Gossip Lanka News

Underground News from Sri Lanka

අමුතු කතාව


තිරයේ මිතුරො සැබෑ ජීවතයේ
දෙමස්‌සිනෝ වූ පසු කතා බහක්‌

මේක කොයිතරම් සතුටු විය යුතු කරුණක්‌ ද?ජැක්‌සන් ඇන්තනී

අපේ නෑකම අලුත් වුණාහේමසිරි ලියනගේ

“ජැක්‌සන් ඇන්තනි” හා හේමසිරි ලියනගේ” කලා ක්‍ෂේත්‍රයේ “නෑයන්” බව අපි දන්න කාරණයක්‌. මේ එකම කුලකයේ නෑයන්ගේ දූ පුතුන් කලාවටම ආදරය කරන තාත්තලා තරම්ම දක්‍ෂ තරුණ පරම්පරාවක පුරුක්‌. කලා ක්‍ෂේත්‍රයේ නොසිඳුණු ඒ නෑකම බොහෝම තදින් බැඳුණු, ඊටත් එහා ගිය “පවුල් නෑකමක්‌” දක්‌වා දුර යැමේ වාසනාවන්ත කතාව කලාවට ප්‍රියකරන හැමෝටම පසුගියදා දැනගන්නා ලැබුණා.

ඒ ජැක්‌සන්ගේ දියණිය මාධවිත්, හේමසිරිගේ පුත් ආලෝකත් අතිනත ගැනීමේ පුවතයි. ඒ කියන්නේ දැන් ජැකාත්, හේමාත් “දෙමස්‌සිනෝ” බවයි. අපි එක්‌ක මේ දෙමස්‌සිනෝ අලුත් නෑකම පිළිබඳව අදහස්‌ බෙදාහදාගත්තේ මෙහෙමයි. 

හේමසිරි පුතාගේ විවාහය උසස්‌ අයුරින් සැමරුවා කියලත් ආරංචියි ?

මම බොහොම සතුටින් කතා කරන්නේ. මොකද දන්නවද ජැක්‌සන් වගේ කලා පවුලකට සම්බන්ධවීම ගැන. ඒ නිසා ලොකු සතුටකින් තමයි ඉන්නේ.

කලා පවුලක්‌ මේ විදිහට එකතුවීමට ලොකු හේතුවකුත් ඇති නේද?

හේතුවක්‌ තිබෙන්න පුළුවන්. මට ජැක්‌සන් එක්‌ක කලාවත් සමග ලොකු නෑකමක්‌ තිබුණා . ඒක දීර්ඝකාලීන නෑකමක්‌. එය තවත් වැඩිවුණ එකයි මේ විවාහයත් සමග සිදුවුණේ.

මේක ජැක්‌සන් ගෙනාපු යෝජනාවක්‌ද?

අපොයි නැහැ. ඇත්තටම මෙය යෝජනා කළ කටයුත්තක්‌ නෙමෙයි. අපේ පවුල් දෙක ගැන මුල ඉඳන් ලොකු හැඟීමක්‌ තිබෙන්න ඇති. අපි කලාවත් සමගනෙ හිටියෙ. ජැක්‌සන්ගේ දුව සමග අතිනත ගත්ත පුතා වෛද්‍යවරයෙක්‌. ඔවුන්ගේ සිත තුළත් තිබෙන්න ඇති කලාවත් සමග තිබෙන ඥතිකම.

අලුත් එකතු වුණ ලේලි ගැන මොකද හිතන්නෙ ?

දුව ඉතාම හොඳ කෙනෙක්‌.


මස්‌සිනාගේ කලා හැකියාවන් දකින්නෙ කොහොමද?

