Gossip Lanka News

Underground News from Sri Lanka

අමුතු කතාව

පසුගිය නොවැම්බර් 18 වනදා හම්බන්තොට වරාය ජනාධිපතිතුමා විසින් විවෘත කලේ ජනතාවගේ අතිමහත් බලාපොරොත්තු මැදය.

දවසකට නැව් 4ක් වත් ඒවි - විමල්
වරාය විවෘත කිරීමට පෙර විමල් වීරවංශ ඇමති තුමා ඔහුගේ කතාවකදී කියා සිටියේ හම්බන්තොට වරාය පසුකරගෙන දිනකට නැව් 400 ක් පමණ යන බවත් එයින් දිනකට නැව් 4 ක් වත් මාගම්පුර වරාය විවෘත කල පසු  වරායට පැමිණෙනු ඇති බවය.

ආපූ නැව් සේරම ලංකාවේ නැව් 
එහෙත් අද වන විට තත්වය එසේ නොවේ.මෙතෙක් වරායට පැමිණ ඇති සියලුම නැව් ලංකාවේ නැව් ය.මුලින්ම පැමිණියේ ශාන්ත ගෝමස්‌ මහතාට අයති "සේරුවිල" නම් නමැති නැව අතර එය පිටු පසින් පැමිණියේ නාවික හමුදාවට අයත් "ජෙට්‌ ලයිනර්" නෞකාවයි. තුන්වැනියට එහි පැමිණියේ වරාය අධිකාරියට අයත් කෝටි ගණනක් දී වරාය විවෘත කිරීම සදහා සැරසු "ප්‍රදීපා" නමැති බෝට්‌ටුවයි.

නමුත් ආණ්ඩුව දිගින් දිගටම කියා සිටියේ පලවෙනි නැව දෙසැම්බරයේ පැමිණෙන බවයි.එසේ නැව් පැමිණීමට වරායට විශේෂ දිනයක් ,මාසයක් අනවශ්‍ය අතර අදාල නීතිමය සුදුසුකම් සපුරා ඇත්නම් ඕනෑම මොහොතක අදාළ අවසරය ඇතුව නැවකට වරායට ඇතුල් විය හැකිය.මාගම්පුර වරායට නැව් නොපැමිණීම පිටුපස ඇති කාරණය වන්නේද වරායක තිබිය යුතු නීතිමය සුදුසුකම් සපුරා නොතිබීමයි.



බ්‍රිටිෂ් ඇඩ්මිරල්ටි/ISP සහතිකය/වරායේ සිතියම තාම නෑ
ප්‍රධානම කාරණය වන්නේ නාවික නිතිය අනුව වරායක් විසින් ලබාගත යුතුව තිබෙන "බ්‍රිටිෂ් ඇඩ්මිරල්ටි" සහතිකය මාගම්පුර වරාය වෙත මෙතෙක් නොලැබීමයි.ලොව නැව් ගමන් ගන්න සියලුම නැව් "බ්‍රිටිෂ් ඇඩ්මිරල්ටි"සහතිකය යටතේ සිතියම් කරනු ලැබෙනු අතර වරායකට එය ලබාගැනීම නීතිමය අවශ්‍යතාවයක්ද වෙයි. 
"බ්‍රිටිෂ් ඇඩ්මිරල්ටි" සහතිකය නිකුත් කරනු ලබන්නේ අදාළ රටේ නාවුක බලධාරීන් විසින් නිසි මැනුම් කටයුතු නිම කර වරායේ යෝග්‍යතාව සහතික කිරීමෙන් පසුවයි. තවද වරාය සම්පුර්ණ කිරීමෙන් පසු වරායේ සිතියමක් නිකුත් කල යුතු වන අතර මාගම්පුර වරාය එය මෙතෙක් ඉදිරිපත්කොට නෑ.

තවත් නීතිමය අවශ්‍යතාවයක් වන වරාය සුරක්ෂිත බව තහවුරු කරන International Ship and Port Security Certificate සහතිකයද මාගම්පුර වරායට මෙතෙක් ලැබී නැහැ. 


බලෙන් නැව් ගෙන්වා ගැනීම

මෙම අවශ්‍යතා හැකි ඉක්මනින් සපුරා ගැනීම වෙනුවට රජය කරන්නේ බලෙන් නැව් වරායට ලගා කර ගැනීමටයි. චීනයේ සිට පොහොර ටොන් 12,000 කට වැඩි ප්‍රමාණයක්‌ පටවාගත් නැවක්‌ හම්බන්තොට වරායට යොමු කිරිමට රජය තීරණය කලා.නමුත් මාගම්පුර වරායේ ගැටළුකාරී තත්වය නිසා මුළු පොහොර තොගයම කොළඹ වරායේ ගොඩ බෑමට සිදු වුනා. 


