Gossip Lanka News

Underground News from Sri Lanka

අමුතු කතාව

තාරුණ්‍යය බෙහෙවින් වෙනස්‌ම වූ නිර්මාණ කරන්න පෙළඹෙනවා. හැබැයි ගොඩක්‌ දෙනා ඒවට දොස්‌ කියනවා තමයි අපි දැකලා තියෙන්නේ. නමුත් මේ නිර්මාණ වත්මන් පරපුර බොහොම ඉක්‌මනට වැළඳගන්නවා. අපි අද කතා බහ කරන මොහුත් එවැනිම චරිතයක්‌. ඔහුගේ නිර්මාණවලටත් ගොඩක්‌ දෙනා චෝදනා එල්ල කරනවා. කවුරු මොන විදිහට මොහු ගැන කතා කළත් යෞවන යෞවනියන් අතර චින්ති කියන නම ගොඩක්‌ ජනප්‍රියයි. ඔහු පසුගිය දවස්‌වල රූකාන්ත චන්ද්‍රලේඛා දෙපළගේ දියණිය වන රයිනි සමගත් නැවුම් ගීතයක්‌ ඉදිරිපත් කළා. මේ ගැන දැනගන්නත් එක්‌ක අපි ඔහුට කතා කළා.
චින්ති ඔබ කවුද කියලා මුලින්ම කිව්වොත් ?
මගෙ නම චින්ති ප්‍රනෑන්ඩු මිහිඳුකුලසූරිය. ගම මීගමුව. පාසල් ගියේ මාරිස්‌ටෙලා විදුහලට.

මේ නම යොදගත්තේ ජනප්‍රිය වෙන්නද?
නැහැ. මේක මගේ ඇත්තම නම. ගොඩක්‌ කට්‌ටිය හිතනවා මේක ජනප්‍රිය කරගන්න දාපු නමක්‌ කියලා. එහෙම දාපු නමක්‌ නෙමෙයි චින්ති කියන්නේ.

ඔබේ ගීතවලට ගොඩක්‌ දෙනා දොස්‌ කියනවා කියලා හිතෙන්නේ නැතිද?
එහෙම දොස්‌ කියනවා කියලා මම අහලා තියෙනවා. දොස්‌ කියන්නේ නැත්තේ කාටද?. අද කාලේ මොනව හරි දෙයක්‌ කළොත් ඊට ප්‍රතිවිරුද්ධව දොස්‌ කියනවානෙ. මම ඒක එච්චර ගණන් ගන්නෙ නැහැ.

ඇයි මේ වගේ ආන්දෝලනාත්මක නිර්මාණ කරන්නේ ?
එහෙම හිතලා නිර්මාණ කරන්නේ නැහැ. හැබැයි මම කරන නිර්මාණ කතා බහට ලක්‌වෙනවා. ඒක හිතාමතා කරන දෙයක්‌ නෙමෙයි.

එතකොට පසුගිය දවස්‌වල කළ ගීත එකතුවට කඩප්පුලි කියලා නම යෙදුවෙ ?
ඒකත් මට වසන්ත දුක්‌ගන්නාරාළ අයියා ලියලා දුන්න ගීතයක්‌. මොකද සොකරි ගීතය ගොඩක්‌ විවේචනයට ලක්‌වුණා. ඒකෙ වචනයක්‌ හින්දා මගේ ඇතුල්පැත්ත දන්නේ නැති කට්‌ටිය මාව සින්දුවෙන් මනින්න ගත්තා. ඒ ගැන මම ගොඩක්‌ සංවේදීව වසන්ත අයියට දවසක්‌ කිව්වා. ඊට පස්‌සේ එයා මට කඩප්පුලි කියලා ගීතයක්‌ ලියලා දුන්නා.
තවත් සමහරු කියනවා ඔබ කරන්නේ ඇමරිකානු, යුරෝපා රටවල නිර්මාණ කොපි කිරීමක්‌ කියලා…
ඇත්තම කියනවා නම් අද ඇමරිකානු යුරෝපා රටවල් පස්‌සෙ තමයි අපි ඔක්‌කොම ගමන් කරන්නේ. අනුකරණය කිරිමක්‌ මිසක්‌ කොපි කිරීමක්‌ මම කරන්නේ නැහැ. මං ගොඩක්‌ උත්සාහ කරන්නෙ එවැනි නිර්මාණ කරන්න.