එයා කලාවත් සමග ගත්තහම බොහොම දස්‌කම් ප්‍රදර්ශනය කරපු කෙනෙක්‌. ඒ වගේම යමක්‌ පෙන්වමින් ඉදිරියට යන කෙනෙක්‌. ඔහු ලේඛන කලාව, මාධ්‍ය කලාව, නාට්‍ය, චිත්‍රපට, නළුවා කියන මේ සෑම අංශයකින් ඉදිරියෙන් ඉන්න කෙනෙක්‌.

දේශපාලනයට සම්බන්ධ නිසාද ජැක්‌සන්ගෙ දුවට කැමැති වුණේ ?

කොහෙත්ම නැහැ. මම ඒ දේශපාලනය තුළ නැහැ. මගේ ළමයිනුත් දේශපාලනය දිහා බලන්නේ වෙනස්‌ම විදිහකට. මමත් කාලයත් දේශපාලනය කළා. දැන් එයින් ඈත්වෙලයි ඉන්නෙ. ඒ හින්ද අපිට එවැනි හේතුවක්‌ බලපෑවේ නැහැ.

ඇයි මේ විවාහ උත්සවය හදිසියේ සිදුකළේ ?

හදිසියකින්ම නොමෙයි. මේ සම්බන්ධය පටන් අරන් ටිකක්‌ කල් වෙනවා. මගේ පුතා විදෙස්‌ ගත වෙන්න ඉන්නේ දෙසැම්බර්වල. එයාගේ වෛද්‍ය ක්‍ෂේත්‍රයේ රාජකාරියට. දෙගොල්ලොඩ කතා කරලා ඉක්‌මනට සිදුකළේ ඒකයි.නැතුව වෙන හදිසියකට නෙමෙයි.

ඒත් සමග මේ දෙමස්‌සිනාගෙ සුහදත්වය වැඩිවුණා නේද?

පැහැදිලිවම ඔව්. කලාවත් සමග තිබුණ නෑකම දැන් සැබෑ නෑකමකට පෙරළුණා.

ජැක්‌සන් දේශපාලනයට සම්බන්ධ නිසා ඔබටත් එවැනි ආරාධනාවක්‌ ලැබුණොත් මොකද කරන්නේ ?

මම හිතන්නේ නැහැ මට එවැනි ආරාධනාවක්‌ ලැබෙයි කියලා. මොකද අපි එකිනෙකාට බලපෑම් කරන්නේ නැහැ. ජැක්‌සන්ගේ දේශපාලනය ගැන මම කිසිවක්‌ කතා බහ කරන්නේ නැහැ. අපි දෙන්නට තිබෙන්නේ වෙන විදිහෙ ගෞරවයක්‌. පෞද්ගලික දේවල් වලට අපි අතගසන්නේ නැහැ. ඒක ජැක්‌සනුත් දන්නවා.

ඇයි දුවගෙ විවාහය මෙච්චර හදිසියේ සිදුකළේ ?

හදිසිය කියන දෙය බොහෝවිට සාපේක්‍ෂ දෙයක්‌. දරුවන්ගේ බලාපොරොත්තුවක්‌ තමයි මම ඉටුකළේ. මගේ ජීවිතයේ දුවගේ විවාහය කරන්න සැලසුම් කරලා තිබුණේ 2014 වසරේදී. එය හදිසියේම වසර දෙකකින් ඉස්‌සරහට ගෙන එන්න සිදුවුණා. මොකද මාධවීගේ සහකරුවාට හදිසියේම වසර දෙකක වෘත්තීය පුහුණුවක්‌ සඳහා එංගලන්තයට යන්න තීරණය වෙලා තිබුණා. ඒ දෙන්න තීරණය කළා විවාහය ඉක්‌මනට සිදුකරන්න. ඒ නිසා මමත් වසර දෙකක්‌ ඉස්‌සරහට ගෙන ආවා මගේ බලාපොරොත්තුව. මොකද ඔවුන්ගේ ඉල්ලීම නිසා.

කලාකරුවන් රැසකට වගේම දේශපාලනඥයන් රැසකට ද විවාහ උත්සවයට ආරාධනා කළා නේද?

