ශ්‍රී ලංකාව සංස්කෘතියෙන් මෙන්ම සදාචාරයෙන් තම සහකරු හෝ සහකාරියගෙන් පිට ලිංගික කටයුතු අනුමත නොකලත් ප්‍රසිද්දියේ මෙන්ම අප්රසිද්දීයෙත් මේ කටයුතු දිගින් දිගටම සිදු වන බව නොරහසක්. 23 වැනි දින කොළඹ පවුල් සංවිධාන සංගමය මගින් සංවිදානය කලප්රාදේශීය මාධ්‍යවේදීන්ව ඒඩ්ස් වෛරස පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් අමතමින් තම සහකරු හෝ සහකාරියගෙන් පිට ලිංගික කටයුතු වල එක් ප්‍රතිපලයක් හෙළිකරමින් ජාතික ලිංගාශ්‍රිත රෝග විශේෂඥ වෛද්‍ය සුජාතා සමරකෝන් මහත්මිය විසින් ප්‍රකාශ කර සිටියේපසුගිය සැප්තැම්බර් මාසය වනවිට මෙරට එච්. අයි. වී. ඒඩ්ස් ආසාධිත රෝගීන් 3000 ක පමණ සංඛ්‍යාවක් සිටින බවට තොරතුරු වාර්තා හෙළි කර ඇති බවත් එච්. අයි. වී. ඒඩ්ස් ආසාදිතය හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 212 ක සංඛ්‍යාවක් මියගොස් ඇති බව පැවසූ සමරකෝන් මහත්මිය ගර්භණී මව්වරුන් 50 දෙනකුට හා දරුවන් 46 දෙනකුට ද ආසාදිතය ශරීරගත වී ඇතැයි වැඩිදුරටත් කියා සිටියාය. දැන් වත් සිතන්නට කාලය එලබිලා නේද?
අමුතු කතාව
________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow
Post a Comment