Gossip Lanka News

Underground News from Sri Lanka

අමුතු කතාව


ගත් චමිල ආවට ගියාට රඟපාන නළුවෙක් නෙමෙයි. හැබැයි ලැබෙන චරිතයට උපරීම සාධාරණය ඉටුකරන නළුවන් අතර ඉහළින් ඉන්න අපේ කාලයේ රංගන ශිල්පියෙක්. ඒ නිසාම මේ දවස්වල ජගත් ගෙවන්නෙත් කාර්ය බහුල ජීවිතයක්.http://3.bp.blogspot.com/_R8biMsfnvPo/TQOpwKR9zrI/AAAAAAAAAf8/5HeX7JAlC7M/s1600/av-19.jpg

ඔබට මතකනේ ජගත් ගේ මුවඟ නිතරම රැඳෙන ලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ කියන කතාව. දන්නවද ‘රුවන් මාලිගා’ ටෙලි නාට්‍යයේ ලීඩර් ගේ චරිතයට ජගත් ඒක එකතු කරගත්තත් දැන් ඒක කා අතරත් ජනපි‍්‍රයයි. මේ දිනවල රූපවාහිනි නාලිකා කිහිපයකින්ම ඔබ මුණගැහෙන ජගත් හා කතාබහක යෙදෙන්න මේ හොඳම වේලාව බව අප කල්පනා කළා.

“මේ දවස්වල නම් ටිකක් කාර්ය බහුල ජීවිතයක මම ඉන්නේ. හේතුව රූපවාහිනි නාලිකා කිහිපයකම ටෙලි නාට්‍ය රූගත කිරීම් සිදු වෙනවා. මේ දවස්වල සිරස රූපවාහිනියේ ‘රුවන් මාලිගා’ ටෙලි නාට්‍යයෙත් ස්වර්ණවාහිනියේ ‘අළුපාට හීන’ ටෙලි නාට්‍යයෙත් ඒ වගේම සම්පත් ශ්‍රී රෝෂන්ගේ අලුත්ම ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සිද්ධ වෙනවා.

මේ සියලු දේ අතර ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ ‘කලම්බු කලම්බු’ වේදිකා නාට්‍යයේ පුහුණුවීම්වලට එකතු වෙනවා. පසුගිය රාජ්‍ය නාට්‍ය උළෙල නියෝජනය කළාට පසු නේපාලයේ කත්මන්ඩුවල ජාත්‍යන්තර නාට්‍ය උළෙල නියෝජනය කරන්න මේ නාට්‍යයට ආරාධනා ලැබී තියෙන නිසා මේ දවස්වල කාර්ය බහුලයි.

මෙහෙම කාර්ය බහුල වෙන කොට කොහොමද මේ හැමදේම කළමනාකරණය කරගන්නේ.

ඔව් හරියට සැලැසුම් කරගත්තේ නැත්නම් හැමදේම අපැහැදිලියි. එහෙම අවස්ථාවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ලබා තිබෙන අත්දැකීම්වලින් මට පුළුවන් හැමදේම සමබර කරගෙන යන්න. අධ්‍යක්ෂවරු සමඟ කතාබහ කරගෙන මට පුළුවන් කාලය බෙදාහදා ගෙන වැඩ කරන්න. මම දෙයක් කියන්න ඕන මගේ ආරම්භය වේදිකාව.

ඉදිරියටත් එහෙමයි. විශේෂයෙන් මම ස්තුතිවන්ත වෙන්න ඕන රවින්ද්‍ර විජේරත්න අධ්‍යක්ෂවරයාට. වේදිකාවේ මම යමක් කරනවානම් කියන දිනට මාව මුදා හැරලා ඉඩ දෙනවා. එයින් ලොකු අපහසුතාවකට ඔවුන් පත්වුණත් මේ ඉඩ ලබාදීම තුළ මගේ ජීවිතේ වේදිකාව ඇතුළේ පෝෂණය වෙනවා. ඇත්තටම ඒකට රවින්ද්‍ර විජේරත්නට වගේම අනෙකුත් අධ්‍යක්ෂවරුන්ට ස්තුතිවන්ත වෙන්න ඕන.