විවාහයක්‌ කියන්නේ විවිධ ක්‍ෂේත්‍රවල ඉන්න හිතවතුන් කැඳවන එකනෙ. ව්‍යාපාරික, අධ්‍යාපන, කලාව, දේශපාලනය, මාධ්‍ය ආදී විවිධ ක්‍ෂේත්‍රවල මගේ හිතමිතුරන් ඉන්නවා. ඔබ ඔය කියන්නේ දේශපාලනඥයන් ගැන නේද?. ඔවුනුත් මගේ මිතුරන් නිසා තමයි උත්සවයට ආරාධනා කළේ. මම ක්‍ෂේත්‍ර ගණනාවක්‌ ඇසුරු කරන කෙනෙක්‌. මගෙ ලකුණ ඒකනෙ.

ඇයි මේ කලාකරුවකුගේ පුතෙක්‌ තෝරාගත්තේ ?

මේ තීරණය මගේ නොවෙයි. ඒ දෙන්නගෙ තීරණ. ඒ දෙන්න ආදරවන්තයන් වන්නේ කලා ක්‍ෂේත්‍රය හරහා නොවෙයි. හේමසිරි ලියනගේ පුතා කියලා හිතාගෙන මෙම සබඳතාවය ගොඩනැගුණා නොවෙයි. කොහොම නමුත් ආපසු හැරී බලද්දී ඒ සම්බන්ධය කලාව තුල තමයි සිදුවෙලා තියෙන්නේ.

හේමසිරිගේ කලා හැකියාවන් ගැන ඔබට මොකද හිතෙන්නේ ?

ඔහු දැවැන්ත කලාකරුවෙක්‌. මගේ පාසැල් වේදිකාවේදී තමයි හේමසිරිගෙ නම ඇසුණේ. ඔහු ප්‍රකට නාට්‍ය ගුරුවරයෙක්‌. ධර්මසිරි බණ්‌ඩාරනායකගේ පවා ගුරුවරයා. ඔහුගේ රංග හැකියාව ශේ්‍රෂ්ඨයි. මම ඔහු සමගත් එකට රඟපානවා චිත්‍රපට කිහිපයක. හේමසිරි අයිය මගේ ගෞරවය දිනාගත් කලාකරුවෙක්‌.

කලාකරුවකුවකුගේ පුතකුට දුවව විවාහ කළේ ඔබත් කලාවට සම්බන්ධ නිසාද?

මම කලාකරුවෙක්‌. නමුත් මගේ දුව කලාකරුවෙක්‌ගෙ පුතෙක්‌ සමග විවාහය සිදුකරයි කියන පූර්ව විශ්වාසයේ හිටියේ නැහැ. කලා ක්‍ෂේත්‍රයෙන් මනාලයෙක්‌ සොයා දුන්නා නොවෙයි. මේක ප්‍රේම සම්බන්ධතාවකින් ගොඩනැගුණු විවාහයක්‌. මගේ සොයා ගැනීමක්‌ නොවෙයි. මාධවීගේ සොයාගැනීමක්‌.

සෞම්‍යගේ හැකියාවන් ගැන මොකද හිතෙන්නේ ?

සෞම්‍යට මා තුළ තිබෙන අගය කිරීම නිසා තමයි මගේ අබා චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව ගෙන එන්න තෝරාගන්නෙ. සෞම්‍යයේ රංග කාර්යය මගේ රංග කාර්යය හා සමානයි. මීට පෙරත් මගේ නිර්මාණ දෙකකට සෞම්‍යයව මා සම්බන්ධ කරගත්තා. ඒවා නිෂ්පාදනය වුණේ නැහැ. නමුත් පූර්ණ සැලසුම් වල සෞම්‍ය ලියනගේ ඉන්නවා. ඔහුව අගය කරන්න ගන්නේ මීට අවුරුදු අටකට විතර කලින්.

මේ බැඳීම ගැන මොකද හිතන්නේ ?

