
ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර ඇත්තේ වසර ගණනාවක සබඳතාවක්. හැබැයි මේ සම්බන්ධය පිළිබඳව විවිධ පාර්ශ්වයන් දක්වන්නේ පරස්පර අදහස්. ඉන්දීය විදේශ අමාත්‍ය එම්.එම් කි‍්‍රෂ්ණා පසුගියදා දිවයිනට පැමිණියේ ඉන්දු – ශී‍්‍ර ලංකා ඒකාබද්ධ කමිටුව සඳහා සහභාගී වීමටයි. ඒ අතරතුර යාපනයේ, ඉන්දීය කන්සියුලර් ජනරාල් කාර්යාලයක් විවෘත කිරිමේ අවස්ථාවටත් ඔහු සහභාගී වූ අතර, එහිදී සිදුකළ කතාවේ ඇතැම් ප‍්‍රකාශයන්හි මෙසේ සඳහන් වුණා.
දකුණු ඉන්දියාවේ ජනයා සහ යාපනය අර්ධද්වීපයේ ජනයා අතර විශේෂයෙන් ද, උතුරු පළාතේ ජනයා සමග පොදුවේ ද තිබෙන විශේෂ බන්දුතාවය අවධාරණය නොකර ඉන්දු – ශී‍්‍ර ලංකා සබඳතා ගැන කතා කිරීම අසම්පුර්ණ වේ……………….. යාපනය යන්නෙහි දෙමළ භාවිතය වන යාල්පානම් යන්නෙන් ම ගම්‍ය වන්නේ කාංචිපුරම් සිට පැමිණි පුරා වෘත්තික වීණා වාදකයාට රාජකීය ත්‍යාගයක් වශයෙන් ඉඩමක් ලැබීමයි. එම නිසා ඉන්දියාව කන්සියුලර් කාර්යාලයක් විවෘත කිරීමට යාපනය තෝරා ගැනීම ස්වභාවික, තර්කානුකූල සහ නොවැලැක්විය හැකි කරුණක් විය……………. ලක් රජය විසින් සිවිල් ගුවන්තොටුපලක් වශයෙන් පලාලි සංවර්ධනය කර එය ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව තුළ ගුවන්ගමන් වලට සම්බන්ධ කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු. මෙම බහුවිධ පුරුක් තුළින් අනාගතයේදී එකිනෙකාගේ පෞද්ගලික මුණ ගැසීම් ප‍්‍රතිස්ථාපනය වන බව පමණක් නොව අප දෙරටේ ප‍්‍රාදේශීය ආර්ථිකවලට ද විශාල පිටුබලයක් වන බව මට විශ්වාසය…………… 13 වන සංශෝධනය මත පදනම්ව අර්ථවත් බලය බෙදීමේ පැකේජයක් තුළින් ශී‍්‍ර ලංකාව දේශපාලන විසඳුමක් සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය වනු ඇතැයි අපට අවබෝධ වී තිබේ.
ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ මෙම කතාවට දේශ හිතෛෂි ජාතික ව්‍යාපාරය දැඩි විරෝධයක් පළකළේ උතුරේ දෙමළ ජනතාව ඉන්දියාවේ කොටසක් යැයි සලකමින් උතුර සංවර්ධනයට ඉන්දියාව දායක වන බව මෙවැනි ප‍්‍රකාශ වලින් තහවුරු වන්නේ යැයි අවධාරණය කරමින්. එක්සත් රටක සාමකාමීව ජීවත් වන ශී‍්‍ර ලාංකීය ජනතාවට මෙවැනි බෙදුම්වාදී අදහස් අවශ්‍ය නොවන බව ඔවුන් අවධාරණය කළා. ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ මෙම ප‍්‍රකාශය ගැන දේශ හිතෛෂි ජාතික ව්‍යාපාරය දක්වන්නේ හුඹස් බියක් ද?
Post a Comment