඔබ පහසුවෙන් තනතුරු හිමි කර ගනීවි. බලවත් අයගේ උපකාර නිසා අසීරුතා මග හැර ගනීවි.
ගේදොර අලුත්වීමට බොහෝදුරට ඉඩකඩ පවතී. පදිංචියේ වෙනසක්‌ පෙන්වයි. පරම්පරාගත දෙයක්‌ ඉදිරිට හොඳ ආදායම් මගක්‌ වේවි. නඩුහබවල පැටලුන අයට නොසිතූ ජයග්‍රහණ අත්වේ. නොසිතූ පරිදි ලෙඩ දුක්‌ සුව විය හැකිය.
උපතේ සඳු අටේ හෝ ලග්නයේ නම් මේ යහපත් ප්‍රතිඵල නොපිsට හැරෙන බවක්‌ කිව හැක. ශනි දශා නම් උදරයේ සැත්කම්වලට මග පාදයි. සඳු දශා නම් හන්දි ආශ්‍රිත අසනීප වදයක්‌ විය හැක. අසම්මත වැඩට පෙළැඹී හොඳ නමත් කෙළෙසා ගනී. ගමන් බිමන්වලදී අනතුරු උපතේ ගුරු නීච නම් අස්‌ථාන නම් ඇපයට හෝ උකසට තැබූ දේවල් ගැන ආශාව අඩු කර ගැනීමට සිදුවේ. අඹුසැමි ප්‍රශ්න මතුවෙයි.
ශුභ දිනය බ්‍රහස්‌පතින්දා ජය අංකය 2
ශුභ වර්ණය – නිල් වර්ණ ශුභ මැණික්‌ නිල (කාක)

මීන – බැංකු ණය අපේක්‍ෂා සඵල වේ
මීන ලග්නයේ ගුරු යුරේනස්‌ සිව්වැන්නේ කේතු හත්වැන්නේ ශනි අට වැන්නේ සිකුරු නව වැන්නේ සඳු බුධ දස වැන්නේ රවි කුජ රාහු දොළොස්‌ වැන්නේ නැප්චූන් ගමන් ගන්නා මේ සතිය ඔබට සමඵල දායක එකක්‌ වනවා ඇත.
අධ්‍යාපන කටයුතුවල වෙනසක්‌ දියුණුවක්‌ ඇතිවේ. තරග විභාගවලින් සමත්වෙයි. විදේශ පුහුණුවලට නොසිතූ අවස්‌ථා උදාවේ. අතරමග නතර කළ අධ්‍යාපන කටයුතු කරගෙන යැමට හැකිවීම විශේෂයි. දැනුම දියුණු කර ගැනීමට විශේෂ අවස්‌ථා යෙදේ.
රැකියාවේ උසස්‌වීම් නිසා අසීරුතා ඇතිවෙයි. පවුලේ අයත් සීසීකඩ විය හැක. නව රැකියා බලාපොරොත්තු ඇති අයට මැයිවලට පසු අරමුණු සඵල වෙයි. විදේශ රැකියා සඳහා නොසිතූ මගක්‌ හිතවත් අය නිසා පෑදෙයි. ස්‌වයංරැකියාවලින් උසස්‌ ප්‍රතිඵල අත්වේ. ව්‍යාපාර අංශවලට යොමුවූ අයට විශේෂ ලාභ ප්‍රයෝජන හිමිවෙයි.
බැංකු ණය අපේක්‍ෂා සඵල වේවි. හිඟ මුදලක්‌ හෝ ණය මුදලක්‌ ගන්නට ගත් උත්සාහය සඵල වෙයි. මැයි මස මැද සිට ලොතරැයි වාසනාවලටත් බොහෝ දුරට ඉඩ ඇත. මැණික්‌ ගරන අයට නොසිතූ වාසනා මතුවේ. බ්‍රොaකර් වැඩවලින් දියුණුවක්‌ දැකිය හැක.
මංගල කටයුතු පහසුවෙන් සඵල වෙයි. පෙම් සබඳතා හදිසි විවාහ තීරණවලට මග පාදයි. සැලසුම් සහගත වැඩ සාර්ථක වේවි. පොතපතට සම්බන්ධ අයට හොඳ පිළිsගැනීමක්‌ ඇති වේ. වාහන මිලදී ගැනීමට අවස්‌ථාව උදාවෙයි.ඉඩමක්‌ නිවසක්‌ මිලට ගැනීමට මග පෑදෙන වසරකි. ලෙඩ රෝග සුව අතට හැරෙයි. ශනි දශා නම් අඹු සැමි ප්‍රශ්න පැනනඟී. කේතු දශා නම් ඉඩම් නඩු පැටලෙයි. නිකරුනේ ගමන් බිමන් යෙදෙයි.
ශුභ දිනය බ්‍රහස්‌පතින්දා ජය අංකය 3
ශුභ වර්ණය – කහ වර්ණ
ශුභ මැණික්‌ – පුෂ්පරාග
සැමට ශුභ නව වසරක්‌ වේවාෘ
ප්‍රවීන ජ්‍යෙdතිෂ ලේඛක
නාත්තන්ඩිය ජී. ඩී. පෙරේරා 2011 නව වසර ඔබට කොහොමද?