කොයි තරම් සතුටු විය යුතු කාරණාවක්‌ද?. මම මීට පෙර ගරු කළ, අගය කළ කෙනෙක්‌. ඔහුත් මාව අගය කළා. අපි දෙන්නට විවේචන තිබ්බේ නැහැ. හරිම පාර දෘෂයයි. අපි දෙන්නගෙ දැන හැඳුනුම්කමත්, අපි දෙන්නාගෙ දරුවන් විවාහ වීමත් සමගම සතුටුවෙන්න ලැබීම ලොකු වාසනාවක්‌.

මේ සමග ඔබ හේමසිරි පවුලේ අය වැඩිපුර කලාවට සම්බන්ධ කරගනීවිද?

මේ බැඳීම ඇතිවුණේ කලාව හේතුකොටගෙන. අපි සපත්තුව අනුව කකුල හදන අය නෙමෙයි. අපේ කලා ක්‍ෂේත්‍රයේ පෙර පැවැති බැඳීම එලෙසින්ම පවතීවි. මේත් සමගම ඒකේ අඩුවක්‌ හෝ වැඩියක්‌ වෙන්නේ නැහැ.

ඡායා – සාක්‍ය ස්‌ටුඩියෝ – මහරගම

තිරයේ මිතුරො සැබෑ ජීවතයේ
දෙමස්‌සිනෝ වූ පසු කතා බහක්‌

මේක කොයිතරම් සතුටු විය යුතු කරුණක්‌ ද?ජැක්‌සන් ඇන්තනී

අපේ නෑකම අලුත් වුණාහේමසිරි ලියනගේ

http://2.bp.blogspot.com/_R8biMsfnvPo/TQPCxWMZS6I/AAAAAAAAAgY/JPTpzKtbAGI/s1600/ja.jpg“ජැක්‌සන් ඇන්තනි” හා හේමසිරි ලියනගේ” කලා ක්‍ෂේත්‍රයේ “නෑයන්” බව අපි දන්න කාරණයක්‌. මේ එකම කුලකයේ නෑයන්ගේ දූ පුතුන් කලාවටම ආදරය කරන තාත්තලා තරම්ම දක්‍ෂ තරුණ පරම්පරාවක පුරුක්‌. කලා ක්‍ෂේත්‍රයේ නොසිඳුණු ඒ නෑකම බොහෝම තදින් බැඳුණු, ඊටත් එහා ගිය “පවුල් නෑකමක්‌” දක්‌වා දුර යැමේ වාසනාවන්ත කතාව කලාවට ප්‍රියකරන හැමෝටම පසුගියදා දැනගන්නා ලැබුණා.

ඒ ජැක්‌සන්ගේ දියණිය මාධවිත්, හේමසිරිගේ පුත් ආලෝකත් අතිනත ගැනීමේ පුවතයි. ඒ කියන්නේ දැන් ජැකාත්, හේමාත් “දෙමස්‌සිනෝ” බවයි. අපි එක්‌ක මේ දෙමස්‌සිනෝ අලුත් නෑකම පිළිබඳව අදහස්‌ බෙදාහදාගත්තේ මෙහෙමයි.

http://2.bp.blogspot.com/_R8biMsfnvPo/TQPCvbrnKWI/AAAAAAAAAgU/ALFCs6Cx8Oc/s1600/ja1.jpg

http://2.bp.blogspot.com/_R8biMsfnvPo/TQPCtWd8qoI/AAAAAAAAAgQ/c478B33DzPU/s1600/vedding2.jpgහේමසිරි පුතාගේ විවාහය උසස්‌ අයුරින් සැමරුවා කියලත් ආරංචියි ?

මම බොහොම සතුටින් කතා කරන්නේ. මොකද දන්නවද ජැක්‌සන් වගේ කලා පවුලකට සම්බන්ධවීම ගැන. ඒ නිසා ලොකු සතුටකින් තමයි ඉන්නේ.

