Dec
16

ශී‍්‍ර ලංකාව තුළ පරාජයට පත්වු එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන් ජාත්‍යන්තරය තුළ හිස එසවීම සඳහා ප‍්‍රබල ඉලක්ක කිහිපයකට පහරදීමට සූදානම් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. බුද්ධි අංශ තොරතුරුවලට අනුව ශී‍්‍ර ලංකාව තුළ පරාජයට පත්වන අවස්ථාවේදී පැනගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් කිහිප දෙනෙකු විසින් මේ වනවිට ඉන්දියාව තුළ සංවිධානය වෙමින් පවතින බවයි එම වාර්තා කියා සිටියේ. විශේෂයෙන්ම තමිල්නාඩු ප‍්‍රාන්තය තුළ සංවිධානය වී ඉන්දීය ඉහල පෙළේ දේශපාලන නායකයන් ඝාතනය කිරීමට ඔවුන් සැලසුම් කරන බව බුද්ධි අංශ තොරතුරු මගින් අනාවරණය වී ඇතැයිද එම වාර්තාවල තවදුරටත් සඳහන්. ඉන්දීය අග‍්‍රාමාත්‍ය අචාර්ය මන්මෝහන් සිං, අභ්‍යන්තර කටයුතු අමාත්‍ය පී.චිදම්බරම් සහ තමිල්නාඩු ප‍්‍රධාන අමාත්‍ය එම්.කරුණානිධි එලෙස ඉන්දියාව තුළ සංවිධානය වන එල්.ටී.ටී.ඊ. යේ ඉලක්කය වනු ඇති බවද, වාර්තා වී තිබෙනවා. ඉන්දීය ආරක්ෂක අංශ මෙම තොරතුරු සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකර ඇති බව පෙන්වා දෙන එරට මාධ්‍ය කියා සිටියේ හිටපු අග‍්‍රාමාත්‍ය රජීව් ගාන්ධි 1991 වසරේදී, එල්.ටී.ටී.ඊ. ය අතින් ඝාතනයට ලක්වීම එම විශේෂ අවධානයට හේතු වී ඇති බවයි. වත්මන් අග‍්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං ද, ඉදිරි මාසයේදී තමිල්නාඩුවට ගොස් පොදු උත්සව කිහිපයකට සහභාගීවීමට නියමිතව ඇති බවද, එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වනවා.
Post a Comment