Gossip Lanka News

Underground News from Sri Lanka

අමුතු කතාව

දූ දරුවන්ගෙන් පිරුණු නිවහනක සුන්දරත්වය කෙතරම් ද කියලා පසුගිය සතියේ අපි අත්වින්දා. මේ නිවෙසත් හැඩ කරන්නේ දියණියන් තුන්දෙනකුගෙන් සහ පුතකුගෙන්. මේකත් ආදරය වගේම සෙනෙහස පිරුණු සොඳුරු නිවහනක්.

මේ නිවෙසේ ගෘහමූලිකයා අපේ කලා ක්ෂේත්‍රයේ ජනපි‍්‍රය කෙනෙක්. සටන් කලාව, රංගනය සේම වෘත්තීය ජීවිතය හා දේශපාලන ක්‍රියාකාරකමුත් එක්ක කරට කර හැපෙමින්, දූ දරුවන් සිවු දෙනකුගේත්, නිවසේත් වගකීම් සමුදායක් කරට ගත් ඔහු සේනක විජේසිංහයි.

සේනකගේ ආදරණීය බිරිඳ නිරංජලා, දියණියන් තුන්දෙනා සහ පුතු මේ ගෙදර සාමාජිකයින්. නුගේගොඩ තලපත්පිටියේ පිහිටි මේ නිවහන සේනකගේ ස්ථිර පදිංචි ස්ථානය නොවෙයි.
සේනකගේත් - නිරංජලාගේත් උපන් ගම් ප්‍රදේශය වෙන්නේ කන්ද උඩරට මහනුවර. සේනක කලා ලෝකයේ කාර්ය බහුල වෙනවාත් සමඟම තමයි ඔවුන් අගනුවර පදිංචියට පැමිණ ඇත්තේ. මේ දෙන්නා විවාහ වී තිබෙන්නේ පේ‍්‍රම සබඳතාවයකින්. ඒ හමුවීම ගැන අපට කිව්වෙ නිරංජලා.
“මම ඉස්සර මහනුවර ඉන්ෂුවරන්ස් කොම්පැණි එකක වැඩ කළා. උදේ හවස කාර්යාලයට යනකොට එනකොට තමයි නුවර ටවුන් එකේදී සේනකව මුණ ගැහුණේ. එතකොට එයා ජනපි‍්‍රය නළුවෙක් නොවෙයි. ඒ වන විට ‘දඬුබස්නාමානයේ’ රඟපා තිබුණත් ඒක විකාශය වෙලා තිබුණේ නෑ. ඒ නිසා එයා නළුවෙක් කියලා මම කොහොමටවත් දැනගෙන හිටියේ නෑ.”
“සේනකට මම කැමැත්ත දුන්න දවසේ තමයි ‘දඬුබස්නාමානය’ විකාශය වුණේ. එයා මට මතකයි කිව්වා රෑට ගිහින් ටී. වී. එකේ මේ කතාව බලන්න කියලා. එතකොට තමයි දැනගත්තේ එයා නළුවෙක් කියලා.”
සේනක - නිරංජලා ආදරය ඵල දරලා 1996 දී මේ දෙන්නා එක වහලක් යටට වෙනවා. ඒ වෙනකොට සේනක ජනපි‍්‍රය නළුවෙක් වෙලා ඉවරයි. දෙන්නා පදිංචි වුණේ මැදවෙල සේනකගේ මහ ගෙදර. නිරංජලා කිව්වෙ සේනකට ඒ වෙනකොට ස්ථිර රැකියාවක් නොතිබුණු නිසා නිරංජලාගේ ගෙදරින් පොඩි අකැමැත්තකුත් තිබුණා කියලයි. ඒ වුණාට සේනකගේත් - නිරංජලාගේත් අතිනත ගැන්මට ඒක බාධාවක් වුණේ නෑ.
දැන් මේ දෙන්නා සිවු දරු මවුපිය යුවළක්. පවුලේ වැඩිමල් දෝණිය භාෂිනීට දැන් වයස අවුරුදු 12 යි. ඇය නුගේගොඩ සුජාතා බාලිකා විද්‍යාලයේ අටවෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා. දෙවැනි දියණිය නිත්‍යාට දැන් අවුරුදු 10 ක්. ඇයත් සුජාතා විද්‍යාලයේම 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා.
තුන්වැන්නියත් දියණියක්. ඇය ආකර්ෂා වයස අවුරුදු 6 යි. සුජාතා විද්‍යාලයේ පළවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා. දුවලා තුන්දෙනා ළඟට ලැබුණේ පුතෙක්. ඔහු තමයි මේ ගෙදර චණ්ඩියා. චවින් පුතුට තවම අවුරුදු 04 යි. එයත් මොන්ටිසෝරි යනවා.
වැලේ ගෙඩි වැලට බර නැති වුණාට උදේට ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙනකොට නම් මේ ගෙදර තිබෙන්නේ එකම යුද්ධයක් කියලා නිරංජලා කියන්නෙ. හතර දෙනෙක්ව සූදානම් කරන එක ලේසි පහසු නෑ. මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ නිරංජලාගේ අත් දෙකින්. පුංචි කාලේ නම් මේ ගෙදරත් උදව්වට අය හිටියත් දැන් නම් උදව්වට කවුරුවත්ම නැහැ කියලයි නිරංජලා කියන්නෙ.

