Gossip Lanka News

Underground News from Sri Lanka

අමුතු කතාව


http://4.bp.blogspot.com/_R8biMsfnvPo/TQME6GTi5AI/AAAAAAAAAfU/qqPe1VOpDo0/s1600/pa700.jpg

පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය වරායේදීම අත්අඩංගුවට ගනී.වටිනාකම රු. කෝටි 28 ක්‌
ආනයනික අල කන්ටේනරයක්‌ තුළ හොර රහසේ ගෙන්වන ලද රුපියල් කෝටි 28 කට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 55 ක ප්‍රමාණයක්‌ කොළඹ වරායේදීම අත්අඩංගුවට ගැනීමට පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය පෙරේදා (09 වැනිදා) සමත් විය.
මෙය ශ්‍රී ලංකාවේදී මෙතෙක්‌ එකවර හසුවූ විශාලතම හෙරොයින් තොගය බව පොලිස්‌පති ආචාර්ය මහින්ද බාලසූරිය මහතා පවසයි.
මෙම හෙරොයින් තොගය ගෙන ආ පකිස්‌තානු ජාතිකයා ඇතුළු මහා පරිමාණ ජාවාරම්කරුවන් සිව්දෙනකු අත්අඩංගුවට ගැනීමට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත් වූහ.
මෙහිදී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය බ්‍රවුනින් ෂුගර් වර්ගයේ ඉස්‌තරම්ම හෙරොයින් බව පොලිසිය පවසයි.
පාකිස්‌ථානයෙන් ආනයනය කළ අර්තාපල් අල කිලෝග්‍රෑම් 13,000 ක්‌ අඩංගු කන්ටේනරයක ව්‍යාජ ලෙස සකස්‌ කළ අල ගෙඩි තුළ මෙම හෙරොයින් තැන්පත් කර තිබූ බව පොලිසිය පවසයි.
අර්තාපල් අල මැදින් කපා එහි ඇතුළත ඉවත් කර ඊට හෙරොයින් ඇතුළු කර ඉතාම සුරක්‌ෂිත ආකාරයට නැවත එම අර්තාපල් අලය සකස්‌ කර තිබූ බව පරීක්‌ෂණවලදී අනාවරණය වී තිබේ.
මේ ආකාරයට හෙරොයින් පුරවා සකස්‌ කළ අර්තාපල් අඩංගු මළු දහසකට ආසන්න ප්‍රමාණයක්‌ මෙම අර්තාපල් කන්ටේනරයේ අසුරා තිබූ බව පොලිසිය පවසයි.
මෙම අර්තාපල් කන්ටේනරය තුළ හෙරොයින් තිබෙන බවට පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයට සති කීපයකට උඩදී තොරතුරක්‌ ලැබී තිබිණි. ඒ අනුව මත්ද්‍රව්‍ය නාශක අංශයේ නියෝජ්‍ය පොලිස්‌පති විජිත් මෙන්ඩිස්‌ එහි අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී සරත් බැද්දෙවෙල මහත්වරුන්ගේ අධීක්‌ෂණය යටතේ පුළුල් පරීක්‌ෂණයක්‌ ආරම්භ කරන ලදී.
පොලිසිය කළ පරීක්‌ෂණවලදී හෙළි වූයේ මෙම අර්තාපල් කන්ටේනරය ගෙන ආ පුද්ගලයා ව්‍යාජ නමකින් පෙනී සිටින බවයි. ඔහු ලබාදී තිබූ සීදුව ප්‍රදේශයේ ලිපිනය සකස්‌ කළ එකක්‌ වුවත් පුද්ගලයා ව්‍යාජ අයකු බව හඳුනා ගැනීම නිසා මෙම අර්තාපල් කන්ටේනරයේ හෙරොයින් තිබෙන බවට පොලිසිය සැක පහළ කර තිබේ.
එමෙන්ම මෙම කන්ටේනරය ලබා ගැනීමට ඉදිරිපත් වන පුද්ගලයා සූක්‍ෂමව හඳුනා ගැනීමට පොලිසිය සමත් විය. ඒ අනුව කොළඹ වරායේ තිබූ කන්ටේනරය වෙනුවට ව්‍යාජ කන්ටේනරයක්‌ පිටතට ගෙන එය අදාළ පුද්ගලයාට භාරදීමට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කටයුතු කර තිබේ.
එහිදී මෙම කන්ටේනරය ලබා ගැනීමට පැමිණ ඇත්තේ කෝටිපති ව්‍යාපාරිකයකු වූ මුස්‌ලිම් ජාතිකයෙකි. පසුව ඔහු අත්අඩංගුවට ගත් පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත හෝටලයක නවාතැන් ගෙන සිටි හෙරොයින් සහිත කන්ටේනරය ගෙන ආ පාකිස්‌තානු ජාතිකයාද අත්අඩංගුවට ගන්නා ලදී.
පසුව මෙම මහා පරිමාණ ජාවාරමට සම්බන්ධ තවත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනකුද අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වූහ.
මෙම මහා පරිමාණ ජාවාරම මෙහෙයවන ප්‍රධාන පෙළේ ජාවාරම්කරු විදේශිකයකු වන අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ යොදවා ඇති බව පොලිස්‌පති ආචාර්ය මහින්ද බාලසූරිය මහතා පැවසීය.
මෙහිදී අත්අඩංගුවට ගත් හෙරොයින් බහාලූ ව්‍යාජ අල තොගයේ සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 63 කි. එහි අල කොටස ඉවත් කිරීමෙන් පසු හෙරොයින්වල බර කිලෝග්‍රෑම් 55 ක්‌ පමණ වන බව පොලිසිය පවසයි. මෙහි තිබූ එක්‌ ව්‍යාජ අල ගෙඩියක ග්‍රෑම් 60-130 ක්‌ අතර ප්‍රමාණයක හෙරොයින් අසුරා තිබී ඇත.
මෙම මහා පරිමාණ ජාවාරම්කරුවන් හෙරොයින් ජාවාරම දීර්ඝ කාලයක්‌ තිස්‌සේ කරගෙන යන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යයි.
මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා පොලිසිය ක්‍රියාත්මක කර ඇති දැවැන්ත මෙහෙයුමේදී මේ වන විට හෙරොයින් කිලෝග්‍රෑම් 65 කට අධික ප්‍රමාණයක්‌ අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස්‌පති ආචාර්ය මහින්ද බාලසූරිය මහතාගේ පූර්ණ අධීක්‌ෂණය යටතේ පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නියෝජ්‍ය පොලිස්‌පති සිසිර මෙන්ඩිස්‌ එහි අධ්‍යක්‌ෂ සරත් බැද්දෙවෙල මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳව පරීක්‌ෂණ පැවැත්වේ.

