Dec
27

ලෝකයේ මිල අඩුම මෝටර් රථය වන ටාටා නැනෝ මෝටර් රථයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතිව තිබෙන ප්‍රශ්න හමුවේ එහි අලෙවිය ගිය මාසයේදී සියයට 85 කින් අඩුවී විකුණා ඇත්තේ කාර් 509 ක් බව වාර්තාවේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙය මෙම මෝටර් රථය වෙළඳපොළට ඉදිරිපත් කිරීමෙන් පසුව මසකදී වාර්තා වූ අඩුම අලෙවිය බවයි.
ඩොලර් 2,500 මිලකට වෙළඳපොළට නිකුත් කෙරුණු මෙම මෝටර් රථය උණු කැවුම් මෙන් අලෙවි වනු ඇතැයි එවකට විශ්වාසය පළ වුවත් මෙම මෝටර් රථ කිහිපයක් ගිනි ගැනීම නිසා එහි ආරක්ෂාව පිළිබඳව චකිතයක් ලෝකය පුරා පැතිර යාම මෝටර් රථය වඩාත් ප්‍රචලිත නොවීමට හේතුවිය.

Post a Comment