දෙසැ.28- මාවනැල්ල, උතුවම්කන්ද ප්‍රදේශයේ අවන්හලකදී 16 හැවිරිදි දැරියක සමුහ ලෙස දුෂණය කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි තවත් සැකකරුවෙකු අද නීතිඥයෙකු මාර්ගයෙන් අධිකරණයට භාර විය.
හදුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීම සදහා සැකකරු ලබන මස 5 වෙනිදා දක්වා රක්ෂිත බන්ධණාගාරගත කෙරිණි.
ඒ අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධණාගාරගත කර සිටි පළාත් සභා මන්ත්‍රිවරයා ඇතුළු සැකකරුවන් 9 දෙනෙකු අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ එක් අයෙකුට රුපියල් පනස් දහස බැගින් මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වු ශරිර ඇප දෙකක් මත මුදා හැරුණි.
එසේ මුදා හැරුණු සැකකරුවන් සියලු දෙනා සෑම ඉරිදා උදෑසනකම උදෑසන 9 සිට 12 දක්වා අතර කාලසීමාව තුළ මාවනැල්ල පොලිසියේ පෙනී සිටිය යුතු බවද අධිකරණය නියෝග කර තිබේ.
ඒ අතර අතවරයට ලක් වු දැරිය සම්බන්ධ අධිකරණ වෛද්‍යවරයාගේ මුලික වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඒ පිළිබද පුර්ණ වාර්තාවක් ඊළග නඩු දිනය වන ලබන පෙබරවාරි මස 2 වැනිදා ඉදිරිපත් කරන ලෙස අධිකරණය දැනුම් දී ඇත.
April 19, 2012 at 5:19 AM
ane apoi lankavata vechcha karume