රට පුරා අනතුරු ඇඟවීමේ කුළුණු 100 ක් සහ ගිනි නිවන ඒකක 26 කින් සමන්විත පූර්ණ හදිසි ආපදා ප‍්‍රතිචාර ජාලයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා. අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම සඳහා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට අද (16) එක්වෙමින් ඔහු කියා සිටියේ, එහි පළමු අදියර යටතේ මේ වනවිට කුළුණු 50 ක් ඉදිකර ඇති බවයි. දෙවන අදියර කි‍්‍රයාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවු බවද, අමාත්‍යවරයා සඳහන් කළා.
ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර ආරම්භ කිරීමට නියමිත මගී ප‍්‍රවාහන නෞකා සේවය සම්බන්ධයෙන්ද, අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇතැයි කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයා මෙහිදී ප‍්‍රකාශ කළා.
Post a Comment