Gossip Lanka News

Underground News from Sri Lanka

අමුතු කතාව


දකුණු අධිවේගී මාර්ගයට ඇතුළුවීමට හා පිටවීමට හැකි පිවිසුම් මාර්ගවල ඉතා ආසන්න ස්ථානවල ඉදිකිරීම් සිදුකිරීමේදී සීමා පැනවෙනු ඇතිබව ව්‍යපෘතියට සම්බන්ධ උසස් නිළධාරියෙකු කියයි.


දකුණු අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ අතිරේක ව්‍යාපෘති අධ්‍යක්ෂ එල්.යූ.ඩී. අතපත්තු “විමසුම“ ට පැවසුවේ මාර්ගයේ පිවිසුම් ස්ථානවලම ව්‍යාපාරික ස්ථාන වැනි ඉදිකිරීම් සිදුකළ හොත් එවිට මාර්ගයට ඇතුළුවීමේදී හා පිටවීමේදී තදබදයක් ඇතිවී ප්‍රශ්න ඇතිවීමට ඉඩ තිබෙන නිසා මෙවැනි සීමා පනවනු ඇති බවයි.
“ලෝකයේ වෙනත් රටවලත් අධිවේගී මාර්ග වලට පිවිසෙන තැන්වල මෙවැනි ඉදිකිරීම් සීමාකර තිබෙනවා.“
යනුවෙන් හෙතෙම වැඩිදුරටත් කීය.
වැස්ස නිසා ඉදිකිරීම් වලට සිදුවූ බාධා හමුවේ සැලසුම් කර තිබූ පරිදි දකුණු අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කොට්ටාව මාකුඹුරේ සිට පින්නදූව දක්වා කොටස ලබන අප්‍රේල් මාසයේදී විවෘත කිරීමට නොහැකි බවත් එය ලබන වසරේ ජූලි වනවිට විවෘත කිරීමට සැලසුම් කර ඇති බවත් අතපත්තු මහතා මීට පෙර අප සමග පවසා තිබුණි.
මෙම මාර්ගය සියයට 50 ක් පමණ වගුරු බිම් හරහා ඉදිවන නිසා වැසි සහිත කාලගුණික තත්ත්වය එම වගුරු බිම් ආශ්‍රිත ඉදිකිරීම් සඳහා දැඩි බලපෑමක් කළබව හෙතෙම සඳහන් කළේය.
කොට්ටාව මාකුඹුරේ සිට මාතර ගොඩගම දක්වා කිලෝ මීටර් 126 ක දුරක් දිවෙන සේ පිවිසුම් ස්ථාන 11 කින් යුක්තව මෙම මාර්ගය සැලසුම් කර තිබෙන අතර මේ වනවිට පින්නදූවේ සිට මාතර ගොඩගම දක්වා කිලෝ මීටර් 30 ක් වන කොටසේ වැඩ අතරමග නතරවී තිබෙන්නේ එම කොටසට ප්‍රතිපාදන නොමැතිකම නිසායි.
කෙසේවෙතත්, රජය පසුගියදා සඳහන් කළේ පින්නදූවේ සිට මාතර ගොඩගම දක්වා කොටස ඉදිකිරීමට ඉදිරියේදී චීන එක්සිම් බැංකුවෙන් ණය ලබාගන්නා බවයි.
කොට්ටාව මාකුඹුර, කහතුඩුව, ගැලනිගම, දොඩං‍ෙගාඩ , වැලිපැන්න, කුරුඳුගහහැතැප්ම, නයාපාමුල , පින්නදූව, දීගෙ‍ාඩ, කොක්මාදුව සහ ගොඩගම යන පිවිසුම් ස්ථාන සහිතව ඉදිවන දකුණු අධිවේගී මාර්ගය නිසා දකුණු පළාතේ සංවර්ධනය ඉදිරියේදී වේගවත් වනු ඇතිබව අපේක්ෂා කෙරේ.
මාර්ගය කොට්ටාව මාකුඹුරේදී දැනට ඉදිවන පිටත වටරවුම් මාර්ගයට සම්බන්ධ වේ.
පහත දැක්වෙන්නේ දකුණු අධිවේගී මාර්ගයේ වැඩ නිමවී තිබෙන ස්ථාන කිහිපයක් දැක්වෙන අන්තර් ජාලයේ පළවන ඡායාරූප කිහිපයකි.






