ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේ නවීකරණ කටයුතු ලබන ජනවාරි මස 5ත් 10ත් ඇතුලත අවසන් කරන බව ඉදිකිරීම් ඉංජිනේරු සේවා අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
අද පෙරවරුවේ ක්‍රීඩාංගණයේ සංචාරයක නිරත්වෙමින් ඔහු ඒ බව ප්‍රකාශ කළේය.
2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේ නවීකරණ කටයුතු සොයා බැලීම එම සංචාරයේ අරමුණ විය.
ඉදිකිරීම් ඉංජිනේරු සේවා අමාත්‍ය විමල් වීරවංශ, ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.
එහිදී එම ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන් ඉංජිනේරු සංස්ථාවේ නිලධාරීන් සමග අමාත්‍යවරයා සාකච්ඡා කර තිබේ.
Post a Comment