සැමගේ එකම අරමුණ රට ගොඩනැගීමයි - ජනපති කියයි.


දේශපාලනඥයාටත්, රජයේ නිලධාරියාටත් වර්තමානයේදී පැවතිය යුත්තේ එකම අරමුණක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ජනාධිපතිවරයා කියා සිටියේ රට ගොඩනැංවීම එම අරමුණ බවයි. රට පෙරට තබමින් යන ගමනේදී මතභේද දුරුකරගත හැකි බව පෙන්වා දෙන ජනාධිපතිවරයා උපරිම ජනතා සේවයක් වෙනුවෙන් කැපවිය හැකි බවද, සඳහන් කළා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ බව කියා සිටියේ ශී‍්‍ර ලංකා පරිපාලන සේවයේ නිලධාරීන්ට පත්වීම් ප‍්‍රදානය කිරීමේ උත්සවයට අරලියගහ මන්දිරයේදී ඊයේ (15) එක්වෙමින්. රාජ්‍ය පරිපාලන සේවය සඳහා අළුතින් බඳවා ගත් 150 දෙනෙකුට මෙහිදී පත්වීම් ලිපි ප‍්‍රදානය කෙරුණා. ජාති ආගම් භේදයෙන් තොරව සමස්ත රටවාසීන් වෙනුවෙන් සේවය කිරීම රාජ්‍ය සේවකයාගේ වගකීම බවයි ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ.
Post a Comment