Gossip Lanka News

Underground News from Sri Lanka

අමුතු කතාව


ඔහු ගැන හඳුන්වාදීමට වැඩිය අටුවාටීකා අවශ්‍ය නැතැයි අපට හැඟේ. ඒ මන්ද යත් නම කියූ සැනින් ඔහුව හඳුනන නිසාය. අතුල අධිකාරි යන මේ නම ගැන අද දවසේ බොහෝ දෙනා බොහෝ දේ කතාබහ වෙනවා. ඒ ඔහුගේ ජීවිතයේ වෙනස්‌කම් ද සිදුවෙන්න යනවා කියන ආරංචියත් සමග. මේ කතාවල ඇත්ත නැත්ත දැනගන්න නම් ඔහුවම ඇමතිය යුතුය. මොකද කට කතා ගැන විශ්වාස කරන්න පුළුවන් කමක්‌ නැති නිසා. ඒ හින්දා අපි අතුලට කතා කළා.
මේ දවස්‌වල කාලය වැයකරන්නේ මොනවගේ වැඩවලටද?
ගොඩක්‌ම දෙරණ ඩී්‍රම් ස්‌ටාර් වැඩසටහනේ සංගීත අධ්‍යක්‍ෂණයට තමයි කාලය වැය කරන්නේ. කොහොමටත් තව මාස පහ හයක්‌ ඒ සමග වැඩකරන්න වෙයි.
කොහොමද ඩී්‍රම් ස්‌ටාර් තරගකරුවන්ගේ හැකියාවන් ?
සීසන් 1, සීසන් 2, සීසන් 3 වැඩසටහන් තුනේම දක්‍ෂ අය ඉන්නවා. පළවෙනි වැඩසටහනේ උදේෂ්, දෙවැනි වැඩසටහනේ උපේඛා තමයි ඩී්‍රම් ස්‌ටාර් වුණේ. ඇතත්ටම බලාපොරොත්තු වෙච්ච විදිහට ඒ ගොල්ලන්ට ඩී්‍රම් ස්‌ටාර් වෙන්න පුළුවන් වුණා. ඔවුන් ගොඩක්‌ දක්‍ෂයි.
ඔබ අලුත් ගීත කරන්න බලාපොරොත්තුවක්‌ නැද්ද?
සින්දු දෙකක්‌ කරලා තිබෙනවා. ජනවාරි වෙනකොට ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. ඩී්‍රම් ස්‌ටාර් නිසා ටිකක්‌ කාර්ය බහුලයි. ඒකයි ප්‍රමාද.
ගීත එකතුවක්‌ කරන්න කාලය හරි කියලා හිතෙන්නේ නැතිද?
ඔව්. ඊ මේල් කවිකාරි ගීත එකතුව කළේ 2005 වසරේදී. ඒක කළාට පස්‌සේ එක ගීතයක්‌වත් කළේ නැහැ. ලබන අවුරුද්දේ මාර්තු වෙන්න ඉස්‌සෙල්ලා කොහොම හරි ගීත එකතුවක්‌ කරනවා.
සන්ෆලවර් එක්‌ක හිටපු කාලේ හා ඉන් ඉවත්වීමට ගත් තීරණ ගැන මොකද හිතන්නේ ?
සන්ෆලවර් සමග හිටපු කාලය තමයි සුන්දරම කාලය. අවුරුදු පහළොවේදී විතර තමයි සන්ෆලවර් කණ්‌ඩායමට එකතු වුණේ. ඒ කාලේ ඉඳන් අද වෙනකම් සංගීත ක්‍ෂේත්‍රයේ ඉන්නවා. සන්ෆලවර් සමග අවුරුදු දහතුනක්‌ වැඩකළා.
සන්ෆලවර් කණ්‌ඩායමෙන් ඉවත්වුණේ තමන්ට කියලා දෙයක්‌ ගොඩනගාගන්නද?
නැහැ. විවාහයෙන් පස්‌සේ තමයි මම සන්ෆලවර් කණ්‌ඩායමෙන් ඉවත් වුණේ. එතකං අයින්වෙන්න අදහසක්‌ තිබ්බේ නැහැ.
අද වෙනකොට සන්ෆලවර් කණ්‌ඩායම ගැන මොකද හිතෙන්නේ ?
2010 වසර වෙනකොට සන්ෆලවර් කණ්‌ඩායමට වසර තිහක්‌ විතර වෙනවා. සාමාන්‍යයෙන් සංගීත කණ්‌ඩායමක්‌ අවුරුදු තිහක්‌ විතර එකට ගමන් කරනවා කියන්නේ සෑහෙන අමාරු කාර්යයක්‌. නීල්ගේ කළමනාකරණය නිසා තමයි සන්ෆලවර් මේ තත්ත්වයෙන් ඉන්නේ.
නිහඬව ඉන්න උත්සාහ කළත් අතුලගේ රසිකයන් ඔබ ගැන තොරතුරු හොයන බව ඔබ දන්නවාද?