0 comments

Post a Comment

________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow

Puduma Dewal

Recent Comments

Ads

Gossip Posts

Gossip Posts

ZODIAC ADA DAWASA | අද දවස

මේෂ
වෙනදාට වඩා ගමන් බිමන් අධිකය. පදිංවියේ වෙනසක් වීමටද ඉඩක් ඇත. දුර බහැර සිටින අය පෞද්ගලිකවම හමුවීම හෝ වෙනත් මාර්ගවලින් සබඳතා පවත්වයි. ව්‍යාපාර කටයුතුවලදී පාඩු සිදුනොකරගන්න.

වෘෂභ
කෙසේ හෝ අතමිට මුදල් ගැවසේ. නමුත් වියදම පාලනය කරගැනීම අපහසුය. ඔබගේ ආරක්ෂාව ගැන පමණක් නොව වෙනත් දේපළ හා මුදල්ද ප්‍රවේශම් කරගැනීම ප්‍රයෝජනවත්ය.

මිථුන
ඔබගේ බොහෝ කටයුතු වලදී අවිනිශ්විත ස්වභාවයක් ඇතිවීමේ ඉඩ ඇති බැවින් අමතර උනන්දුවකින් කටයුතු කිරීමෙන් සියළු කටයුතු සාර්ථක කරගත හැක. රැකියා අංශයේ වෙනසක් සිදුවෙතත් ඉන් අවාසියක් සිදුනොවේ.

කටක
අධික කාර්යබහුල ස්වභාවයක් පවතී. ආයෝජනයක් ලෙස හෝ තම අපේක්ෂාවක් වෙනුවෙන් අමතර මුදලක් වැයකිරීමට සිදුවේ. තම අභිමතය පරිදි බලාපොරොත්තු ඉටුකරගත හැක.

සිංහ
නෑදෑ හිතවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවේ. රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව සිටීමේ උවමනාවද සහිතය. සමාජ සබඳතා හෝ වෙනත් ගමන් බිමන් වලදී ඔබට අවාසිදායක අවස්ථාවන් ඇතිවීමේ ඉඩ ඇත.
කන්‍යා
සෑම කටයුත්තකදීම ප්‍රවේශම්කාරීවිය යුතුය. සුළු අතපසුවීමක් හෝ සිදුනොකිරීමට වගබලාගන්න. ඥාති මිත්‍රාදීන් වෙනදාට වඩා ඔබගේ නිවසට පැමිණෙනවා ඇත. නිර්මාණශීලී අංශයන්ට සුභ දවසකි.

තුලා
රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව පවුලේ හෝ වෙනත් බාහිර අවශ්‍යතාවයක් වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවිය හැක. අසනීපවීම් හෝ විරසකවීම් ඇතිවීමේ ඉඩ පිළිබඳව සැලකිලිමත්වීම ප්‍රයෝජනවත්ය.

වෘශ්චික
සෑම ක්ෂේත්‍රයකදීම දෙවරක් සිතා බලා කටයුතු කරන්න. අසල්වාසීන් හෝ පවුලේ අවශ්‍යතාවන් ගැන වෙහෙසීමට සිදුවේ. මුදල් පරදුවට තබා ක්‍රියා නොකරන්න.

ධනු
නිතර හමුනොවන හෝ ඈත එපිට සිටින අය සමග සබඳතා පැවැත්වීමට සිදුවේ. ලෙතරැයි ආදී කිසියම් අවිනිශ්විත මාර්ගයකින් අතට මුදල් ලැබීමේ ඉඩ ඇත. පවුලේකටයුත්තක් සඵල කරගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.

මකර
පවුලේ හෝ ගෙදරදොර අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. කෙසේ මුත් ඔබගේ ආදායම් තත්ත්වය යහපත්ය. කෙටි හෝ දීර්ඝ ගමන් බිමන් වෙනදාට වඩා බහුලවේ.
කුම්භ
ලියන කියන ආදී සහ සන්නිවේදන කටයුතුවලීද ප්‍රවේශම්විය යුතුය. ඔබගේ දිරිමත් බව කෙසේ හෝ සාර්ථක ප්‍රතිඵල අත්කර දේ. ආදායම් තත්ත්වයද සරුවන අතර සමාජ පිළිගැනීමකටද ලක්විය හැක.

මීන
පොදුවේ ගත්කල සුබ දවසකි. හෙළිකිරීමට අකැමති මාර්ගවලින් පවා ලාබ ප්‍රයෝජන අත්කරගැනීමට සමත්වේ. නමුත් අධික වියදම්ද සහිතය. කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුවූ අපේක්ෂාවක් ඉටුවීම නිසාද සහනය ඇතිවේ.

Archives