ඛෙත්තාරාම – ආර්. පේ‍්‍රමදාස – මහින්ද රාජපක්ෂ යන නමට වෙනස් විමට නියමිත බැවි අපිට ආරංචි විය.
ලබන වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට නියමිත ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු ජනවාරි මස දෙවන සතිය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට බාර දෙන බව ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා අමාත්‍යාංශය පවසයි.
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මගින් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු සිදුකරන අතර මේ වන විට එය අවසන් අදියරට පැමිණ තිබේ.ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි මස 20 වැනිදා ආරම්භ වන අතර තරගාවලියේ 6 වන තරගය පෙබරවාරි මස 26 වැනිදා ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.මීට අමතරව හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සහ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ද තරග පැවැත්වීමට සැලසුම් කර තිබේ.


Post a Comment