කොල්ලුපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාසය හරහා ගණිකාවන් සැපයීමේ ජාත්‍යන්තර ජාලයක් ක්‍රියාත්මක වී ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ.
පොලීසිය පැවසුවේ, තෙමසක සංචාරක වීසා බලපත් මත රටවල් 5 කින් පමණ මෙරටට ගෙන්වා ඇතැයි, කියන කාන්තාවන් මේ සදහා යොදවා ගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බවය.
ඒ අතර කොල්ලුපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාසය මෙහෙය වු බව කියන ප්‍රධාන සැකකාරිය සතුව තිබු ජංගම දුරකථනයේ සදහන් අංකවලට අදාළ පුද්ගලයින් හදුනා ගැනීම සදහා එම අංක පරික්ෂා කිරිමට අධිකරණයේ අවසරය ලබාගෙන තිබේ.
වලාන දුෂණ මර්දන අංශයේ උසස් නිලධාරියෙකු සදහන් කළේ, එම දුරකථනයට අදාළ ආයතනයෙන් ඒ පිළිබද වාර්තාවක් ලබා ගැනීමට පියවර ගෙන ඇති බවය.
අදාළ ජාවාරම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු ජීනා මැඩම් හෙවත් රෝස් මේරී ජුඩ් පෙරේරා නැමැත්තිය මාර්තු මස 17 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ මහාධිකරණය තීරණය කළේය.
ඒ අදාළ තැනැත්තිය පසුගිය 16 වෙනිදා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
මෙහිදී සැකකාරිය වෙනුවෙන් නීතිඥ ඩි.බි. ගෝවීන්න, ශ්‍රි ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති නීතිඥ සරත් කෝන්ගහගේ හා ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහත්වරු පෙනී සිටියහ.
Post a Comment