මම කොහොමටත් ඉස්‌සර ඉඳන් ටිකක්‌ නිහඬව ඉන්න කැමැති චරිතයක්‌. සෙනඟ අතරට යන්න එච්චර ආසා නැහැ. කොහොම වුණත් රසිකයන් ඉන්නවා කියලා දැනටත් තේරෙනවා. ඒක වෙනසක්‌ වෙලා නැහැ.
ඔබගේ ජීවිතයේ වෙනසක්‌ වෙන්න යන බව ආරංචියි ?
පුද්ගලික දේවල් තිබෙනවා. ඒක ඉදිරියේදී දැනගන්න පුළුවන් වේවි.
ඒ ගැන කියන්න අකමැතිද?
දැනට නම් විශේෂත්වයක්‌ නැහැ. සාමාන්‍ය විදිහට වැඩකටයුතු කරගෙන යනවා. ඉදිරියේදී වෙනසක්‌ වුණොත් කියන්නම්.
ඒ කියන්නේ ඉදිරියේදී අතුලගෙ ජීවිතයේ වෙනසක්‌ වෙනවා කියන එකනෙ?
කියන්න බැහැ.
ජනප්‍රියත්වය කියන දෙය ඔබේ ජීවිතයට හොඳට මෙන්ම නරකටද හිටිනවා නේද?
මෙහෙමයි. ජනප්‍රිය වුණහම සමහර දේවල් ගොඩක්‌ ඉක්‌මනට මිනිස්‌සු අතරට යනවා. කරපු දෙවල් හෝ නොකරපු දේවල් ඒ අතර තිබෙනවා . මේ වගේ ප්‍රශ්න සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිතවල ඕනෑ තරම් තිබෙනවා. ජනප්‍රිය වුණහම තමයි ඒක ඉක්‌මනට ජනප්‍රිය වෙනවා. ඒ නිසා එවැනි ප්‍රශ්නයක්‌ තිබෙනවා. නමුත් ජනප්‍රියවීම ගැන මගේ කනගාටුවක්‌ නැහැ. ඒක ලොකු ප්‍රශ්නයක්‌ වෙලත් නැහැ.
ඔබේ ජීවිතයේ පසුතැවීම් වන අවස්‌ථා තිබෙනවාද?
කන්දක්‌ නැග්තොත් පල්ලමක්‌ බහින්න වෙනවා කියන දෙය වගේම ජීවිතයේදී ද සතුට වගේම දුක්‌වෙන අවස්‌ථාත් තිබෙනවා. ඒක තමයි සාමාන්‍ය ජීවිතයේ හැටි. ඒ නිසා මම වැඩිපුර සන්තෝෂයෙන් ඉන්නේ නැහැ.
මේ සියලු හැල හැප්පීම් මැද ඔබ ජීවිතය තේරුම් ගත් ආකාරය මොනවගේද?
ජීවිතය කොහොමත් කරදරයක්‌නෙ. බුදුන්ගේ දහමේ කියල තියෙන්නේ උපතේ සිට මිනිසා දුක්‌විඳිනවා කියලයි. ඒකෙන් එතෙර වෙන්න කියලනේ නිවන් සුව ප්‍රාර්ථනා කරන්නේ. පෘථග්ජන මිනිස්‌සු හැටියට මහණ වුණා වගේ ජීවත්වෙන්න බැහැ. ජීවිතය සුන්දරයි කියලා හිතාගෙන ජීවත් වෙනවා.
අතුලට ආදරය කරන රසිකයන් සමහර සිදුවීම්වලට දුක්‌වුණා කියල හිතන්නේ නැතිද?
රසිකයන්ට ඕන විදිහට මට ගීත නිර්මාණය කරන්න පුළුවන්. නමුත් පුද්ගලික ජීවිතයේදී තව කෙනෙකුට ඕන විදිහට ජීවත්වෙන්න අමාරුයි. එතකොට මට පුද්ගලික තීරණ ගන්න අමාරු වෙනවා.
ඔබේ ඉදිරි සැලසුම් මොනවාද?
සංගීත ක්‍ෂේත්‍රයේ සින්දු කියන්න පුළුවන් තරම් සින්දු කියනවා. එහෙම බැරිවුණ කාලෙට ක්‍ෂේත්‍රයෙන් අයින්වෙනවා.
ආයේ රඟපාන්න අදහසක්‌ නැතිද?
කියන්න බැහැ. දැනට ටෙලි නාට්‍ය දෙකකයි, චිත්‍රපටයකයි රඟපාලා තිබෙනවා. ඉදිරියේදී අවස්‌ථාවක්‌ ආවොත් යළි රඟපානවා. හැබැයි වෘත්තීය වශයෙන් නම් නෙමෙයි.
දිනේෂ් විතාන
ඡායා – නිශාන් එස්‌. ප්‍රියන්ත