ඔබ කියන්නේ දේශීය නිර්මාණ කියලා දෙයක්‌ නැහැ කියලද?
අද ලංකාවේ දේශීය සංගීතය කියලා දෙයක්‌ ඉතුරුවෙලා නැහැ. මම දැකලා තියෙන දේශීය සංගීතය තිබෙන්නේ ලයනල් රන්වල සූරීන්ගේ සහ රෝහණ බැද්දගේ මහත්මයාගේ විතරයි. එතැනින් එහාට දේශීය සංගීතය කරන කවුරුවත් ලංකාවේ මම දැකලා නැහැ, සහන් රන්වල ඇරෙන්න. අනෙක්‌ අය කරන්නේ භාරත සංගීතය. භාරත කියන්නේ අපේ ලංකාවේ දෙයක්‌ නෙමෙයි. ඒක හින්ද මටත් හිතෙනවා ඉන්දියාවට වඩා යුරෝපා සංගීත රටාව හොඳයි කියලා.

සංගීතය ගැන ලොකු දැනුමක්‌ ඔබට තිබෙනවා කියලා හිතනවාද?
මම බටහිර, ශාස්‌ත්‍රීය සංගීතය පිළිබඳ ඩිප්ලෝමා සහතිකය ලබාගෙන තිබෙනවා.

සොකරි ගීතය අපිට ඔබින්නේ නැහැ කියලා හිතුණේ නැද්ද?
එහෙම කිව්වෙ එක කොට්‌ඨාසයක්‌ පමණයි. ඒ ගීතය මම ලියපු ගීතයක්‌ නෙමෙයි. වසන්ත අයියා තමයි ලිව්වේ. ඔය ගීතයට සමහර ගීත රචකයො අතරත් ලොකු ප්‍රශ්න මතුවුණා. සමහර ගීත රචකයො එම ගීතයට බැණලා පත්තරවලට ලිපි පවා ලිව්වා. මමත් හිතුවෙ නැහැ ඒ ගීතය සමාජ විරෝධී ගීතයක්‌ කියලා. සොකරි ගීතයේ කියන තරම් වරදක්‌ මම දකින්නේ නැහැ.
තාක්‍ෂණය නැතිනම් චින්තිට සින්දු කියන්න බැහැ කියලත් ගොඩක්‌ දෙනා කියනවා…
ඒක සම්පූර්ණ බොරු කතාවක්‌. මම විතරයි ලංකාවේ මීට අවුරුදු පහළොවකට විස්‌සකට විතර කලින් ඇතිවුණ තාක්‍ෂණය භාවිතා කරන්නේ. උසස්‌ තත්ත්වයේ නිර්මාණ කරන්න පරිගණකය පැත්තකට දාලා ඇනලොග් සිස්‌ටම් මික්‌ස්‌චරයක්‌ යොදාගත්තා. අනික මට සින්දු කියන්න පරිගණක වුවමනා නැහැ. හැබැයි එහෙම කරන කට්‌ටියත් ඉන්නවා.

පසුගියදා රයිනි සමගත් අලුත් ගීතයක්‌ කළා නේද?
ඔව්. මම රයිනිගෙ කටහඬ අහල ගොඩක්‌ කැමැති වුණා එයත් සමග ගීතයක්‌ කරන්න. මුලින් නම් මම හිතුවෙ නීල කඳුගැටේ ගීතය ගායනා කරන්නෙ රයිනිගෙ අම්මා කියලා. ඒ කටහඬ අහල තමයි තරුමිණි ගීතය කළේ.

ඇයි රයිනිව සම්බන්ධ කරගන්න හිතුණෙ ?
එයාගෙ කටහඬට මම ගොඩක්‌ ආසා කරනවා. මොකද එයාට තියෙන්නෙ ඇමරිකානු ජෑස්‌ සංගීතයේ භාවිතා වන හඬක්‌.

චින්ති පවුලේ විස්‌තර ටිකකුත් කියමු නේද?
මගේ පවුලේ අම්මයි, අක්‌කයි තමයි ඉන්නෙ. අක්‌ක විවාහ වෙලා දරුවන් තුන්දෙනෙක්‌ ඉන්නවා. තාත්තා මං පුංචිකාලෙදිම නැතිවුණා.
තනිකඩ ජීවිතය වෙනස්‌ කරන්න අදහසක්‌ නැතිද?
දැන්මම නම් නැහැ. මගේ ආසාව තමයි සංගීතයෙන් ඉදිරියට යන්න.

හැබැයි ආදරය කරන අයත්ඇතිනෙ ?
මම ආදරය කරන එකම එක්‌කෙනා තමයි මගේ අම්මා.

ඒ කියන්නේ ඔබට පෙම්වතියක්‌ නැහැ කියලද?
ඒ ගැන යථා කාලයේදී දන්වන්නම්.

හැබැයි ඕක ජනප්‍රිය තරුණයො කියන කතාවක්‌නේද?
එහෙම දෙයක්‌ නැහැ. මට ඒකට වෙලාවක්‌ නැතිකම තියෙන්නේ.

