ගණිකා වෘත්තියේ යෙදි සිටි
බවට සැකකෙරන කාන්තාවන්ගණිකා වෘත්තිය ලොව පැරැණිතම වෘත්තියයි. මෙම වෘත්තියට කොතෙකුත් නිතීරිතී තහංචි පනවා තිබුණත් ඒ ඒ පුද්ගලයන්ගේ කාමසුඛල්ලිකානු ජීවිත අහුරාලීම උගහට වන්නේය.
ගණිකා නිවාස ලංකාවට අමුතු දෙයක් නොවේ. ඒ කාලයක සිටම ගණිකා නිවාස අප රට තුළ තිබෙන හෙයිනි. මේ බොහෝ ගණිකා නිවාසවල හිමිකරුවෝ පතාල නායකයෝ මෙන්ම, කෝටිපති ව්‍යාපාරිකයෝය. ඔවුන්ට දේශපාලනඥයන්ගේ ආරක්‍ෂාව ද නොඅඩුව ලැබෙන බව නොරහසකි. කොල්ලුපිටිය සුපිරි වෙළෙඳ සංකීර්ණයේ 7 – 8 මහල්වල පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාසයට ද දේශපාලන ආරක්‍ෂාව මෙන්ම පොලිසියේ ඉහළ නිලධාරීන්ගේ ආරක්‍ෂාව නොමඳව ලැබුණු බව රහසක් නොවේ. එය මොනවට පසක් වන්නේ වසර විස්‌සක් පමණ අතුරු ආන්තාරාවකින් තොරව පවත්වාගෙන ගිය හෙයිනි. එහෙත් වැහි වළාකුළුවලින් අඳුරු වූ පසුගිය සෙනසුරාදා දහවල් මෙම සුපිරි ගණිකා නිවාසයට ආගන්තුකයන් පිරිසක් පැමිණියේ නොසිතූ මොහොතකය.
මෙම සුපිරි ගණිකා නිවාසය කොළඹ අධි ආරක්‍ෂිත කලාපයට ආසන්න ප්‍රදේශයක පිහිටා තිබීම හෙයින් ආරක්‍ෂාවට විශාල තර්ජනයක් වී තිබිණි. එහෙයින්ම මෙම ගණිකා නිවාසය පවත්වාගෙන යන හිමිකාරිය, කාර්ය මණ්‌ඩලය ඇතුළු සියලු ගණිකාවන් අත්අඩංගුවට ගැනීමට ඉහළ ආරක්‍ෂක අංශවලින් පොලිස්‌පතිතුමාට නියෝගයක් ලැබිණි. ඒ අනුව පොලිස්‌පති මහින්ද බාලසූරිය මහතා කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය වෙත කරුණු වර්තා කර මෙම ගණිකා නිවාසය වැටලීමට සෝදිසි වරෙන්තුවක් ලබා ගත්තේය. අනතුරුව පොලිස්‌පතිතුමා මෙහෙයුම සම්බන්ධයෙන් මාණ්‌ඩලික නියෝජ්‍ය පොලිස්‌පති මහේෂ් සමරදිවාකර මහතාට උපදෙස් ලබාදුනි. සමරදිවාකර මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරී ඩී. එස්. කරුණානායක, සහකාර පොලිස් අධිකාරි සුදත් මාසිංහ, පොලිස් ස්‌ථානාධිපති පොලිස් පරීක්‍ෂක දුමින්ද බුද්ධික බාලසූරිය යන මහත්වරුන් ඇතුළු තිස් පස් දෙනකුගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්‌ඩායම් කිහිපයක් මෙම වැටලීමට සම්බන්ධ විය.
