
දූපත්වල ආයෝජනයට ඩොලර් මිලියන 500 ක්
කල්පිටියේ දූපත් 10 ක සංචාරක හෝටල්, ගොල්ෆ් ක්‍රීඩා පිටි, බෝට්ටු සේවා ඇතිකිරීම ඇතුළු සංචාරක ක්ෂේත්‍රයට අදාළ ආයෝජන කිරීමට පාර්ශව 11 ක් අයදුම්පත් ඉදිරිපත් කර ඇති බවත් එහි ආයෝජන වටිනාකම ඩොලර් මිලියන 500 ක් පමණ වන බවත් සංචාරක මණ්ඩලයේ සභාපතිවරයා කියයි.
“අපි මේ දැන්වීම, වෝල් ස්ට්‍රීට් ජර්නලය වැනි ජාත්‍යන්තර මාධ්‍යවල පලකළා. අපිට අයදුම් පත් ලබාදුන් පාර්ශව අතර සංචාරක අංශයට අදාළ ලෝකයේ සුපිරි වෙළඳ නාම ඉන්නවා. නමුත් මේක ටෙන්ඩර් කැඳවීමක් නිසා ඒවායේ නම් මට ප්‍රකාශ කරන්න බෑ.“
යනුවෙන් හෙතෙම සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙම ව්‍යාපෘති සඳහා මෙම දූපත් වසර 30 ත් 50 ත් අතර කල්බදු ක්‍රමයකට අදාළ සමාගම් වෙත ලබාදෙන බවත් එහිදී එම දූපත්වල සිටින ජනතාව ඉන් ඉවත් නොකරන බවයි.
“අපි කිසි ලෙසකින්වත් මෙම දූපත්වල සිටින ජනතාව ඉවත් කර මෙම ව්‍යාපෘති සිදුකරන්නෙ නෑ. අපි කියල තිබෙනවා මෙම ආයෝජන වලින් සියයට 5 ක් අනිවාර්යෙන්ම මේවායේ සිටින ජනතාවට නිවාස තනාදීම ඇතුළු පහසුකම් ලබාදීමට අදාළ සමාගම් යෙදවිය යුතුයි කියල.“
කල්පිටිය ආශ්‍රිතව දූපත් 17 ක් තිබෙන අතර මේ වනවිටත් ඉන් දෙකක සංචාරක කර්මාන්තයට අදාළ ගොඩනැගීම් කටයුතු ආරම්භ කර තිබේ.
යුද්ධය අවසන් වීමත් සමගම මෙරටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය වැඩිවීම හමුවේ ඉදිරියේදී සංචාරකයින්ට අදාළ කාමර ඇතුළු යටිතල පහසුකම් ගොඩනැගීමේ අභියෝගයට රජය මුහුණ දී සිටී.
මේ වසර සඳහා සංචාරකයින් ලක්ෂ 06 ක් ගෙනඒමේ ඉලක්කය මේ වනවිටත් සපුරාගෙන ඇති අතර මේ වසර අවසන් වනවිට මෙරටට 6,20,000 ක පමණ සංචාරකයින් ප්‍රමාණයක් පැමිණෙනු ඇති බවත් ලබන වසරේ එම ප්‍රමාණය ලක්ෂ 07 ඉක්මවා යනු ඇති බවත් ගොඩහේවා මහතා සඳහන් කළේය.
2016 වසරේදී මෙරටට සංචාරකයින් මිලියන 2.5 ක් ගෙන ඒමට සංචාරක මණ්ඩලය ඉලක්ක කර ඇති අතර ඔවුන්ට නවාතැන් පහසුකම් ලබාදීමට මෙරට ආසන්න වශයෙන් හෝටල් කාමර 40,000 ක් පමණවත් තිබිය යුතුයැයි ඇස්තමේන්තු කර තිබේ.
Post a Comment