මේ දවස් ටිකේම චාරිකා සටහන් ලියපු හන්දා අද ඊට හාත්පසින්ම වෙනස් කතාවක් ලියන්න කියලා හිතුවා. මේක මං විශ්ව විද්‍යාලේ දෙවෙනි වසරේ ඉන්නකොට අපේ මිතුරෙක්ට මුහුන පාන්න සිදුවෙච්ච එක්තරා සිදුවීමක්. ඒ සිදුවීම ඔයගොල්ලොත් එක්ක බෙදා ගත්තොත් හොදයි කියලා හිතුන නිසා තමයි මේ බ්ලොග් සටහන ලියන්නේ.
සාමාන්‍යයෙන් සරසවි සිසුන් විසින් විවිධ කාර්යයන් වලට අරමුදල් රැස් කර ගැනීම සදහා කැට ව්‍යාපාර පැවැත්වීම සිරිතකි . එහෙයින් අපේ බැච් එකත් දෙවනි වසරෙ ඉගෙනුම් කටයුතු සිදු කරමින් සිටියදී කරන ලද සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණ මාලාවට අවශ්‍ය ප්‍රතිපාදන රැස් කරගන්න කැට ව්‍යාපාරයක් පවත්වන්න අවශ්‍ය වේ යැයි කියලා සියලු දෙනා කතිකා කර ගන්නා ලදී . මේ සම්මන්ත්‍රණ මාලාව පවත්වන්නේ දිවයිනේ පවතින දුශ්කර පාසල් වලයි.
කොහොමින් කොහොමහරි මුලු බැච් එකම බෙදිලා ලංකාවේ එක එක පලාත් වලට ගියා කැට ව්‍යාපාරයට. මට මේ කතාව කියපු මිතුරා ගියේ කුරුනෑගල නගරයට යි. ඉතින් මේ මිතුරා කුරුනෑගල බස් නැවතුම් පොල අවට ජනතාවගෙන් සම්මාදම් සොයමින් ඉන්නකොට ඒ අසලින් අධි සුඛෝපභෝගී රථයක් නැවත්තුවාලු. ඒ රථයේ රියදුරු අසල කඩයකට ගියා ලු. ඒ මොහොතේ එම රථයේ අයිතිකරු යැයි සිතිය හැකි පුද්ගලයෙක් සිටින බව දුටු නිසා අපේ මිතුරා යම්කිසි ආධාරයක් ලැබෙතැයි සිතා එම රථය අසලට ගියා ලු.
නමුත් සිදුවූයේ අපේ මිතුරා නොසිතූ දෙයකි. එනම් , ඔහු ඒ අසලට පැමිණ ආධාරයක් ලබා දෙන මෙන් ඉල්ලූ විට මෙතෙක් විවෘතව තිබූ වාහනයේ ෂටරය ඔහුගේ දේශනය හමුවේ වැසී යාමයි. '' අපෝ සල්ලි තිබුනට මහම මහා කුණෙක් '' යැයි සිතූ අපේ මිතුරා නැවත බස් නැවතුම කරා පිය මනින්නට විය.
ඉන්පසු ඔහු ඇතුලු කුරුනෑගල ප්‍රදේශයට පැමිණි සියලුම දෙනා අසල තිබූ පුද්ගලික පංති කරා පිය නැගුවේ එහි ඉගෙනුම ලබන සිසුන්ගෙන් හෝ යම් කිසි ආධාරයක් බලාපොරොත්තුවෙනි. එම පිරිස ආ කාරනාව ගුරුවරයාට පවසා අවසර ලබාගත් මේ පිරිස පංතියේ සිසුන්ගෙන් ආධාර රැස් කරමින් සිටින විට රබර් සෙරෙප්පු දෙකකින් හා වැරහැලිව ගිය ගවොමකින් සැරසී සිටි නංගී කෙනෙකු තමන්ට දවල් කෑමට යැයි ගෙදරින් දී තිබූ රුපියල් පනහෙන් රුපියල් දහයක් අපේ මිතුරාගේ කැටයට දැමීය. ඒ නංගිගේ පසුම්බියේ සන්තකයටම තිබුනේ එම රුපියල් පනහා පමණි.
මේ ක්‍රියාව දුටු අපේ මිතුරාගේ සිත මහත් වූ දුකකින් ඇලලෙ න්නට වන. කෙසේ හෝ එදින නිම වත් ම තම තමන්ගේ කැට පුරවා ගත් පිරිස සරසවියට පැමිනුණි. අප මෙසේ අව් රශ්මියේ උගුර ලේ රහ වැටෙන තුරු කෑගසමින් කැට කරන්නේ ඒ මුදල් අපේ පුද්ගලික පරිභෝජනයට නොවේ. අපේම රටේ දුශ්කර පලාත්වල ඉගෙනුම ලබන නංගිලා මල්ලිලාගේ අධ්‍යාපන කටයුතු වලට අත්වැලක් වීමටය.
නමුත් අපේ රටේ දුශ්කර පලාත් වල ජීවත් වන නංගිලා මල්ලිලාගේ අධ්‍යාපන අයිතිය ඔව්නට ලබා දිය යුතුය කියා සිතන්නේ රටේ ජීවත් වන සුඛෝපභෝගි පැලැන්තිය නොව අප අතරෙම ජීවත් වන දෑතේ විරියෙන් හිතේ ශක්තියෙන් එදිනෙදා වේල සොයා ගන්නා අපේම අම්මලාය තාත්තලා ය සහොයුරන් ය සොහොයුරියන් ය.
ඉතින් එහෙම ජීවත් වන අපේම දුප්පත් මිනිසුන්ගෙන්, අපේ කැටයට වැටෙන රුපියල දෙක එකතු කරගෙන ඒ අසරන නංගිලා මල්ලිලාගේ දියුනුවට යෙදවීම අප කරන පවකි. මක් නිසාදයත් ඒ මිනිසුන් ඒ රුපියල දෙක පවා උපයන්නේ නොවිදිනා දුක් විදගෙන බැවිනි .එහෙයින් ඒ පවට අප තව දුරටත් කර නොගසමු යැයි සිතා විශ්ව විද්යාල කැට කෙරුවා ව දෙවන වසරෙදිම අප නවතා දැමුවෙමු. නමුදු අප කරගෙන යන සම්මන්ත්‍රණ මාලාව නොකඩවා කරගෙන යන්නෙමු. ඒ අපේම සරසවි සිසුන්ගේ හා සරසවි ආදි සිසුන්ගේ දිරියෙනි. ශක්තියෙනි.
ඔබේ ප්‍රදේශයේ ඇති පාසලට මෙවැනි සම්මන්ත්‍රණ අත්වැලක් අවශ්‍ය නම් සභාපති, ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය , පේරාදෙණිය විශ්ව විද්‍යාලය , පේරාදෙණිය යන ලිපිනයට අදාළ විදුහලේ විදුහල්පතිගේ සහතිකයක් සමග ලියන්න.
Post a Comment