Gossip Lanka News

Underground News from Sri Lanka

අමුතු කතාව

ඔඩෙල් වෙලද සැලේ සිදු වූ රෙදි සොරකම පිලිබද පසුගිය දිනවල ආන්දෝලනයට පත් උදාරි චාමිකා අද දිවයින පුවත්පතට සාකච්චාවක් ලබා දී තිබෙනවා.මේ එයින් කොටස් කිහිපයක්


ඔබේ සහකරුගේ මුණගැසීම පිළිබඳව යමක්‌ සඳහන් කළ හැකිද?


ඔහු සුජිත් විඡේරත්න. ශල්‍ය වෛද්‍යවරයකු සේම, දක්‌ෂ සැක්‌සෆොන් වාදන ශිල්පියෙක්‌. සිරස සුපර්ස්‌ටාර් තුළින් බිහිවූ ගායන ශිල්පියකු වූ මාධවගේ ගීතයකට පසුබිම් රංගනයන් ඉදිරිපත් කිරීමට ගිය අවස්‌ථාවේදී තමයි මට ඔහුව මුලින්ම දැන හැඳින ගැනීමට ලැබුණේ. එහිදී අප අතර ඇතිවූ මිත්‍රත්වය පසුව ප්‍රේමයට පෙරළී අවසානයේ විවාහය දක්‌වා දුරදිග ගියා. ඔහු වර්තමානයේ සිංගප්පූරුවේ එන්.ජී.එච්. රෝහලේ ශල්‍ය වෛද්‍යවරයකු ලෙසින් සේවය කරනවා.

ඔබේ අනාගත ඉලක්‌කයන් මොන වගේද?


"බොඳ මීදුම්" හරහා මගේ රංගන හැකියාවන් උපරිමයට ගෙන එන්නට උත්සහ කරන අතරම මගේ අධ්‍යාපනය පැත්තෙන් ඉදිරියට ගොස්‌ ළමුන් වෙනුවෙන් මනෝ විද්‍යාව හරහා ඔවුනට සමීප වීමට උත්සහ කරනවා. ඒ පිළිබඳ මුල් අදියරේ ඉගෙනුම් නිමාකර අවසන්. මගේ සැමියාද වෛද්‍යවරයකු නිසා මාද ඒ කාර්ය භාරය තේරුම් ගෙන ඇති නිසාත් ඒ හරහා සේවයක්‌ සිදු කරලීමට මේ අංශය තෝරාගත්තා. කලාව පිළිබඳව වැඩි දුරටත් හැදැරීමත්, ඒ ඔස්‌සේ දක්‌ෂ නිළියක වීමත් සැබෑ කරගත යුතු තවත් සිහිනයක්‌. 


ඔබේ විවාහ දිවියේ මීළඟ බලාපොරොත්තුව වූ "පුංචි සිඟිත්තකු" පිළිබඳව ඔබ සිතන්නේ මොන විදිහටද?


මම ඇත්තටම පුංචි දරුවන්ට හරිම ආදරෙයි. ඔව්. මට තවම වයස 22 යි. තව වසර තුනකින් පමණ ඒ සිහිනයත් සැබෑ කර ගැනුමට අදහස්‌ කරනව. වෙනත් රටක පදිංචියට යැමටත් සැලසුම් කොට තිබෙනවා. ඒත් මගේ රට අමතක කරන්නට අදහස්‌ කරන්නේ නැහැ. හොඳ නිර්මාණ සඳහා ආරාධනා ලැබුණු විගස මෙහි පැමිණ කලාවට සේවයක්‌ සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.

0 comments

Post a Comment

________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow

Puduma Dewal

Recent Comments

Ads

Gossip Posts

Gossip Posts

ZODIAC ADA DAWASA | අද දවස

මේෂ
වෙනදාට වඩා ගමන් බිමන් අධිකය. පදිංවියේ වෙනසක් වීමටද ඉඩක් ඇත. දුර බහැර සිටින අය පෞද්ගලිකවම හමුවීම හෝ වෙනත් මාර්ගවලින් සබඳතා පවත්වයි. ව්‍යාපාර කටයුතුවලදී පාඩු සිදුනොකරගන්න.

