Gossip Lanka News

Underground News from Sri Lanka

අමුතු කතාව


නත්තල් කුමාරයා යන අන්වර්ත නාමයකින් මිදිගම ලියනගේ වාසනා සංජීව හඳුන්වයි. තවමත් පාසල් වයසේ පසුවන දාහත් හැවිරිදි (17) සංජීව සිසු දරුවන් රැසකගේ ජීවිතය බේරාගත් සැබෑ වීර කුමාරයකු පිළිගැනීමට හා ඇගයීමට පාසලේ චාම් වූ නමුත්, අභිමානණීය වූ උළෙලක්‌a පැවැත්විණි.
ලොව පුරා පිටපත් මිලියන 37 ක්‌ පමණ අලෙවිවන ජාත්‍යන්තර රීඩර්ස්‌ ඩයිජස්‌ට්‌ නම් වූ Readers Digest සඟරාවේ මෙවර දෙසැම්බර් කලාපයේ අපේ නත්තල් කුමාරයාට වෙන් කර තිබුණේ එක්‌ පිටුවක්‌ නොව පිටු දෙකකි. ඒ රටක්‌ නොව ලොවක්‌ වටිනා මෙහෙවරක්‌ කළ සංජීව වාසනා සිසුවා වෙනුවෙනි. ඒ ඇගයීම සැබෑ ලෙසම අපේ රටටද ඉමහත් කීර්තියක්‌ වාසනාවක්‌ ගෙන දෙන්නට හැකි වූ කටයුත්තකි.
අපේ කතාන්දරයේ කතා නායකයා වාසනා සංජීව නමැති දාහත් හැවිරිදි පාසල් සිසුවෙකි. මල් පෙරි කන්ද, පොල්ගහවිල, අගලිය, බද්දෙගම සුන්දර ගිං ගංගාව සමීපයේ ඇති ගමක උපන් වාසනා සංජීව, චන්ද්‍රිකා නිශාන්ති මාතාවට (40) හා තිලක දේශප්‍රිය (45) පියාගේ කැදැල්ලේ ලොකු දරුවාය. වාසනා සංජීවගේ සොහොයුරු තරිඳු අට හැවිරිදිය. හෙතෙම පොල්ගහවිල ධර්මරාජ විද්‍යාලයේ ඉගෙනුම ලබයි.
සංජීව සොයා අප පසුගිය සිකුරාදා 17 උදෑසන ඔහුගේ නිවසට ගියෙමු. තාත්තා කඩේ වැඩට ගිහිල්ලා. අම්මා වත්තේ තේ දලු නෙළන්නට ගිය බව සංජීව අප සමග කීය. ඉතින් සංජීව කළ හපන්කම පිළිබඳව අප සජීව ආකාරයෙන් සංජීවගෙන් විමසීය.
(2007 මැයි මස 06 වැනිදා සිදුවූ බියකරු කතාන්දරය වාසනා සංජීවට අද මෙන් මතකය. එවිට 9 වැනි ශ්‍රේණියේ ඉගෙන ගනිමින් සිටියේය. දැන් සංජීවගේ වයස අවුරුදු දාහතකි. (17) සංජීව දැනට දොළොස්‌වන ශ්‍රේණියේ කලා අංශයෙන් ඉගෙනුම ලබමින් සිටියි.)
එදා රෑ ඉඳලාම වහිනවා. මම පාසල් ගියෙත් වැස්‌සෙමයි. හැමදාම වාගේම මම එදා පාසලට උදෙන්ම ගියා. වැස්‌ස නිසා වෙනදා වගේ නෙමෙයි. ළමයින් උදෙන්ම පාසලට පැමිණ සිටියේ නෑ. පාසල් ආරම්භය සටහන් කරන කොට පාසලේ ළමයින් විශාල පිරිසක්‌ පැමිණ සිටියා. නමුත් වැස්‌ස වහිනවා. නවත්වන්නේම නෑ.