මේ දිනවල ‘රුවන් මාලිගා’ ටෙලි නාට්‍යයේ ‘ලීඩර්’ වැඩි දෙනා අතර ජනපි‍්‍රයයි.http://4.bp.blogspot.com/_R8biMsfnvPo/TQOpw5m0w8I/AAAAAAAAAgA/Rq59ZiahGFQ/s1600/av-20.jpg

ඔව් ඇත්තටම ලොකු කුඩා භේදයක් නැතිව කා අතරත් ජනපි‍්‍රයයි කියලා ලැබෙන ප්‍රතිචාරවලින් පේනවා. මේ චරිතය පිළිබඳවත් යමක් මා කිව යුතුයි. එක් පැත්තකින් මම මේ චරිතය පෝෂණය කරන්න එකතු කරගත් යම් යම් දේ රසිකයින් ආදරයෙන් භාරගෙන තියෙනවා. ඔය ‘ලොවෙත් නැහැ ලොවි ගහෙත් නෑ’ කතාවත් ඒ වගේ. දැන් අපි මුල් කාලේ සීමිත කොටස් නාට්‍යය කළේ. එහිදී ලැබෙන චරිතයේ ගතිගුණ සාරාංශ කරලයි අපිට කරන්න වෙන්නේ.

නමුත් දීර්ඝ ටෙලි නාට්‍ය මාලාවක එහෙම නෙවෙයි. මේ ලීඩර් කියන චරිතය සංක්ෂිප්ත කොටස්වලින් බැහැර වෙලා ඔහුගේ ඇති සමාජ ගති ලක්ෂණ ගෙන එන්න සිද්ධ වෙනවා. ‘රුවන් මාලිගා’ කතාව ඇතුළේ ලීඩර්ට සිද්ධ වෙනවා තමන්ගේ ජීවිතය පූජා කරලා හරි කමක් නැහැ මේ පවුලේ තුන් කට්ටුව වගකීමෙන් ජීවත් කරන්න. මේ චරිතය මට ලැබුණු තවත් සුවිශේෂ චරිතයක් කියලයි මට හිතෙන්නේ.

දැනට විකාශය වන ටෙලි නාට්‍ය කිහිපයකම ඔබ දකින්න ලැබෙනවා. හැමදාම දකින කුකුළගේ කරමලේ කතාව වගේ වෙයි ද?

දැන් අපේ රටේ නාලිකා කීයක් තියෙනව ද? ඔය අතර සමහර අනුරාධපුරයට පේන නාලිකා නුවරඑළියට නැහැ. නුවරඑළියට පේන ඒවා යාපනයට නැහැ. මම ටෙලි නාට්‍ය කිහිපයක හිටියත් සමහර පේ‍්‍රක්ෂකයින් දන්නෙත් නැහැ. තව පැත්තක් ඔබ අහපු දේට මම කියන්න ඕන. ජාතික රූපවාහිනියේ ‘වජිරපාන’, ස්වාධීන රූපවාහිනියේ ‘ස්වයංජාත’, සිරස නාලිකාවේ ‘රුවන් මාලිගා’, ‘ස්වර්ණවාහිනියේ ‘අළුපාට හීන’ මේ සියලු චරිත එකිනෙකට වෙනස්.

‘ස්වයංජාත’ විභුතිරත්න යථාර්ථය අභිබවා යන චරිතයක්. වජිරපාන කියන්නේ යථාර්ථවාදීව ජීවත්වෙන චරිතයක්. ලීඩර් ගේ චරිතය මේ සියල්ල අතික්‍රමණය කරලා මැජික් වගේ ජිම්ටික් වැඩ කරන කෙනෙක්. ‘අළුපාට හීන’ මේ සියල්ලටම වඩා වෙනස්. මේ සියල්ල තුළ ජගත් චමිල ඒකාකාරී නම් මේ තරම් දුර මට එන්න ලැබෙන්නේ නැහැ. නමුත් හැම මොහොතකම චරිතය හරියාකාරව කියවීමෙන් පසුවයි මම ඊට දායකත්වය ලබා දෙන්නේ. ඒ නිසා ඒ වෙනස පේ‍්‍රක්ෂකයින් දන්නවා.

‘ස්වයංජාත’ ජනපි‍්‍රය සම්මානනීය නවකතාවක්. මෙහි විභූතිරත්නට ඔබේ ස්වරූපයෙන්ම වෙනස් වෙන්න සිද්ධ වුණා වගේම මේ අභියෝගය දැනුණේ කොහොම ද?