ආසියාවේ ආශ්චර්ය කරමු
මෙම වරාය තැනීමේ නියමුවා වූ ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා වරාය ක්‍රේශ්ත්‍රය පිළිබද ප්‍රවීනයෙක් මෙන්ම උපාධිධාරියෙක්ද වනවා.නමුත් මෙවැනි ප්‍රබල දුර්වලතා එතුමාට මග හැරීමට නොහැකිවීම පුදුමයට කරුණක්.වඩා වැදගත් වන්නේ ජනතාවට පෙනෙන්න මාගම්පුර වරායට නැව් ගෙන්වීම නොව අවශ්‍ය නිත්‍යානුකුල පසුබිම සකස් කරගෙන වරායට කල ආයෝජනයේ ප්‍රතිලාභ ලබා ගැනීමයි.

0 comments

Post a Comment

________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow

Puduma Dewal

Recent Comments

Ads

Gossip Posts

Gossip Posts

ZODIAC ADA DAWASA | අද දවස

මේෂ
වෙනදාට වඩා ගමන් බිමන් අධිකය. පදිංවියේ වෙනසක් වීමටද ඉඩක් ඇත. දුර බහැර සිටින අය පෞද්ගලිකවම හමුවීම හෝ වෙනත් මාර්ගවලින් සබඳතා පවත්වයි. ව්‍යාපාර කටයුතුවලදී පාඩු සිදුනොකරගන්න.

වෘෂභ
කෙසේ හෝ අතමිට මුදල් ගැවසේ. නමුත් වියදම පාලනය කරගැනීම අපහසුය. ඔබගේ ආරක්ෂාව ගැන පමණක් නොව වෙනත් දේපළ හා මුදල්ද ප්‍රවේශම් කරගැනීම ප්‍රයෝජනවත්ය.

මිථුන
ඔබගේ බොහෝ කටයුතු වලදී අවිනිශ්විත ස්වභාවයක් ඇතිවීමේ ඉඩ ඇති බැවින් අමතර උනන්දුවකින් කටයුතු කිරීමෙන් සියළු කටයුතු සාර්ථක කරගත හැක. රැකියා අංශයේ වෙනසක් සිදුවෙතත් ඉන් අවාසියක් සිදුනොවේ.

කටක
අධික කාර්යබහුල ස්වභාවයක් පවතී. ආයෝජනයක් ලෙස හෝ තම අපේක්ෂාවක් වෙනුවෙන් අමතර මුදලක් වැයකිරීමට සිදුවේ. තම අභිමතය පරිදි බලාපොරොත්තු ඉටුකරගත හැක.

සිංහ
නෑදෑ හිතවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවේ. රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව සිටීමේ උවමනාවද සහිතය. සමාජ සබඳතා හෝ වෙනත් ගමන් බිමන් වලදී ඔබට අවාසිදායක අවස්ථාවන් ඇතිවීමේ ඉඩ ඇත.
කන්‍යා
සෑම කටයුත්තකදීම ප්‍රවේශම්කාරීවිය යුතුය. සුළු අතපසුවීමක් හෝ සිදුනොකිරීමට වගබලාගන්න. ඥාති මිත්‍රාදීන් වෙනදාට වඩා ඔබගේ නිවසට පැමිණෙනවා ඇත. නිර්මාණශීලී අංශයන්ට සුභ දවසකි.

තුලා
රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව පවුලේ හෝ වෙනත් බාහිර අවශ්‍යතාවයක් වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවිය හැක. අසනීපවීම් හෝ විරසකවීම් ඇතිවීමේ ඉඩ පිළිබඳව සැලකිලිමත්වීම ප්‍රයෝජනවත්ය.

වෘශ්චික
සෑම ක්ෂේත්‍රයකදීම දෙවරක් සිතා බලා කටයුතු කරන්න. අසල්වාසීන් හෝ පවුලේ අවශ්‍යතාවන් ගැන වෙහෙසීමට සිදුවේ. මුදල් පරදුවට තබා ක්‍රියා නොකරන්න.

ධනු
නිතර හමුනොවන හෝ ඈත එපිට සිටින අය සමග සබඳතා පැවැත්වීමට සිදුවේ. ලෙතරැයි ආදී කිසියම් අවිනිශ්විත මාර්ගයකින් අතට මුදල් ලැබීමේ ඉඩ ඇත. පවුලේකටයුත්තක් සඵල කරගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.

මකර
පවුලේ හෝ ගෙදරදොර අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. කෙසේ මුත් ඔබගේ ආදායම් තත්ත්වය යහපත්ය. කෙටි හෝ දීර්ඝ ගමන් බිමන් වෙනදාට වඩා බහුලවේ.
කුම්භ
ලියන කියන ආදී සහ සන්නිවේදන කටයුතුවලීද ප්‍රවේශම්විය යුතුය. ඔබගේ දිරිමත් බව කෙසේ හෝ සාර්ථක ප්‍රතිඵල අත්කර දේ. ආදායම් තත්ත්වයද සරුවන අතර සමාජ පිළිගැනීමකටද ලක්විය හැක.

මීන
පොදුවේ ගත්කල සුබ දවසකි. හෙළිකිරීමට අකැමති මාර්ගවලින් පවා ලාබ ප්‍රයෝජන අත්කරගැනීමට සමත්වේ. නමුත් අධික වියදම්ද සහිතය. කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුවූ අපේක්ෂාවක් ඉටුවීම නිසාද සහනය ඇතිවේ.

Archives