මෙහි හිමිකාරිය ඇතුළු සියලු ගණිකාවන් අත්අඩංගුවට ගැනීමට නම් එය උපක්‍රමශීලීව සිදු කළ යුත්තකි. එමෙන්ම මෙම ගණිකා නිවාසයට සෙනසුරාදා, ඉරිදා දිනවල බිස්‌නස් සරු බවත්, එම දිනවල එහි හිමිකාරිය වන ජිනා මැඩම් ද එහි රැඳී සිටින බවත් පොලිසිය දැන සිටියහ. එහෙයින් ඔවුන් වැටලීමට සෙනසුරාදා දිනය යොදා ගත්තේය.
පළමුව වෙස් වළාගත් පොලිස් නිලධාරීන් දෙදෙනකු ගණිකා නිවාසය ඇතුළට යෑවීමට පොලිසිය සැලසුම් කළේය.
“අලුත් මුහුණු දෙකක් එනවා හොඳට බලපල්ලා.” එහි සිටි ආරක්‍ෂක ප්‍රධානියාගෙන් සෙසු නිලධාරීන්ට විධානයක් ලැබිණි. ඒ සමග ඔවුන් දෙදෙනාගේ සියලු තතු එහි ආරක්‍ෂක නිලධාරීන් විමසා සිටියේය.
“අපි විදෙස් රටක රැකියාවක නිරත වෙලා ඉඳලයි ආවේ.” ආරක්‍ෂක නිලධාරීන් මුළාවට පත් විය. ඔවුන් දෙදෙනාට ගණිකාවන් රැඳී සිටින හා මුදල් ගනුදෙනු කරන ප්‍රධාන ශාලාවට ඇතුළු වීමට අවසර ලැබිණි.
සුන්දර සිනාවෙන් මුව සරසා ගත් සුරූපිනියෝ ඔවුන් දෙදෙනා ලෙන්ගතුව පිළිගත්හ.
පොලිසියේ ඉලක්‌කය සාර්ථකය. එහි හිමිකාරිය වන ජිනා මැඩම් ද ප්‍රධාන නිවාසයේ රැඳෙමින්, බිම් මහලේ සිට අටවැනි මහල දක්‌වා සිදුවීම් වීඩියෝ කැමරා ඔස්‌සේ පුළුල් තිරයකින් නිරීක්‍ෂණය කරමින් සිටියාය.
වෙස් වළාගත් පොලිස් නිලධාරීන් දෙදෙනා පොලිස් දෙපාර්තමේන්තුව නිකුත් කළ මුදල් වියදම් කරමින් ගණිකාවන්ද, ඉස්‌තරම්ම වර්ගයේ මත්පැන් වර්ග ද මිලට ගනිමින් කාමර දෙකකට ඇතුළු විය. අනතුරුව එහි සිදුවන සියලු දේ විස්‌තරාත්මකව ජංගම දුරකථන හරහා පොලිස් පරීක්‍ෂක දුමින්ද බාලසූරිය මහතා වෙත සැල කළේය. ඒ අනුව ගණිකා නිවාසයට ඇතුළු වීමට ඔවුහු කටයුතු කළෝය.
නිළ ඇඳුම් ඇඟලාගත් පොලිස් නිලධාරීන් ගණිකා නිවාස තුළට ඇතුළු වනු දුටු ජිනා මැඩම් විශ්මයට පත් විය. ඒ ඇය කිසි විටෙකවත් පොලිසිය මෙම ස්‌ථානය වටලයි කියා බලාපොරොත්තු නොවූ හෙයිනි. අට වැනි මහලේ සියලු දෙනාම කඩි ගුලක් ඇවිස්‌සුනා මෙන් හිස ලූ ලූ අත දිව ගියහ. එහෙත් ජිනා කලබලයට පත් වූයේ නැත. පොලිස් නිලධාරීන් දෙදෙනා සමග කාමර තුළට ඇතුළු වූ කාන්තාවන් දෙදෙනා එළියට ගැනීමට ඇය උත්සාහ කළාය. එහෙත් එය නිෂ්ඵල විය. පොලිස් නිලධාරීන් දෙදෙනා උපක්‍රමශීලීව ඔවුන් දෙදෙනා කොටු කර ගත්හ. එහෙයින් ඔවුන් දෙදෙනා අතහැර ජිනා මැඩම් ඇතුළු පිරිස අටවැනි මහලේ සිට රහස් විදුලි සෝපානයකින් හත්වැනි මහළට පැමිණ, සියලු ස්‌වංක්‍රීය දොරවල් වසා දමා, පොලිස් නිලධාරීන්ගේ ඇස්‌වලට හොරෙන් පලා ගියහ.