ගිං ගඟ උතුරලා ගම්මානවල පහත් බිම් යට වෙන්නට ඇත්තේ තවත් සුළු නිමේෂයකි. ගංගාව උතුරලා පිටාර ගලනවා. හරිම විනෝදයි. දෙමාපියන් සමඟ ඔරු පාරු පදින්නට වාසනාව ඇතැයි සිතමින් සංජීව තම පන්ති කාමරයේ අසුන්ගෙන සිටියේ හරිම සැහැල්ලුවෙන්.
එන්න එන්න වැස්‌ස වහිනවා. නතර කරන්නේම නෑ. අකුණුගහනවා ගොරවන හඬට පාසලේ සමහර දරුවන් බියට පත්ව සිටියේය. පුංචි දිය පහරවල් මහා ජල පහරවල් බවට පත්වන අපූරුව දරුවෝ සතුටින් බලා සිටියහ. සමහරු කඩදහි ඔරු කිහිපයක්‌ම බොර දියෙහි පාකර හැරිය ද ජල පහරේ සැරකමට කඩදහි ඔරු ජල රකුසා ගිල ගත්තේ පුංචි සිත්වලට කඳුළක්‌ එක්‌කරමිනි. ඒ කඳුළු නිසා නොනවත්තා වහින වැස්‌සට තව තවත් ජලය එක්‌වන්නට විණි.
ශාන්ත අන්තෝනි විද්‍යාලයේ දෙමහල් ශාලාවේ සංජීවද අනෙක්‌ දරුවන් සේ දඟනොකර අසල වූ තම පාසල් පන්තියේ පුටුවක හිඳ ගත්තේ පුංචි සිතට ඇති වූ ශීතල නිසා විය හැකිය.
සංජීව යළිත් කතා බහ කරමින් අප සමග පැවැසුවේ තමා හිටිය දෙමහල් ගොඩනැඟිල්ලේ පහළම ශාලාවේ ශාලාවට සමීපයේ මහා ගල් කන්දක්‌ සමඟ විහිදුන පස්‌ කණ්‌ඩියට ඉහළින් දිය ඇල්ලක්‌ වගේ වැසි ජලය ගලනවා මම බලන් හිටියා. ඒ අතර මම දැක්‌කා පස්‌ කණ්‌ඩියේ ගල් තලාව යටින් වතුර සමග මඩ ගලා එනවා. මම හොඳට බලන් හිටියා. නතර වෙන්නේම නෑ. මඩ ගලනවා. කන්දට උඩින් වැසි වතුර ගලනවා.
මට මතක්‌ වුණා ආපදා කළමනාකරණ වැඩමුළුවකදී කන්දක්‌ නාය යැමට පෙර සිදුවන ක්‍රියාවලිය පිළිබඳව. අපට ගුරුවරු කියා දුන් පෙන්වා දුන් කරුණු කාරණා අනුව තවත් නිමේෂයකින් මහා අනතුරක්‌ වෙනවා. කන්ද නාය යනවා. අපේ පන්තිය යට වෙනවා. අපට අනතුරක්‌ වෙනවා. සත්තකින්ම මහා විනාශයක්‌ වෙනවා. මම අපේ ගුරුවරුන්ට මේ බව පැවැසුවා. ගුරුවරුද පිළිගත්තා යම් අනතුරක්‌ සිදුවිය හැකි බව. ඒ අනුව ඉක්‌මනින්ම ළමයි දෙමහල් ගොඩනැඟිල්ලෙන් ඉවත් කරා. ශාලාව පැත්තට කාටවත් එන්න බැරිවෙන්න ගල් සහ කොට හරස්‌ කරා.
සර්ලා හා පාසලේ ලොකු අයියලා එකතු වෙලා කන්ද උඩට නැගලා වතුර පාර එන්න බැරි වෙන්න පස්‌ කණ්‌ඩියට උඩින් ඈතින් කාණුවක්‌ කැපුවා.