0 comments

Post a Comment

________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow

Puduma Dewal

Recent Comments

Ads

Gossip Posts

Gossip Posts

ZODIAC ADA DAWASA | අද දවස

මේෂ
වෙනදාට වඩා ගමන් බිමන් අධිකය. පදිංවියේ වෙනසක් වීමටද ඉඩක් ඇත. දුර බහැර සිටින අය පෞද්ගලිකවම හමුවීම හෝ වෙනත් මාර්ගවලින් සබඳතා පවත්වයි. ව්‍යාපාර කටයුතුවලදී පාඩු සිදුනොකරගන්න.

වෘෂභ
කෙසේ හෝ අතමිට මුදල් ගැවසේ. නමුත් වියදම පාලනය කරගැනීම අපහසුය. ඔබගේ ආරක්ෂාව ගැන පමණක් නොව වෙනත් දේපළ හා මුදල්ද ප්‍රවේශම් කරගැනීම ප්‍රයෝජනවත්ය.

මිථුන
ඔබගේ බොහෝ කටයුතු වලදී අවිනිශ්විත ස්වභාවයක් ඇතිවීමේ ඉඩ ඇති බැවින් අමතර උනන්දුවකින් කටයුතු කිරීමෙන් සියළු කටයුතු සාර්ථක කරගත හැක. රැකියා අංශයේ වෙනසක් සිදුවෙතත් ඉන් අවාසියක් සිදුනොවේ.

කටක
අධික කාර්යබහුල ස්වභාවයක් පවතී. ආයෝජනයක් ලෙස හෝ තම අපේක්ෂාවක් වෙනුවෙන් අමතර මුදලක් වැයකිරීමට සිදුවේ. තම අභිමතය පරිදි බලාපොරොත්තු ඉටුකරගත හැක.

සිංහ
නෑදෑ හිතවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවේ. රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව සිටීමේ උවමනාවද සහිතය. සමාජ සබඳතා හෝ වෙනත් ගමන් බිමන් වලදී ඔබට අවාසිදායක අවස්ථාවන් ඇතිවීමේ ඉඩ ඇත.
කන්‍යා
සෑම කටයුත්තකදීම ප්‍රවේශම්කාරීවිය යුතුය. සුළු අතපසුවීමක් හෝ සිදුනොකිරීමට වගබලාගන්න. ඥාති මිත්‍රාදීන් වෙනදාට වඩා ඔබගේ නිවසට පැමිණෙනවා ඇත. නිර්මාණශීලී අංශයන්ට සුභ දවසකි.

තුලා
රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව පවුලේ හෝ වෙනත් බාහිර අවශ්‍යතාවයක් වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවිය හැක. අසනීපවීම් හෝ විරසකවීම් ඇතිවීමේ ඉඩ පිළිබඳව සැලකිලිමත්වීම ප්‍රයෝජනවත්ය.

වෘශ්චික
සෑම ක්ෂේත්‍රයකදීම දෙවරක් සිතා බලා කටයුතු කරන්න. අසල්වාසීන් හෝ පවුලේ අවශ්‍යතාවන් ගැන වෙහෙසීමට සිදුවේ. මුදල් පරදුවට තබා ක්‍රියා නොකරන්න.

ධනු
නිතර හමුනොවන හෝ ඈත එපිට සිටින අය සමග සබඳතා පැවැත්වීමට සිදුවේ. ලෙතරැයි ආදී කිසියම් අවිනිශ්විත මාර්ගයකින් අතට මුදල් ලැබීමේ ඉඩ ඇත. පවුලේකටයුත්තක් සඵල කරගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.

මකර
පවුලේ හෝ ගෙදරදොර අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. කෙසේ මුත් ඔබගේ ආදායම් තත්ත්වය යහපත්ය. කෙටි හෝ දීර්ඝ ගමන් බිමන් වෙනදාට වඩා බහුලවේ.
කුම්භ
ලියන කියන ආදී සහ සන්නිවේදන කටයුතුවලීද ප්‍රවේශම්විය යුතුය. ඔබගේ දිරිමත් බව කෙසේ හෝ සාර්ථක ප්‍රතිඵල අත්කර දේ. ආදායම් තත්ත්වයද සරුවන අතර සමාජ පිළිගැනීමකටද ලක්විය හැක.

මීන
පොදුවේ ගත්කල සුබ දවසකි. හෙළිකිරීමට අකැමති මාර්ගවලින් පවා ලාබ ප්‍රයෝජන අත්කරගැනීමට සමත්වේ. නමුත් අධික වියදම්ද සහිතය. කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුවූ අපේක්ෂාවක් ඉටුවීම නිසාද සහනය ඇතිවේ.

Archives