විද්‍යුත් මාධ්‍ය මගින් විකාශනය කරන ලබන ගීතවල පද රචනය, සංගීතය හා ගායනයට හා රුපරචනයට දායක වූ නිර්මාණකරුවන්ට එම ගීත විකාශනය වෙන සෑම අවස්ථාවකදීම ගාස්තුවක් හෙවත් කර්තෘ භාගය ගෙවීම සදහා නීති මාලාවක් රජය විසින් පැනවීමට අදහස් කරයි. 2003 අංක 36 දරන බුද්ධිමය දේපල පනත යටතේ මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ගුවන් විදුලියෙන් විකාශනය වන ගීත සදහා රු 3ක්
ගුවන් විදුලියෙන් විකාශනයවන ගීතයක් සම්බන්ධයෙන් එක විකාශන වාරයක් පද හෝ එහි සැලකිය යුතු කොටසක් වෙනුවෙන් රුපියල් 3 ක් ද,සංගීත කෘතියක් හෝ එහි සැලකිය යුතු කොටසක් වෙනුවෙන් රුපියල් 3ක් හා ගායනයක් හෝ එහි සැලකිය යුතු කොටසක් වෙනුවෙන් රුපියල් 3 ක්ද ගෙවිය යුතු වේ.
රූපවාහිනියෙන් විකාශනය වන ගීත සදහා රු. 10ක්
රූපවාහිනියෙන් විකාශනයවන ගීතයක් සම්බන්ධයෙන් එක විකාශන වාරයක් සදහා හෝ පද කොටසක් වෙනුවෙන් රුපියල් 10 ක් ද සංගීත කෘතියක් හෝ එහි සැලකිය යුතු කොටසක් වෙනුවෙන් රුපියල් 10 ක්ද ගායනයක් වෙනුවෙන් රුපියල් 10ක්ද ගෙවිය යුතුය.ගීතයක රුපරචනය විකාශනය කරන සෑම අවස්ථාවකදීම රුපියල් 10 ක් එහි නිෂ්පාදකයාට ලබාදිය යුතුය.
මේ අනුව මෙතෙක් කල් රිසි සේ ගීත විකාශනය කල ගුවන් විදුලි සේවා වලට හා රුපවාහිනී සේවා වලට ගීත විකාශනදී දෙවරක් සිතා බැලීමට සිදු වන අතර ගායකයන්ට රුපරචන නිෂ්පාදකයන්ට ගීත රචකයන්ට හොද කලක් ලබනු ඇති.
අමුතු කතාව
0 comments
________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow
Post a Comment