හංවැල්ල ප්‍රදේශයේ මත්පැන් නිෂ්පාදනාගාරයකින් රුපියල් මිලියන 100ක දඩ මුදලක් අයකරගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
රජයට අයවිය යුතු බදු මුදල් ගෙවීම පැහැර හැරීම මීට හේතුව බව එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රභාත් ජයවික්‍රම මහතා පවසයි.
සුරාබදු දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලක් මත ඊයේ(16) සිදුකළ වැටලීමකින් පසු අදාළ මත්පැන් නිෂ්පාදනාගාරයේ බලපත්‍රය ද තාවකාලිව අත්හිටුවා තිබේ.
කෙසේවුවද අදාළ ආයතනය විසින් රුපියල් මිලියන 50 ක මුදලක් ඊයේ දිනයේම ගෙවා ඇති බව වාර්තාවේ. ඉතිරි මුදල ලබාදීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සති දෙකක කාලයක් ලබාදී තිබේ.
මේ අතර බදු මුදල් වංචාවක් සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව ද ප්‍රභාත් ජයවික්‍රම මහතා සඳහන් කළේය.

Post a Comment