ඔය දේට පැහැදිලි පිළිතුරක් මා ළඟ තියෙනවා. ඇත්තටම මම විභූතිරත්න පිළිබඳ හෙව්වා. ඒ හොයා ගැනීම පිළිබඳ මම කියන්නම්. මේ ලෝකේ රූපය අතින් ලස්සන මිනිස්සු තවත් මිනිසෙකුගේ අවධානයට හසු වෙනවා. ඒක තමයි ඇත්ත. හැබැයි විරූපි වුණ මිනිසකුට සැබෑ ලස්සන ගැහැනියක් ආදරය කරන්න පටන් ගන්නවා නම් ඒක විශ්වාස කරන්න අමාරුයි. මේ නිර්මාණය ඇතුළේ ඒ දේ තියෙන නිසා මම ඒ දේ හොයන්න උත්සාහ කළා.

විභූති ඇහැට ඇහැ දීලා මුහුණ දී කතා කරන්නේ මිනිසෙක් ගේ හදවත තේරුම් ගන්න පුළුවන් මිනිසකුට විතරයි. ඒක ඔහුට තේරුම් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔහු නිහඬයි. නමුත් සමාජය එහෙම මිනිස්සු ලඝු කරන්නේ පිස්සකු විදිහටයි. මේ සමාජයේ සියලුම ඇත්ත සිද්ධ වෙනකොට ඒ ඇත්ත පොදි බැඳගෙන එන මිනිසා සමාජයෙන් ප්‍රතික්ෂේප වෙනවා. අපිටත් එහෙම අත්දැකීම් තියෙනවා. නියම ඇත්ත එළියට දාන්න බැරිව අපි අපේ ගමන යනවා. අන්න එහෙම චරිතයක් විභූතිරත්න. මම ඔහු තේරුම් ගත්තේ ඒ විදිහට.

මේක හොඳින් රූපයට හසුකරගන්න සුදත් රෝහණ කියන ප්‍රබල අධ්‍යක්ෂවරයාට පුළුවන් වුණා. මම ඔහුත් සමඟ වැඩ කරලා තිබුණේ නැහැ. ඔහු තමාට අවශ්‍ය දේ අපෙන් මතු කරලා ගන්න පුළුවන් අධ්‍යක්ෂවරයෙක්. ඔහු චරිතය ඔළුවේ මවනවා. අනෙක් දේ නලින් පේ‍්‍රමතිලක වේෂ නිරූපණ ශිල්පියා ගත් උත්සාහය මේ සියල්ල එක්ක ඒ බැටන් එක අරගෙන යන්න මට පුළුවන් වුණා.

අද ඔබට බොහෝ වෙලාවට නව පරම්පරාව සමඟ වැඩ කරන්න සිද්ධ වෙනවා. ඒ අය පිළිබඳ මොකක්ද ඔබේ තක්සේරුව?

මගේ විෂය පථයට ගෝචරව මම කතා කරන්නම්. අද නව පරම්පරාවේ බොහෝ දෙනෙකුට වෙන වෙන උප සංස්කෘති ඔබ්බවලා ඉවරයි. කිසිදු හරයක් නැති උප සංස්කෘති ටිකක් ගිල්වලා තියෙන්නේ. මෙය බහුතරයක් වුණේ මාධ්‍යය ඇතුළේ. ඇත්තටම මාධ්‍ය මේ සඳහා වග කියන්න ඕන.

සමහර වෙලාවට අපිට වැඩ කරන කොට හිතෙනවා අපි කොහාටද මේ යන්නේ කියලා. තමන්ගේ විෂය ගැන දැනුමක් පමණක් තියෙන එක ප්‍රමාණවත් ද? එතනින් එහාට ගිය වගකීමක් අපි තුළ තියෙන්න ඕන. හැබැයි මේ මම කතා කරන විෂය ඇතුළේ අද අපට අලුත් පරම්පරාවේ එහෙම අය මුණ ගැහෙන්නේ ටික දෙනයි.

වසන්ත ජයසිංහ ආරච්චිගේ

0 comments

Post a Comment

________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow

Puduma Dewal

Recent Comments

Ads

Gossip Posts

Gossip Posts

ZODIAC ADA DAWASA | අද දවස

මේෂ
වෙනදාට වඩා ගමන් බිමන් අධිකය. පදිංවියේ වෙනසක් වීමටද ඉඩක් ඇත. දුර බහැර සිටින අය පෞද්ගලිකවම හමුවීම හෝ වෙනත් මාර්ගවලින් සබඳතා පවත්වයි. ව්‍යාපාර කටයුතුවලදී පාඩු සිදුනොකරගන්න.

