සුප්‍රකට ෆේස්බුක් වෙබ් අඩවියේ සම නිර්මාතෘ මාර්ක් ෂූකබර්ග් ලොව ධනවත්ම පුද්ගලයින්ගේ නවතම වාර්තා අතරට එක් වී තිබේ.
තම ධනයෙන් කොටසක් සුභසාධන කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට තීරණය කර ඇති බව ඔහු පවසයි.
ලොව ධනවත්ම පුද්ගලයින් අතර සිටින ලාබාලම පුද්ගලයින් අතරින් එක් අයෙකු වශයෙන් දැනට 26 වියේ පසුවන මාර්ක් සැලකෙයි.
2010 වසරේ මුල් භාගයේ දී තමා ඉපැයූ මුදල්වලින් අමෙරිකානු ඩොලර් මිලියන 100 ක මුදලක් පාසලක සුභසාධන කටයුතු වෙනුවෙන් මාර්ක් ප්රදානය කර තිබුණි.
ඔහු සතු වර්තමාන වත්කම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 6. 9 ට ආසන්න බව සඳහන්ය.
Post a Comment