පොලිස් නිලධාරීන් කෙසේ හෝ දොරවල් විවෘත කර අටවැනි මහලේ මෙන්ම හත්වැනි මහලේ සියලු කාමර සෝදිසි කර, ගණිකා වෘත්තියේ යෙදී සිටි ලාංකීය කාන්තාවක් සහ උස්‌බෙකිස්‌ථාන ජාතික කාන්තාවන් දෙදෙනකු සමග ලිංගික සන්තර්පණය ලබමින් සිටි පුද්ගලයන් දෙදෙනකු ද අත්අඩංගුවට ගත්තේය. ඒ අතර රජයේ නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද සිටි බව නොරහසකි.
අටවැනි මහලේ ටොන් එකක් පමණ බර විශේෂිත සේප්පුවක් ද විය. ඒ තුළ ගනුදෙනුකරුවන් තෝරා ගන්නා කාන්තාවගේ නම සඳහන් කර ඒ සමග මුදල් ද රෝල් කර රබර් බෑන්ඩ් යොදා සේප්පුවේ බහා තිබිණි. පොලිස් නිලධාරීන් දෙදෙනා ලබාදුන් මුදල් ද ඇතුළුව රුපියල් තුන් ලක්‍ෂ පනස් අට දහසක්‌ද, ඇ. ඩො. 105 ක් ද විය. සේප්පුවේ යතුර ජිනා මැඩම් විසින් රැගෙන ගොස් තිබූ හෙයින් එය සම්පූර්ණයෙන් විවෘත කිරීමට නොහැකි විය. සේප්පුවේ තවත් මුදල් ඇති හෙයින් එම සේප්පුව ද මුද්‍රd තබා පොලිස් අත්අඩංගුවට ගත්තේය.
එම ස්‌ථානයේ තිබී හමු වූ ලේඛනවලින් ඔවුන් වසර විස්‌සක් තිස්‌සේ සඟවාගෙන සිටි නිරුවත සම්පූර්ණයෙන්ම හෙළි විය. මෙම සුපිරි ගණිකා නිවාසයේ හිමිකාරිය කළුතර ප්‍රදේශයේ කාන්තාවකි. ඇය ප්‍රසිද්ධව සිටින්නේ ජිනා මැඩම් ලෙසය. ඇය එම සුපිරි වෙළෙඳ සංකීර්ණ ගොඩනැඟිල්ලේ 4, 6, 7, 8 යන මහල්වල නිවාස රැසක හිමිකාරියකි. ඒ සඳහා ඇය මසකට රුපියල් තිස් ලක්‍ෂයක් පමණ නිවාස කුලියක් ද ගෙවනු ලබයි. එහෙයින් ඇයගේ ව්‍යාපාරයට ඒ සුපිරි වෙළෙඳ සංකීර්ණයෙන් ද උපරිම සහායෝගය ලැබී ඇති බව ද නොරහසකි.