කලා පවුලක්‌ මේ විදිහට එකතුවීමට ලොකු හේතුවකුත් ඇති නේද?

හේතුවක්‌ තිබෙන්න පුළුවන්. මට ජැක්‌සන් එක්‌ක කලාවත් සමග ලොකු නෑකමක්‌ තිබුණා . ඒක දීර්ඝකාලීන නෑකමක්‌. එය තවත් වැඩිවුණ එකයි මේ විවාහයත් සමග සිදුවුණේ.

මේක ජැක්‌සන් ගෙනාපු යෝජනාවක්‌ද?

අපොයි නැහැ. ඇත්තටම මෙය යෝජනා කළ කටයුත්තක්‌ නෙමෙයි. අපේ පවුල් දෙක ගැන මුල ඉඳන් ලොකු හැඟීමක්‌ තිබෙන්න ඇති. අපි කලාවත් සමගනෙ හිටියෙ. ජැක්‌සන්ගේ දුව සමග අතිනත ගත්ත පුතා වෛද්‍යවරයෙක්‌. ඔවුන්ගේ සිත තුළත් තිබෙන්න ඇති කලාවත් සමග තිබෙන ඥතිකම.

අලුත් එකතු වුණ ලේලි ගැන මොකද හිතන්නෙ ?

දුව ඉතාම හොඳ කෙනෙක්‌.

http://2.bp.blogspot.com/_R8biMsfnvPo/TQPCrWarwCI/AAAAAAAAAgM/HWMqLfZiCUc/s1600/ja2.jpg
මස්‌සිනාගේ කලා හැකියාවන් දකින්නෙ කොහොමද?

එයා කලාවත් සමග ගත්තහම බොහොම දස්‌කම් ප්‍රදර්ශනය කරපු කෙනෙක්‌. ඒ වගේම යමක්‌ පෙන්වමින් ඉදිරියට යන කෙනෙක්‌. ඔහු ලේඛන කලාව, මාධ්‍ය කලාව, නාට්‍ය, චිත්‍රපට, නළුවා කියන මේ සෑම අංශයකින් ඉදිරියෙන් ඉන්න කෙනෙක්‌.

දේශපාලනයට සම්බන්ධ නිසාද ජැක්‌සන්ගෙ දුවට කැමැති වුණේ ?

කොහෙත්ම නැහැ. මම ඒ දේශපාලනය තුළ නැහැ. මගේ ළමයිනුත් දේශපාලනය දිහා බලන්නේ වෙනස්‌ම විදිහකට. මමත් කාලයත් දේශපාලනය කළා. දැන් එයින් ඈත්වෙලයි ඉන්නෙ. ඒ හින්ද අපිට එවැනි හේතුවක්‌ බලපෑවේ නැහැ.

ඇයි මේ විවාහ උත්සවය හදිසියේ සිදුකළේ ?

හදිසියකින්ම නොමෙයි. මේ සම්බන්ධය පටන් අරන් ටිකක්‌ කල් වෙනවා. මගේ පුතා විදෙස්‌ ගත වෙන්න ඉන්නේ දෙසැම්බර්වල. එයාගේ වෛද්‍ය ක්‍ෂේත්‍රයේ රාජකාරියට. දෙගොල්ලොඩ කතා කරලා ඉක්‌මනට සිදුකළේ ඒකයි.නැතුව වෙන හදිසියකට නෙමෙයි.

ඒත් සමග මේ දෙමස්‌සිනාගෙ සුහදත්වය වැඩිවුණා නේද?

පැහැදිලිවම ඔව්. කලාවත් සමග තිබුණ නෑකම දැන් සැබෑ නෑකමකට පෙරළුණා.

ජැක්‌සන් දේශපාලනයට සම්බන්ධ නිසා ඔබටත් එවැනි ආරාධනාවක්‌ ලැබුණොත් මොකද කරන්නේ ?