“අපේ ගෙදර පාන්දරින්ම නැගිටින්නේ මම. උදේ පහ වෙනකොට නැගිටලා නිරංජලාටත් දරුවන්ටත් තේ හදන්නේ මම. ඊට පස්සෙ තමයි නිරංජලාට ඇහැරවන්නේ. එයා නැගිටලා තමයි උයන්න පිහින්න ගන්නේ. සේනක කිව්වෙ එහෙමයි. දරුවෝ ඉස්කොලෙට ගිහින් ඇරලුවට පස්සෙ තමයි ගෙදර ඉතිරි වැඩ කරන්නේ.

“ඇත්තටම කිව්වොත් සේනකගෙන් ගෙදර වැඩ වලටත්, දරුවන්ගේ වැඩ වලටත් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. නැත්නම් කොහොමද මම දරුවෝ හතර දෙනකුත් එක්ක මේ වැඩ ඔක්කොම කරන්නේ. මාර්කට් ගිහින් බඩු මුට්ටු ගේනව වගේම ගෙදර පරිපාලනය කරන්නෙත් සේනක. මම කරන්නේ ගෙදර ඉඳගෙන උයා පිහාගෙන දරුවන් බලාගෙන ඉන්න එක. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ගැන මම හොයලා බලනවා.”
“සේනකට කොච්චර වැඩ තිබුණත් දරුවෝ ගැන, මම ගැන හොයලා බලන්න, යුතුකම් ඉටු කරන්න එයා කොයි මොහොතකවත් අමතක කරන්නේ නෑ. අපි විවාහ වෙලා දැන් අවුරුදු 14 ක් වෙනවා. එදා මට මුණ ගැසුණු සේනකම තමයි අදත් ඉන්නේ. ඒ ආදරේ පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ. ආපස්සට හැරෙත්දි මට ලොකු සතුටක් දැනෙනවා.
දරුවෝ හතර දෙනකුගේ අම්මා කෙනෙක් නේද කියලා. එයා මටයි දරුවන්ටයි කිසි දේකින් අඩුපාඩුවක් කරන්නේ නෑ. සේනකගේ සටන් කලා පන්ති මේ වන විට මහරගම, නුගේගොඩ සහ කිරිබත්ගොඩ පවත්වාගෙන යනවා. ඒ එක්කම ඔහු මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රචාරක නිලධාරියා ලෙසත් සේවය කරනවා.”
සටන් කලාව තුළින් දියුණු කරගත් මනසක් තිබෙන නිසා මේ හැම දෙයක්ම සමබරව කරගෙන යාමේ ශක්තිය මට තිබෙනවා. මේ කොයි දේත් මට අභියෝග නොවෙයි. ඉදිරියේදී චිත්‍රපට තුනක් කරන්නත් සැලසුම් කරගෙන ඉන්නවා. ඒ අතර සේනක තම ඉදිරි කටයුතු මතක් කර සිටිනවා.
සේනකගේත් - නිරංජලාගේත් එකම පැතුම යහපත් ගතිගුණ ඇති පුරවැසියන් ලෙසින් තමන්ගේ දරුවන් සමාජගත වෙනව දකින්න. ඊට අවශ්‍ය මඟ පෙන්වීම නිරතුරුවම ඔවුන් දරුවන්ට ලබා දෙනවා. සේනකගේ ලොකු දුවත් කලා හැකියාවන් රැසක්ම පිහිටලා තිබෙනවා. ඇයට හොඳට සින්දු කියන්න පුළුවන්. ඊට අමතරව පාසලේදී නාට්‍ය පිටපත් ලියන්නත් නාට්‍ය කරන්නත් ඇය සම්බන්ධ වෙනවා. සේනකගේ නාට්‍ය දෙකකම ඇය රඟපාලා තිබෙනවා.