යටගිය දවස දඹදිව නගරවල සිටි ගණිකාවන් පිළිබඳ තොරතුරු විචාරණ විට මෙම වෘත්තියේ යෙදී සිටි කතුන් රූප විලාශයෙන් අගතැන් පැමිණි පංච කල්‍යාණියෝ වූහ. එදා රජවරු පවා වශීකෘත වූ අම්බපාලි ගණිකාවිය වැනි අපේ කාලයේ දෙස් විදෙස් පංච කල්‍යාණියෝ පිරිසක් එහි අසුන් ගෙන සිටියේ ශරීරය ප්‍රසිද්ධියේ විකිණීමටය. එමෙන්ම එක් කාන්තාවක් දිනකට ගනුදෙනුකරුවන් 10-15 ක් අතර ප්‍රමාණයක් සමග ලිංගික සම්බන්ධතා පවත්වයි. එක් පුද්ගලයකු සමග සිටීමට රු. 5000 සිට 15,000 දක්‌වා මිල ගණන් අය කර ඇති මුත්, එක් රාත්‍රියක් ගත කිරීමට රු. 20,000 ක මුදලක් ඔවුන් ලබාගෙන ඇත. එමෙන්ම එක් කාන්තාවකගේ දින හතරක ආදායම රුපියල් ලක්‍ෂයක් පමණ විය. ඉන් 40% ක මුදලක් ගණිකා නිවාසය හිමිකාරියට ලබාදී ඇත.
මෙහි ගණිකා වෘත්තියේ යෙදී සිටි ලාංකීය කාන්තාවන් මහරගම, කළුතර, අනුරාධපුර වැනි ප්‍රදේශවල පදිංචිකාරියන්ය. ඔවුන් නගරයේ උසස් රැකියාවල නිරත වී සිටින බව නිවෙස්‌සවලට පවසා සිටියවුන් බව පොලිස් පරීක්‍ෂණ හමුවේ අනාවරණය විය. එමෙන්ම විදේශීය කාන්තාවන් ද වරින් වර සංචාරක වීසා ලබාගෙන මෙහි සේවයේ යෙදී සිට ඇත.
ගණිකාවන් පමණක් නොව, ගනුදෙනුරුවන්ට විකිණීමට ඕනෑම වර්ගයේ විදේශීය මත්පැන් වර්ග ද විශාල මිල ගණන් යටතේ මෙම සුපිරි ගණිකා නිවාසයේ තිබිණි. වරෙක මෙම ගණිකා නිවාසය තරු පහේ හෝටලයක් මෙන් සුඛෝපභෝගී ආහාර වේලක් සමග නවාතැන් පහසුකම් ලබාදී තිබිණි. ගණිකා නිවාසයේ නිත්‍ය පාරිභෝගිකයන් වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 5, 10, 15 වැනි විශේෂ පැකේජයන් ලබාදීමට ද එහි පාලනාධිකාරිය කටයුතු කර තිබුණේ ඔවුන්ට වැඩි වරප්‍රසාද ලබාදීමටය.
සුපිරි වෙළෙඳ සංකීර්ණ ගොඩනැඟිල්ලේ බිම් මහලේ සිට අටවැනි මහලට යන තෙක් සූක්‍ෂමව කැමරා සවි කරමින්, ඔවුන්ගේම පුද්ගලික ආරක්‍ෂක ආයතනයක් මාර්ගයෙන් උපරිම ආරක්‍ෂාවක් සලසමින්, ස්‌වංක්‍රීයව ක්‍රියාත්මක වන වානේ දොරවල් සවි කර තිබුණේ ගණිකා නිවාසයට උපරිම ආරක්‍ෂාව ලබාදීමට නොවේද?
කෙසේ වෙතත් පොලිස් මෙහෙයුමේ ඉලක්‌කය වැරැදුණි. ගණිකා නිවාසයේ හිමිකාරිය තවමත් නිදැල්ලේය. ඇය පමණක් නොව, ඇයගේ පුතා ද ඒ සුපිරි වෙළෙඳ සංකීර්ණ ගොඩනැඟිල්ලේම පහත මාලයේ ක්‌ලියෝ පැට්‌රා නමැති සුපිරි කැරොකේ ශාලාවක් පවත්වාගෙන ගියේය. ඔහු ද මේ වන විට පලාගොස් ඇත. මොවුන් අත්අඩංගුවට ගැනීමට වලාන දූෂණ මර්දන ඒකකය තවමත් පරීක්‍ෂණ සිදු කරමින් සිsටී. එපමණක් නොව ඇයට ගණිකා නිවාස පනත යටතේ ගණිකා නිවාසයක් පාලනය කිරීම, පවත්වාගෙන යැම, හිමිකාරියක් වී සිටිමින් කටයුතු කිරීම ආදී චෝදනා රැසක් ගොනු කරමින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. ඊට අමතරව ප්‍රධාන සැකකාරියට විදේශගත වීම වැළක්‌වීමට කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් නියෝගයක් ආගමන විගමන පාලක වෙත නිකුත් කර ඇත.