නමුත්, තවමත වහිනවා. නතර වෙන්නේම නෑ. ළමයින සියල්ලෝම දෙමහල් ගොඩනැඟිල්ලෙන් ඉවත් කරලා ගත වුණේ විනාඩි පහළොවකටත් (15) අඩු කාලයක්‌. මහා ශබ්දයක්‌ නඟාගෙන ගල් පස්‌ සහිත කන්ද දෙමහල් ගොඩනැඟිල්ලේ පැත්තක්‌ කඩාගෙන වැටුණා. සමහර ළමයි යටි ගිරියෙන් කෑ ගැසුවා. තප්පර ගණනාවක්‌ ගත වුණත් කවුරුවත් කතා කළේ නෑ. ගුරුවරු කතා නෑ.
මහා පුදුමයකින් මහා අනතුරකින් අපිව බේරී ඇති බව අපට තේරුණා. කවුරුත් මට හොඳ කීවා. ස්‌තුති කිව්වා. විදුහල්පති නිහාල් ගුරුසිංහ මහතා, ගුරුවරු මට ස්‌තුති කළා. මටත් සතුටක්‌ ඇති වුණා. මහා විශාල අනතුරක්‌ නිසා පාසලේ අපට වෙන්න තිබුණු අනතුරෙන් බේරෙන්න හැකිවීම පිළිබඳව යෑයි සංජීව අප සමග කීය.
තමා උගත් පාඩම මගින් තමාගේ සහෝදර පාසල් මිතුරන් දෙසියකට අධික පිරිසක්‌ පණ පිටින් වැලළෙන්නට ගිය මාරාන්තික අනතුර වළක්‌වා ගැනීමට හැකි වූයේ වාසනා සංජීවගේ දක්‍ෂතාවයෙන්.
තමා ඉගෙන ගත් දේ ප්‍රායෝගිකව සිදුවන ආකාරය පිළිබඳව ඇස්‌ අරගෙන සිටි නිසා මෙම අනතුරෙන් මිදෙන්නට හැකිවුණා. එය ඇත්තටම අගය කළ යුතුය. මේ වාසනා සංජීව හපනා ඇත්තටම හපනෙකි. දක්‍ෂයෙකි. ඇත්තටම වීරයෙකි.
ඒ නිසාම සාමයේ සමගියේ අපේ කාලයේ සාම කුමාරයා නත්තල් කුමාරයා වශයෙන් හැඳින ගත් සංජීවට රීඩර්ස්‌ ඩයිජස්‌ට්‌ (Readers Digest) සඟරාව මඟින් ලබා දී ඇත්තේ ඉතා විශාල ඉඩ කඩකි. ප්‍රසිද්ධියකි. ගෞරවයකි.
දරුවන් දේව දූතයෝය. ආදරය, බලාපොරොත්තුව, සාමය, ඔවුනගේ පණිවිඩයයි. මොළයට දැනුමද හදවතට උතුම් හැඟීමද දෙයතට ක්‍රියාකාරිකම්ද නිවැරදිව යොමු කළ හොත් රටක්‌ වශයෙන් අපට ඉදිරියට යැමට හැකිය. එය මනාවූ බලාපොරොත්තුවකි.
සංජීව වාසනා සිසුවාගේ වීර ක්‍රියාව පිළිබඳව සතුටින් අදහස්‌ ප්‍රකාශ කරන නිහාල් ගුරුසිංහ විදුහල්පතිවරයා පැවැසුවේ, මෙවන් දරුවන් රටටම වාසනාවක්‌ ගෙන දෙන දරුවන් වශයෙනි.
අපේ පුංචි රටේ වාසනාවට සංජීව කළ වීර ක්‍රියාව අගය කරනවා. දරුවන් විශාල පිරිසගේ ජීවිත අනතුරින් බේරා ගත්තා. එයා ඇත්තටම දක්‍ෂයෙක්‌. Readers Digest සඟරාව මඟින් අපේ සංජීව අගය කළ එකට ඒ අයට ස්‌තුතිය පුදකරනවා. ඒ අය අපව අගය කර තියෙනවා. පිටු කිහිපයක්‌ සඟරාවේ අපේ වීරයාට වෙන් කර තියෙනවා. ඒක අපට අපේ රටට අපේ අනාගත දූ පුතුන්ට වාසනාවක්‌ ගෞරවයක්‌ වශයෙන් මට කියන්නට හැකියි