දිනේෂ් විතාන
ඡායා – සමන් අබේසිරිවර්ධන

0 comments

Post a Comment

________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow

Puduma Dewal

Recent Comments

Ads

Gossip Posts

Gossip Posts

ZODIAC ADA DAWASA | අද දවස

මේෂ
වෙනදාට වඩා ගමන් බිමන් අධිකය. පදිංවියේ වෙනසක් වීමටද ඉඩක් ඇත. දුර බහැර සිටින අය පෞද්ගලිකවම හමුවීම හෝ වෙනත් මාර්ගවලින් සබඳතා පවත්වයි. ව්‍යාපාර කටයුතුවලදී පාඩු සිදුනොකරගන්න.

වෘෂභ
කෙසේ හෝ අතමිට මුදල් ගැවසේ. නමුත් වියදම පාලනය කරගැනීම අපහසුය. ඔබගේ ආරක්ෂාව ගැන පමණක් නොව වෙනත් දේපළ හා මුදල්ද ප්‍රවේශම් කරගැනීම ප්‍රයෝජනවත්ය.

මිථුන
ඔබගේ බොහෝ කටයුතු වලදී අවිනිශ්විත ස්වභාවයක් ඇතිවීමේ ඉඩ ඇති බැවින් අමතර උනන්දුවකින් කටයුතු කිරීමෙන් සියළු කටයුතු සාර්ථක කරගත හැක. රැකියා අංශයේ වෙනසක් සිදුවෙතත් ඉන් අවාසියක් සිදුනොවේ.

කටක
අධික කාර්යබහුල ස්වභාවයක් පවතී. ආයෝජනයක් ලෙස හෝ තම අපේක්ෂාවක් වෙනුවෙන් අමතර මුදලක් වැයකිරීමට සිදුවේ. තම අභිමතය පරිදි බලාපොරොත්තු ඉටුකරගත හැක.

සිංහ
නෑදෑ හිතවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවේ. රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව සිටීමේ උවමනාවද සහිතය. සමාජ සබඳතා හෝ වෙනත් ගමන් බිමන් වලදී ඔබට අවාසිදායක අවස්ථාවන් ඇතිවීමේ ඉඩ ඇත.
කන්‍යා
සෑම කටයුත්තකදීම ප්‍රවේශම්කාරීවිය යුතුය. සුළු අතපසුවීමක් හෝ සිදුනොකිරීමට වගබලාගන්න. ඥාති මිත්‍රාදීන් වෙනදාට වඩා ඔබගේ නිවසට පැමිණෙනවා ඇත. නිර්මාණශීලී අංශයන්ට සුභ දවසකි.

තුලා
රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව පවුලේ හෝ වෙනත් බාහිර අවශ්‍යතාවයක් වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවිය හැක. අසනීපවීම් හෝ විරසකවීම් ඇතිවීමේ ඉඩ පිළිබඳව සැලකිලිමත්වීම ප්‍රයෝජනවත්ය.

වෘශ්චික
සෑම ක්ෂේත්‍රයකදීම දෙවරක් සිතා බලා කටයුතු කරන්න. අසල්වාසීන් හෝ පවුලේ අවශ්‍යතාවන් ගැන වෙහෙසීමට සිදුවේ. මුදල් පරදුවට තබා ක්‍රියා නොකරන්න.

ධනු
නිතර හමුනොවන හෝ ඈත එපිට සිටින අය සමග සබඳතා පැවැත්වීමට සිදුවේ. ලෙතරැයි ආදී කිසියම් අවිනිශ්විත මාර්ගයකින් අතට මුදල් ලැබීමේ ඉඩ ඇත. පවුලේකටයුත්තක් සඵල කරගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.

මකර
පවුලේ හෝ ගෙදරදොර අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. කෙසේ මුත් ඔබගේ ආදායම් තත්ත්වය යහපත්ය. කෙටි හෝ දීර්ඝ ගමන් බිමන් වෙනදාට වඩා බහුලවේ.
කුම්භ
ලියන කියන ආදී සහ සන්නිවේදන කටයුතුවලීද ප්‍රවේශම්විය යුතුය. ඔබගේ දිරිමත් බව කෙසේ හෝ සාර්ථක ප්‍රතිඵල අත්කර දේ. ආදායම් තත්ත්වයද සරුවන අතර සමාජ පිළිගැනීමකටද ලක්විය හැක.

මීන
පොදුවේ ගත්කල සුබ දවසකි. හෙළිකිරීමට අකැමති මාර්ගවලින් පවා ලාබ ප්‍රයෝජන අත්කරගැනීමට සමත්වේ. නමුත් අධික වියදම්ද සහිතය. කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුවූ අපේක්ෂාවක් ඉටුවීම නිසාද සහනය ඇතිවේ.

Archives