මෙම සැකකාරිය අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළහොත් අගනේය. මන්ද මෙවැනි සූක්‍ෂම පොලිස් වැටලීමකින් ප්‍රධාන සැකකාරිය පලා යැම ගැටලු සහගත බැවිනි. සැඟවී සිටින මෙම සැකකාරිය මැති ඇමැතිවරුන්ට ඇය බේරා ගන්නා ලෙස තර්ජනය කර ඇති බවත් වාර්තා වෙයි. එසේ නොකළහොත් තම ආයතනයෙන් සේවය ලබා ගත් සියලු දෙනාගේ කැරැට්‌ටුව අධිකරණය ඉදිරියේ හෙළිදරව් කරන බව තම පුතා මාර්ගයෙන් දන්වා ඇත. දැනටමත් එම අනතුරු ඇඟවීමෙන් රජයේ උසස් නිලධාරීන් බියට පත්ව සිටින බව ද වාර්තා වෙයි.
ලිංගිකත්වය ඉදිරියේ ඕනෑම මිනිසකු අන්ධ වෙයි. ඒ අනෙකුත් දේවලට වඩා විශේෂත්වයක් ලිංගිකත්වය සඳහා යොමු කරන බැවිනි. කූට ලිංගික මාµsයාව ප්‍රයෝජනයට ගන්නේ ද මේ පොදු ධර්මතාවයි. සමාජයේ දුරාචාරය පතුරවමින් තාරුණ්‍යය විනාශ කරන පාපතරයන් සොයා දඬුවම් කළ යුතුය.
පොලිස් ඇස යොමු කළේ කොළඹ නගරයේ තිබෙන එක් සුපිරි ගණිකා නිවාසයක් වෙත පමණි. තවත් බොහෝ ගණිකා නිවාස මෙම ගෙන්දගම් පොළවෙහි ඇති බව නොරහසකි. සම්බාහන මධ්‍යස්‌ථාන මුවාවෙන් පවත්වාගෙන යන ගණිකා නිවාස, වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණ ආයතන මුවාවෙන් පවත්වාගෙන යන ගණිකා නිවාස, ලැගුම්හල් මුවාවෙන් පවත්වාගෙන යන ගණිකා නිවාස බොහෝය. මේ සියලු තැන්හි ගණිකා වෘත්තියේ යෙදී සිටින කිසිම කාන්තාවක් කැමැත්තෙන් ගණිකාවක් වන්නේ නැත. ඇයටත්, ඇයගේ පවුල නඟාසිටුවීම වස් ඇයට මෙම රැකියාව අකමැත්තෙන් හෝ තෝරාගැනීමට සිදුව ඇත. මෙරට ආර්ථික අවපාතයක් යම් පමණකට හෝ ඇති බව අප පිළිගත යුතුය. එය වඩ වඩාත් දැනෙන්නේ “ඇති හැකි” අයට නොවේ. බිම් මට්‌ටමේ ජනතාවටය. හොඳින් විමර්ශනය කළහොත් ගණිකා වෘත්තියට සම්බන්ධව සිටින්නේද එවැනි පවුල්වල යුවතියන්ය. එහෙයින් ගණිකා නිවාසවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ පමණින් මෙයට විසඳුම් ලැබෙන්නේ නැති බවත් වගකිවයුත්තන් සිතට ගත යුතුය.
