මෙරට ඉතිහාසයේ විශාලතම හෙරෝයින් තොගය අද කොළඹ වරාය පරිශ්‍රයේ බහාලුමක තිබි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සොයා ගනු ලැබිණි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සදහන් කළේ, විදේශ රටක සිට ගෙන්වන ලද හෙරෝයින් තොගය ක්‍රිලෝගෑම් 55 ක පමණ වන බවය.
එම බහාලුම තුළ අර්තාපල් පිරවු ගෝනි 943 ක් තිබි ඇති අතර ඒවායේ අදාළ හෙරෝයින් තොගය සුක්ෂ්ම ලෙස සගවා තිබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
පොලීසිය පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් විදේශිකයෙකු සහ තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවය.
Post a Comment