
කොළඹ පිටකොටුව ප්‍රදේශයේ කලක සිට පදික වේදිකාවේ වෙළඳාම් කරමින් සිටි පදික වෙළදුන්ට අද(16) සිට ලබන 24 වැනි දින දක්වා වෙළඳාමේ නිරත වීමට අවසර ලබාදී තිබේ.
තෝරාගත් මාර්ගවල පමණක් වෙළඳාම් කිරීමට ස්වයංරැකියා නියුක්තිකයින්ගේ සම්මේලනය හරහා පොලිසිය විසින් අවසර ලබාදී ඇති බව වාර්තා වේ.
ඒ අනුව කෙලින් වීදිය, ගෑස් පහ හන්දිය දක්වාත් මල්වත්ත පාර පළවන හරස් වීදිය, දෙවන හරස් වීදිය සහ එම වීදිවලට සම්බන්ධ අතුරු පටු මාවත්වල වෙළඳාමේ නිරත වීමට ඉඩකඩ ලැබෙනු ඇත.
උත්සව සමයේ දී මෙම අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කරන බව ස්වයංරැකියා නියුක්තිකයන්ගේ සම්මේලනය පවසයි.
Post a Comment