Gossip Lanka News

Underground News from Sri Lanka

අමුතු කතාව


අද සතුටු සාමීචියට එක්වන්නී අනුරුද්ධිකා පාදුක්කගේ. කලා ක්ෂේත්‍රයට පිවිස වසර 5ක් වැනි කෙටි කාලයක් වුවද අනුරුද්ධිකා තම රංගන හැකියාව මනාව ප්‍රකට කළ නිළියකි. වේදිකාවෙන් රංගනයට පිවිසි ඇය මේ වන විට රූපවාහිනී තිරය මෙන්ම රිදී තිරය ද ජයගෙන ඇත.

අනුරුද්ධිකා අපට සිටින යොවුන් නිළියන් අතර කුසලතා පූර්ණ නිළියක ලෙස ද හැඳින්වීම නිවැරැදිය. ඇය සිංහල විශේෂවේදී උපාධිධාරිනියක ද වන්නීය.

http://2.bp.blogspot.com/_R8biMsfnvPo/TQLkGi-m7WI/AAAAAAAAAfI/crYM4x0CHQg/s1600/av-2.jpg

ඔබ කලා ක්‍ෂේත්‍රයට ආ හැටි සිහිපත් කළොත්..?

”මම කලා ක්‍ෂේත්‍රයට ආවේ වේදිකා නාට්‍ය රංගනයෙන්. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව මම මහේන්ද්‍ර පෙරේරා අයියගෙ රංගනය පිළිබඳ පාඨමාලාවට එකතු වුණා. එයා නිසා තමයි මට කලාවේ දොරටු විවර වුණේ. මම මුලින්ම රඟපෑවෙ ලූෂන් බුලත්සිංහල මහත්මයගෙ ‘1617’ නම් වේදිකා නාට්‍යයේ. ඊට පසුව වේදිකා නාට්‍ය ගණනාවකටම රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. ‘දොන් ජුවන්’, ‘පුංචි ආදර බලකිරීමක්’ ඒ වේදිකා නාට්‍ය අතරින් කීපයක්. මම රංගනයෙන් දායක වුණු පළමු ටෙලිනාට්‍යය වුණේ ජයලත් මනෝරත්න මහත්මයගෙ ‘මගේ කවිය මට දෙන්න’ නම් ටෙලිනාට්‍යය. ඒත් ‘සින්දූර්’ ටෙලිනාට්‍යය තමයි පළමුවෙන්ම විකාශය වුණේ.

ඔබ දැන් වේදිකා නාට්‍යවල දකින්න නැත්තේ ඇයි?

”ඇත්තෙන්ම මට දැන් ටික කලෙකින් වේදිකා නාට්‍යවලට එක්වෙන්න බැරිවුණා. ඒකට හේතුව තමයි ටෙලිනාට්‍ය චිත්‍රපට කීපයකටම දිගටම සහභාගිවෙන්න සිදුවීම. මගෙ පදිංචිය කොළඹින් තරමක් ඈත වීමත් වේදිකා නාට්‍යවලට සහභාගී නොවීමට එක් හේතුවක් වුණා. ඒත් හොඳ වේදිකා නාට්‍යයකට ආරාධනයක් ලැබුණොත් මගේ අපහසුතා පැත්තක තියල ඒකට සහභාගිවෙනවා.

ටෙලිනාට්‍ය, චිත්‍රපටවල ඔබ මෙතෙක් නිරූපණය කර ඇති චරිත බොහොමයක් දෙමළ චරිත නේද?

ඇත්තටම ඔව්. මම මෙතෙක් නිරූපණය කර ඇති චරිතවලින් භාගයක්ම වගේ දෙමළ චරිත. මෙතරම් දෙමළ චරිත සංඛ්‍යාවක් මට ලැබෙන්න ඇත්තෙ රංගනයට ආ මුල්ම දවස්වල මම රඟපෑ රූපවාහිනියෙන් විකාශය වුණු “සුදු කපුරු පෙති” ටෙලිනාට්‍යයේ දෙමළ චරිතය නිසා වෙන්න ඕන කියලයි මම හිතන්නෙ.

මුලින්ම දැකපු ආකාරය ගොඩක් දෙනෙක්ගෙ මතකයේ රැඳිල තියෙනවනෙ. අධ්‍යක්ෂවරුන් හිතනව ඇති දෙමළ චරිත මට කරන්න පුළුවන් කියල.

ඒ දෙමළ චරිත හැම එකක්ම මම කළේ ඉතාම ආශාවෙන්. මම හිතනව මට ඒ චරිත හොඳින් කරන්න හැකියාව ලැබුණා කියල. මට දෙමළ භාෂාව පිළිබඳව යම් තරමක දැනුමකුත් තියෙනව“

ඔබගේ චිත්‍රපට රංගන පිළිබඳව කතාකළොත්…?