සටහන ඡායාරූපය – ඉමදුව කුමාර කොඩිතුවක්‌කු 

0 comments

Post a Comment

________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow

Puduma Dewal

Recent Comments

Ads

Gossip Posts

Gossip Posts

ZODIAC ADA DAWASA | අද දවස

මේෂ
වෙනදාට වඩා ගමන් බිමන් අධිකය. පදිංවියේ වෙනසක් වීමටද ඉඩක් ඇත. දුර බහැර සිටින අය පෞද්ගලිකවම හමුවීම හෝ වෙනත් මාර්ගවලින් සබඳතා පවත්වයි. ව්‍යාපාර කටයුතුවලදී පාඩු සිදුනොකරගන්න.

වෘෂභ
කෙසේ හෝ අතමිට මුදල් ගැවසේ. නමුත් වියදම පාලනය කරගැනීම අපහසුය. ඔබගේ ආරක්ෂාව ගැන පමණක් නොව වෙනත් දේපළ හා මුදල්ද ප්‍රවේශම් කරගැනීම ප්‍රයෝජනවත්ය.

මිථුන
ඔබගේ බොහෝ කටයුතු වලදී අවිනිශ්විත ස්වභාවයක් ඇතිවීමේ ඉඩ ඇති බැවින් අමතර උනන්දුවකින් කටයුතු කිරීමෙන් සියළු කටයුතු සාර්ථක කරගත හැක. රැකියා අංශයේ වෙනසක් සිදුවෙතත් ඉන් අවාසියක් සිදුනොවේ.

කටක
අධික කාර්යබහුල ස්වභාවයක් පවතී. ආයෝජනයක් ලෙස හෝ තම අපේක්ෂාවක් වෙනුවෙන් අමතර මුදලක් වැයකිරීමට සිදුවේ. තම අභිමතය පරිදි බලාපොරොත්තු ඉටුකරගත හැක.

සිංහ
නෑදෑ හිතවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවේ. රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව සිටීමේ උවමනාවද සහිතය. සමාජ සබඳතා හෝ වෙනත් ගමන් බිමන් වලදී ඔබට අවාසිදායක අවස්ථාවන් ඇතිවීමේ ඉඩ ඇත.
කන්‍යා
සෑම කටයුත්තකදීම ප්‍රවේශම්කාරීවිය යුතුය. සුළු අතපසුවීමක් හෝ සිදුනොකිරීමට වගබලාගන්න. ඥාති මිත්‍රාදීන් වෙනදාට වඩා ඔබගේ නිවසට පැමිණෙනවා ඇත. නිර්මාණශීලී අංශයන්ට සුභ දවසකි.

තුලා
රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව පවුලේ හෝ වෙනත් බාහිර අවශ්‍යතාවයක් වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවිය හැක. අසනීපවීම් හෝ විරසකවීම් ඇතිවීමේ ඉඩ පිළිබඳව සැලකිලිමත්වීම ප්‍රයෝජනවත්ය.

වෘශ්චික
සෑම ක්ෂේත්‍රයකදීම දෙවරක් සිතා බලා කටයුතු කරන්න. අසල්වාසීන් හෝ පවුලේ අවශ්‍යතාවන් ගැන වෙහෙසීමට සිදුවේ. මුදල් පරදුවට තබා ක්‍රියා නොකරන්න.

ධනු
නිතර හමුනොවන හෝ ඈත එපිට සිටින අය සමග සබඳතා පැවැත්වීමට සිදුවේ. ලෙතරැයි ආදී කිසියම් අවිනිශ්විත මාර්ගයකින් අතට මුදල් ලැබීමේ ඉඩ ඇත. පවුලේකටයුත්තක් සඵල කරගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.

මකර
පවුලේ හෝ ගෙදරදොර අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. කෙසේ මුත් ඔබගේ ආදායම් තත්ත්වය යහපත්ය. කෙටි හෝ දීර්ඝ ගමන් බිමන් වෙනදාට වඩා බහුලවේ.
කුම්භ
ලියන කියන ආදී සහ සන්නිවේදන කටයුතුවලීද ප්‍රවේශම්විය යුතුය. ඔබගේ දිරිමත් බව කෙසේ හෝ සාර්ථක ප්‍රතිඵල අත්කර දේ. ආදායම් තත්ත්වයද සරුවන අතර සමාජ පිළිගැනීමකටද ලක්විය හැක.

මීන
පොදුවේ ගත්කල සුබ දවසකි. හෙළිකිරීමට අකැමති මාර්ගවලින් පවා ලාබ ප්‍රයෝජන අත්කරගැනීමට සමත්වේ. නමුත් අධික වියදම්ද සහිතය. කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුවූ අපේක්ෂාවක් ඉටුවීම නිසාද සහනය ඇතිවේ.

Archives