Dec
31
ප්‍රවීන සිනමා නිලි මාලනී ෆොන්සේකා මහත්මිය ලාංකීය සිනමාවට දශක ගණනාවක් පුරා කරන ලද සේවය ඇඟයීමට ලක්කරමින් අතිවිශේෂ සිනමා උත්තමචාර උළෙලක් එංගලන්තයේ කිංග්ස්බරිනුවර සංවිධානය කර ඇත. එහි සංවිධායක මණ්ඩලය විසින් අප වෙත එම උළෙල පිළිබදව දැනුවත් කරමින් වාර්තාවක් යොමු කර ඇති අතර එය සම්පූර්ණයෙන් පහත පළවේ.හෙළ සිනමාවේ නිලි රැජින ලෙස කිරුල පලන් අග්‍රගන්‍ය සිනමා නිළි මාලනී ෆොන්සේකා මහත්මිය මේ දිනවල එංගලන්තයේ ලන්ඩන් නුවරට පැමිණ සිටී. ඒ ඇය විසින් සිනමා ෙකෂ්ත්‍රයට දශක ගණනාවක් පුරා සිිට සිදු කරන ලද අනුපමේය සේවයට පිදෙන සිනමා අතිවිශේෂ උත්මචාර උළෙල වෙනුවෙනි.

Post a Comment