වෘෂභ
කෙසේ හෝ අතමිට මුදල් ගැවසේ. නමුත් වියදම පාලනය කරගැනීම අපහසුය. ඔබගේ ආරක්ෂාව ගැන පමණක් නොව වෙනත් දේපළ හා මුදල්ද ප්‍රවේශම් කරගැනීම ප්‍රයෝජනවත්ය.

මිථුන
ඔබගේ බොහෝ කටයුතු වලදී අවිනිශ්විත ස්වභාවයක් ඇතිවීමේ ඉඩ ඇති බැවින් අමතර උනන්දුවකින් කටයුතු කිරීමෙන් සියළු කටයුතු සාර්ථක කරගත හැක. රැකියා අංශයේ වෙනසක් සිදුවෙතත් ඉන් අවාසියක් සිදුනොවේ.

කටක
අධික කාර්යබහුල ස්වභාවයක් පවතී. ආයෝජනයක් ලෙස හෝ තම අපේක්ෂාවක් වෙනුවෙන් අමතර මුදලක් වැයකිරීමට සිදුවේ. තම අභිමතය පරිදි බලාපොරොත්තු ඉටුකරගත හැක.

සිංහ
නෑදෑ හිතවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවේ. රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව සිටීමේ උවමනාවද සහිතය. සමාජ සබඳතා හෝ වෙනත් ගමන් බිමන් වලදී ඔබට අවාසිදායක අවස්ථාවන් ඇතිවීමේ ඉඩ ඇත.
කන්‍යා
සෑම කටයුත්තකදීම ප්‍රවේශම්කාරීවිය යුතුය. සුළු අතපසුවීමක් හෝ සිදුනොකිරීමට වගබලාගන්න. ඥාති මිත්‍රාදීන් වෙනදාට වඩා ඔබගේ නිවසට පැමිණෙනවා ඇත. නිර්මාණශීලී අංශයන්ට සුභ දවසකි.

තුලා
රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව පවුලේ හෝ වෙනත් බාහිර අවශ්‍යතාවයක් වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවිය හැක. අසනීපවීම් හෝ විරසකවීම් ඇතිවීමේ ඉඩ පිළිබඳව සැලකිලිමත්වීම ප්‍රයෝජනවත්ය.

වෘශ්චික
සෑම ක්ෂේත්‍රයකදීම දෙවරක් සිතා බලා කටයුතු කරන්න. අසල්වාසීන් හෝ පවුලේ අවශ්‍යතාවන් ගැන වෙහෙසීමට සිදුවේ. මුදල් පරදුවට තබා ක්‍රියා නොකරන්න.

ධනු
නිතර හමුනොවන හෝ ඈත එපිට සිටින අය සමග සබඳතා පැවැත්වීමට සිදුවේ. ලෙතරැයි ආදී කිසියම් අවිනිශ්විත මාර්ගයකින් අතට මුදල් ලැබීමේ ඉඩ ඇත. පවුලේකටයුත්තක් සඵල කරගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.

මකර
පවුලේ හෝ ගෙදරදොර අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. කෙසේ මුත් ඔබගේ ආදායම් තත්ත්වය යහපත්ය. කෙටි හෝ දීර්ඝ ගමන් බිමන් වෙනදාට වඩා බහුලවේ.
කුම්භ
ලියන කියන ආදී සහ සන්නිවේදන කටයුතුවලීද ප්‍රවේශම්විය යුතුය. ඔබගේ දිරිමත් බව කෙසේ හෝ සාර්ථක ප්‍රතිඵල අත්කර දේ. ආදායම් තත්ත්වයද සරුවන අතර සමාජ පිළිගැනීමකටද ලක්විය හැක.

මීන
පොදුවේ ගත්කල සුබ දවසකි. හෙළිකිරීමට අකැමති මාර්ගවලින් පවා ලාබ ප්‍රයෝජන අත්කරගැනීමට සමත්වේ. නමුත් අධික වියදම්ද සහිතය. කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුවූ අපේක්ෂාවක් ඉටුවීම නිසාද සහනය ඇතිවේ.

Archives