”චිත්‍රපට කීපයකට පමණයි මේ වන විට මට දායක වෙන්න ලැබිල තියෙන්නෙ. මගේ පළමු චිත්‍රපටය ප්‍රභාකරන්. එහි මම නිරූපණය කළේ කමලිනී නම් දෙමළ තරුණියගේ චරිතය. බොහෝ දෙනෙක් මගේ එම රංගනය ගැන ප්‍රශංසනාත්මකව කතා කළා. මෑතදී තිරගතවුණු ‘බඹර වළල්ල’ චිත්‍රපටයේ මට කරන්න ලැබුණේ විනාඩි කීපයක චරිතයක්.

ඒත් ඒ චරිතය කතාවට ප්‍රබල ලෙස දායක වෙනවා. ඉදිරියේදී තිරගතවීමට නියමිත ‘තේජා’, ‘ගාමණී’ යන චිත්‍රපට වලිනුත් මගේ රඟපෑම් දැකගන්න පුළුවන්.

ඔබ මෙගා වර්ගයේ ටෙලි නාට්‍යවල දකින්න නැත්තේ ඇයි?

”මේ වන තෙක් මෙගා ටෙලිනාට්‍යවලට මම දායක වෙලා නෑ. මෙතැනදි මට ගැටලුවක් තියෙන්නෙ “මෙගා” කියන වචනය ගැන නෙවෙයි. ඒ ටෙලිනාට්‍ය කරන ආකාරය ගැන. චරිතයක් නිරූපණය කරන විට ඒ ගැන හැදෑරීමක් කරන්න ඕන. මම දන්න තරමින් මෙගා වර්ගයේ ටෙලි නාට්‍ය කරන්නෙ සැලසුමක් නැතිව. මට එහෙම වැඩ කරන්න බැහැ. පළමුවෙන්ම මම නිරූපණය කරන චරිතය ගැන මට ආත්ම තෘප්තියක් තියෙන්න ඕන. ඒ වගේම එම චරිතය ගැන මට කිසියම් වගකීමක් තියෙන්නත් ඕන. මෙගා ටෙලිනාට්‍යවලින් ඒ දේ නොලැබෙන නිසයි මම එම ටෙලිනාට්‍යවල රඟපාන්න අකැමැති.

ඔබ රඟපාන්නේ පිටපත් තෝරාබේරාගෙනද?

”මොකක්දෝ වාසනාවකට මම මෙතෙක් දායක වෙලා තියෙන්නෙ හොඳ අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණවලට. ඒ නිසා මට විශේෂයෙන් පිටපත් තෝරාබේරාගන්න අවශ්‍ය වුණේ නෑ. ඇතැමුන් වගේ පිටපත කියවා නොබලා ලැබෙන මුදල මත මම නිර්මාණවලට දායක වෙන්නේ නෑ. ඒ වගේම ප්‍රතික්ෂේප කරන්න තරමේ පිටපතක් මේ වන තෙක් මට ලැබිල නෑ”

විනෝදාත්මක චිත්‍රපටවල ඔබ රඟපාන්න අකැමැතිද?

”නැහැ, එහෙම දෙයක් නෑ. මම හරිම ආසයි සරල විනෝදාත්මක ලස්සන චිත්‍රපටයක රඟපාන්න. එවැනි නිර්මාණ මම ප්‍රතික්ෂේප කරන්නේ නෑ. කොහොමත් මම ආසයි සරලව ජීවත්වෙන්න.”

ඔබේ විවාහය ළඟදී සිදුවෙනවාද?

”අධ්‍යාපන කටයුතු වගේම වෙනත් විවිධ හේතූ නිසා විවාහය ටිකින් ටික කල් ගියා තමයි. මට පෙම්වතෙක් ඉන්නව. බොහෝ දුරට මගෙ විවාහය ලබන වසරේදී සිදුවේවි.”

ඔබ ආඩම්බරද?

කවුද කියන්නෙ. මාව හඳුනන, මාව ඇසුරු කරන අය ඔහොම කියන්නෙ නෑ. කාගෙවත් කණ්ණාඩියක් දමාගෙන තවත් කෙනෙක් දිහා බලන්න නරකයි. එහෙම වුණොත් පේන්නෙ වැරදි විදියට”

ඔබගේ පවුලේ තොරතුරු..

”අපේ පවුලෙ අම්මයි, තාත්තයි, අයියයි, අක්කයි, මමයි. අයියයි අක්කයි විවාහවෙලා වෙනම ඉන්නෙ. අම්මයි තාත්තයි මමයි තමයි දැන් ගෙදර ඉන්නෙ.