මම හිතන්නේ නැහැ මට එවැනි ආරාධනාවක්‌ ලැබෙයි කියලා. මොකද අපි එකිනෙකාට බලපෑම් කරන්නේ නැහැ. ජැක්‌සන්ගේ දේශපාලනය ගැන මම කිසිවක්‌ කතා බහ කරන්නේ නැහැ. අපි දෙන්නට තිබෙන්නේ වෙන විදිහෙ ගෞරවයක්‌. පෞද්ගලික දේවල් වලට අපි අතගසන්නේ නැහැ. ඒක ජැක්‌සනුත් දන්නවා.

ඇයි දුවගෙ විවාහය මෙච්චර හදිසියේ සිදුකළේ ?

හදිසිය කියන දෙය බොහෝවිට සාපේක්‍ෂ දෙයක්‌. දරුවන්ගේ බලාපොරොත්තුවක්‌ තමයි මම ඉටුකළේ. මගේ ජීවිතයේ දුවගේ විවාහය කරන්න සැලසුම් කරලා තිබුණේ 2014 වසරේදී. එය හදිසියේම වසර දෙකකින් ඉස්‌සරහට ගෙන එන්න සිදුවුණා. මොකද මාධවීගේ සහකරුවාට හදිසියේම වසර දෙකක වෘත්තීය පුහුණුවක්‌ සඳහා එංගලන්තයට යන්න තීරණය වෙලා තිබුණා. ඒ දෙන්න තීරණය කළා විවාහය ඉක්‌මනට සිදුකරන්න. ඒ නිසා මමත් වසර දෙකක්‌ ඉස්‌සරහට ගෙන ආවා මගේ බලාපොරොත්තුව. මොකද ඔවුන්ගේ ඉල්ලීම නිසා.

කලාකරුවන් රැසකට වගේම දේශපාලනඥයන් රැසකට ද විවාහ උත්සවයට ආරාධනා කළා නේද?

විවාහයක්‌ කියන්නේ විවිධ ක්‍ෂේත්‍රවල ඉන්න හිතවතුන් කැඳවන එකනෙ. ව්‍යාපාරික, අධ්‍යාපන, කලාව, දේශපාලනය, මාධ්‍ය ආදී විවිධ ක්‍ෂේත්‍රවල මගේ හිතමිතුරන් ඉන්නවා. ඔබ ඔය කියන්නේ දේශපාලනඥයන් ගැන නේද?. ඔවුනුත් මගේ මිතුරන් නිසා තමයි උත්සවයට ආරාධනා කළේ. මම ක්‍ෂේත්‍ර ගණනාවක්‌ ඇසුරු කරන කෙනෙක්‌. මගෙ ලකුණ ඒකනෙ.

ඇයි මේ කලාකරුවකුගේ පුතෙක්‌ තෝරාගත්තේ ?

මේ තීරණය මගේ නොවෙයි. ඒ දෙන්නගෙ තීරණ. ඒ දෙන්න ආදරවන්තයන් වන්නේ කලා ක්‍ෂේත්‍රය හරහා නොවෙයි. හේමසිරි ලියනගේ පුතා කියලා හිතාගෙන මෙම සබඳතාවය ගොඩනැගුණා නොවෙයි. කොහොම නමුත් ආපසු හැරී බලද්දී ඒ සම්බන්ධය කලාව තුල තමයි සිදුවෙලා තියෙන්නේ.

හේමසිරිගේ කලා හැකියාවන් ගැන ඔබට මොකද හිතෙන්නේ ?

ඔහු දැවැන්ත කලාකරුවෙක්‌. මගේ පාසැල් වේදිකාවේදී තමයි හේමසිරිගෙ නම ඇසුණේ. ඔහු ප්‍රකට නාට්‍ය ගුරුවරයෙක්‌. ධර්මසිරි බණ්‌ඩාරනායකගේ පවා ගුරුවරයා. ඔහුගේ රංග හැකියාව ශේ්‍රෂ්ඨයි. මම ඔහු සමගත් එකට රඟපානවා චිත්‍රපට කිහිපයක. හේමසිරි අයිය මගේ ගෞරවය දිනාගත් කලාකරුවෙක්‌.