අප අතරින් සමුගත් ග්‍රේෂන් ආනන්ද ගායකයාණන් මියයන්නට ප්‍රථමයෙන් ඔහුගේ පුත් මාරියෝ ආනන්ද අබේකෝන් සිය පියා වෙනුවෙන් ගීතයක් නිර්මාණය කළේය.නමුත් ඔහු එය ගායනය කර අවසන් වන විට පියා මෙලොව අතැර ගොසිණි.
ග්‍රේෂන්ගේ අපූර්ව හඩ හෙට දිනයේ මැකෙන්නට ඉඩ නොතබන්නට මාරියෝට හැකිවේ යයි අප විශ්වාස කරමු.ඔහුට එම ගීතය නිර්මාණයට සහය දුන්නේ සරිත් සේනාධීරයි.
පියා වෙනුවෙන් මාරියෝ ගැයූ ගිය.


ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළි කාන්චනා මෙන්ඩිස් විවාහවී දරුවන් ලැබී කලක් තිස්සේ නිහඩව සිටියා.

නමුත් ඇය යළිත් අද වේදිකාවට ගොඩ වැදුණා.ඒ අද මීගමුවේදී වේදිකා ගතවුණ ධර්ම සංග්‍රාමය නමැති වේදිකා නාට්‍යයෙන්.


හේම නලින් කරුණාරත්න කවුරුත් දන්නේ නමයයි පහ නිසා. දැන් ඔහු වැඩ කරන්නේ එච්ටීවී කේබල් නාලිකාවේ.
මේ ආරංචිය ඔහු පියෙක් වුණ බවයි.ඒ පසුගිය 27 වෙනිදා.හේම නලින් විවාහවී සිටින්නේ විශ්ව විද්‍යාල කථීකාචාර්යවරියක වන ඉරේෂා සමගයි. ඔවුන්ට ලැබුණු දරුවා දියණියක බවයි තම්බපන්නි වෙත වාර්තා වෙන්නේ.
හේම නලින් යුවළට අපේ සුබ පැතුම්.


‘ලංකා’ හෙවත් සිලෝන් යනුවෙන් පටන් ගන්නා රාජ්‍ය ආයතනවල නාමය ‘ශී‍්‍ර ලංකා’ යනුවෙන් වෙනස් කිරීමට රජය තීරණය කරයි.මේ වන විට ලංකා යන නාමය භාවිතා කරන රාජ්‍ය ආයතන කිහිපයක් වේ.ලංකා බැංකුව, ලංකා විදුලිබල මණ්ඩලය හා ලංකා ඛණිජතෙල් සංස්ථාව ඉන් කිහිපයකි.
වසර 1505දී ලංකාව ආක‍්‍රමණය කළ පෘතුගීසීන් ලංකාව ‘සෙයිලාවෝ’ නමින් හැඳින්වූ අතර, පසුව බි‍්‍රතාන්‍ය ජාතිකයින් එය ‘සිලෝන්’ යනුවෙන් භාවිතා කිරීමට පටන් ගත්හ.

අමෙරිකාවේ කැන්සාස් නගරයේ පිරවුම්හලක් මංකොල්ලකෑමට තැත්කළ මංකොල්ලකරුවන්ගේ වෙඩි පහරකට ලක්ව එරට අධ්‍යාපනය ලැබූ ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකු මරණයට පත්ව ඇත.

මෙසේ මරණයට පත්ව ඇත්තේ 25 හැවිරිදි සුජේන්ද්‍ර අමරසිංහම් නැමති එම පිරවුම්හලෙහි ලිපිකරුවෙකු ලෙස සේවය කළ තරුණයෙකි.
මෙම සිදුවීමෙන් මිනිත්තු 20ට පමණ පසු එම පිරවුම්හලට පැමිණි පාරිභොගියකු විසින් තුවාලකරු දැක අදාළ සිද්ධිය පිළිබඳව පොලීසියට දැනුම් දී තිබේ.