0 comments

Post a Comment

________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow

Puduma Dewal

Recent Comments

Ads

Gossip Posts

Gossip Posts

ZODIAC ADA DAWASA | අද දවස

මේෂ
වෙනදාට වඩා ගමන් බිමන් අධිකය. පදිංවියේ වෙනසක් වීමටද ඉඩක් ඇත. දුර බහැර සිටින අය පෞද්ගලිකවම හමුවීම හෝ වෙනත් මාර්ගවලින් සබඳතා පවත්වයි. ව්‍යාපාර කටයුතුවලදී පාඩු සිදුනොකරගන්න.

වෘෂභ
කෙසේ හෝ අතමිට මුදල් ගැවසේ. නමුත් වියදම පාලනය කරගැනීම අපහසුය. ඔබගේ ආරක්ෂාව ගැන පමණක් නොව වෙනත් දේපළ හා මුදල්ද ප්‍රවේශම් කරගැනීම ප්‍රයෝජනවත්ය.

මිථුන
ඔබගේ බොහෝ කටයුතු වලදී අවිනිශ්විත ස්වභාවයක් ඇතිවීමේ ඉඩ ඇති බැවින් අමතර උනන්දුවකින් කටයුතු කිරීමෙන් සියළු කටයුතු සාර්ථක කරගත හැක. රැකියා අංශයේ වෙනසක් සිදුවෙතත් ඉන් අවාසියක් සිදුනොවේ.

කටක
අධික කාර්යබහුල ස්වභාවයක් පවතී. ආයෝජනයක් ලෙස හෝ තම අපේක්ෂාවක් වෙනුවෙන් අමතර මුදලක් වැයකිරීමට සිදුවේ. තම අභිමතය පරිදි බලාපොරොත්තු ඉටුකරගත හැක.

සිංහ
නෑදෑ හිතවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවේ. රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව සිටීමේ උවමනාවද සහිතය. සමාජ සබඳතා හෝ වෙනත් ගමන් බිමන් වලදී ඔබට අවාසිදායක අවස්ථාවන් ඇතිවීමේ ඉඩ ඇත.
කන්‍යා
සෑම කටයුත්තකදීම ප්‍රවේශම්කාරීවිය යුතුය. සුළු අතපසුවීමක් හෝ සිදුනොකිරීමට වගබලාගන්න. ඥාති මිත්‍රාදීන් වෙනදාට වඩා ඔබගේ නිවසට පැමිණෙනවා ඇත. නිර්මාණශීලී අංශයන්ට සුභ දවසකි.

තුලා
රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව පවුලේ හෝ වෙනත් බාහිර අවශ්‍යතාවයක් වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවිය හැක. අසනීපවීම් හෝ විරසකවීම් ඇතිවීමේ ඉඩ පිළිබඳව සැලකිලිමත්වීම ප්‍රයෝජනවත්ය.

වෘශ්චික
සෑම ක්ෂේත්‍රයකදීම දෙවරක් සිතා බලා කටයුතු කරන්න. අසල්වාසීන් හෝ පවුලේ අවශ්‍යතාවන් ගැන වෙහෙසීමට සිදුවේ. මුදල් පරදුවට තබා ක්‍රියා නොකරන්න.

ධනු
නිතර හමුනොවන හෝ ඈත එපිට සිටින අය සමග සබඳතා පැවැත්වීමට සිදුවේ. ලෙතරැයි ආදී කිසියම් අවිනිශ්විත මාර්ගයකින් අතට මුදල් ලැබීමේ ඉඩ ඇත. පවුලේකටයුත්තක් සඵල කරගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.

මකර
පවුලේ හෝ ගෙදරදොර අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. කෙසේ මුත් ඔබගේ ආදායම් තත්ත්වය යහපත්ය. කෙටි හෝ දීර්ඝ ගමන් බිමන් වෙනදාට වඩා බහුලවේ.
කුම්භ
ලියන කියන ආදී සහ සන්නිවේදන කටයුතුවලීද ප්‍රවේශම්විය යුතුය. ඔබගේ දිරිමත් බව කෙසේ හෝ සාර්ථක ප්‍රතිඵල අත්කර දේ. ආදායම් තත්ත්වයද සරුවන අතර සමාජ පිළිගැනීමකටද ලක්විය හැක.

මීන
පොදුවේ ගත්කල සුබ දවසකි. හෙළිකිරීමට අකැමති මාර්ගවලින් පවා ලාබ ප්‍රයෝජන අත්කරගැනීමට සමත්වේ. නමුත් අධික වියදම්ද සහිතය. කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුවූ අපේක්ෂාවක් ඉටුවීම නිසාද සහනය ඇතිවේ.

Archives