කලාකරුවකුවකුගේ පුතකුට දුවව විවාහ කළේ ඔබත් කලාවට සම්බන්ධ නිසාද?

මම කලාකරුවෙක්‌. නමුත් මගේ දුව කලාකරුවෙක්‌ගෙ පුතෙක්‌ සමග විවාහය සිදුකරයි කියන පූර්ව විශ්වාසයේ හිටියේ නැහැ. කලා ක්‍ෂේත්‍රයෙන් මනාලයෙක්‌ සොයා දුන්නා නොවෙයි. මේක ප්‍රේම සම්බන්ධතාවකින් ගොඩනැගුණු විවාහයක්‌. මගේ සොයා ගැනීමක්‌ නොවෙයි. මාධවීගේ සොයාගැනීමක්‌.

සෞම්‍යගේ හැකියාවන් ගැන මොකද හිතෙන්නේ ?

සෞම්‍යට මා තුළ තිබෙන අගය කිරීම නිසා තමයි මගේ අබා චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව ගෙන එන්න තෝරාගන්නෙ. සෞම්‍යයේ රංග කාර්යය මගේ රංග කාර්යය හා සමානයි. මීට පෙරත් මගේ නිර්මාණ දෙකකට සෞම්‍යයව මා සම්බන්ධ කරගත්තා. ඒවා නිෂ්පාදනය වුණේ නැහැ. නමුත් පූර්ණ සැලසුම් වල සෞම්‍ය ලියනගේ ඉන්නවා. ඔහුව අගය කරන්න ගන්නේ මීට අවුරුදු අටකට විතර කලින්.

මේ බැඳීම ගැන මොකද හිතන්නේ ?

කොයි තරම් සතුටු විය යුතු කාරණාවක්‌ද?. මම මීට පෙර ගරු කළ, අගය කළ කෙනෙක්‌. ඔහුත් මාව අගය කළා. අපි දෙන්නට විවේචන තිබ්බේ නැහැ. හරිම පාර දෘෂයයි. අපි දෙන්නගෙ දැන හැඳුනුම්කමත්, අපි දෙන්නාගෙ දරුවන් විවාහ වීමත් සමගම සතුටුවෙන්න ලැබීම ලොකු වාසනාවක්‌.

මේ සමග ඔබ හේමසිරි පවුලේ අය වැඩිපුර කලාවට සම්බන්ධ කරගනීවිද?

මේ බැඳීම ඇතිවුණේ කලාව හේතුකොටගෙන. අපි සපත්තුව අනුව කකුල හදන අය නෙමෙයි. අපේ කලා ක්‍ෂේත්‍රයේ පෙර පැවැති බැඳීම එලෙසින්ම පවතීවි. මේත් සමගම ඒකේ අඩුවක්‌ හෝ වැඩියක්‌ වෙන්නේ නැහැ.

0 comments

Post a Comment

________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow

Puduma Dewal

Recent Comments

Ads

Gossip Posts

Gossip Posts

ZODIAC ADA DAWASA | අද දවස

මේෂ
වෙනදාට වඩා ගමන් බිමන් අධිකය. පදිංවියේ වෙනසක් වීමටද ඉඩක් ඇත. දුර බහැර සිටින අය පෞද්ගලිකවම හමුවීම හෝ වෙනත් මාර්ගවලින් සබඳතා පවත්වයි. ව්‍යාපාර කටයුතුවලදී පාඩු සිදුනොකරගන්න.

වෘෂභ
කෙසේ හෝ අතමිට මුදල් ගැවසේ. නමුත් වියදම පාලනය කරගැනීම අපහසුය. ඔබගේ ආරක්ෂාව ගැන පමණක් නොව වෙනත් දේපළ හා මුදල්ද ප්‍රවේශම් කරගැනීම ප්‍රයෝජනවත්ය.