තුවාල ලැබූ ශිෂ්‍යයා රෝහලට ඇතුළු කිරීමෙන් පසු මරණයට පත්ව ඇති බව ද සඳහන්ය.
සිද්ධිය සිදුවී මිනිත්තු කිහිපයට පසු එම ස්ථානයට පාරිභෝගියකු පැමිණ ඇති අතර ඔහු තුවාල ලබා සිටි සුජේන්ද්‍ර රෝහලකට ඇතුළු කිරීමට හෝ පොලීසිය වෙත දැනුම් දීමට උත්සාහ නොකර පිරවුම්හලෙන් මුදල්ද සොරකම් කරගෙන අදාළ ස්ථානයෙන් පලා ගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙඩි තැබීමේ සිද්ධියට සැකකරන පුද්ගලයාගේ හා මුදල් රැගෙන පලා ගිය පාරිභෝගිකයාගේ ඡායාරූප පිරවුම්හලෙහි නිරීක්ෂණ පද්ධතිය හරහා හඳුනාගැනීමට පොලීසියය හැකියාව ලැබී තිබේවෙඩි තැබූ පුද්ගලයා විසින් පිරවුම්හලෙහි වූ භාණ්ඩ කිහිපයක් රැගෙන පලාගොස් ඇති අතර මුදල් සොරාගෙන ගොස් නොමැති බව ද සඳහන්ය.

සිද්ධියෙන් මරණයට පත්වූ සුජේන්ද්‍ර අමරසිංහම් කැනාස් නගරයේ මිෂුෂුරි විශ්ව විද්‍යාලයේ විද්‍යුත් හා පරිගණක ඉංජිනේරු විද්‍යාව පිළිබඳව අධ්‍යාපනය ලබමින් සිට ඇති අතර මාස 3 ක පමණ කාලයට සිට එම පිරවුම්හලෙහි සේවය කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිද්ධියට අදාල විඩියේ දර්ශනය



පාරිභෝගිකයාට බ්‍රෝඩ්බෑන්ඩ් ඉන්ටර්නෙට් සේවය සැපයීමේදී ඒ සදහා නිෂ්චිත වේගයක්

හදුන්වා දෙන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පැවසීය. එහි අධ්‍යක්ෂ ජනරල් අනුෂ පැල්පිට මහතා සදහන් කළේ, ඒ අනුව ඉදිරියේදි 60%ත් 75% අතර පරාසයක නිෂ්චිත වේගයක් පැනවිමට නියමිත බවය.

දැනට එම සේවය සපයන ඇතැම් සමාගම් විසින් පාරිභෝගිකයාට ලබා දි ඇති සම්බන්ධතා මන්දගාමි වීම අදාළ තීරණය ගැනිමට හේතුවී තිබේ. අනුෂ පැල්පිට මහතා පැවසුවේ, බ්‍රෝඩ්බෑන්ඩ් ඉන්ටර්නෙට් සේවය වේගය පිළිබද අදාළ සමාගම්වලට දන්වා ඇති බවය. එම දැන්විමෙන් අනතුරුව 20% ක් ව පැවැති ‍වේගය 60% දක්වා සමාගම් විසින් වර්ධනය කරනු ඇති බව අනුෂ පැල්පිට මහතා ප්‍රකාශ කළේය.

කඩුවෙල පදිංචි ලංකා දුම්කොල සමාගමේ විශ්‍රාමිකයකු වනස්‌ටැන්ලි තිලකවර්ධන මහතා හැට තුන් හැවිරිදි වියේ පසුවන තිදරු පියෙකි.ඔහුගේ නිවසේ විශේෂත්වය වන්නේ ඉඩමේ තිබූ පොල් ගස ඉවත් නොකොට පොල්ගස මැදි කොට ගෙය ඉදි කිරීමයි.

"අපි මේ ඉඩම ගනිද්දි පොල් ගස්‌ දෙකක්‌ තිබුණා. ඉඩම පර්චස්‌ දහයයි. ප්ලෑන් එක අනුව පොල්ගස්‌ දෙකම කපන්නයි තිබුණේ. නමුත් මට හිතුන ගස මැදි කරල ගේ හදන්න. බලන් හිටපු හැම දෙනාම කිව්ව ඔය මොකක්‌ද කරන මෝඩ වැඩේ කියලා. ඒත් උඩ තට්‌ටුවෙ බැල්කනිය මැදින් පොල් ගහ යන විදිහට ගේ හැදුව. පොල් කඩනකොට ගස්‌ නගින කෙනා උඩ තට්‌ටුවට නැගල එතන ඉඳන් ගහට නගිනවා. ගෙට වැටෙන්නෙ නැති විදිහට පරිස්‌සමින් ගෙඩි කඩනවා.