වෘෂභ
කෙසේ හෝ අතමිට මුදල් ගැවසේ. නමුත් වියදම පාලනය කරගැනීම අපහසුය. ඔබගේ ආරක්ෂාව ගැන පමණක් නොව වෙනත් දේපළ හා මුදල්ද ප්‍රවේශම් කරගැනීම ප්‍රයෝජනවත්ය.

මිථුන
ඔබගේ බොහෝ කටයුතු වලදී අවිනිශ්විත ස්වභාවයක් ඇතිවීමේ ඉඩ ඇති බැවින් අමතර උනන්දුවකින් කටයුතු කිරීමෙන් සියළු කටයුතු සාර්ථක කරගත හැක. රැකියා අංශයේ වෙනසක් සිදුවෙතත් ඉන් අවාසියක් සිදුනොවේ.

කටක
අධික කාර්යබහුල ස්වභාවයක් පවතී. ආයෝජනයක් ලෙස හෝ තම අපේක්ෂාවක් වෙනුවෙන් අමතර මුදලක් වැයකිරීමට සිදුවේ. තම අභිමතය පරිදි බලාපොරොත්තු ඉටුකරගත හැක.

සිංහ
නෑදෑ හිතවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවේ. රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව සිටීමේ උවමනාවද සහිතය. සමාජ සබඳතා හෝ වෙනත් ගමන් බිමන් වලදී ඔබට අවාසිදායක අවස්ථාවන් ඇතිවීමේ ඉඩ ඇත.
කන්‍යා
සෑම කටයුත්තකදීම ප්‍රවේශම්කාරීවිය යුතුය. සුළු අතපසුවීමක් හෝ සිදුනොකිරීමට වගබලාගන්න. ඥාති මිත්‍රාදීන් වෙනදාට වඩා ඔබගේ නිවසට පැමිණෙනවා ඇත. නිර්මාණශීලී අංශයන්ට සුභ දවසකි.

තුලා
රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව පවුලේ හෝ වෙනත් බාහිර අවශ්‍යතාවයක් වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවිය හැක. අසනීපවීම් හෝ විරසකවීම් ඇතිවීමේ ඉඩ පිළිබඳව සැලකිලිමත්වීම ප්‍රයෝජනවත්ය.

වෘශ්චික
සෑම ක්ෂේත්‍රයකදීම දෙවරක් සිතා බලා කටයුතු කරන්න. අසල්වාසීන් හෝ පවුලේ අවශ්‍යතාවන් ගැන වෙහෙසීමට සිදුවේ. මුදල් පරදුවට තබා ක්‍රියා නොකරන්න.

ධනු
නිතර හමුනොවන හෝ ඈත එපිට සිටින අය සමග සබඳතා පැවැත්වීමට සිදුවේ. ලෙතරැයි ආදී කිසියම් අවිනිශ්විත මාර්ගයකින් අතට මුදල් ලැබීමේ ඉඩ ඇත. පවුලේකටයුත්තක් සඵල කරගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.

මකර
පවුලේ හෝ ගෙදරදොර අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. කෙසේ මුත් ඔබගේ ආදායම් තත්ත්වය යහපත්ය. කෙටි හෝ දීර්ඝ ගමන් බිමන් වෙනදාට වඩා බහුලවේ.
කුම්භ
ලියන කියන ආදී සහ සන්නිවේදන කටයුතුවලීද ප්‍රවේශම්විය යුතුය. ඔබගේ දිරිමත් බව කෙසේ හෝ සාර්ථක ප්‍රතිඵල අත්කර දේ. ආදායම් තත්ත්වයද සරුවන අතර සමාජ පිළිගැනීමකටද ලක්විය හැක.

මීන
පොදුවේ ගත්කල සුබ දවසකි. හෙළිකිරීමට අකැමති මාර්ගවලින් පවා ලාබ ප්‍රයෝජන අත්කරගැනීමට සමත්වේ. නමුත් අධික වියදම්ද සහිතය. කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුවූ අපේක්ෂාවක් ඉටුවීම නිසාද සහනය ඇතිවේ.

Archives