0 comments

Post a Comment

________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow

Puduma Dewal

Recent Comments

Ads

Gossip Posts

Gossip Posts

ZODIAC ADA DAWASA | අද දවස

මේෂ
වෙනදාට වඩා ගමන් බිමන් අධිකය. පදිංවියේ වෙනසක් වීමටද ඉඩක් ඇත. දුර බහැර සිටින අය පෞද්ගලිකවම හමුවීම හෝ වෙනත් මාර්ගවලින් සබඳතා පවත්වයි. ව්‍යාපාර කටයුතුවලදී පාඩු සිදුනොකරගන්න.

වෘෂභ
කෙසේ හෝ අතමිට මුදල් ගැවසේ. නමුත් වියදම පාලනය කරගැනීම අපහසුය. ඔබගේ ආරක්ෂාව ගැන පමණක් නොව වෙනත් දේපළ හා මුදල්ද ප්‍රවේශම් කරගැනීම ප්‍රයෝජනවත්ය.

මිථුන
ඔබගේ බොහෝ කටයුතු වලදී අවිනිශ්විත ස්වභාවයක් ඇතිවීමේ ඉඩ ඇති බැවින් අමතර උනන්දුවකින් කටයුතු කිරීමෙන් සියළු කටයුතු සාර්ථක කරගත හැක. රැකියා අංශයේ වෙනසක් සිදුවෙතත් ඉන් අවාසියක් සිදුනොවේ.

කටක
අධික කාර්යබහුල ස්වභාවයක් පවතී. ආයෝජනයක් ලෙස හෝ තම අපේක්ෂාවක් වෙනුවෙන් අමතර මුදලක් වැයකිරීමට සිදුවේ. තම අභිමතය පරිදි බලාපොරොත්තු ඉටුකරගත හැක.

සිංහ
නෑදෑ හිතවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවේ. රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව සිටීමේ උවමනාවද සහිතය. සමාජ සබඳතා හෝ වෙනත් ගමන් බිමන් වලදී ඔබට අවාසිදායක අවස්ථාවන් ඇතිවීමේ ඉඩ ඇත.
කන්‍යා
සෑම කටයුත්තකදීම ප්‍රවේශම්කාරීවිය යුතුය. සුළු අතපසුවීමක් හෝ සිදුනොකිරීමට වගබලාගන්න. ඥාති මිත්‍රාදීන් වෙනදාට වඩා ඔබගේ නිවසට පැමිණෙනවා ඇත. නිර්මාණශීලී අංශයන්ට සුභ දවසකි.

තුලා
රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව පවුලේ හෝ වෙනත් බාහිර අවශ්‍යතාවයක් වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවිය හැක. අසනීපවීම් හෝ විරසකවීම් ඇතිවීමේ ඉඩ පිළිබඳව සැලකිලිමත්වීම ප්‍රයෝජනවත්ය.

වෘශ්චික
සෑම ක්ෂේත්‍රයකදීම දෙවරක් සිතා බලා කටයුතු කරන්න. අසල්වාසීන් හෝ පවුලේ අවශ්‍යතාවන් ගැන වෙහෙසීමට සිදුවේ. මුදල් පරදුවට තබා ක්‍රියා නොකරන්න.

ධනු
නිතර හමුනොවන හෝ ඈත එපිට සිටින අය සමග සබඳතා පැවැත්වීමට සිදුවේ. ලෙතරැයි ආදී කිසියම් අවිනිශ්විත මාර්ගයකින් අතට මුදල් ලැබීමේ ඉඩ ඇත. පවුලේකටයුත්තක් සඵල කරගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.

මකර
පවුලේ හෝ ගෙදරදොර අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. කෙසේ මුත් ඔබගේ ආදායම් තත්ත්වය යහපත්ය. කෙටි හෝ දීර්ඝ ගමන් බිමන් වෙනදාට වඩා බහුලවේ.
කුම්භ
ලියන කියන ආදී සහ සන්නිවේදන කටයුතුවලීද ප්‍රවේශම්විය යුතුය. ඔබගේ දිරිමත් බව කෙසේ හෝ සාර්ථක ප්‍රතිඵල අත්කර දේ. ආදායම් තත්ත්වයද සරුවන අතර සමාජ පිළිගැනීමකටද ලක්විය හැක.

මීන
පොදුවේ ගත්කල සුබ දවසකි. හෙළිකිරීමට අකැමති මාර්ගවලින් පවා ලාබ ප්‍රයෝජන අත්කරගැනීමට සමත්වේ. නමුත් අධික වියදම්ද සහිතය. කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුවූ අපේක්ෂාවක් ඉටුවීම නිසාද සහනය ඇතිවේ.

Archives