අපේ මුළු පවුලටම මේ පොල් ගහ ඇති. අද පොල් ගෙඩියක්‌ රුපියල් හැටක්‌ විතර. පොල් ගස්‌ කපපු කැපිල්ලට මේ මිලට තිබෙන එකත් ඇති. නීති ගෙනාවෙ පරක්‌කු වෙලා.

පාරේ යන හැම දෙනෙක්‌ම නතර වෙලා ගේ දිහා බලලා හිනා වෙලා යනවා.ඒකත් ලොකු දෙයක්‌නෙ." 

දිවයින ඇසුරිනි

ආණ්ඩුවේ විවේචනය තවදුරටත් 

සුගිය දිනක ඉංගිරියේ පැවති උත්සවයකට සහභාගිවෙමින් රජයේ සැලැස්මක් නැති වැඩ ගැන හිටපු අග්‍රමාත්‍ය සහ යහපාලනය සහ යටිතල පහසුකම් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා කතාවක් කලා.

එහිදී අදහස් දැක්වූ එතුමා 
 "තමුන්නාසේලාට අද විශාල වේදනාවකට මුහුණ දීල ඇති අද පවත්නා බඩු මිල ගැන කල්පනා කරන කොට. සෑම දෙයක්ම ඉහල ගිහිල්ල. නැතෙයි කියන්න බෑ කාටවත්.නැතෙයි කියන්න හරි නෑ.ඇත්තට මුහුණ දෙන්න ඕන අපි".

හිටපු අග්‍රමාත්‍ය සහ යහපාලනය සහ යටිතල පහසුකම් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා හොරණ මෙනේරිගම ප්‍රදේශයේ නව විදුලි යෝජනා ක්‍රමයක් විවෘත කිරීම සදහා පැවති උත්සවයකදී ආණ්ඩුවේ  විවේචනය කරමින් කතාවක් සිදු කළේය.

එහිදී අදහස් දැක්වූ එතුමා
"අපි වවමු රට නගමු කියා කිව්වට  සමහර ගම්වල නිෂ්පාදනයන් විකුණ ගන්න බැහැ.විශාල ව්‍යාපෘතිවල නම් කිව්වා කියලා ජනතාව සෑහීමකට පත්වෙන්නේ නැහැ. එදිනෙදා ආහාර ද්‍රව්‍යවල මිල නගිනකොට අපිට අමු කුණුහරුපෙන් බණිනවා.

මේ සදහා ඇති දීර්ඝ කාලීන විසදුම නම් අපි ස්වයංපෝෂිත වීමයි. ඒකට සැලසුමක් ඇතිව ආණ්ඩුව එම වැඩපිළිවෙල මෙහෙයවන්න ඕන. සැලසුමෙන් තොරව මෙහෙයවුවොත් වෙන්නේ අර කැබිනට් මණ්ඩලය පත්කලායින් පසුව ඇතිවූ දේමයි. සමහර ඇමතිවරුන්ට ඉන්න තැනැක් නැහැ, කාර්ය මණ්ඩලයක් නැහැ, ලේකම්වරයෙක් නැහැ, ඒ ආකාරයේ සැලසුමක් නැති දේවල් කරුණාකරලා සැලසුමක් ඇතිව සිදුකරන්න කියලයි අපි යෝජනා කරන්නේ".

ලොකුම සුබ පැතුම්පත පිරි නැමීම අද

ජනාධිපති මහින්ද රාපක්ෂ මහතාට සුබපැතීම සදහා නිර්මාණය කල ලොව විශාලතම සුබ පැතුම්පත අරලිය ගහ මන්දිරයෙන් පිටත කලාපයේ ලිබර්ටි වටරවුම අසල සකස් කල විශේෂ වේදිකාවකදී පිරිනැමීමට නියමිතය.ලොව විශාලතම සුබ පැතුම් පත ලෙස මෙය වාර්තා ගත වන බව මහාමාර්ග අමාත්‍ය කාර්යාලය පවසනවා.  


ලෝකයේ ලොකුම සුබ පැතුම් පත 

ලෝකයේ විශාලම සුබ පැතුම්පත මේ දිනවලදී ශ්‍රී ලංකාවේදී සුදානම් කෙරෙයි.ඌව මහා ඇමති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාගේ උපදෙස්මත සුබ පැතුම්පත නිර්මාණය කරන්නේ සමන් ප්‍රසාද් හෙට්ටි ආරච්චි මහතාය. අඩි 40 ක් පළල, අඩි 90 ක් දිග සුබ පැතුම් පත ජනපතිගේ දෙවන පදවි ප්‍රාප්තියට සුබ පැතිම සදහා සැකසෙයි.ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා අතින් මෙම සුබ පැතුම් පත ජනපතිට පිළිගන්වන අතර එය ගිනස් වාර්තාවක් ලෙස ගිනස් පොතට එකතු විමට නියමිතය.  