ඡායාරූපය

බර්නාඩ් ෂෝ ප්‍රේමසුන්දර

0 comments

Post a Comment

________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow

Puduma Dewal

Recent Comments

Ads

Gossip Posts

Gossip Posts

ZODIAC ADA DAWASA | අද දවස

මේෂ
වෙනදාට වඩා ගමන් බිමන් අධිකය. පදිංවියේ වෙනසක් වීමටද ඉඩක් ඇත. දුර බහැර සිටින අය පෞද්ගලිකවම හමුවීම හෝ වෙනත් මාර්ගවලින් සබඳතා පවත්වයි. ව්‍යාපාර කටයුතුවලදී පාඩු සිදුනොකරගන්න.

වෘෂභ
කෙසේ හෝ අතමිට මුදල් ගැවසේ. නමුත් වියදම පාලනය කරගැනීම අපහසුය. ඔබගේ ආරක්ෂාව ගැන පමණක් නොව වෙනත් දේපළ හා මුදල්ද ප්‍රවේශම් කරගැනීම ප්‍රයෝජනවත්ය.

මිථුන
ඔබගේ බොහෝ කටයුතු වලදී අවිනිශ්විත ස්වභාවයක් ඇතිවීමේ ඉඩ ඇති බැවින් අමතර උනන්දුවකින් කටයුතු කිරීමෙන් සියළු කටයුතු සාර්ථක කරගත හැක. රැකියා අංශයේ වෙනසක් සිදුවෙතත් ඉන් අවාසියක් සිදුනොවේ.

කටක
අධික කාර්යබහුල ස්වභාවයක් පවතී. ආයෝජනයක් ලෙස හෝ තම අපේක්ෂාවක් වෙනුවෙන් අමතර මුදලක් වැයකිරීමට සිදුවේ. තම අභිමතය පරිදි බලාපොරොත්තු ඉටුකරගත හැක.

සිංහ
නෑදෑ හිතවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවේ. රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව සිටීමේ උවමනාවද සහිතය. සමාජ සබඳතා හෝ වෙනත් ගමන් බිමන් වලදී ඔබට අවාසිදායක අවස්ථාවන් ඇතිවීමේ ඉඩ ඇත.
කන්‍යා
සෑම කටයුත්තකදීම ප්‍රවේශම්කාරීවිය යුතුය. සුළු අතපසුවීමක් හෝ සිදුනොකිරීමට වගබලාගන්න. ඥාති මිත්‍රාදීන් වෙනදාට වඩා ඔබගේ නිවසට පැමිණෙනවා ඇත. නිර්මාණශීලී අංශයන්ට සුභ දවසකි.

තුලා
රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව පවුලේ හෝ වෙනත් බාහිර අවශ්‍යතාවයක් වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවිය හැක. අසනීපවීම් හෝ විරසකවීම් ඇතිවීමේ ඉඩ පිළිබඳව සැලකිලිමත්වීම ප්‍රයෝජනවත්ය.

වෘශ්චික
සෑම ක්ෂේත්‍රයකදීම දෙවරක් සිතා බලා කටයුතු කරන්න. අසල්වාසීන් හෝ පවුලේ අවශ්‍යතාවන් ගැන වෙහෙසීමට සිදුවේ. මුදල් පරදුවට තබා ක්‍රියා නොකරන්න.

ධනු
නිතර හමුනොවන හෝ ඈත එපිට සිටින අය සමග සබඳතා පැවැත්වීමට සිදුවේ. ලෙතරැයි ආදී කිසියම් අවිනිශ්විත මාර්ගයකින් අතට මුදල් ලැබීමේ ඉඩ ඇත. පවුලේකටයුත්තක් සඵල කරගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.

මකර
පවුලේ හෝ ගෙදරදොර අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. කෙසේ මුත් ඔබගේ ආදායම් තත්ත්වය යහපත්ය. කෙටි හෝ දීර්ඝ ගමන් බිමන් වෙනදාට වඩා බහුලවේ.
කුම්භ
ලියන කියන ආදී සහ සන්නිවේදන කටයුතුවලීද ප්‍රවේශම්විය යුතුය. ඔබගේ දිරිමත් බව කෙසේ හෝ සාර්ථක ප්‍රතිඵල අත්කර දේ. ආදායම් තත්ත්වයද සරුවන අතර සමාජ පිළිගැනීමකටද ලක්විය හැක.

මීන
පොදුවේ ගත්කල සුබ දවසකි. හෙළිකිරීමට අකැමති මාර්ගවලින් පවා ලාබ ප්‍රයෝජන අත්කරගැනීමට සමත්වේ. නමුත් අධික වියදම්ද සහිතය. කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුවූ අපේක්ෂාවක් ඉටුවීම නිසාද සහනය ඇතිවේ.

Archives