දෙසැ.28- මහරගම නගර සභාවේ අයවැය යෝජනා අද දෙවන වරටත් පරාජයට පත්විය.
අද පැවති ඡන්ද විමසීමේදී අයවැයට විරුද්ධව ඡන්ද 10 ලැබී ඇති අතර ඊට පක්ෂව හිමිව ඇත්තේ ඡන්ද 9 ක් පමණි.
එක් අයකු ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
තවත් මන්ත්‍රීවරු දෙදෙනෙක් ඡන්දය විමසන අවස්ථාවේ සභාවට පැමිණ නොසිටියහ.
පසුගිය 21වෙනිදා අයවැය යෝජනාවලිය පළමුවරට ඉදිරිපත් කළ අවස්ථාවේදී වැඩි ඡන්ද 3කින් එය පරාජයට පත්විය.
අද දෙවන වරටත් අයවැය ඉදිරිපත් කළ අවස්ථාවේ ඊට පක්ෂව ලැබුණේ ඡන්ද 09ක් පමණි.
අයවැයට විපක්ෂව ඡන්ද 10ක් හිමිවිය.
ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රිවරු පස්දෙනා සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරු තිදෙනා මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රිවරු දෙදෙනෙක් ද අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කළහ.
තවත් සන්ධාන මන්ත්‍රිවරයක් ඡන්දය විමසන අවස්ථාවේ සභාවෙන් පිටව ගොස් ඇති අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරු දෙදෙනෙක් අද සභාවට නොපැමිණියහ.
අනෙක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරු දෙදෙනා අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළහ.
මෙ අතර මහරගම නගර සභාවේ අයවැය යෝජනා දෙවන වරටත් පරාජයට පත්වීමෙන් පසු එහි නොසන්සුන් තත්ත්වයක් ඇති විය.
අයවැය පරාජයෙන් පසු නාගරික මන්ත්‍රිවරුන් කිහිපදෙනෙකුට පහරදීමක් වු බවටද චෝදනා එල්ල විය.
ඒ අතර ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රි රවීන්ද්‍ර වික්‍රමසිංහ මහතා පැවසුවේ, බස්නාහිර පළාත් අමාත්‍ය උපාලි කොඩිකාර මහතා තමන්ට පහරදුන් බවය.
එහෙත් තමන් කිසිවෙකුටත් පහර නොදුන් බව බස්නාහිර පළාත් සභා අමාත්‍ය උපාලි කොඩිකාර මහතා පැවසීය.
Post a Comment