ලෝකයේ ලොකුම සුබපැතුම් පොත
ජනාධිපතිතුමන්ගේ උපන් දිනය වෙනුවෙන් සකස්කළ සුබපැතුම් ඇතුලත් ලොව විශාලම සුබපැතුම් පොත වෘත්තියෙන් මාධ්‍යවේදියෙක් වූ අනුර විජේනායක විසින් නිර්මාණය කොට ඇත. මෙය පිටු 2010 කින් සමන්විත වන අතර කිලෝ 7 1/2 ක් බරකින් යුක්ත වෙයි.මෙහි පළමු පිටුවේ සුබපැතුම සටහන් කරන ලද්දේ අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතාය.

කොළඹ නගරය ආවරණය වන පරිදි සවි කළ ආරක්ෂක කැමරා පද්ධතිය අද සිට ක්‍රියාත්මක කෙරෙනු ඇත.

රථවාහන ක්‍රමවත්ව පාලනය, බුද්ධි තොරතුරු රැස්කිරීම ඇතුළු කටයුතු ඒ හරහා කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා ප්‍රකාශ කළේය.

ලාංකික ගායන අඹරේ රිදී තරුව අසහය ගායක ග්‍රේෂන් ආනන්ද මීට සුලු මොහොතකට පෙර අප අතරින් සදහටම වෙන්වුනා.කොළඹ ජාතික රෝහලේදී මීට සුලුමොහොතකට පෙර ඔහු අපගෙන් වෙන්වුනා…

ජනපතිතුමාගේ ඔක්ස්ෆර්ඩ් ගමනින් පසුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය සම්බන්ධයෙන් ගෙන ගිය දැඩි ප්‍රතිපත්තිය සම්පුර්ණයෙන් ලිහිල් කල තත්වයක් දක්නට ලැබුණි.ඒ සදහා වූ මුලික සිදුවීම වුයේ ශ්‍රී ලංකාවට ඒමට තහනම් කොට තිබු බන් කි මුන්ගේ ත්‍රිපුද්ගල කමිටුවට ශ්‍රී ලංකාවට පැමිණීම සදහා අවසර ලබාදීමට විදේශ අමත්‍යංශය කටයුතු කිරීමයි.

එම කමිටුව ඇමිණීම කෙරෙහි ආණ්ඩුවේම විවිධ පක්ෂ විරෝධය පල කිරීමේදීත් විදේශ අමත්‍යංශය ත්‍රිපුද්ගල කමිටුවට ලංකාවට පැමිණීමට ඉඩ දීම පසුපස රගපෑ ප්‍රධාන පුද්ගලයා වුයේ අන් කවරෙකුවත් නොව මෙයට පෙර අප විසින් හෙළි කල අරලිය ගහ මැදුරේ සර්පයානොහොත් සජින් වාස්ය.

පසුගියදා ජනාධිපතිවරයා සජින් වාස් අධීක්ෂණ මන්ත්‍රී ධුරයට පත් කිරීමත් සමගම ඔහුට උපදෙස ලැබුනේ ජාත්‍යන්තර ප්‍රජාව සමග පවතින මතබෙදකම් හැකිතාක් දුරට අවමකර ගැනීමටත් බටහිර රටවල් සමග මිතුරු කමක් ගොඩ නැගීමටත් කටයුතු කරන ලෙසටයි.

ඒ අනුව සජින් අධීක්ෂණ මන්ත්‍රී ධුරය බාරගත් සැනින් කලේ විද්වත් කමිටුවට ශ්‍රීලංකාවට පැමිණීමට අවස්ථාවක් ලබාදීම මගින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සුහදතාවයක් ගොඩ නාග ගැනීමට උත්සහ කිරීමයි.නමුත් සජින්ගේ මෙම වෑයමට මුලින්ම විරෝධය එල්ල වුනේ විමල් වීරවන්ශගෙනි.

ජ.නි.පෙ සාමාජික පියසිරි විජේනායක පසුගිය ද පුවත්පත් සාකච්චාවක් කැදවමින් කියා සිටියේ විදේශ අමාත්‍යංශයට කොටි රිංගගෙන ඇති බවත් එම දේශ ද්‍රෝහීන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසටය.ඒ අනුව මේ වන විට මුන්ගේ කමිටුවට ලංකාවට ඉඩ දීම තුල සජින් හා විමල් අතර සිතල යුද්ධයක් හටගෙන ඇත.