මිථුන
ඔබගේ බොහෝ කටයුතු වලදී අවිනිශ්විත ස්වභාවයක් ඇතිවීමේ ඉඩ ඇති බැවින් අමතර උනන්දුවකින් කටයුතු කිරීමෙන් සියළු කටයුතු සාර්ථක කරගත හැක. රැකියා අංශයේ වෙනසක් සිදුවෙතත් ඉන් අවාසියක් සිදුනොවේ.

කටක
අධික කාර්යබහුල ස්වභාවයක් පවතී. ආයෝජනයක් ලෙස හෝ තම අපේක්ෂාවක් වෙනුවෙන් අමතර මුදලක් වැයකිරීමට සිදුවේ. තම අභිමතය පරිදි බලාපොරොත්තු ඉටුකරගත හැක.

සිංහ
නෑදෑ හිතවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවේ. රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව සිටීමේ උවමනාවද සහිතය. සමාජ සබඳතා හෝ වෙනත් ගමන් බිමන් වලදී ඔබට අවාසිදායක අවස්ථාවන් ඇතිවීමේ ඉඩ ඇත.
කන්‍යා
සෑම කටයුත්තකදීම ප්‍රවේශම්කාරීවිය යුතුය. සුළු අතපසුවීමක් හෝ සිදුනොකිරීමට වගබලාගන්න. ඥාති මිත්‍රාදීන් වෙනදාට වඩා ඔබගේ නිවසට පැමිණෙනවා ඇත. නිර්මාණශීලී අංශයන්ට සුභ දවසකි.

තුලා
රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව පවුලේ හෝ වෙනත් බාහිර අවශ්‍යතාවයක් වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවිය හැක. අසනීපවීම් හෝ විරසකවීම් ඇතිවීමේ ඉඩ පිළිබඳව සැලකිලිමත්වීම ප්‍රයෝජනවත්ය.

වෘශ්චික
සෑම ක්ෂේත්‍රයකදීම දෙවරක් සිතා බලා කටයුතු කරන්න. අසල්වාසීන් හෝ පවුලේ අවශ්‍යතාවන් ගැන වෙහෙසීමට සිදුවේ. මුදල් පරදුවට තබා ක්‍රියා නොකරන්න.

ධනු
නිතර හමුනොවන හෝ ඈත එපිට සිටින අය සමග සබඳතා පැවැත්වීමට සිදුවේ. ලෙතරැයි ආදී කිසියම් අවිනිශ්විත මාර්ගයකින් අතට මුදල් ලැබීමේ ඉඩ ඇත. පවුලේකටයුත්තක් සඵල කරගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.

මකර
පවුලේ හෝ ගෙදරදොර අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. කෙසේ මුත් ඔබගේ ආදායම් තත්ත්වය යහපත්ය. කෙටි හෝ දීර්ඝ ගමන් බිමන් වෙනදාට වඩා බහුලවේ.
කුම්භ
ලියන කියන ආදී සහ සන්නිවේදන කටයුතුවලීද ප්‍රවේශම්විය යුතුය. ඔබගේ දිරිමත් බව කෙසේ හෝ සාර්ථක ප්‍රතිඵල අත්කර දේ. ආදායම් තත්ත්වයද සරුවන අතර සමාජ පිළිගැනීමකටද ලක්විය හැක.

මීන
පොදුවේ ගත්කල සුබ දවසකි. හෙළිකිරීමට අකැමති මාර්ගවලින් පවා ලාබ ප්‍රයෝජන අත්කරගැනීමට සමත්වේ. නමුත් අධික වියදම්ද සහිතය. කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුවූ අපේක්ෂාවක් ඉටුවීම නිසාද සහනය ඇතිවේ.

Archives