සචිනි අයේන්දා සමග රිවිර පුවත්පත කතාබහ....මේ එයින් කොටස් කිහිපයක්.
*සචිනි ඉතින් කොහොමද තොරතුරු...
ම්...හොදින් ඉන්නවා.ඇත්තටම මේ දිනවල ටිකක් ව්වේකීව බොහොම සුන්දර බලාපොරත්තුවක් ඇතිව සැහැල්ලුවෙන් හොදින් ඉන්නවා.ඊට අමතරව අපි නිෂ්පාදනය කළ අගර දගර චිත්‍රපටියේ පුර්ව ප්‍රචාරක කටයුතුවලත් නියැළෙමින් ඉන්නවා.ඒ වගේ ම මගේ අලුත් සාප්පුවක් වත්තල විවෘත කළා.කුඩා දරුවන්ගේ ඇදුම් සම්බන්ධව.
*මොකක්ද මේ සුන්දර අලුත් බලාපොරත්තුව?
ඇත්තටම ඒ වෙනුවෙන් තමයි මේ දිනවල වැඩි ඉඩකඩක් වෙන් වෙලා තියෙන්නේ.මම හිතන්නේ ඕනෑම කාන්තාවකගේ ජිවිතේ සුන්දරම බලාපොරත්තුව තමයි මවක් විම.ඉතින් ඒ සුන්දර සිහිනය ළගා කර ගැනීමේ බලාපොරොත්තුවෙන් තමයි මේ දවස්වල ඉන්නේ.
*ඒ කියන්නේ සචිනි අයේන්දා අමිමා කෙනෙක් වෙන්න යනවා?
ඔව්.අපේ පළමුවෙනි බබා බලාපොරොත්තුවෙන් තමයි අපි ඉන්නේ.දැන් මාස හතක් වතර වෙනවා.මේ දිනවල එකතු කරමින් ඉන්නවා.මම සිංගප්පුරු ගිහිල්ලාත් එයාට අවශ්‍ය දේවල් අරගෙන ආවා.ඒ වෙනුවෙන් ලැහස්ති වෙලාතමයි දැන් ඉන්නේ.
*දුවෙක්ද පුතෙක්ද බලාපොරත්තු වෙන්නේ?
මම ඇත්තටම කියනවා නමි කැමති දුවෙකුට.නමුත් කවුරු ලැබුණාත් සතුටින් බාරා ගන්නවා.සාමාන්‍යයෙන් ස්කෑන් කරලා බලනවානේ.අපි ස්කෑන් කළත් දුවෙක්ද පුතෙක්ද කියලා බැලුවේ නැහැ.මොකද මහත්තයා කිවිවා අපිට ලැබෙන දේ අපි ඒ වෙලාවට සතුටින් භාර ගමු කියලා.දුවෙක් වුණත් පුතේක් වුණත් ඒ අපේ බබානේ.ඉතින් අප ආදරෙන් එයා එනකං බලන් ඉන්නවා.
*කාලෙකට රගපෑමෙන් දුරස් වෙන්න වෙයි නේද?
මෙහෙමයි.රගපෑමෙන් ඈත් වෙන්න කියලා ලොකුවට අදහසක් නැහැ.මොකද ලබන අවුරුද්දේ මුල හරියෙදී මම භාර ගත්ත චිත්‍රපටියක් තියෙනවා කරන්න.ඉතින් ඒ දේවල් හොදින් කරන්නත් ඕනෑ.හැබැයි මම මුල් තැන කොහොමත් දෙන්නේ බබාගේ වැඩවලට තමයි.රගපෑමේ කටයුතුත් බබාගේ කටයුතුත් දෙකම හොදින් කර ගන්නවා.
*පුංචි බබාලා වෙනුවෙන් ඇදුමි සාප්පුවක් දාලා ඉක්මනටම අම්මා කෙනෙක් වෙන්න හැදුවා නේද?
....එහෙමමත් නැහැ.අපේ ගාමන්ට් එකේ පැත්තෙන් තමයි ඇදුමි දාප්පුව දැමිමේ.කොහොමත් බැදලා අවුරුද්දකින් විතර මම හිතුවා අම්මා කෙනෙක් වෙන්න දැන් සුදුසුයි කියලා.
*නිෂ්පාදනය කළ චිත්‍රපටිය ගැනත් කියන්න?
ඇත්තටම චිත්‍රපටියේ වැඩ කටයුතු ඔක්කෝම දැන් ඉවරයි.අපිට චිත්‍රපටිය පෙන්නන්න වාරයක් එනකං තමයි දැන් ඉන්නේ.අපි හිතනවා පුලුවන් තරමි ඉක්මන්ට ඒ කියන්නේ මාස හයක් ඇතුළතවත් චිත්‍රපටිය ප්‍රදර්ශනය කරන්න.
Post a Comment