මේ දවස් වල අපට මාරාන්තික සතිය එහෙමත් නැත්නම් Dead Week එක උදා වෙලා තියෙන්නේ . Dead Week එක කියන්නෙ විභාගයට කලින් පාඩම් කරන්න කියලා දෙන අධ්‍යයන නිවාඩුවට.මෙහේ කට්ටිය ඔය නිවාඩුවට තමයි Dead Week එක කියලා කියන්නේ. මුලු සමාසිකය පුරාම පිස්සු නටලා විභාගේ ලග උනාම තමයි රත් වෙලා පාඩම් කරන්න ගන්නේ. එතකොට මැරීගෙන පාඩම් කරනවා ඒක හින්දම වෙන්ටෑ මේ අධ්‍යයන නිවාඩුවට Dead Week එක කියලා කියන්නේ ලබන සතියේ තමයි අපට විභාගේ තියෙන්නේ. උදේ ඉදන් පාඩම් කරලා පොඩි කම්මැලිකමක් හිතුනා.

ඒ හින්දා බ්ලොග් කියවන්න කියලා ආවා.නිකමට වගේ බ්ලොග් සටහනක් දැම්මොත් හොදයි කියලා හිතුන හින්දා මොනවහරි ටයිප් කරන්න ගත්තා. ටයිප් කරන්න ගත්තට මොකද මුකුත් හිතට එන්නෙම නෑ. ඔහොම ටික වෙලාවක් කල්පනා කර කර ඉන්නකොට තමයි මතක් උනේ මං ඒ කාලේ ගැනු ළමයෙක් ට ලියපු කවි ටිකක්.


කම්පියුටර් එක පීරලා වගේ හොයා ගත්තා ඒ කවි ටයිප් කරපු වර්ඩ් ෆයිල් එක. මං කවි ටික ලිව්වට මොකෝ තාම දී ගන්න බැරි උනා. (ඒකනේ තාමත් ඔටු ජීවිතය ගත කරන්නේ ) මේකත් හරියට අපේ දනා ලියන නඟේ නුඹට නොකියු කවි වගේ එකක්. බාග දා මේ කවියත් ඒකා පොතට දාල ද දන්නෙ නෑ.

පහලින් තියෙන්නේ මම ලියපු කවි පේලි ටික. කියවලා හොද නරක සටහන් කරලම යන්නකෝ. ඒක මට ලොකු ශක්තියක්. කවි ටික මෙලෝ රහක් නැත්නම් ඒකත් සටහන් කරලා යන්න.

මගේ කවිය ඔබ වෙන්න...

අදුරු රැය බබලන්න
සිත් අහස එලි වෙන්න
මගේ සිත නැල වෙන්න
තව ටිකක් හිනහෙන්න

තොදොල් බස් තෙපලන්න
තව ටිකක් ලංවෙන්න
උනුහුමට ගුලි වෙන්න
පැතුම් මල් පුබුදින්න

සිහිනයෙන් දැක ගන්න
තව වරක් ඔබ එන්න
ආදරය පුද දෙන්න
මගේ කවිය ඔබ වෙන්න..




නඟේ නුඹට නොකියු කවි


මේ දවස්වල අපේ දනා නඟේ නුඹට නොකියූ කවි කියලා කවි පොතක් ලියනවා. මමත් දනාලගේ පැත්තේ ගියා කවි පොතේ ප්‍රගතිය බලන්න. පොරත් බැහැලම වැඩ. දනා ලියන කවි වලට මොකක් හරි කතාවක් පාදක වෙනවා. සමහර විට ඒකාටම වෙච්ච සිද්ධියක් නැත්නම් බැච් එකේ කාටහරි වෙච්ච සිද්ධියක්, ඔයවගේ දේවල් පාදක කරගෙන තමයි ඒකා කවි ලියන්නේ.

මමත් එහේ ගිය වෙලාවක කවි ටිකක් ඉල්ලුවා මගේ බ්ලොග් එකේ දාන්න. අපරාදේ කියන්න බෑ මට කවි දෙක තුනක්ම ලැබුනා. ඉතින් දනාගේ ඉල්ලීම පරිදි ඒ කවි පහලින් පල කරනවා.


වස්සානය වූවා නම් නුඹ .....

