දිවයින පුරා ආරක්ෂිත කැමරා.


දිවයිනේ සියලූ නගරවල කඩිනමින් ආරක්ෂිත කැමරා සවි කිරීමට පොලිසිය සූදානම්. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ යෝජනාවක් මත මෙම වැඩපිළිවෙල කි‍්‍රයාත්මක වන බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ. අපරාධකරුවන්, කොල්ල කල්ලි, කප්පම්කරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කඩිනමින් හඳුනා ගැනීම මෙහි අරමුණයි. ආරක්ෂක කැමරා සවිකිරීමෙන් පසුව දවස පුරා සියලූ තොරතුරු වීඩියෝ ගත කෙරෙනවා. ඒවා අධීක්ෂණය කෙරෙන්නේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සහ පොලිස් අධීකාරීවරයෙකු යටතේයී. දැනටමත් කොළඹ සහ කොළඹ නගරය අවට ප‍්‍රදේශවල මෙම කැමරා සවිකර ඇති අතර, ඒවා දෙසැම්බර් 21 වනදා නිල වශයෙන් විවෘත කිරීමට නියමිතයි. අනතුරුවයි දිවයින පුරා ආරක්ෂිත කැමරා සවි කිරීමේ වැඩසටහන කි‍්‍රයාත්මක වන්නේ.
Post a Comment