Dec
15
CHIRAN JAYATHU
The first stage of the Magampura Port was commissioned by President Mahinda Rajapaksa a short while ago with the arrival of a vessel ‘Jetliner’ followed by a sailing ship and a cargo ship.
අභිනව මාගම්පුර වරාය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(18) පෙරවරුවේ දී විවෘත කෙරුණි. මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරාය ලෙස නම් කිරීමට නියමිත මෙම වරාය ලෝකයේ ගොඩබිමක ඉදිකළ පළමු වරාය ලෙස ද වාර්තා පොත් අතරට එක්වෙයි.පිරිත් සජ්ජායනයේ යෙදෙමින් භික්ෂූන් වහන්සේ රැගත් අභිමංගල යාත්‍රාව වු ජෙට් ලයිනර් නෞකාව සුබ නැකතින් වරාය පරිශ්‍රයට ඇතුළු වීමෙන් වරාය සේවා කටයුතු සඳහා විවෘත කරනු ලැබීය. 2008 වසරේ ඉදිකිරීම් ආරම්භ කළ මාගම්පුර වරායේ පළමු අදියර මේ වන විට සම්පූර්ණයෙන් අවසන් කර තිබේ. ඒ සඳහා වැය කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 361කි.මීටර් 988 න් සහ මීටර් 312 න් යුත් දියකඩන දෙකකින් සමන්විත වරාය මීටර් 600කින් යුත් නැව් පර්යන්තයකින් සහ මීටර් 105කින් යුත් සේවා පර්යන්තයකින් සමන්විතය. මාගම්පුර වරාය විවෘත කිරීමේ උළෙලට සමගාමීව තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය රුපියල් පහක වටිනාකමින් යුත් නව තැපැල් මුද්දරයක් නිකුත් කිරීමට සැලසුම් කර තිබේ.


අභිනව මාගම්පුර වරාය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(18) පෙරවරුවේ දී විවෘත කෙරුණි. මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරාය ලෙස නම් කිරීමට නියමිත මෙම වරාය ලෝකයේ ගොඩබිමක ඉදිකළ පළමු වරාය ලෙස ද වාර්තා පොත් අතරට එක්වෙයි.
පිරිත් සජ්ජායනයේ යෙදෙමින් භික්ෂූන් වහන්සේ රැගත් අභිමංගල යාත්‍රාව වු ජෙට් ලයිනර් නෞකාව සුබ නැකතින් වරාය පරිශ්‍රයට ඇතුළු වීමෙන් වරාය සේවා කටයුතු සඳහා විවෘත කරනු ලැබීය. 2008 වසරේ ඉදිකිරීම් ආරම්භ කළ මාගම්පුර වරායේ පළමු අදියර මේ වන විට සම්පූර්ණයෙන් අවසන් කර තිබේ. ඒ සඳහා වැය කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 361කි.
මීටර් 988 න් සහ මීටර් 312 න් යුත් දියකඩන දෙකකින් සමන්විත වරාය මීටර් 600කින් යුත් නැව් පර්යන්තයකින් සහ මීටර් 105කින් යුත් සේවා පර්යන්තයකින් සමන්විතය. මාගම්පුර වරාය විවෘත කිරීමේ උළෙලට සමගාමීව තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය රුපියල් පහක වටිනාකමින් යුත් නව තැපැල් මුද්දරයක් නිකුත් කිරීමට සැලසුම් කර තිබේ.
Post a Comment