සදවතිය නුඹ ...
අදුරු අහසේ තනිව දිලෙනා
තරුවක තනිකම දුරලන

ලතා මඩලකි නුඹ ....
අහස සිසාරා වැඩෙන
ගසකට ලස්සන ගෙනදෙන

දිය දෝතකි නුඹ...
සිසිලස සොයමින් ඉකිබිදිනා
මිහිමඩලක පිපාසය දුරලන

පබවත නුඹ ...
සෙනෙහස සොයමින් යන
සිතකට කවිත්වය ගෙන දෙන

පබැදුම - දමිත් ධනංජය


ඔය ඉහලින් තියෙන කවිය ලියන්න පාදක උනේ, දනා කාලයක් නුවර උසස් බාලිකාවෙන් ආපු නංගි කෙනෙක්ට හිතෙන් ආදරය කරන්න (හිතෙන් විතරයි. මේ වෙනකන් වචනයක්වත් කතා කරලා නෑ.) පටන් ගත්ත කාලේ. ඔය අන්තිම කවියෙන් කියවෙන්නේ ''පබවත'' කියලා ඒක තමයි ඒ නංගිගේ කාඩ් එක (පබාවතී) . නමුත් ඒ නංගි ටිකක් ආඩම්බර කාරී ඒ නිසා මේ වැඩේ හරි යන්නේ නෑ කියලා උෟටම හිතුනා ඒ නිසාමද මංදා ඒකා වැඩේ අතෑරලා දැම්මා.

දනා ගැන පොඩි සදහනක් දාලම ඊලග කවියට යමුකෝ. දනා කියන්නේ පුදුම විදිහට ආත්ම විශ්වාශයක් තියෙන කොල්ලෙක්. මොන ප්‍රශ්නය තිබ්බත් කවදාවත් සැලෙන්නේ නැතිව හිටපු කොල්ලෙක්. මොනදේ උනත් තමන්ගේ වැඩ, පාඩු කරගන්නේ නැතිව කරන අනුන්ට කිසිම කරදරයක් නැති කොල්ලෙක්. මමත් ඒකව ආදර්ශයට අරගෙන හැදෙන්න කියලා බැලුවා.

ම්........ වැඩේ අමාරුයි. මම පොඩි ප්‍රශ්නයක් ආවත් ''දඩස්'' ගාලා කඩාවැටෙනවා හරියට නිකං පෙන්ටගනයට බෝම්බ ගැහුවා වගේ. ඒ වෙලාවට ඉතින් අම්මාගේ සරණ තමයි. අම්මා තමයි මගේ හිත හදලා ආයෙත් තිබ්බ තැනට හිත ගෙනත් තියන්නේ. අම්මා නැති දාක..... (අම්මෝ මං නම් ඒ ගැන හිතන්නවත් කැමති නෑ.....)

හිරුට ලෙන්ගතු නම්

අඳුරු රැයෙක
රැයෙහි අහසම
සදක් පායා , නොකියාම පායා

ලෙන්ගතු විලසින්
හිරු දෙසම නෙතු යොමා
විකසිත වන පියුමක්... ලෙස
පිපිද හිනහෙන නෙළුම් මලේ... සුදු නෙළුම් මලේ

පාළු අදුර මකා දමා
සදවත පායා..... ගෙමිදුල
නිතරම නෙත අයා සිටි.....
ලෙන්ගතුකම විඳගන්නට
සඳවතියේ පියකරු ..... සඳවතියේ.....


හිරුට ලෙන්ගතු නම්
මෙතරම්ම......
අරුණලු ගෙනෙන්නම්
නුඹ ලඟටම වී
විකසිත වී හිනැහෙන්න
අදත් නුඹ.....
එදා විලසින්ම.....

පබැඳුම - දමිත් ධනංජය

ජනප‍්‍රිය ගායන ශිල්පී ග්‍රේෂන් ආනන්ද මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. ග්‍රේෂන් ආනන්ද මහතා පසුගිය දින කිහිපය තුළ රෝගීව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය. බිළිඳුනේ දරුවනේ, ඉපදී ලෝවේ, හිතුමතේ ජීවිතේ, සිහින අහසේ වසන්තේ සහ හිමරේනු වැටෙනා ඇතුළු ජනප්‍රිය ගී රැසක් ගායනා කර ඇති ‍ග්‍රේෂන් ආනන්ද මහතා දක්ෂ සංගීත අධ්‍යක්ෂවරයෙකු ද වේ

Manchee Ridee Rayak 8 ( 2010 ) with Roshan , Nehara ,Lahiru ,Tennison and lot of Sri lankan actors and actresses.
Watch 'Ridee Rayak' Show on the 2nd January 2011, Rupavahini





































________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow

Puduma Dewal

Recent Comments

Ads

Gossip Posts

Gossip Posts

ZODIAC ADA DAWASA | අද දවස

මේෂ
වෙනදාට වඩා ගමන් බිමන් අධිකය. පදිංවියේ වෙනසක් වීමටද ඉඩක් ඇත. දුර බහැර සිටින අය පෞද්ගලිකවම හමුවීම හෝ වෙනත් මාර්ගවලින් සබඳතා පවත්වයි. ව්‍යාපාර කටයුතුවලදී පාඩු සිදුනොකරගන්න.