ඊට දිය හැකි හොඳම නිදසුන වන්නේ…
දුප්පත් පවුල්වල ලාබාල දැරියන් රවටා රැගෙනැවිත් සැළෙලුන්ට විකුණන පළාත් සභා මන්ත්‍රීවරයකු පිළිබඳ තොරතුරු පසුගියදා මාවනැල්ල පොලිසියට වාර්තා විය. දැරියන් විකිණීමේ ජාවාරම සිදු කරන මෙම පළාත් සභා මන්ත්‍රීවරයාට කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ ඇමැතිවරයෙකුගේද පූර්ණ අනුග්‍රය ලැබී ඇති බවත් අනාවරණය විය. සිය පෙම්වතා විසින් මාවනැල්ල හෝටලයකට රැගෙනැවිත් පාපතරයන් දස දෙනකුට රුපියල් 3000 සිට 6000 දක්‌වා වූ මුදලකට විකුණන ලැබූ තරුණියක් එම හෝටලයෙන් පලා ගොස් මාවනැල්ල පොලිසියට කළ පැමිණිල්ලකින් පසු මෙම කූට ලිංගික ජාවාරමේ හෙලුව සමාජයට හෙළිදරව් විය. මෙහිදී එකී දේශපාලනඥයා උපක්‍රමශීලීව භාවිත කරන්නේ ද එම තරුණියන්ගේ දුගීදුප්පත් බවයි. ආර්ථික අහේනියයි. අප තේරුම් ගත යුතු යථාර්ථයද එයයි.ෘ
1987 වර්ෂයේ ප්‍රථම ඒඩ්ස් රෝගියා සොයාගත් අපේ රටේ, මේ වන විට ඒඩ්ස් රෝගය ශරීරගත වූවන්ගේ සංඛ්‍යාව 1285 ක් ලෙස වාර්තා වී ඇත. මොවුන්ගෙන් ඒඩ්ස් රෝගය වැළඳී ඇති සංඛ්‍යාව 332 කි. ඒඩ්ස් ආසාධිත දරුවන්ගේ සංඛ්‍යාව 46 කි. (මවගෙන් සම්ප්‍රේෂණය) එම මව්වරුන්ගෙන් සියයට 90 කටම ඒඩ්ස් වයිරසය ශරීරගතව ඇත්තේ තම ස්‌වාමිපුරුෂයාගෙන්ය. සෑම දිනකදීම මෙරට ඒඩ්ස් රෝගීන් දෙදෙනකු වාර්තා වන බව ද ලෝක ඒඩ්ස් දිනයේදී මාධ්‍යයන් පෙන්වා දුනි. මෙවැනි තත්ත්වයන් කෙරෙහි ද අප ඉහත කී කාරණා ඉතා ප්‍රමුඛව බලපාන බව සිහිපත් කළ යුතුය. එහෙයින් ගණිකා නිවාස වැටලිය යුත්තේ නැවත විවෘත කිරීමට තබමින් නොවේ. එහි ආදීනව සමාජයට ද පහදා දෙන පණිවිඩයක් ඉතිරි කරමිනි.
අප පෙර කීවා මෙන් ලිංගිකත්වයට තහංචි පැනවීමට නොහැකිය. ලිංගික සන්තර්පනය සඳහා අප සොයාගත යුත්තේ සම්මත වටපිටාවකි. එසේ වුවහොත් ලිංගික ජීවිතය තෘප්තිමත්ය. ගැටලු රහිතය. එසේ නොකළහොත් තමාගේ ශරීර සෞඛ්‍යය ද පවුලේ සෞඛ්‍ය ද අනතුරට ලක්‌වීම වැළැක්‌විය නොහැකි බව ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් මෙන්ම, තාවකාලික ලිංගික සන්තර්පණය සඳහා ආලෝලනීය තාරුණ්‍යය සොයා යන පිරිමින් ද හොඳින් සිතට ගත යුතුය.
තරංග රත්නවීර
Post a Comment