වෘෂභ
කෙසේ හෝ අතමිට මුදල් ගැවසේ. නමුත් වියදම පාලනය කරගැනීම අපහසුය. ඔබගේ ආරක්ෂාව ගැන පමණක් නොව වෙනත් දේපළ හා මුදල්ද ප්‍රවේශම් කරගැනීම ප්‍රයෝජනවත්ය.

මිථුන
ඔබගේ බොහෝ කටයුතු වලදී අවිනිශ්විත ස්වභාවයක් ඇතිවීමේ ඉඩ ඇති බැවින් අමතර උනන්දුවකින් කටයුතු කිරීමෙන් සියළු කටයුතු සාර්ථක කරගත හැක. රැකියා අංශයේ වෙනසක් සිදුවෙතත් ඉන් අවාසියක් සිදුනොවේ.

කටක
අධික කාර්යබහුල ස්වභාවයක් පවතී. ආයෝජනයක් ලෙස හෝ තම අපේක්ෂාවක් වෙනුවෙන් අමතර මුදලක් වැයකිරීමට සිදුවේ. තම අභිමතය පරිදි බලාපොරොත්තු ඉටුකරගත හැක.

සිංහ
නෑදෑ හිතවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවේ. රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව සිටීමේ උවමනාවද සහිතය. සමාජ සබඳතා හෝ වෙනත් ගමන් බිමන් වලදී ඔබට අවාසිදායක අවස්ථාවන් ඇතිවීමේ ඉඩ ඇත.
කන්‍යා
සෑම කටයුත්තකදීම ප්‍රවේශම්කාරීවිය යුතුය. සුළු අතපසුවීමක් හෝ සිදුනොකිරීමට වගබලාගන්න. ඥාති මිත්‍රාදීන් වෙනදාට වඩා ඔබගේ නිවසට පැමිණෙනවා ඇත. නිර්මාණශීලී අංශයන්ට සුභ දවසකි.

තුලා
රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව පවුලේ හෝ වෙනත් බාහිර අවශ්‍යතාවයක් වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවිය හැක. අසනීපවීම් හෝ විරසකවීම් ඇතිවීමේ ඉඩ පිළිබඳව සැලකිලිමත්වීම ප්‍රයෝජනවත්ය.

වෘශ්චික
සෑම ක්ෂේත්‍රයකදීම දෙවරක් සිතා බලා කටයුතු කරන්න. අසල්වාසීන් හෝ පවුලේ අවශ්‍යතාවන් ගැන වෙහෙසීමට සිදුවේ. මුදල් පරදුවට තබා ක්‍රියා නොකරන්න.

ධනු
නිතර හමුනොවන හෝ ඈත එපිට සිටින අය සමග සබඳතා පැවැත්වීමට සිදුවේ. ලෙතරැයි ආදී කිසියම් අවිනිශ්විත මාර්ගයකින් අතට මුදල් ලැබීමේ ඉඩ ඇත. පවුලේකටයුත්තක් සඵල කරගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.

මකර
පවුලේ හෝ ගෙදරදොර අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. කෙසේ මුත් ඔබගේ ආදායම් තත්ත්වය යහපත්ය. කෙටි හෝ දීර්ඝ ගමන් බිමන් වෙනදාට වඩා බහුලවේ.
කුම්භ
ලියන කියන ආදී සහ සන්නිවේදන කටයුතුවලීද ප්‍රවේශම්විය යුතුය. ඔබගේ දිරිමත් බව කෙසේ හෝ සාර්ථක ප්‍රතිඵල අත්කර දේ. ආදායම් තත්ත්වයද සරුවන අතර සමාජ පිළිගැනීමකටද ලක්විය හැක.

මීන
පොදුවේ ගත්කල සුබ දවසකි. හෙළිකිරීමට අකැමති මාර්ගවලින් පවා ලාබ ප්‍රයෝජන අත්කරගැනීමට සමත්වේ. නමුත් අධික වියදම්ද සහිතය. කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුවූ අපේක්ෂාවක් ඉටුවීම නිසාද සහනය ඇතිවේ.

Archives